බීමත්ව රිය පැදලා නැහැ සිංහළු

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    හෙයියන්තුඩුව, දෙණිමුල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලිසිය විසින් හිටපු කතානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව පවරා ඇති නඩුවක්, පසුගිය සිකුරාදා (13) මහර අංක 02 අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා හමුවේ යළි කැඳවනු ලැබීය. එහිදී, අසෝක සපුමල් රන්වල මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කිරීමට නියෝග කෙරිණි.

    එම දිනයේම සපුගස්කන්ද පොලිසියේ රථවාහන අංශය විසින් අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව අධිකරණයට චෝදනා පත්‍රයක්ද ගොනු කරනු ලැබීය. රිය අනතුරක් වළක්වා නොගැනීම, අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම, බරපතළ තුවාල සිදුකිරීම, සුළු තුවාල සිදුකිරීම සහ ධාවනයට නුසුදුසු වාහනයක් ධාවනය කර බරපතළ තුවාල සිදුකිරීම යන චෝදනා එහි ඇතුළත් විය.

    අදාළ රිය අනතුර සිදුව ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැදවූ ජීප් රථයක් මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටීමෙනි. එම අනතුරින්, මෝටර් රථයේ ගමන් කරමින් සිටි එකම පවුලක මවක්, මාස හතක් පමණ වයසැති දරුවකු සහ දරුවාගේ මිත්තණියක් තුවාල ලැබූහ. මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන ජූලි මස 10 වැනිදා දක්වා කල් තබා තිබේ.


    සැමට එකම නිතියළු සිංහළු
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,384
    14,287
    113
    35
    Spain
    ධාවනයට නුසුදුසු ජීප් රථයක්? මොකක්ද මූ පදවපු වාහනේ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    පුක රුදේ, හොඳටම සනීප කරපු බුවෙක්..... මූ ඉස්සර තෙල් පෝලිම් ඇති කරවල, media ගෙනල්ලා, මිනිස්සුන්ට ගෝටාභය එලවන්න සෑහෙන්න වැඩ කරපු එකෙක්. මූ අනුරට ඇරියත් පක්ෂන් එළවන්නේ නැහැ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    image.png