රන්ජන්ට

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    ශ්‍රේෂ්ඨාධිකරණය රන්ජන්ගෙන් නිදහසට කරුණු විමසයි



    අධිකරණයට කළ අපහාසයට දඬුවම් නොකිරීමට හේතු විමසා කෙටුම්පත් ආඥාවක් සහිත චෝදනා පත්‍රයක් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට හා වගඋත්තරකාර රන්ජන් රාමනායක මහතාට භාරදුන්නේය.
    එකී කෙටුම්පත් ආඥාව සහිත චෝදනා පත්‍රය විනිසුරු මඩුල්ල විසින් සලකා බලා සෑහීමට පත්වන්නේ නම් විත්තිකාර රන්ජන් රාමනායක මහතාට චෝදනා කියවාදීමට එම පෙත්සම ලබන 8 වැනිදා යළි කැඳවීමටද අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ්, විජිත මලල්ගොඩ හා එල්.ටී.වී. දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල නියෝග කළේය.
    ශ්‍රී ලංකාවේ අධිකරණ විනිසුරුවරුන් හා නීතිඥවරුන් බහුතරයක් දූෂිත බවට රන්ජන් රාමනායක මහතා විසින් 2017 අගෝස්තු 21 වැනිදා ජනාධිපති ‍ලේකම් කාර්යාලය අසලදී කරන ලද ප්‍රකාශය මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස මාගල්කන්දේ සුදත්ත හිමියන් හා විශ්‍රාමික යුද හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් කර තිබුණි.
    එම පැමිණිල්ල සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල එකී ප්‍රකාශය මගින් අධිකරණයට බැලූ බැල්මට අපහාසයක් සිදුවී ඇති බවට නිගමනය කොට විත්තිකාර රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගැනීමට අපේක්ෂා කරන නීතිමය පියවර පිළිබඳ ඊයේ (30) දිනයේදී දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට නියෝග කොට තිබුණි.
    නිශාන්ති රාමනායක - කොළඹ අධිකරණ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඌ අර උසාවියට සිංදු කිය කිය ඉන්නේ වාහන ඇතුලේ ඉදන්.:rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අධිකරණයට කළ අපහාසයට දඬුවම් නොකිරීමට හේතු විමසා

    අපිත් අපහාස කරමුද:P
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    එතකොට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවට අනුව භාෂණයේ නිදහස නැද්ද?

    උසාවියට අපහාස වෙන අන්දමේ යමක් භාෂණයේ නිදහස යටතේ ප්‍රකාශ කිරීම දඬුවම් ලැබිය හරි වරදක් වශයෙන් සඳන් වෙනවද? :oo: :oo:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඌ අර උසාවියට සිංදු කිය කිය ඉන්නේ වාහන ඇතුලේ ඉදන්.:rofl:

    Fill T ත් කියන්න ඕන උසාවි දොරෙන් ඇතුල් වෙන එකට සින්දුවක් කියන්න කියලා. :rofl: