සඳ ගමන

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලෙළදෙන කොඩිය

    img1-701x284.jpg

    සඳ මත ලෙලදෙන ඇමරිකානු කොඩිය (sciencealert.com)

    ඔබත් මමත් දන්නා පරිදි සඳ මත වායුගෝලයක් නැහැ (ඇත්තෙන්ම සඳේ වායුගෝලයක් තිබෙනවා. එය ග්‍රහලෝකවලට සාපේක්ෂව ඉතා තුනී වායුගෝලයක්. එම වායුගෝලය මගින් කොඩියක් ලෙළ දෙන්න තරම් සුළඟක් අැති කරන්න බැහැ) එසේ නම් සඳ මත සිටවූ කොඩි ලෙළදෙන්නේ කොහොමද? ඔබටත් මේ ප්‍රශ්නය අනිවාර්යයෙන්ම නැගෙන්නට ඇති.
    මේ ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් නාසා ආයතනය සාක්ෂි සහිතව ලබාදී තිබෙනවා. මේ සඳ මත සිටුවන ලද ඇමරිකානු කොඩි විශේෂ ආකාරයකටයි නිර්මාණය කර තිබෙන්නේ. කොඩිය දිගහැරී තිබීමට පොළොවට සමාන්තර අමතර කූරක කොඩිය එල්ලලායි තිබෙන්නේ. (මේ බව රූපවල දැක ගන්න පුළුවන්) කොඩිය සිටවීමෙන් පසු කොඩිය පහළට දිග හැරී වැටෙන අයුරු වීඩියෝවල පැහැදිලිව දකින්න ලැබෙනවා. වායුගෝලයක් නැති නිසා එ් චලනයට බාධාවක් නෑ, මේ නිසාම එය බොහෝ වෙලා යන තුරු නවතින්නේ නැහැ. රික්තයක් තුළ සිදු කළ පරීක්‍ෂණවලදීත් මෙය එ් අාකාරයෙන්ම සිදු වන බව තහවුරු වී තිබෙනවා.
    විකිරණවලින් මරණය

    img2-701x482.jpg

    වැන් ඇලන් විකිරණ පටිය (www.nasa.gov)

    වැන් ඇලන් විකිරණ පටිය (Van Allen radiation belt) කියන්නේ පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය නිසා හටගෙන තිබෙන සංසිද්ධියක්. එමගින් පෘථිවියට අහිතකර විකිරණ පැමිණීම වළක්වා තිබෙනවා. මේ සීමාව තුළ පෘථිවියට පැමිණෙන අහිතකර විකිරණ ගබඩා වී තිබෙනවා කියා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ සීමාව තුල විකිරණ ඝනත්වය ඉතා විශාලයි. මේ සීමාව පසුකර පළමු වරට මිනිසෙක් ගමන් කරන්නේ ඇපලෝ වැඩසටහනේදි. සමහරු තර්ක කරන විදිහට මේ සීමාව පසුකර යන ගගනගාමීන් අධික ලෙස විකිරණ වලට නිරාවරණය වෙන නිසා මියයා යුතුයි.
    කෙසේ නමුත් විද්‍යාඥයන්ට අනුව ඇපලෝ යානා මේ සීමාව පසු කිරීමට ගොස් තිබෙන්නේ පැය හතරක පමණ කාලයක් තුළයි ඒ කාලය තුළ විකිරණවලින් මරණීය බලපෑමක් සිදුවීමට තරම් අවශෝෂණයක් සිදු නොවන බව පැවසෙනවා. ඔවුන් දිනයක පමණ කාලයක් මේ සීමාව තුළ ගතකලා නම් අනිවාර්යයෙන්ම යම් බලපෑමක් ඇති විය හැකි බවයි විද්වතුන්ගේ මතය වෙන්නේ.
    සෙවනැලි කියන කතා

    img3-701x704.jpg

    විවිධ අතට විහිදුණු සෙවනැලි (podcast.sjrdesign.net)

    මේ තර්කයත් ඔබට හුරුපුරුදු ඇති. සඳ මතට ලැබෙන එකම ආලෝක ප්‍රභවය වෙන්නේ හිරු එළියයි. එසේ නම් සඳ මතදී ඇතිවන සෙවනැලි එකම දිශාවකට යොමුවී තිබිය යුතුයි. නමුත් ඇපලෝ ගගනගාමීන් ලබාගත් ඡායාරූපවල සෙවනැලි විවිධ දිශාවලට යොමුවී තිබෙනවා. සමහරු තර්ක කරන්නේ මේ ඡායාරූප චිත්‍රාගාරයක විවිධ කෘත්‍රිම ආලෝක තත්ව යටතේ ලබාගත් ඒවා බවටයි. විදුලි ආලෝක තත්ව යටතේ දිවා රාත්‍රී ක්‍රිකට් තරගයක ඇතිවන සෙවනැලි මීට සමාන කරන්න පුළුවන්.
    නාසා ආයතනය මීටත් සාර්ථක පිළිතුරක් ලබාදී තිබෙනවා. එකම දිශාවකට සෙවනැලි වැටීම සිදු වෙන්නේ සම්පූර්ණ සමතලා බිමක පමණයි. සඳේ පවතින කඳු ගැට අැතුළු අනෙකුත් භූ ලක්ෂණ නිසා එ්වා මත වැටුණු සෙවනැලිවල හැඩය වෙනස් වෙනවා.
    සඳ මතට වැටෙන හිරු එළිය වගේම පෘථිවියෙන් පරාවර්තනය වන හිරුකිරණ නිසාත් මෙම තත්වය ඇති විය හැකි තිබෙන බවයි ඔවුන්ගේ මතය වී තිබෙන්නේ. (පෘථිවියට සඳ පෙනෙනවා වගේ හතර ගුණයක් විශාලව සඳට පෘථිවිය පෙනෙන නිසා එය සැළකිය යුතු අාලෝකයක්) මෙය බොහෝ දෙනෙක්ට වටහා ගැනීමට අපහසු වුණත් එය පැහැදිලි විද්‍යාත්මක සංසිද්ධියක්.
    අධික උෂ්ණත්වය

    සඳ මතුපිට උෂ්ණත්වය දහවල් කාලයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 280ක් පමණ වනවා. (සඳේ දහවල් කාලය දින 14ක් පමණ කාලයක් පවතිනවා) මේ උෂ්ණත්වයේදී කැමරා සහ කැමරාපට විනාශ වී යා යුතුයි. (එදා තාක්ෂණය අද තරම් දියුණු තත්වයක නොතිබිණි).
    කෙසේ වුවත් අැපලෝ ගොඩබැස්වීම් සියල්ල සිදු කරන ලද්දේ හිරු එළිය ඉතා අඩුවෙන් ලැබෙන, උෂ්ණත්වය එ් තරම් ඉහළ නැති පාන්දර කාලයේදීයි. (සඳ මතදී පාන්දර කාලයත් දින ගණනක් පවතිනවා) වායුගෝලයක් නැති නිසා උෂ්ණත්වය පවතින්නේ විකිරණ විදියට පමණයි. ඇපලෝ 11 යානයට පෙර සඳ මතට යවන ලද යානාවලින් සිදු කෙරුණු පරීක්ෂණ පදනම් කරගෙන මෙම කැමරාපට සඳ මත අැති විකිරණවලට හා අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන ලෙස සැකසූ විශේෂිත බහාලුම්වල ගබඩා කර තිබූ බවත් නාසා ආයතනය පවසා තිබෙනවා.
    පිය සටහන්

    img4-701x526.jpg

    සඳ මත තැබුණු පා සටහනක් (www.nasa.gov)

    සඳ මත තබන ලද පිය සටහන් නොමැකී පවතින්නේ කෙසේද? මේ සඳ ගමන ප්‍රෝඩාවක් යැයි පවසන අය නගන තවත් පැනයක්. සාමාන්‍යයෙන් නම් පොළොවේ තබන පා සටහනක් පොළොවේ තෙතමනය නැතිනම් රැඳෙන්නේ නැහැ. ඒත් සඳ මත තැබූ පා සටහන් ඉතා පැහැදිලිව දිගු කාලයක් සුරැකී තිබුණා.
    මේ කරුණ ගැන විද්වතුන් පළ කරන අදහස නම් සඳේ ඇති ඉතා සියුම් දුහුවිලි අංශු මත හොඳින් පා සටහන් සලකුණු විය හැකි බව බව හා සඳ මත ප්‍රමාණවත් වායුගෝලයක් නොමැති නිසා මේ දුහුවිලි අංශු ගසාගෙන යන්නේත් නැති බවයි. ඉතින් මේ පියසටහන් පැහැදිලිව බොහෝ කාලයක් පවතින්න පුළුවන්.
    තරු නැති අහස

    ඇපලෝ 11 සඳ තරණයේදී ගගනගාමීන් ලබාගත් ඡායාරූප කිසිවක තරු දර්ශනය වන්නේ නෑ. ඒ වගේම ඇපලෝ 11 ගගනගාමීන් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේත් ඔවුන් සඳ මතදී තරු දැක්කේ නැති බවයි. මෙයත් සමහරු නගන ප්‍රශ්නයක්.
    නාසා ආයතනය කියන විදිහට සඳේ පාන්දර හා උදෑසන තමයි ඇපලෝ මෙහෙයුම් සඳ මත ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. සඳේ පෘෂ්ඨය අාලෝකය ඉතා හොඳින් පරාවර්තනය කරන නිසා එවිට අවට අාලෝක මට්ටම ඉහළ ගොස් තරු පෙනෙන්නේ නැතිව යනවා. මෙය හොඳින් අාලෝකමත් කළ නගරයක් තුළදී තරු දැකිය නොහැකි වීමට සමානයි. ඒ වගේම ඇපලෝ 16 යානයේ ගගනගාමීන් තරුවල ඡායාරූප රැගෙන තිබෙනවා.
    C අකුරු

    img7-701x474.jpg

    පාෂාණයක දිස්වෙන C අකුර (en.mundo.com)

    සඳේදි ලබාගත් ඡායාරූපයක පාෂාණයක දිස්වෙන C අකුරක් පැහැදිලිව සටහන් වී තිබෙනවා. මේ නිසා සමහරු කියන්නෙ මේ පාෂාණ ලේබල් කරන ලද ඒවා බවත් මේ ඡායාරූප චිත්‍රාගාරයකදී අරගෙන තියන බවයි. නමුත් මේ ඡායාරූපවල මුල් පිටපත් නාසා ආයතනය නිකුත් කර තිබෙනවා. ඒවායේ එම C අකුර දකින්නට නැහැ. මේ නිසා ඡායාරූප සංස්කරණයේදී සිදුවූ කිසියම් දෝෂයක් නිසා මේ සිදුවීම වෙලා තියෙනව කියලයි නාසා ආයතනය නම් කියන්නෙ.
    හරස් කෙන්දුවේ පිහිටීම

    img8-701x548.jpg

    හරස් කෙන්දුව වස්තුවකට පිටුපසින් දිස්වෙන අයුරු. (www.haikudeck.com)

    ඡායාරූපයක් ලබාගැනීමේදි හරස් කෙන්දු (cross-hair) සාමාන්‍යයෙන් පිහිටන්නේ ලබාගන්නා ඡායාරූපයට ඉදිරියෙන්. මේ හරස් කෙන්දු භාවිත කරන්නේ වස්තුවක් රූපයේ හරි මැදට සමපාත කර ගැනීම සඳහායි. එහෙත් සමහර ඡායාරූපවල මේ හරස් කෙන්දුවලට ඉදිරියෙන් වස්තූන් සටහන් වී තිබෙනවා. මේ නිසා සමහරක් පවසන්නේ මේවා නාසා ආයතනය මගින් සකස් කරන ලද ඒවා බවයි.
    නමුත් නාසා ආයතනය සහ ඡායාරූප විශේෂඥයින් මේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් පවසන අන්දමට මුලින්ම වර්ධනය (develop) කරන ලද ඡායාරූපවල මේ හරස් කේන්දු සමහර ස්ථානවල හොඳින් වර්ධනය වී නැහැ. ඊට හේතුව ලෙස ඔවුන් කියන්නේ පසුබිමේ ඇති සුදු පැහැති වස්තූන්වලින් ඇතිවන බලපෑම නිසා ඒවා හරස් කෙන්දුවලට වඩා වැඩිපුර සටහන් වී ඇති බවයි. පසු කලෙක නවීන තාක්ෂණය මගින් වර්ධනය කෙරුණු ඡායාරූප පෙළක් නාසා ආයතනය මගින් පළ කර තිබෙනවා. ඒවායේ ඔබට මේ හරස් කෙන්දු පැහැදිලිව දැක ගන්න පුළුවන්.
    සමාන පසුබිම්

    img9-701x128.jpg

    විවිධ ඇපලෝ යානාවල නියමුවන් ලබාගත් සේයාරූවල එකම පසුබිමක් දිස්වෙන අයුරු (badastronomy.com)

    ඇපලෝ මෙහෙයුම්වලදී ලබාගත් ඡායාරූප සමහරක (විවිධ මෙහෙයුම්වලින්) ලබාගත් ඡායාරූපවල සමාන පසුබිම් තියෙනවා කියා සඳ ගමන ප්‍රෝඩාවක් යැයි පවසන ඇතමුන් කියනවා. මේ නිසා ඇතිවූ මහත් ආන්දෝලනයට නාසා ආයතනය විද්‍යාත්මක පිළිතුරක් ලබාදී තිබෙනවා. ඒ තමයි පෘතුවියට සාපේක්ෂව සඳ කුඩා බැවිනුත්, දර්ශනපථය අවහිර කරන වස්තු නොමැති බැවිනුත්, ඝණකම් වායුගෝලයක් නොමැති නිසාත් ඈතින් තිබෙන වස්තු පවා ලංවී පෙනෙන බවයි. මෙය විද්‍යාඥයන් පවා ඔප්පු කර ඇති කරුණක්.
    කාර්මික දුබලතා, තාක්ෂණික ගැටලු

    සඳට ගිය ඇපලෝ යානාවලත් ලූනා මොඩුයුලවලත් කාර්මික ගැටළු සහ තාක්ෂණික ගැටළු විවිධ පුද්ගලයන් මතු කොට තිබෙනවා. නමුත් ඒවායින් බොහෝ ඒවා සාවද්‍ය කරුණු බව තමයි පැවසෙන්නේ.
    සන්නිවේදන හා නිරීක්ෂණ ගැටළු

    ප්‍රථමයෙන් පළමු සඳ ගමනේ රූපරාමු ලබාගැනීමට නියමිතව තිබී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ පාක්ස් නිරීක්ෂණාගාරයෙනුයි. නමුත් එය අවසන් පැය කිහිපයේ නාසා නියෝගයකින් අත්හිටුවා තිබෙනවා. මීට හේතුව ලෙස දක්වා තිබෙන්නේ සඳ මතට පා තැබීමට නියමිත වේලාවේ සිදුවූ සංශෝධනයක් නිසා ඔස්ට්‍රේලියාවට හරි හැටි තරංග ග්‍රහණය කරගැනීමට නොහැකි වීමයි. ඒ වගේම විවිධ පුද්ගලයින් සඳ සහ පෘථිවිය අතර පැවති සංවාදවල කොටස් ඇසුරින් විවිධ ආකාරයේ තර්ක ඉදිරිපත් කර තිබෙනවා.
    තවත් තර්ක බොහෝ ප්‍රමාණයක් මේ සඳ ගමන පිළිබඳව ඇතිවී තිබෙනවා. ඔබට මේ සම්බන්ධයෙන් තවත් කරුණු දැනගැනීමට අවශ්‍ය නම් ඩිස්කවරි නාලිකාව මගින් විකාශය කෙරුණු Mythbusters හි NASA moon landing වැඩසටහන නරඹන මෙන් ආරාධනා කරනවා.
    සිතන්න. නැවත තීරණය කරන්න. සඳ ගමන ප්‍රෝඩාවක්ද? නැතිනම් මනුෂ්‍ය ඉතිහාසයේ මහා පිම්මක්ද? තීරණය ඔබට බාරයි.

    Roar
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    එදයින් පස්සේ අද වෙනකන් කිිසිම මනුස්සයෙක් හදට ගියෙ නෑ ලු නේද
    එදා රූපවාහිනියෙ දෙගොල්ලක් ඇවිල්ලා මරාගත්තා මේ කතාවට

    එගොල්ලෝ කිවුවෙම ඕක බොරුවක්ය යන්න බැරි නිසා තමයි තාම ගියෙ නැත්තේ කියල. dr.චන්දන ජයරත්න නම් ඒවා ප්‍රතික්ෂේප කලා
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එදයින් පස්සේ අද වෙනකන් කිිසිම මනුස්සයෙක් හදට ගියෙ නෑ ලු නේද
    එදා රූපවාහිනියෙ දෙගොල්ලක් ඇවිල්ලා මරාගත්තා මේ කතාවට

    එගොල්ලෝ කිවුවෙම ඕක බොරුවක්ය යන්න බැරි නිසා තමයි තාම ගියෙ නැත්තේ කියල. dr.චන්දන ජයරත්න නම් ඒවා ප්‍රතික්ෂේප කලා

    :yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    conspiracy theorists ලගෙ කෙප්ප බං. චන්දන ජයරත්න හඳට ගිය උන් හඳේ සෙට් කරපු දර්පන වලට ලේසර් බීම් යවල හඳට දුරත් මැනල ඇති. flat eathers ලගෙ බහුබූත විශ්වාස කරන්න එපා :yes: reliable sources වල බලපං කවුරුත් ඕක බොරුයි කියන්නෑ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එදයින් පස්සේ අද වෙනකන් කිිසිම මනුස්සයෙක් හදට ගියෙ නෑ ලු නේද
    එදා රූපවාහිනියෙ දෙගොල්ලක් ඇවිල්ලා මරාගත්තා මේ කතාවට

    එගොල්ලෝ කිවුවෙම ඕක බොරුවක්ය යන්න බැරි නිසා තමයි තාම ගියෙ නැත්තේ කියල. dr.චන්දන ජයරත්න නම් ඒවා ප්‍රතික්ෂේප කලා

    ඕව කන්ස්පිරිසි තියරි කාරයොන්ගේ වයර් කතා බන් . ඊට පස්සේ හදට ගිහින් තියනවා බන් ඔක්කොම මිනිස්සු 12 දෙනෙක් හද මත ඇවිදලා තියනවා

    Apollo 11 – 2 people Neil Armstrong-Buzz Aldrin
    Apollo 12 – 2 people Pete Conrad - Alan Bean
    Apollo 13 – 0 People
    Apollo 14 – 2 people Alan Shepard - Edgar Mitche
    Apollo 15 – 2 people David Scott - James Irwin
    Apollo 16 – 2 people John Young - Charles Duke
    Apollo 17 – 2 people Eugene Cernan-Harrison Schmitt
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    . මෙහෙම වෙන්න බැරිද .දැන් ඔය වෙද්දී හඳට යන්න පුලුහන් තාක්ශනයක් ඇමරිකාවට තියනවනෙ. ඒත් මිනිස්සු යවලා ෆේල් වෙනවට වැඩිය ඕක ස්ටේජ් කලා වෙන්න බැරිද. පලවෙනි වටේ විතරනෙ ඔය පොටො වල තියන ඒවා ගැන මතභේද ඇතිවුනේ..ඊට පස්සෙ වටවල පොටෝ වල එහෙම ඔය වගේ මතභේදාත්මක දේවල් නෑ නේද:eek:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රොකට් තාක්ශනය දන්නවා නම් ඔය දෙ ඇත්තද බොරුද කියලා හොයා ගන්න පුලුවන් , icbm එකක් හදට ඇරියා කියමුකො , ප්‍රශ්නෙ කොහොමද හදෙ ඉදලා රිටන් එන්නෙ, ඔක හින්දා තමයි , icbm හදන රටවල් ඔක ගැන සද්ද නැත්තේ ,
     
    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    රොකට් තාක්ශනය දන්නවා නම් ඔය දෙ ඇත්තද බොරුද කියලා හොයා ගන්න පුලුවන් , icbm එකක් හදට ඇරියා කියමුකො , ප්‍රශ්නෙ කොහොමද හදෙ ඉදලා රිටන් එන්නෙ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    conspiracy theorists ලගෙ කෙප්ප බං. චන්දන ජයරත්න හඳට ගිය උන් හඳේ සෙට් කරපු දර්පන වලට ලේසර් බීම් යවල හඳට දුරත් මැනල ඇති. flat eathers ලගෙ බහුබූත විශ්වාස කරන්න එපා :yes: reliable sources වල බලපං කවුරුත් ඕක බොරුයි කියන්නෑ

    ඕව කන්ස්පිරිසි තියරි කාරයොන්ගේ වයර් කතා බන් . ඊට පස්සේ හදට ගිහින් තියනවා බන් ඔක්කොම මිනිස්සු 12 දෙනෙක් හද මත ඇවිදලා තියනවා

    https://www.facebook.com/exposetheilluminati/videos/2014276232178920/

    Me video eka balanna, meke current astronaut la kiyana kthawa balanna.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    https://www.facebook.com/exposetheilluminati/videos/2014276232178920/

    Me video eka balanna, meke current astronaut la kiyana kthawa balanna.

    expose the illuminati :lol:
    address එක ඇති බං බලන්නැතුව කිව්වෑකි මොනව කියයිද කියල :lol:
    පුලුවන්නං හරි හමං එක reputed scientist කෙනෙක් හඳට ගිය එක බොරුයි කියල පිලිගත්ත journal එකක පල කරපු ලිපියක් පෙන්නපං එහෙම ඒව එකක්වත් නෑ. නාස සයිට් එකේ බලපං හඳට බැහැපු තැන් වල laser reflect කරන්න පුලුවන් දර්පණ සෙට් කල්ල තියෙනව ඒවගෙ cordinates දීල තියෙනව. පෘථිවියෙ ඕනෙ එකෙක්ට ඒව පාව්ච්චි කරන්න පුලුවන්. ඒව සෙට් කරන්න ඇත්තෙ පිටසක්වල ජීවියො වෙන්න ඇති
     
    • Like
    Reactions: S_M_S

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    expose the illuminati :lol:
    address එක ඇති බං බලන්නැතුව කිව්වෑකි මොනව කියයිද කියල :lol:
    පුලුවන්නං හරි හමං එක reputed scientist කෙනෙක් හඳට ගිය එක බොරුයි කියල පිලිගත්ත journal එකක පල කරපු ලිපියක් පෙන්නපං එහෙම ඒව එකක්වත් නෑ. නාස සයිට් එකේ බලපං හඳට බැහැපු තැන් වල laser reflect කරන්න පුලුවන් දර්පණ සෙට් කල්ල තියෙනව ඒවගෙ cordinates දීල තියෙනව. පෘථිවියෙ ඕනෙ එකෙක්ට ඒව පාව්ච්චි කරන්න පුලුවන්. ඒව සෙට් කරන්න ඇත්තෙ පිටසක්වල ජීවියො වෙන්න ඇති

    Video eka baluwada..Astronaut la kiyana de ahuwada?
     
    ප්‍රශ්නෙ තියෙන්නෙ රොකට් එකෙන් ගිය ශටල් එක රොකට් එකක් icbm නැතුව පෘතුවියට ආවෙ කොහොමද කියන එක, එහෙනම් ඉතින් රුසියන් කාරයොත් නිකන් ඉන්නෙ නැ, :lol: මුලින් රොකට් එකක් වැඩ කරන විදිය ශටල් එකක් යවන විදිය වත් ඉගෙන ගන්නවා නම් හොදයි හදෙ හාවො හොයන්න කලින් :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ප්‍රශ්නෙ තියෙන්නෙ රොකට් එකෙන් ගිය ශටල් එක රොකට් එකක් icbm නැතුව පෘතුවියට ආවෙ කොහොමද කියන එක, එහෙනම් ඉතින් රුසියන් කාරයොත් නිකන් ඉන්නෙ නැ, :lol: මුලින් රොකට් එකක් වැඩ කරන විදිය ශටල් එකක් යවන විදිය වත් ඉගෙන ගන්නවා නම් හොදයි හදෙ හාවො හොයන්න කලින් :)

    ඒ කාලෙ ශටල් තිබ්බද බං ? ශටල් පාවිච්චියට ගත්තෙ කොච්චර පස්සෙද ? බොරු කියන්න එපා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Video eka baluwada..Astronaut la kiyana de ahuwada?

    කෝ astronaut කව්ද ? නමයි විස්තරයි දාපංකො පුලුවන්නං. මුල හරිය බැලුව ටිපිකල් flat eather's තර්ක ටිකනෙ බං තියෙන්නෙ. අහසෙ තරු නෑයි කොඩිය හෙල්ලෙනවයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කෝ astronaut කව්ද ? නමයි විස්තරයි දාපංකො පුලුවන්නං. මුල හරිය බැලුව ටිපිකල් flat eather's තර්ක ටිකනෙ බං තියෙන්නෙ. අහසෙ තරු නෑයි කොඩිය හෙල්ලෙනවයි.

    Video eka okkoma balapan.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒ කාලෙ ශටල් තිබ්බද බං ? ශටල් පාවිච්චියට ගත්තෙ කොච්චර පස්සෙද ? බොරු කියන්න එපා.

    එතකොට ඇපලො කියන්නෙ air bus එකක්ද, එක තමයි ශටල් එක යවන්නෙ icbm වලින් , ප්‍රශ්නෙ ශටල් එක 3 stage icbm ඉවර උනහාම් හදට යන්නෙ පාවෙලාද නිකන් හරි ගියා කියමු රිටන් එන්නෙ එත් පාවෙලාද , මුලින් රොකට් ගැන හොයන්න එතකොට තෙරෙයි හිට්ලර් ලග හිටපු මිසයිල් ටෙස්ට් කරපු උන්ව අරන් ඇමරිකන් කාරයො මොකක්ද කරෙ කියලා,
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට ඇපලො කියන්නෙ air bus එකක්ද, එක තමයි ශටල් එක යවන්නෙ icbm වලින් , ප්‍රශ්නෙ ශටල් එක 3 stage icbm ඉවර උනහාම් හදට යන්නෙ පාවෙලාද නිකන් හරි ගියා කියමු රිටන් එන්නෙ එත් පාවෙලාද , මුලින් රොකට් ගැන හොයන්න එතකොට තෙරෙයි හිට්ලර් ලග හිටපු මිසයිල් ටෙස්ට් කරපු උන්ව අරන් ඇමරිකන් කාරයො මොකක්ද කරෙ කියලා,

    apollo 11 කොහෙද බං shuttle පාවිච්චි කලේ ? shuttle පාවිච්චි කරන්න ගත්තෙ apollo ‍projet එක ඉවර වුනාටත් පස්සෙද කොහෙද.

    ඔව් අභ්‍යවකාශෙට ගියාම ඕනෙ ප්‍රවේගෙ ගත්තට පස්සෙ හඳට එනකං හඳේ ඉඳන් පෘථිවියට එනකං මහ ලොකුවට ඉන්දන දහනයක් කරන්නැතුව නිකං වගේ ආවෑකි තමා.