Midnight Game

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,307
    1,525
    113
    32
    Earth-Cj025
    21731218_886823101481202_5481095769814025676_n.jpg


    මේ සෙල්ලම තමයි Midnight Game කියන එක.නම අහපු ගමන් තේරෙනවා ඇතිනේ මොන වගේ වෙලාවකද මේක කරන්න තියෙන්නෙ කියලා.ඔන්න ඉතින් එක ගැන විස්තරේ.
    Mid night game කියන්නෙ තවත් සෙල්ලමක්.සෙල්ලමක් කිව්වට ඇත්තටම මේක ඉස්සර කලෙ වැරදි කරපු අයට මරන දඬුවම දුන්න ක්‍රමයක්.ඒත් සමහරු මේක සෙල්ලමක් විදියට දැනුත් කරනවා.ඇත්තටම මේ සෙල්ලම කරන්න තියෙන්නේ Mid night man කියලා හදුන්වන ආත්මයක් එක්ක.අපි සෙල්ලම දිනනවා කියන්නෙ අපට තාම මේ ලෝකෙ ඉන්න වාසනව තියෙනවා කියන එක තමා.ඉතින් පැරදුනොත් වෙන දේ අයේ කියන්න ඔනෙ නැහැනේ??අපි බලමු ඉතින් කොහොමද මේක කරන්නෙ කියලා..

    අව‍ශ්‍ය ද්‍රව්‍ය:-
    1)ඉටිපන්දමක්.
    2)කොල කැබැල්ලක්.
    3)ගිනි පෙට්ටියක්.
    4)ලුණු.
    5)ලී දොරක් සහිත නිවසක්.
    6)ඔබේ ලේ බින්දු කිහිපයක්.

    * කිහිප දෙනෙක් ක්‍රීඩා කරන විට
    ඔවුන්ට වෙන් වෙන් ලෙස ඉහත දෑ
    අවශ්‍ය වේ.(නිවස හැර)

    පළමු පියවර:-

    *ඔබේ සම්පූර්ණ නම කොල කැබැල්ලේලියන්න.පසුව එය මතට ලේ බින්දු කිහිපයක් දමා එය ලය තුලට උරා ගැනීමට හරින්න.

    දෙවන පියවර:-

    *ඔබ මෙය සිදු කරන නිවසේ සියලු විදුලි බුබුලු නිවා දමා දොර ළඟට ගොස්එ ය ඉදිරියේ නම ලියූ කොලය තබා ඉටිපන්දම දල්වා කොලය උඩින් තබන්න.

    තෙවන පියවර:-
    *පසුව විසිදෙවතාවක් දොරට තට්ටු කළ යුතුය.(අවසාන වර තට්ටු කරන විට වේලාව හරියටම 12.00a.m.විය යුතුය.) ඉන් පසු ඔබ දොර විවෘත කර ඉටිපන්දම නිවා එය රැගෙන ඇතුලට
    ගොස් දොර වසා ගත යුතුය.

    (((මෙය ඔබේ නිවස තුලට පැමිනෙන ලෙස Midnight Man හට කරන ආරාධනාවකි.)))

    හතරවන පියවර:-

    *නිවස තුලට ගිය විගස ඉටිපන්දම නැවත දල්වන්න.එවිට ක්‍රීඩාව ආරම්භ වේ.ඉන් පසු ඔබ එක තැන
    බොහෝ වේලාවක් රැඳී නොසිටිමින්ඉ ටිපන්දම රැගෙන සම්පූර්ණයෙන්ම අඳුරු නිවස තුල ඇවිදිය යුතුය.ඔබේ අරමුණ විය යුත්තේ අලුයම 3.33 වන තුරු කෙසේ හෝ Midnight Man මගහරිමින් ඔහුගෙන් ආරක්ෂා වී සිටීමයි.හදිසියේ ඔබේ ඉටිපන්දම නිවී ගිය හොත් ඉන් අදහස් වන්නේ ආත්මය
    ඔබ සොයාගෙන ඔබේ ළඟම සිටින බවයි.එවිට ඔබ කර යුත්තේ ඉතා සුළු කාලයක්(තත්පර 10ක් පමණ)ඇතුළත එම ස්ථානය මගහරිමින් ඉටිපන්දම නැවත දල්වා ගැනීමයි.පසුව නැවත පෙර ලෙසම ක්‍රීඩාව සිදු කල යුතුය.ඔබට තත්පර 10ක් වත් ඇතුලත ඉටිපන්දම දල්වා ගැනීමට නොහැකි
    වුව හොත් කල යුත්තේ ආත්මය ඔබට පහර දීමට පෙර ඔබ සිටින ස්ථානය ලුණු වලින් වට කර ගැනීමයි.පසුව එය තුල අලුයම 3.33 වන තුරු සිරවී සිටීමයි .Midnight Man පහර දීමට පෙර
    ඔබට ලුණු රවුම සම්පූර්ණ කිරීමට නොහැකි වුවහොත් ඔබ ඔහුට හසු වේ.Midnight Man සාමාන්‍යයෙන් පහර දීමේදී සතුරාගේ අවයව එකිනෙක ඉරා දමන බව කියයි.ආත්මයට හසු නොවී,
    ලුණු රවුම තුල සිර නොවී සිටීම මෙහි ජයග්‍රහණය වේ.අලුයම 3.33 වූ විට Midnight Man ගේ කාලය අවසන් වේ.ඉන් පසු ඔහු නිවස හැර යයි.

    Midnight Man ඔබ අසල සිටින විට,*උෂ්ණත්වයේ හදිසි අඩුවීමක් දැනේ.*තද කලු පැහැති මිනිසෙකු වැනි ඡායාවක් අඳුරේ දැකිය හැකි වේ.*මෘදු ලෙස මුමුණන හඬක් ඇසේ.ඉහත සිදුවීම් එකක් හෝ සිදුවූ විගස ඔබ සිටින ස්ථානය ඉක්මනින්ම වෙනස්ක ළ යුතුය.

    වැදගත් කරුණු :-
    1)මෙම ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම අඳුරේ සිදු කල යුතු අතර කරන විට නිවසේ සියලු විදුලි බුබුලු නිවා දමා තිබිය
    යුතුය.
    2)ක්‍රීඩාව සිදු කරන අතරේ කිසිදු ආලෝක ප්‍රභවයක් භාවිතා නොකල යුතුය.(ඉටිපන්දම හැර)
    3)මෙය සිදු කරන අතරේ නිදා ගන්න නම් එපා.
    4)වෙන කෙනෙකුගේ ලේ කොලේට දාන්න එපා.
    5)ඉටිපන්දම වෙනුවට ගෑස් හෝ තෙල් දමන උපකරණ භාවිතා කරන්න එපා.
    6)ලුණු වලට ආත්මයන් නැවැත්විය හැකි -බව බටහිර රටවල පිළිගන්නවා.
    (සුදු ළූනු වලට ඩ්‍රැකියුලා බයයි වගේ දෙයක්)

    ***මේ සෙල්ලමේ තියෙන භයානකම දේ තමයි හරියටම ඉවර කරන විදියක් නැති එක අපි අද මේක කරල ඉවර වුනාට Midnight Man පස්සෙ දවසක අපි සෙල්ලම නොකරත් අපිව අල්ලාගන්නට ඉඩ තියෙනවා.මොකද අපි මේ වෙනකොට එයාට අපේ නිවසට ඇතුලු වෙන්න අවසර දීලා යෙන්නේ.***


    උපුටා ගැනීම සත්‍ය හොල්මන් කථා ගුපය ඇසුරෙනි. හරි ගියොත් කියපන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mohowk ගේ අවධානයට යොමු කලා නං හරි ඌ තමා මේ වගේ ඒවට හරියන්නෙ
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඉටිපන්දමක් - Na oi
    ගිනි පෙට්ටියක් - Na oi
    ලී දොරක් සහිත නිවසක් - Na bn alminium
    ඔබේ ලේ බින්දු කිහිපයක් / කොල කැබැල්ලක් / ලුණු nam monawa hari karala hoya ganda puluwan.
    Ade apita chance nadda? :(
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,307
    1,525
    113
    32
    Earth-Cj025
    mohowk ගේ අවධානයට යොමු කලා නං හරි ඌ තමා මේ වගේ ඒවට හරියන්නෙ
    හෙට දිහා එන්නේ නැතැයි

    Veronica එකේ තිබ්බේ ඔය වගේ Seen එකක් නේද?
    ඔව්. කැමරාවක් සෙට් කරලා කරලා බලපන්. එතකොට Film එක හදන එකට ලේසියි :rofl:

    :D

    ๑۩praneesha۩๑;23507065 said:
    ;)

    ඉටිපන්දමක් - Na oi
    ගිනි පෙට්ටියක් - Na oi
    ලී දොරක් සහිත නිවසක් - Na bn alminium
    ඔබේ ලේ බින්දු කිහිපයක් / කොල කැබැල්ලක් / ලුණු nam monawa hari karala hoya ganda puluwan.
    Ade apita chance nadda? :(
    ඉටිපන්දමක් - කඩෙන් ගනින් බන්. රු.5 යි.
    ගිනි පෙට්ටියක් - ලයිලරේ තියෙනවා නේද?
    ලී දොරක් සහිත නිවසක් - පොල් අතු වලින් එකක් හදලා තියපන්

    මරුසිරා;23507091 said:
    ඒ මොන අහවල් සෙල්ලමක්ද යකෝ :angry:
    අතින් අරන් පුපෙන් තියාගන්න වැඩක්නේ :rofl:
    :P :rofl:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මරුසිරා;23507091 said:
    ඒ මොන අහවල් සෙල්ලමක්ද යකෝ :angry:
    අතින් අරන් පුපෙන් තියාගන්න වැඩක්නේ :rofl:

    sirawatama kisima beneifit ekak nane bn
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕ නමෝ කාලි මහා කාලියේ දේවගිනි කාලියේ සලිත සලිත දිෂ්ටි දිෂ්ටි වර වර රවින්දනානේ වර වර ඉරින්ද නානේ වර වර කුලුන්ද වා වා දිෂ්ට් වාවා..

    ඔය මොකුත් ඔනෙ නැ 32 ක් ඕක කියවපල්ල අදුරකට වේලා-මැරිල වැටුනට වගකියනු නොලැබේ..:yes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඕ නමෝ කාලි මහා කාලියේ දේවගිනි කාලියේ සලිත සලිත දිෂ්ටි දිෂ්ටි වර වර රවින්දනානේ වර වර ඉරින්ද නානේ වර වර කුලුන්ද වා වා දිෂ්ට් වාවා

    ඔය මොකුත් ඔනෙ නැ 32 ක් ඕක කියවපල්ල අදුරකට වේලා..

    Moko ban wenne kiyapanko
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Moko ban wenne kiyapanko

    අහල නැද්ද සොහොන් කාලි මහා කාලී බද්‍රකාලි ගැන...ආන්න එයට එන්ඩ කියන්නෙ ඔය මන්ත්‍රයෙන්..:yes:අවට පස්සෙ නිකන් නම් යන්නෙ නැ බිල්ලක් අරන්මයි යන්නෙ...
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අහල නැද්ද සොහොන් කාලි මහා කාලී බද්‍රකාලි ගැන...ආන්න එයට එන්ඩ කියන්නෙ ඔය මන්ත්‍රයෙන්..:yes:අවට පස්සෙ නිකන් නම් යන්නෙ නැ බිල්ලක් අරන්මයි යන්නෙ...
    :shocked::shocked: kiyapu ekawada maranne :shocked: budu ambooo. Mama pansalakata giyath jivitheta dewala assata ringanne ne. Danne ne ban owwa gana.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :shocked::shocked: kiyapu ekawada maranne :shocked: budu ambooo. Mama pansalakata giyath jivitheta dewala assata ringanne ne. Danne ne ban owwa gana.

    ඔව් කියපු එකාව,:yes: ඔව කියන්ඩ ඕන ආරක්ශා මන්තර මතුරගෙන, අනික ආවට පස්සෙ හසුරව ගන්ඩ දැන ගන්ඩ ඔනෙ..ඕව සෙල්ලම් වැඩ නෙමෙයි,

    අනික ඔය මේකෙ දාල තියෙන සෙල්ලමත් සෙල්ලමක් නෙමේ..ලේ වලට සහ ඉටිපන්දම් එලියට ඇදෙන යක්ෂාත්ම තියෙනව, ඒව ආවට පස්සෙ යන්නෙ නැ ලේසියට ඇගට රින්ගුවොත් එච්චර තමයි...හරියට නොදැන යක්ශාත්මත් එක්ක සෙල්ලමට යන එක මහා බයානක වැඩක්...
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔව් කියපු එකාව,:yes: ඔව කියන්ඩ ඕන ආරක්ශා මන්තර මතුරගෙන, අනික ආවට පස්සෙ හසුරව ගන්ඩ දැන ගන්ඩ ඔනෙ..ඕව සෙල්ලම් වැඩ නෙමෙයි,

    අනික ඔය මේකෙ දාල තියෙන සෙල්ලමත් සෙල්ලමක් නෙමේ..ලේ වලට සහ ඉටිපන්දම් එලියට ඇදෙන යක්ෂාත්ම තියෙනව, ඒව ආවට පස්සෙ යන්නෙ නැ ලේසියට ඇගට රින්ගුවොත් එච්චර තමයි...හරියට නොදැන යක්ශාත්මත් එක්ක සෙල්ලමට යන එක මහා බයානක වැඩක්...
    Tfs :shocked::shocked::angry::baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාට හරි බෙල්ල ගලෝ ගන්ඩ ඔනෙ නම් ''කඩවර යක්ශයාට'' කියල අමාවක දවසක මේක කියපල්ල 108 වාරයක්...


    mmmmmmm එක්කො ඕන නැ ..