දැන් කට්ටිය හෝ ගල e Bay එකෙන් බඩු ගේනවනේ ............
පොඩි පොඩි Item නම් පියුම් මාමා ගෙදරටම ගෙනත් දෙනවනේ .... එත් ලොකු item එකක් ගෙන්නුවොත් [ Eg : Phone ]අපිට පොස්ට් Office එකට යන්න වෙනවා ඒක ගන්න ... මොකද ඒක කඩල බලලා Duty එහෙම ගෙවන්න ඕනේ නම් ඒවා එහෙම ගෙව්වට පස්සේ තමා අපිට බඩු හම්බු වෙන්නේ.....
[මේක ඉතින් මම කිව්වේ නොදන්නා අයට

.... දන්න අය මේ ටික නොදැක්ක වගේ යන්න

]
හරි දැන් අපි වැඩේට බහිමු ......
ඔයා ගෙන්නපු Item එකක් Custom එකෙන් අල්ලලා ... ඒක පොස්ට් එකේ තියාගෙන ඉන්නවා නම්.. අනිවාර්යෙන් ... Item ඒක පොස්ට් එකට ඇවිත් දවස් 2 - 4 ක් ඇතුලත ඔයාගේ Shipping Address එකට රෙජිස්ටර් පොස්ට් එකේ ලියුමක් එනවා.... ලියුමක් කියල කිව්වට ලියුමක් මත් නෙමෙයි ... Form දෙකක් තුනට නවල Stapler Pin එකක් ගහල තමා එවන්නේ.. එකක් රෝස පාටයි .. අනික සුදු පාටයි ....
රෝස පාට කොලේ ඔයාගේ නමයි ,Address එකයි ලියන්න තැනක් තියනව.. ඒක ලියල අරන් යන්න.වෙන මුකුත්ම ලියන්න එපා.....
අරන් යන්න කිව්වට අරන් යන්න ඕන place ඒක කිව්වේ නැනේ
ඔය ඕක අරන් යන්න ඕනේ මධ්‍යම තැපැල් හුවමාරුවේ දෙවෙනි තට්ටුවට.... ( Central Mail Exchange ).
මේක තියෙන්නේ
කොළඹ 10 , ඩි.ආර්. විජේවර්ධන මාවතේ .
කොළොඹ 10 කියල කිව්වට මේක තියන්නේ Lake House එක , SLECC ඒක ... පේන තෙක් මානේ.
හරියටම කිව්වොත් . කොටුවේ Station එකේ පිටිපස්සේ ගේට්ටුවට එහා පැත්තේ . ( මැකලම් පාරේ ගේට්ටුව - ඩී . ආර් . විජේවර්ධන මාවත කියල දැන් කිව්වට ඉස්සර කිව්වේ මැකලම් පාර ලු

)
ඔයා පිට කොටුවේ ඉදන් එනවනම් ... 120,125,190,170 වගේ බස් එකක නැගල .. කොන්දොස්තර අයියට පොස්ට් Office ඒක ගාවින් දාල යන්න කිව්වනම් හරි.
පාර්සල් Section එකේ නොම්මරේ මෙන්න : 011 23220700, 2440159, 2449886
-----------------------------------------
අමතක කරන්න එපා...ඔයාගේ NIC එක . e Bay Invoice එකෙත් ප්‍රින්ට් එකක් කෝකටත් සාක්කුවේ දාගෙන යන්න... එක දික් කරනන් එපා ගිය ගමන්... Item එක යාලුවෙක් එව්වා කියල කිව්වොත් Shape
------------
ඔයා Phone එකක් ගෙන්නුවොත් නම් .. පොඩි කට්ටක් කන්න ඕනේ.. මෙන්න මේ තැන් වලට පිළිවෙලට යන්න ඕනේ.
1.ගෙදරට එන ලියුම අරන් මධ්‍යම තැපැල් හුවමාරුවට යන්න.
2.එහෙන් දෙන ලියුම අරන් ඇල්විටිගල මාවතේ තියන [ TRC ] විදුලි සංදේශන නියාමන කොමිසමට යන්න.
[ මේක තියන්නේ හරියටම නාරාහේන් පිට හමුදා රෝහල හරියේ. 103 නාරාහේන්පිට බස් එකේ ගියා නම් හරි - 135/178/103 ඔක්කොම එතනින් යනවා.]
3.එහෙන් දෙන ඒවා අරන් ශ්‍රී ලංකා ආනයන හා අපනය පාලන දෙපාර්තුමේන්තුව ට යන්න ඕනේ.[ කොළඹ 01 , බ්‍රිස්ටල් වීදියේ තියන හේමාස් ගොඩනැගිල්ලේ පලවෙනි තට්ටුවේ තමා මේක තියෙන්නේ.]
4. අයෙමත් එන්න ඕනේ මුලින්ම ගියා මධ්‍යම තැපැල් හුමරුවේ පාර්සල් Section එකට.
මතක ඇතුව සල්ලි අරන් යන්න....
තව කෙනකුට බලන්න
Bump එකක් දාල යන්න අමතක කරන්න එපා.
ඔයාලට මේ සම්බන්ධව දැනගන්න මොනා හරි දෙයක් තියනවනම් මෙතන අහන්න... මම දන්න දෙයක් නම් කියල දෙන්නම්

.. නැතත් ... අපේ එළකිරි කොල්ලෙක්

ඔයාට අනිවාර්යයෙන් උදව් කරයි
