මේ සෙල්ලම තමයි Midnight Game කියන එක.නම අහපු ගමන් තේරෙනවා ඇතිනේ මොන වගේ වෙලාවකද මේක කරන්න තියෙන්නෙ කියලා.ඔන්න ඉතින් එක ගැන විස්තරේ.
Mid night game කියන්නෙ තවත් සෙල්ලමක්.සෙල්ලමක් කිව්වට ඇත්තටම මේක ඉස්සර කලෙ වැරදි කරපු අයට මරන දඬුවම දුන්න ක්‍රමයක්.ඒත් සමහරු මේක සෙල්ලමක් විදියට දැනුත් කරනවා.ඇත්තටම මේ සෙල්ලම කරන්න තියෙන්නේ Mid night man කියලා හදුන්වන ආත්මයක් එක්ක.අපි සෙල්ලම දිනනවා කියන්නෙ අපට තාම මේ ලෝකෙ ඉන්න වාසනව තියෙනවා කියන එක තමා.ඉතින් පැරදුනොත් වෙන දේ අයේ කියන්න ඔනෙ නැහැනේ??අපි බලමු ඉතින් කොහොමද මේක කරන්නෙ කියලා..
අවශ්‍ය ද්‍රව්‍ය:-
1)ඉටිපන්දමක්.
2)කොල කැබැල්ලක්.
3)ගිනි පෙට්ටියක්.
4)ලුණු.
5)ලී දොරක් සහිත නිවසක්.
6)ඔබේ ලේ බින්දු කිහිපයක්.
* කිහිප දෙනෙක් ක්‍රීඩා කරන විට
ඔවුන්ට වෙන් වෙන් ලෙස ඉහත දෑ
අවශ්‍ය වේ.(නිවස හැර)
පළමු පියවර:-
*ඔබේ සම්පූර්ණ නම කොල කැබැල්ලේලියන්න.පසුව එය මතට ලේ බින්දු කිහිපයක් දමා එය ලය තුලට උරා ගැනීමට හරින්න.
දෙවන පියවර:-
*ඔබ මෙය සිදු කරන නිවසේ සියලු විදුලි බුබුලු නිවා දමා දොර ළඟට ගොස්එ ය ඉදිරියේ නම ලියූ කොලය තබා ඉටිපන්දම දල්වා කොලය උඩින් තබන්න.
තෙවන පියවර:-
*පසුව විසිදෙවතාවක් දොරට තට්ටු කළ යුතුය.(අවසාන වර තට්ටු කරන විට වේලාව හරියටම 12.00a.m.විය යුතුය.) ඉන් පසු ඔබ දොර විවෘත කර ඉටිපන්දම නිවා එය රැගෙන ඇතුලට
ගොස් දොර වසා ගත යුතුය.
(((මෙය ඔබේ නිවස තුලට පැමිනෙන ලෙස Midnight Man හට කරන ආරාධනාවකි.)))
හතරවන පියවර:-
*නිවස තුලට ගිය විගස ඉටිපන්දම නැවත දල්වන්න.එවිට ක්‍රීඩාව ආරම්භ වේ.ඉන් පසු ඔබ එක තැන
බොහෝ වේලාවක් රැඳී නොසිටිමින්ඉ ටිපන්දම රැගෙන සම්පූර්ණයෙන්ම අඳුරු නිවස තුල ඇවිදිය යුතුය.ඔබේ අරමුණ විය යුත්තේ අලුයම 3.33 වන තුරු කෙසේ හෝ Midnight Man මගහරිමින් ඔහුගෙන් ආරක්ෂා වී සිටීමයි.හදිසියේ ඔබේ ඉටිපන්දම නිවී ගිය හොත් ඉන් අදහස් වන්නේ ආත්මය
ඔබ සොයාගෙන ඔබේ ළඟම සිටින බවයි.එවිට ඔබ කර යුත්තේ ඉතා සුළු කාලයක්(තත්පර 10ක් පමණ)ඇතුළත එම ස්ථානය මගහරිමින් ඉටිපන්දම නැවත දල්වා ගැනීමයි.පසුව නැවත පෙර ලෙසම ක්‍රීඩාව සිදු කල යුතුය.ඔබට තත්පර 10ක් වත් ඇතුලත ඉටිපන්දම දල්වා ගැනීමට නොහැකි
වුව හොත් කල යුත්තේ ආත්මය ඔබට පහර දීමට පෙර ඔබ සිටින ස්ථානය ලුණු වලින් වට කර ගැනීමයි.පසුව එය තුල අලුයම 3.33 වන තුරු සිරවී සිටීමයි .Midnight Man පහර දීමට පෙර
ඔබට ලුණු රවුම සම්පූර්ණ කිරීමට නොහැකි වුවහොත් ඔබ ඔහුට හසු වේ.Midnight Man සාමාන්‍යයෙන් පහර දීමේදී සතුරාගේ අවයව එකිනෙක ඉරා දමන බව කියයි.ආත්මයට හසු නොවී,
ලුණු රවුම තුල සිර නොවී සිටීම මෙහි ජයග්‍රහණය වේ.අලුයම 3.33 වූ විට Midnight Man ගේ කාලය අවසන් වේ.ඉන් පසු ඔහු නිවස හැර යයි.
Midnight Man ඔබ අසල සිටින විට,*උෂ්ණත්වයේ හදිසි අඩුවීමක් දැනේ.*තද කලු පැහැති මිනිසෙකු වැනි ඡායාවක් අඳුරේ දැකිය හැකි වේ.*මෘදු ලෙස මුමුණන හඬක් ඇසේ.ඉහත සිදුවීම් එකක් හෝ සිදුවූ විගස ඔබ සිටින ස්ථානය ඉක්මනින්ම වෙනස්ක ළ යුතුය.
වැදගත් කරුණු :-
1)මෙම ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම අඳුරේ සිදු කල යුතු අතර කරන විට නිවසේ සියලු විදුලි බුබුලු නිවා දමා තිබිය
යුතුය.
2)ක්‍රීඩාව සිදු කරන අතරේ කිසිදු ආලෝක ප්‍රභවයක් භාවිතා නොකල යුතුය.(ඉටිපන්දම හැර)
3)මෙය සිදු කරන අතරේ නිදා ගන්න නම් එපා.
4)වෙන කෙනෙකුගේ ලේ කොලේට දාන්න එපා.
5)ඉටිපන්දම වෙනුවට ගෑස් හෝ තෙල් දමන උපකරණ භාවිතා කරන්න එපා.
6)ලුණු වලට ආත්මයන් නැවැත්විය හැකි -බව බටහිර රටවල පිළිගන්නවා.
(සුදු ළූනු වලට ඩ්රැකියුලා බයයි වගේ දෙයක්)
***මේ සෙල්ලමේ තියෙන භයානකම දේ තමයි හරියටම ඉවර කරන විදියක් නැති එක අපි අද මේක කරල ඉවර වුනාට Midnight Man පස්සෙ දවසක අපි සෙල්ලම නොකරත් අපිව අල්ලාගන්නට ඉඩ තියෙනවා.මොකද අපි මේ වෙනකොට එයාට අපේ නිවසට ඇතුලු වෙන්න අවසර දීලා යෙන්නේ.***
උපුටා ගැනීම සත්‍ය හොල්මන් කථා ගුපය ඇසුරෙනි. හරි ගියොත් කියපන්








