සබ්මැරීනයක් හොයා ගන්න බැරි ඇමරිකන්කරයෝ 1969 දී හඳට ගියේ කොහොමද?😄

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    @Stimulus mind මේවා කොමන් සෙන්ස් බොල.. 🤭

    සඳ ගමන ප්‍රෝඩාවක්ද????

    1969 ජූලි මස 20 වන දින ඇමෙරිකානු ගගනගාමීන් දෙදෙනෙකු වන නීල් ආම්ස්ට්‍රෝන්ග් සහ බස් ඕල්ඩ්‍රින් ඇපොලෝ 11 යානයෙන් සඳ මතට ගොඩ බැස්සේ මුලු මහත් මිනිස් ඉතිහාසයේම යෝධ ඉදිරි පිම්මක් සනිටුහන් කරමින්. මෙම ඓතිහාසික අවස්ථාව එදා මුලු ලෝකය පුරාම සජීවීව රූපවාහිනියෙන් විකාශය කෙරුනා. මිනිසා මුලින්ම සඳ මත පා තැබූ ඒ ඓතිහාසික මොහොත නීල් ආම්ස්ට්‍රෝන්ග් විසින් එදා විස්තර කරන ලද්දේ මෙලෙසින්.
    "මෙය මා තබන එක් කුඩා පියවරක් පමණක් වුවත් මෙය මුලු මහත් මිනිස් සංහතියම පනිනා යෝධ ඉදිරි පිම්මකි."
    නමුත් ඔහු සැබැවින්ම සඳ මතට ගොඩ බැස්සාද?
    එසේත් නැතිනම් රුසියාව සමග පැවති සීතල යුද්ධය ජය ගැනීමට මෙය ඇමෙරිකාව විසින් හොඳින් සැළසුම් කර වේදිකා ගතකල රඟදැක්වීමක් පමණක්ද?
    හැත්තෑව දශකයේ සඳ මත පා තැබූ ඇමෙරිකානුවන්ට මේවන තෙක් නැවත වතාවක් එය ඉටු කරගැනීමට නොහැකි වූයේ ඇයි?
    සඳ ගමන ප්‍රෝඩාවක් බව විශ්වාස කරන මිනිසුන් ප්‍රමාණය කාලයත් සමග වැඩි වී තිබෙනවා. නවතම වාර්තා වලට අනුව ඇමෙරිකානු ජනගහණයෙන් 20%ක් පමණ පිරිස විශ්වාස කරන්නේ ඇමෙරිකානුවන් කිසිදිනක සඳ මත පා නොතැබූ බවයි.
    ඇමෙරිකානුවන් සඳ මත පා නොතැබූ බවට මත ප්‍රකාශ වන්නේ නිකම්ම නිකම් නොවෙයි. මෙම තර්කය ගොඩනැගී ඇත්තේ විවිධ කරුණු සාධක පදනම්වයි.
    කෙසේ වෙතත් මෙම තර්ක වලට නාසා ආයතනය පිළිතුරු සපයා තිබෙනවා. සඳ ගමන ප්‍රෝඩාවක් බවට ඇති සාක්ෂි සහ ඒවාට පිළිතුරු ලෙස නාසා ආයතනය ලබාදුන් ප්‍රකාශ පහතින් දැක්වෙනවා.

    1.) සුළඟේ ලෙළදෙන ඇමෙරිකානු කොඩිය
    ඇමෙරිකානුවන් සඳ මත ගොඩබාන අවස්ථාව රූපවාහිනියෙන් විකාශය කරන විට සඳ මත ගැසූ ඇමෙරිකානු කොඩිය සුළඟේ ලෙළදී තිබෙනවා. ඒ වගේම ඡායාරූප වලත් මේ බව දැකගැනීමට පුලුවන්. නමුත් ප්‍රශ්නය වන්නේ සඳ මත වායුගෝලයක් නොමැති වීමයි. එම නිසා සඳ මත සුළඟක් ඇතිවීමේ හැකියාවක් නොමැත. එසේනම් සඳ මත ගැසූ ඇමෙරිකානු කොඩිය ලෙළදුන්නේ කෙසේද?
    නාසා ආයතනයේ පැහැදිලි කිරීම
    කොඩිය රැගෙන ගොස් ඇත්තේ කුඩා නළයක් තුළයි. එම නළයෙන් කොඩිය ඉවතට ගැනීමේදී ඇති වූ රැළි නිසා කොඩිය ලෙළදෙන ආකාරයෙන් දිස්වේ. කොඩිය ගසා තිබෙන රිට ගගනගාමින් ඇල්ලූ විට ඇති වූ කම්පනය හේතුවෙන් කොඩියේ රැළි ඇතිවූ බව තවත් එක පැහැදිලි කිරීමක්.

    2.) චන්ද්‍ර යානය ගොඩබෑමේදී සඳේ පෘෂ්ඨය මත ඇතිවූ සළකුණු දක්නට නොලැබීම
    ඇත්ත වශයෙන්ම යානයක් සඳ මත ගොඩබෑවා නම් සඳේ පෘෂ්ඨය මත ඝට්ඨන සළකුණු ඇතිවිය යුතුය. යානය ගොඩබෑමේදී ඇතිවන කම්පනය හේතුවෙන් මේවා තරමක් විශාල ඒවා විය යුතුය. නමුත් කිසිම ඡායාරූපයක හෝ වීඩියෝවක මේ ආකාරයේ සළකුණු දක්නට නොමැත. චන්ද්‍ර යානය නිකම්ම පෘෂ්ඨය මත තැබුවාක් මෙනි. අඩුම තරමින් සඳේ පෘෂ්ඨය මත තැන්පත් වී ඇති දූවිලි තට්ටුව පවා කැළඹී ගිය අයුරක් දක්නට නොලැබේ.
    නාසා ආයතනයේ පැහැදිලි කිරීම
    සඳ මතුපිට ගුරුත්වාකර්ෂණ බලය පෘථිවිය මතුපිටදීට වඩා සැළකිය යුතු මට්ටමකින් අඩුය. එම නිසා යානය ගොඩබැස්සවීමේදී ඇතිවන තෙරපුම සඳ මතදී සැළකිය යුතු මට්ටමකින් අඩුය. යානය ගොඩබැස්සවීමේදී සඳේ පෘෂ්ඨය මත සළකුණු ඇති නොවීමට හේතුව මෙයයි. එමෙන්ම සඳේ මතුපිට ඉතා තද ඝණකමකින් යුක්තය. බහුලවම ඇත්තේ තද පාෂාණය. එම නිසා තෙරපුම මීට වඩා වැඩි වුවත් සළකුණු ඇතිවීමේ හැකියාවක් නොමැත.

    3.) ආලෝක ප්‍රභව කිහිපයක් තිබීම
    සඳ මතට ආලෝකය ලැබිය හැක්කේ එකම ප්‍රභවයකින් පමණි. ඒ ප්‍රභවය නම් සූර්යයායි. නමුත් ඡායාරූප හා වීඩියෝ නිරීක්ෂණය කිරීමේදී විවිධ වස්තු වල සෙවණැළි විවිධ දිශා වලට වැටී ඇති අයුරු දැකගත හැකිය. සඳ ගමන ප්‍රෝඩාවක් යයි පවසන්නන්ගේ අදහස වී ඇත්තේ මේ ආලෝක ප්‍රභව වලට හේතුව මෙම ඡායාරූප චිත්‍රපට කලාගාරයක් තුලදී ලබාගෙන තිබීම බවයි.
    නාසා ආයතනයේ පැහැදිලි කිරීම
    සඳ මතුපිට ඇති විවිධ කඳු පල්ලම් ආදිය නිසා ආලෝකයේ දිශාව තරමක් වර්තනය වී ඇත.
    නමුත් මෙම පැහැදිලි කිරීම මීට එරෙහි වන්නන් විසින් එක හෙලා ඉවතලනු ලබයි. මෙම ආකාරයේ සිදුවීමකින් මෙතරම් විශාල වශයෙන් ආලෝකය වර්තනය විය නොහැකි බව ඔවුන්ගේ අදහසයි. ඉහත ඡායාරූපයේ දැක්වෙන අන්දමට ආලෝකය අංශක 45කින් පමණ ආනත වී ඇත.

    4.) වැන් ඇලන් විකිරණ තීරය
    පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය නිසාවෙන් රැඳී පවතින සදාකාලිකවම එම ස්ථානවලම පවතින අධික විකිරණශීලීතාවයෙන් යුක්ත තීරයක් අභ්‍යවකාශයේ තිබේ. මෙම තීරය හඳුන්වන්නේ වැන් ඇලන් විකිරණ තීරය යනුවෙනි. චන්ද්‍ර යානය සඳ මතට ළඟා වීමට නම් අනිවාර්යයෙන්ම මෙම කලාපය පසුකර යා යුතුය. චන්ද්‍ර යානය තුළ හා පිටත කොතරම ඝනකම් ඇලුමිනියම් ආවරණ තිබුනත් මෙම ප්‍රදේශයේ ඇති අධික විකිරණශීලීතාවය ගගනගාමීන්ව නිසැකවම පුළුස්සා දැමිය යුතුය.
    නාසා ආයතනයේ පැහැදිලි කිරීම
    මෙම විකිරණ තීරය පසුකර යාමට චන්ද්‍ර යානයට ගතවූයේ ඉතා සුළු කාලයකි. එම නිසා ඔවුන්ට විකිරණ ප්‍රහාර එල්ල වූයේ ඉතා අඩු ප්‍රමාණයකිනි. එම නිසා ගගනගාමීන් පිළිස්සී ගියේ නැත.

    5.) අද්භූත වස්තුව
    සඳ ගමනේ ඡායාරූප නිකුත් වූ පසුව එක් ඡායාරූපයක තිබූ විශේෂ වස්තුවක් පිළිබඳව කාගේත් අවධානය යොමු විය. ගගනගාමියෙකුගේ හෙල්මටයේ වීදුරුවෙන් පෙනෙන මෙම අද්භූත වස්තුව ලණුවකින් එහෙමත් නැත්නම් වයර් එකකින් එල්ලෙන ස්වාභාවයක් දක්නට ලැබේ. මෙම ස්ථානයට කිසිසේත්ම අදාළ නොවන මෙම වස්තුව චිත්‍රාගාර වල තිබෙන "ස්පොට් ලයිට්" එකක්ද?
    නාසා ආයතනයේ පැහැදිලි කිරීම
    මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් සිදුවී නොමැත. කෙසේ වෙතත් ඡායාරූප වල මෙම වස්තුව ඉතා අපැහැදිලි අතර හරියාකාරව හඳුනා ගැනීමට දුෂ්කරය.
    කෙසේ වෙතත් ඡායාරූපවල තිබෙන යානයේ පිටතට විහිදී තිබෙන කිසිම කොටසක් මෙය බවට සැක කළ නොහැක.


    මේ ලොකේ රුසියාවට ගහන්න පුලුවන් රටක් නෑ... ඒකයි තිත්ත ඇත්ත.. @N A K A M U R A :yes::yes::yes:
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Yeah, with two insurgencies, 60 years of political career, and still being unable to win an election, Damn, what incompetence is that?
    Clown Lose GIF by Travis
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    සබ්මැරීන් එකේ හිටපු උන්ට වඩා 2023 AL physics පේපරේ ලියන උන් ගැනැත් පොඩ්ඩක් හිතපන්. මේ වෙනකොටත් පිසික්ස් පේපරේ හදන උට්ටා මේ සිද්දිය දාලා උකෝලායන්න ගාණක් හදන ගමන් ඇත්තේ :angry:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    සබ්මැරීන් එකේ හිටපු උන්ට වඩා 2023 AL physics පේපරේ ලියන උන් ගැනැත් පොඩ්ඩක් හිතපන්. මේ වෙනකොටත් පිසික්ස් පේපරේ හදන උට්ටා මේ සිද්දිය දාලා උකෝලායන්න ගාණක් හදන ගමන් ඇත්තේ :angry:
    Deep Deep Deep True... :yes: :yes: :yes:
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    ඔය සුපිරි වීර එව්වගේ තියෙන්නේ බන් සුටුස් ගාල හොයාගන්න පුළුවන් එව්වා බැරිද එව්වා හදන්න :lol: :dull::lol:
     
    • Haha
    Reactions: Kumbhakarna22

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    American os එකකින් , browser එකකින් (most probably American device too) ඇවිත් බාගෙට බාගයක් IT වලට දායකත්වයක් දුන්නා අපේ ඇමරිකන් මාතාවට නේ මෙහෙම කියන්නේ 😭

    😋

    P.s - Russia ලෝකේ මෙච්චර කල් lead කරා නම් එකෙත් ඇමුතු හොඳක් නෑ කියන එක මගේ නම් මතය. ලෝකේ කොයි රටක් බලය ඇල්ලුවත් වෙන්නේ එක සමාන දෙයක් තමයි. තමන්ගේ රටේ දියුණුව ආධිපත්‍යය තියා ගන්න තමයි හම වෙලේම බලන්නේ.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Hadata yana eka lesi underwater exploration walata wada
    More ppl have landed in the moon than the bottom of the ocean

    Reasons
    1. No visibilty, artificial light source ekak nathuwa mokuth penne ne & no info
    2. Extreme pressure, underwater 1 meter = 10 meters above sea level
    3. Various hazards you have no control of & no info of
     
    • Like
    Reactions: Kavindu1221

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Chinese device
    ආ ඔව් නේ china phone වැඩි ඇති. ඒත් technology ඔක්කෝම American. Copyright කැලේ පුළුවන් පුළුවන් හැම දේම reverse engineering කරලා හදන එක නේ කරන්නේ. ඇමරිකාවෙන් කකා ඇමරිකාවටම කොකා පෙන්නනවා. කොහොමත් china ලෝකේ lead කරොත් මහා වසංගතයක් වෙනවා මීට වඩා කියලමයි හිතෙන්නේ. පේනවා නේ කොරෝනා ලෝකේම පතුරවපු හැටි.