තවත් මල් සින්දුවක් නෙමෙයි

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    තවත් මල් සින්දුවක් නෙමෙයි

    කස්ටියට හැමදාම බස් වල එහෙම යද්දි ඇහෙන මල් සින්දුවකට වඩා හොඳ සින්දුවක් හම්බ උනා..මගෙ යලුවෝ සෙට් එකක් මචන්ලා...පොඩි සප් එකක් ඔනේ වීව්ස් වැඩි කරගන්න..මොකද දැන් කාලේ හෙලුව පෙන්නුවොත් නෙ වීව්ස් සහ ට්‍රෙන්ඩින් එන්නේ එකායි..​




    කියා ගන්න බැරි වූ ප්‍රේමේ
    ලබන මාසේ බඳිනවාලු
    එයා දුන්නු invitation
    දැකලා නෙතඟේ පිරෙන කඳුළු

    හෝ ගාලා ගලනවානේ - tap එක ඇරියා වගේ...
    නවත්ත ගන්න බෑනේ - දෝරෙ ගලා බහින ආලේ...

    සුන්දරයි රෝස කැලෙන් ඇහින්දැයි...
    දෛවේ කින්ඩියයි... මේ කෙල්ල මගෙ නොවෙයි...
    ශෝකයයි ඒකපාර්ශවීයයි...
    කඳුලේදීත් සැපයි.. ප්‍රේමේ උත්තරීතරයි...

    සන්තෝසයි..උත්කෘෂ්ටයි..ප්‍රේමේ.. පුදුමාකාරයි..
    විටෙක ගෝලාකාරයි...

    බදාගත්ත කොට්ටේ දන්නෙ
    නිදාගන්න කාපු කට්ට මාගේ
    නෙලාගන්න බැරි වූ කුසුමේ
    පෝච්චිය පිටින්ම එහා වත්තේ

    කලට වතුර ලැබෙනවාදෝ
    නඩත්තු කරනවදෝ
    නටුව නොවෙයි මල කියා මුරුංගා අත්තේ තියනවාදෝ...

    සුන්දරයි රෝස කැලෙන් ඇහින්දැයි...
    දෛවේ කින්ඩියයි... මේ කෙල්ල මගෙ නොවෙයි...
    ශෝකයයි ඒකපාර්ශවීයයි...
    කඳුලේදීත් සැපයි.. ප්‍රේමේ උත්තරීතරයි...

    ඔබ ඇමතූ ග්‍රාහකයා - කාර්ය බහුල වෙලා
    මේ ලෝකෙ සියලු ග්‍රහයෝ - කතාවෙලා නීච වෙලා
    පෙම නිසා වෙයි කුජීත - ඒ පෙම පූජනීය
    මෙය ලෝක ස්වභාවය - නොලැබෙන දේ පස්සෙන් යන..

    යාළුවෝ කියනවා ...

    මචං මුහුදෙ මාලුවෝ ගොඩයි නේ
    ඒ වුනාට
    මුහුදේ දිය කිදුරියෝ ස්වල්පයයි නේ

    අයියෝ මයියෝ මූ - හදන්න බෑ නේ මූ

    අයියෝ මයියෝ මූ - මුරන්ඩු ප්‍රේමය ලූ

    කියා ගන්න බැරි වූ ප්‍රේමේ
    ලබන මාසේ බඳිනවාලු
    එයා දුන්නු invitation
    දැකලා නෙතඟේ පිරෙන කඳුළු

    හෝ ගාලා ගලනවානේ - tap එක ඇරියා වගේ...
    නවත්ත ගන්න බෑනේ - දෝරෙ ගලා බහින ආලේ...

    සුන්දරයි රෝස කැලෙන් ඇහින්දැයි...
    දෛවේ කින්ඩියයි... මේ කෙල්ල මගෙ නොවෙයි...
    ශෝකයයි ඒකපාර්ශවීයයි...
    කඳුලේදීත් සැපයි.. ප්‍රේමේ උත්තරීතරයි...

    - mura -

    #funkydirt​
     
    Last edited: