10 වන මුදුන

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආදරණීය එළකිරි සගයිනි.එලකිරිය හා නිල වශයෙන් සම්බන්ධ වී අදට හරියටම අවුරුද්දකුත් මාස 02 සහ දින 10 ( දින වශයෙන් සැලකුවොත් දින 436 ).:yes::yes:
    එලකිරිය කියන්නේ අපේ ජීවිතේ, සමාජයේ ම හරස්කඩක්. සෑම ආකාරයකම නියෝජනයක් මෙහි තියෙනවා.ඉතින් මේ කොයි ආකාරයෙන්ද මාව මේ එලකිරිය ඇතුලේ පිළිගන්නේ කියන එක මම දන්නේ නෑ. ඒ කොහොම වෙතත් මෙතෙක් ආපු ගමනේදී මම හැම විටම උත්සහකලා මම දන්න දේ, මම අහපු දේ, මම අත්විඳපු දේ, මම දැකපු දේ, හොඳ නරක හැම දෙයක්ම ඔයගොල්ලෝ එක්ක බෙදාගන්න.ඒ ගමන් මාර්ගය තීරණය කරපු අපේ කිරී වැසියෝ ඒ වෙනුවෙන් මට සලකපු නිසා මගේ රෙප් පවර් එක 10 වුනා.රෙප් වලින්, කමෙන්ට් වලින්, බම්ප් වලින්, pm වලින් උදව් කරපු, රෙප් කපපු මගේ සහෘද එළකිරි යේ ඔක්කොම දෙනාව මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. GT අයියත් ඇතුළුව. :)
    ඉතින් මම තීරණය කළා මේ සතුට ත්‍රෙඩ් එකකින්ම බෙදා ගන්න.:love:

    ~~~~.........~~~~

    ලොව උසින් 10 වෙනි කඳු මුදුන - Annapurna Massif :shocked:

    OcP2PTp.jpg


    ලෝකයේ උසින් 10 ස්ථානයේ පිහිටන්නේ නේපාලයේ '' අනපුර්ණ '' කඳු මුදුනයි. ඇත්තෙන්ම මෙය කඳු පොකුරක්.( Annapurna Massif ).නේපාලයේ උතුරු මැදට වෙන්නට පිහිටා ඇති මේ කඳු පොකුරේ මීටර් 8000 ඉක්මවූ ප්‍රධාන මුදුනට අමතරව මීටර් 7000 - 7999 අතර පිහිටන මුදුන් 13 සහ මීටර් 6000 - 6999 අතර පිහිටන මුදුන් 16 න් සමන්විතයි.මෙහි ප්‍රධාන මුදුන මීටර් 8,091 (26,545 ft) උසින් යුක්ත වන අතර මෙය ලොව උසින් 10 වන ස්ථානයේ පසුවෙයි.කිලෝමීටර් 54 පුරා විහිද පවතින මේ කඳු පොකුර උතුරින් සහ නැගෙනහිරින් Marshyangdi River නදියෙන්ද, දකුණින් Pokhara Valley නිම්නයෙන්ද, බටහිරින් Kali Gandaki Gorge දොරුවෙන්ද මායිම් වී තිබෙනවා.මෙහි බටහිර බෑවුමේ '' අනපුර්ණ අභයභුමිය '' ( උස් කඳුකර තැනිතලා බිමක් ) භුමිය පිහිටා ඇති අතර මේ සියල්ල එක්ව ගත් කල වර්ග කිලෝමීටර් 7629 පුරා පැතිර පවතින නේපාලයේ විශාලතම සංරක්ෂණ භුමිය ද වනවා.

    NEfAHvQ.jpg


    NlU7DlC.jpg


    yjFRrb3.jpg


    fFSV72q.jpg


    smTZSQK.jpg


    ලොව කඳු තරණය කරන්නන්ගේ පාරාදීසයක් වන අනපුර්ණ ලොව වඩාත් භයානකම කඳු තරණයද වනවා.:shocked::shocked:
    වර්ෂ 1950 ජුනි මසදී ප්‍රංශ ජාතික කඳු නගින්නන් වන Maurice Herzog සහ Louis Lachenal ඇතුළු කණ්ඩායම මෙහි මුදුන කරා ළඟාවූ ප්‍රථම කණ්ඩායම ලෙස ඉතිහාසයට එක් විනි.
    මෙහි මුදුනට ලඟා වීමේ පහසුම මග ලෙස සැලකෙන්නේ වයඹ දිග මුහුණතෙන් ඇති මාර්ගයයි.

    pFolqX5.jpg


    JOvQKyH.jpg


    මෙහි මරණිය සම්භාවිතාව 34 % අගයක් වන අතර එය සාපේක්ෂව ලොව අනෙකුත් සියලුම ගිරි ශිඛර හා සැසඳීමේදී ඉහලම අගයද වනවා.එනම් මෙය කඳු නගින්නන්ට ලොව වඩාත් භයානකම තරණය වන අතර 2012 වර්ෂයේදී කඳු නගින්නන් 52 ට මරුකැඳවූ හිම නාය යාමක්ද මෙහි වාර්තා වුනා.

    කෙසේ වෙතත් '' අනපුර්ණ අභයභුමිය '' හා එහි සංචාරය පහසු ඉලක්කයක් වන අතර එය නේපාලයේ වැඩිම සංචාරක ආකර්ෂණය දිනු ස්ථානයද වනවා. එය ඕනෑම මට්ටමක සංචාරකයෙකුට ඔරොත්තු දෙන අතර අනපුර්ණ කඳු වැටියේ පාමුලින් දිවෙන මනස්කාන්ත භුමි දර්ශනයක් සහිත ඉතා සුන්දර සංචාරයක්ද වෙනවා.එමෙන්ම ලොව බොහෝ ආධුනික කඳු තරණ ශිල්පින් මීටර් 5000 වැඩි ඉලක්ක සඳහා තෝරා ගනු ලබන්නේ මේ අභය භුමියේ පිහිටා ඇති අනෙකුත් මුදුන්ය.

    qFZb8nQ.jpg


    D7YdwGJ.jpg


    hGawHsJ.jpg


    KnyZGTv.jpg


    9LIU3pg.jpg


    MxYzHlm.jpg


    ~~~~.........~~~~

    අනපුර්ණ භුමියේ සංචාරය කරන එකත් මගේ ජීවිතේ ලොකු හීනයක්.:love::love: ඒ වෙනුවෙන් මම දැන් ඉඳලම සුදානම් වෙනවා.:yes::yes:

    තොරතුරු හා ඡායාරුප අන්තර්ජාලයෙන්,
    සටහන මා විසින්.
    එහෙනම් කිරි වාසි ඔබ සැමට ජය වේවා..:cool::cool:
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    අඩේ මාර ලස්සනයි මචන්..උඹේ හීනෙ කවදාහරි සැබෑ වේවා කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා මචන්..එදාටත් thread එකක් දාපන්..
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    සුපිරි බ්රෝ ..
    උඹ වටිනා දෙයක් බෙදාගෙන එලකිරි යට වටිනාකමක් + කරනවා හැමදාමත් !
    රෙප් කපන එවුන් සදා රෙප් කප කප ඉදිය් , උබෙ ගමන උබ යමන්..! අපි ගමනක් යද්දී බල්ලෙක් අපිට බිරුවම උට ගල් ගහ ගහ හිටියොත් අපිට අපෙ ගමන යන්න වෙන්නෙ නෑ..!

    10 ට 26 ක් දුන්නා බ්රෝ ..!
    26+++
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Looks amazing. Thanks for sharing machan!



    පහර...ජයෙන් ජයම වේවා bro..!

    Thanks machn....

    Nice article :yes:

    Rep ++






    සුබ පැතුම් ඩොඩො මහත්තයෝ....

    රේප් දුන්න....

    තැන්ක්ස්

    Thanks My Dear Friends...:love::love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සුපිරි බ්රෝ ..
    උඹ වටිනා දෙයක් බෙදාගෙන එලකිරි යට වටිනාකමක් + කරනවා හැමදාමත් !
    රෙප් කපන එවුන් සදා රෙප් කප කප ඉදිය් , උබෙ ගමන උබ යමන්..! අපි ගමනක් යද්දී බල්ලෙක් අපිට බිරුවම උට ගල් ගහ ගහ හිටියොත් අපිට අපෙ ගමන යන්න වෙන්නෙ නෑ..!

    10 ට 26 ක් දුන්නා බ්රෝ ..!
    26+++

    අඩේ මාර ලස්සනයි මචන්..උඹේ හීනෙ කවදාහරි සැබෑ වේවා කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා මචන්..එදාටත් thread එකක් දාපන්..

    අඩෝ...තැන්ක්ස් කොල්ලෝ. උඹලගේ වචන මාව තව තවත් මොරාල් කරනවා.:love::love:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    උඔ ගිහින්ම ත්‍රෙඩ් එක දැම්ම නම්.... :P
    උඹේ නූලක් දැක්ක ගමන් මම එතන :cool:
    පට්ට පට පට පට.....:D
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඔ ගිහින්ම ත්‍රෙඩ් එක දැම්ම නම්.... :P
    උඹේ නූලක් දැක්ක ගමන් මම එතන :cool:
    පට්ට පට පට පට.....:D

    අඩෝ...යනවා යනවා. මේ ටිකේ සල්ලි ටිකක් එකතු කරමින් ඉන්නේ. ගිහින් ආවට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්නම්...එල එල.:love::love: