මාධවී ඇන්තනි - රෙදි ලෙෆ්ට්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මන් හිතන්නේ වන්දි දෙන්න සල්ලි නැතිව ඇති. හරි අමාරුවෙන් කනවා බොනවා ඇත්තේ. ජැකා ඉද්දි රජවංශෙන් ඉදිය එවුන් නේද බලු ලෙවල් එකට වැටිලා තියෙන්නේ. පවු වැඩේ. තවුසේ නම් සුපිරි ඩෑල් එකක් අයිසේ සංජය

    ප්‍රසිද්ධ සමාව අයැදීමේ සහ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමේ නිවේදනය
    ----------------------------------------------------------
    සංජය බණ්ඩාර මහතා සම්බන්ධයෙන්, 2025 ඔක්තෝබර් මස 06 වන දින, මා විසින් මාගේ ෆේස්බුක් පිටුව හරහා සිදු කරන ලද story පලකිරීමක් සම්බන්ධයෙන් මෙයින් නිවේදනය කරමි. එම පලකිරීමේදී, සංජය බණ්ඩාර මහතාගේ නම සහ ඡායාරූපය සදහන් කරමින්, ඔහු "දේශපාලන අන්තවාදී පීඩකයෙකු සහ ළමා අපයෝජකයකු" (political extremist bully and child abuser) ලෙස මා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධව මෙසේ පැහැදිලි කරනු කැමැත්තෙමි.
    ඒ අනුව ඔහු ළමා අපයෝජකයෙක් ලෙස දැක්වූයේ එහි නිවැරදි වචනාර්ථයෙන් නොවන බවත් , "ළමා අපයෝජකයකු" ලෙස මා විසින් කරන ලද ප්‍රකාශය, ද්වේෂ සහගත, අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශයක් බවට මාගේ සම්පූර්ණ සිහිබුද්ධියෙන් යුතුව පිළිගනිමි. ඒ අනුව, එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ඉල්ලා අස්කර ගන්නා බව මා මෙයින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටිමි.
    එකී ස්ටෝරියේ සඳහන් වුනු කරුණ හේතුවෙන් සංජය බණ්ඩාර මහතාට මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සිදුවූ අසීමිත පීඩාව වෙනුවෙන් මාගේ අවංක සහ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර, ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිමි.
    සංජය බණ්ඩාර මහතා මම හෝ මාගේ පවුලේ කිසිඳු හැඳුනුමක් නොමැති පූර්ණ ආගන්තුකයෙක් බව මුලින්ම සඳහන් කරනු කැමැත්තෙමි. මාගේත් මාගේ සැමියාගේත් පූර්ණ කාලීන වෘත්තීය වන්නේ කලාව සහ ලේඛණය වන අතර එයින් ලැබෙන ආදායම් ස්ථීර ඒවා නොවේ. මුල්ම වතාවට මෙසේ අප විසින් කෘතියක් ප්‍රකාශනය කළේ බැංකු ණය මුදලක් ලබාගෙන ය. ඔහු විසින් අපහාසයට හා හාස්‍යයට ලක් කර සමාජය තුළ සාවද්‍ය පූර්වනිගමනයක් මවා පෙන්වා අපකීර්තියට පත් කළේ එම කෘතියයි.
    එමෙන්ම සංජය බණ්ඩාර මහතා වසර ගණනාවක් තිස්සේ මාගේ පවුලේ උදවිය ඔහුගේ දේශපාලන දැක්මට වඩා වෙනස් දේශපාලනික අදහස් දරන්නේ යැයි උපකල්පනය පදනම් කරගනිමින් විවිධාකාර ප්‍රකාශ අපගේ පින්තූර සහිතව සිය ෆේස්බුක් ගිණුමේ පළ කරමින් සිටින අතර, මෑතදී එවැනි පෝස්ටු තුනක් ඍජුව මාගේත් මාගේ සැමියාගේ, මාගේ පියාණන්ගේ නම් සහිතවද, අසැබි අරුතක් ගෙණෙන
    🖕
    ඉමෝජිය සහිතව සහ ව්‍යංගාර්ථයෙන් ද පළ කර තිබුණි. දශක ගණනාවක් තිස්සේ කලාවේ කීර්තියක් හිමි කරගෙන සිටින අපගේ පවුලේ සියල්ලන්ගේ කීර්ති නාමය පළුදු වන ලෙසට එසේ පළ කර තිබූ පෝස්ටු වලට දහස් ගණන් පුද්ගලයන් ප්‍රතිචාර දක්වා තිබූ අතර දෙසීයකට වැඩි පිරිසක් විසින් හුවමාරු කරගෙන (share) තිබුණි. මෙසේ පළ කළ පෝස්ටු පහළින්, විවිධ පුද්ගලයන්; මා සහ මගේ ස්වාමියා මෙන්ම මාගේ මියගිය පියාණන්, මාගේ වැන්දබු මව, සහෝදරයන් සහ මාස දහයක් වයසැති බිළිඳු දරුවා ද ඈඳාගනිමින්, ද්වේෂ සහගත, අසත්‍ය සහ පදනම් විරහිත සහ වෛරී ප්‍රකාශයන් කිරීමට වේදිකාවක් සකසා දුන් හේතුවට අසීමිත වේදනාවට සහ කණස්සල්ලට පත් වීමෙන් එකී ස්ටෝරිය පළ කළෙමි.
    එය හුදෙක්ම මා විසින් මාගේ ස්වාධීන අදහසක් අනුව (සැමියා හෝ පවුලේ වෙනත් අයෙකුගේ අනුදැනුමකින් තොරව) පළ කළ එකක් බවත් ප්‍රකාශ කරන අතර මෙම නිවේදනය නිකුත් කරනු ලබන්නේ මා විසින් සිදු කරන ලද එම වැරදි ප්‍රකාශය නිවැරදි කිරීමේ හා එමගින් සංජය බණ්ඩාරගේ සහ මාගේ ඥාතීන් යන දෙපාර්ශවයටම සිදුවූ හානිය වෙනුවෙන් සමාව අයැදීමේ පරම චේතනාවෙනි.
    ස්තූතියි.
    මාධවී ඇන්තනි
    2025.11.12
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් රාජපක්ස්ලගෙ පාණ්ඩු තිබුණනං සංජයට තමයි සමාව ඉල්ලන්න වෙන්නෙ 🤭

    තාමත් ඒ වගේ පාණ්ඩු කියල හිතන් කටට එන එක කියල දාලා ඇරගත්තා 🙈
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එමෙන්ම සංජය බණ්ඩාර මහතා වසර ගණනාවක් තිස්සේ මාගේ පවුලේ උදවිය ඔහුගේ දේශපාලන දැක්මට වඩා වෙනස් දේශපාලනික අදහස් දරන්නේ යැයි උපකල්පනය පදනම් කරගනිමින් විවිධාකාර ප්‍රකාශ අපගේ පින්තූර සහිතව සිය ෆේස්බුක් ගිණුමේ පළ කරමින් සිටින අතර, මෑතදී එවැනි පෝස්ටු තුනක් ඍජුව මාගේත් මාගේ සැමියාගේ, මාගේ පියාණන්ගේ නම් සහිතවද, අසැබි අරුතක් ගෙණෙන
    🖕
    ඉමෝජිය සහිතව සහ ව්‍යංගාර්ථයෙන් ද පළ කර තිබුණි. දශක ගණනාවක් තිස්සේ කලාවේ කීර්තියක් හිමි කරගෙන සිටින අපගේ පවුලේ සියල්ලන්ගේ කීර්ති නාමය පළුදු වන ලෙසට එසේ පළ කර තිබූ පෝස්ටු වලට දහස් ගණන් පුද්ගලයන් ප්‍රතිචාර දක්වා තිබූ අතර දෙසීයකට වැඩි පිරිසක් විසින් හුවමාරු කරගෙන (share) තිබුණි. මෙසේ පළ කළ පෝස්ටු පහළින්, විවිධ පුද්ගලයන්; මා සහ මගේ ස්වාමියා මෙන්ම මාගේ මියගිය පියාණන්, මාගේ වැන්දබු මව, සහෝදරයන් සහ මාස දහයක් වයසැති බිළිඳු දරුවා ද ඈඳාගනිමින්, ද්වේෂ සහගත, අසත්‍ය සහ පදනම් විරහිත සහ වෛරී ප්‍රකාශයන් කිරීමට වේදිකාවක් සකසා දුන් හේතුවට අසීමිත වේදනාවට සහ කණස්සල්ලට පත් වීමෙන් එකී ස්ටෝරිය පළ කළෙමි.
    this is not an apology
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,270
    7,773
    113
    me gaani aruta mokakda kiyala thiyenne?
    සංජය බණ්ඩාර මහතා සම්බන්ධයෙන්, 2025 ඔක්තෝබර් මස 06 වන දින, මා විසින් මාගේ ෆේස්බුක් පිටුව හරහා සිදු කරන ලද story පලකිරීමක් සම්බන්ධයෙන් මෙයින් නිවේදනය කරමි. එම පලකිරීමේදී, සංජය බණ්ඩාර මහතාගේ නම සහ ඡායාරූපය සදහන් කරමින්, ඔහු "දේශපාලන අන්තවාදී පීඩකයෙකු සහ ළමා අපයෝජකයකු" (political extremist bully and child abuser) ලෙස මා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධව මෙසේ පැහැදිලි කරනු කැමැත්තෙමි.
     
    • Like
    Reactions: Max_r and topkollek

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    සංජය බණ්ඩාර මහතා සම්බන්ධයෙන්, 2025 ඔක්තෝබර් මස 06 වන දින, මා විසින් මාගේ ෆේස්බුක් පිටුව හරහා සිදු කරන ලද story පලකිරීමක් සම්බන්ධයෙන් මෙයින් නිවේදනය කරමි. එම පලකිරීමේදී, සංජය බණ්ඩාර මහතාගේ නම සහ ඡායාරූපය සදහන් කරමින්, ඔහු "දේශපාලන අන්තවාදී පීඩකයෙකු සහ ළමා අපයෝජකයකු" (political extremist bully and child abuser) ලෙස මා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධව මෙසේ පැහැදිලි කරනු කැමැත්තෙමි.
    නෑ මම බැලුවේ screenshot එකක් එහෙම තියෙනවද . මොකද අරූට pedo කියල තියෙන්නෙ කියල .

    මේකේ යටම වැටිලා තිබ්බ .
    https://elakiri.com/threads/මිලියන-100-ක-වන්දියක්-ඉල්ලා-මාධවී-ඇන්තනීට-එන්තරවාසියක්-😂😂😂.2228185/
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332

    Mehema naduwak daala address nathi wenna denna oney
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    ඔය නඩු දාලත් නෙවෙයි ආ... එන්තරවාසියක් යවලා. හොදට රෝල් කරලා පුකේ ගහන්න ඇති ජාපාල කාලත් රෙන්න බැරිවෙන්න