ව්‍යාපෘති හා දේශපාලනඥයන්ගේ නම් යෙදීම
මුදල් නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න අපගේ යහළුවෙක් නොවේ. කවදාවත් අපගේ දුරකථන ඇමතුම්වලට ඔහු උත්තර දී නැති අතර ඔහු වෙනුවෙන් උත්තර දෙන ඔහුගේ ලේකම්වරියන් කියන්නේ මළවිකාර ය. මේ නිසා අපි ඔහු අමතක කර ඇත්තෙමු. එහෙත් ඔහු විසින් පසුගිය දිනක කියන ලද වටිනා අදහසක් නිසා අපගේ ගෞරවය ඔහුට පුද කරමු. මහජන මුදලින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිවලට දේශපාලනඥයන්ගේ නම් යෙදීම වැරදි බව ඔහුගේ එම අදහස ය. අපගේ අදහස මෙසේය; ශ්‍රී ලංකාව වූ කලී මෝඩ ජනතාවක් ගස් වශයෙන් ද, කුහක නීච කාලකණ්ණි දේශපාලකයන් පිරිසක් වන සතුන් වශයෙන් ද සිටින වනාන්තරයකි. චීන්නු ද, ඉන්දියානුවෝද මේ වනාන්තරයේ සෆාරි යති. යටත් විජිතවාදය නමැති විරේක බෙහෙත පානය කළ මේ රටට තවමත් බඩ යන එක නවත්වා ගැනීමට බැරිය. දීර්ඝ කාලීන බඩ යෑම නිසා වෙනත් කාරණාවකට ඉඳ ගත්තත් පශ්චාත් භාගය කල්පනා කරන්නේ වැසිකිළි යෑමට ඉඳගත් බවකි. එවැනි රටක මහජන මුදලින් ඉදිකරන ව්‍යාපෘතිවලට දේශපාලනඥයන්ගේ නම් යෙදීම ඉතා සාමාන්‍ය වැඩකි. අප එකී දේශපාලනඥයන්ට දැනට ස්තුති කළ යුතු කාරණයක් තිබේ. එනම්, ඔවුහු දැනට එම ව්‍යාපෘති සඳහා තමන්ගේ නම් මිස තම අඹුවන්ගේ, මස්සිනාලාගේ හෝ නෑනලාගේ නම් යොදන්නේ නැත්තාහ. මතු යම් දවසක මහජන මුදලින් තැනූ කිසියම් පරිශ්‍රයක් විවෘත කරන විට එම පරිශ්‍රයට දේශපාලනඥයකුගේ නමත්, එම පරිශ්‍රයේ කක්කුස්සියට දේශපාලනඥයාගේ බිරිඳගේ නමත්, එහි වතුර ටැංකියට දේශපාලන මස්සිනාගේ නමත් යෙදීමට ඉඩ තිබේ. තමන්ට අවස්ථාවක් ලැබේ නම්, එම පරිශ්‍රයේ තිබෙන අපද්‍රව්‍ය බැහැර කරන වළට දේශපාලනඥයා යොදනු ඇත්තේ නැන්දම්මාගේ නමය. මන්ද යත් සිය බලලෝභී දියණිය දේශපාලනඥයාගේ ඇෙඟ් ගැසීමෙන් නැන්දම්මා කර ඇති ඩැමේජ් එක යළි කවරදාකවත් හරිගැස්සීමට බැරි නිසාය. අප මෙසේ කියන්නේ මේ රටේ දේශපාලනඥයන් වැඩිදෙනා හැන්ඞ්ල් කරනු ලබන්නේ ඔවුන්ගේ බිරියන් නිසාය. දේශපාලනඥයාට වඩා බලලෝභීයකු වන බිරිඳ දේශපාලනඥයා ඉක්මවා ගොස් ඔහුගේ පගා අංශය භාරව කටයුතු කරන අවස්ථා බොහෝ ය.
රජයේ දේපළ හෝ රජයට තෑගි වශයෙන් ලැබූ දේ්පළවල අවසාන හිමිකාරයා ජනතාව ය. මෙවැනි දේපළවලට දේශපාලනඥයන්ගේ නම් තැබීමේ කැත පුරුද්ද පටන් ගත්තේ 1970 දී බලයට පත් සමගි පෙරමුණ ආණ්ඩුව ය. චීනයෙන් තෑගි ලැබුණ සම්මන්ත්රණ ශාලාව ඒ අනුව බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව විය. කටුනායක ගුවන් තොටුපළ බණ්ඩාරනායක ගුවන් තොටුපළ විය. ඞී. එස්. සේනානායක, ඩඞ්ලි සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායකට එවැනි කැත පුරුදු තිබුණේ නැත. කොළඹ බුලර්ස් පාරේ ඉඩමක චීනුන් විසින් සාදා දෙන ලද සම්මන්ත්රණ ශාලාවට තම නම තැබූ බව දැන ගත්තේ නම්. එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා වළෙන් නැගිට විත් විරෝධය පළකරනවා ඇත.
මේ පුරුද්ද දිගටම ගියේ ය. සමගි පෙරමුණ පරදවා 1977 දී බලයට ආ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ නායක ජේ. ආර්. ජයවර්ධන කවදාවත් දෙකයි පනහේ වැඩ කළ කෙනෙක් නොවේ. ඔහු පාලම්, බෝක්කු කටවල්, අඩි පාරවල්, වැසිකිළි වළවල් යනාදියට තම නම තබා අනාගත පරපුරට විහිළු සැපයීම ප්‍රතික්ෂේප කළ ජන නායකයෙකි. පිටකොටුවේ බෝගහ ළඟ පිහිටි ඔහුගේ බිරියට අයත් ලීලා ගොඩනැඟිල්ලට තව තට්ටු දෙක තුනක් ගසා එවකට පිටකොටුවේ පැවැති උසම ගොඩනැඟිල්ල බවට එය පත් කර ‘ජේ. ආර්. ජයවර්ධන ටවර්ස්’ යනුවෙන් නම් කිරීමට හැකියාව තිබූ නමුත් ඔහු එවැනි හිඟන වැඩ කළේ නැත. ඒ වෙනුවට ඔහු කළේ කෝට්ටේ නගර සභා බල ප්‍රදේශයට අයත් භූමිය ප්‍රතිසංස්කරණය කර එතැන පාර්ලිමේන්තුව හදා එම ප්‍රදේශය පුරාණ සිංහල රාජධානියක්ව පැවැති සමයේදී පාවිච්චි කළ ශ්‍රී ජයවර්ධනපුරය යන නාමය ප්‍රවර්ධනය වීමට ඉඩ හැරීමය. අද වන විට ජයවර්ධනපුරය ක්‍රමයෙන් ලංකාවේ පරිපාලන නගරය බවට පත්ව ඇත. ජේ. ආර්. ජයවර්ධන මිය ගියද ජයවර්ධනපුරය රට පාලනය කරයි.
ශ්‍රීමත් ජෝන් කොතලාවල සුදු අධිරාජ්‍යවාදීන් සමග ගැටුණ නමුත් දුප්පත් සිංහලයන්ට සැලකුවේ බල්ලන්ට මෙනි. ඔහුගේ ශ්‍රීමත් කෑල්ල සුද්දන් විසින් දෙන ලද නයිට් නාමයයි. සුද්දන්ට විරුද්ධ යැයි කීවත් ඔහු කවදත් මේ නයිට් නාමය ප්‍රතික්ෂේප කළේ නැත. ශ්‍රී ලංකාවේ පළමුවැනි ආරක්ෂක විශ්වවිiාලය සෑදීම සඳහා ඉඩම දුන්නේ ජෝන් කොතලාවල ය. ඒ හිලව්වට එම ආරක්ෂක පීඨයට ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක පීඨය යනුවෙන් නම් තබන ලදී. මෙය හරියට සමාන වන්නේ කුලඟන සමිතියකට ගෙග්‍රරි රස්පුටින්ගේ නම යෙදීමට ය. 1869 සිට 1916 තෙක් රුසියාවේ ජීවත් වූ පූජකයකු වන ග්‍රෙගරි රස්පුටින් 6×6 ප්‍රමාණයේ සල්ලාලයෙකි. ඔහු සතු සියලූ භාණ්ඩ ද 6×6 ට විය. ඔහු සාර් රජ පවුලට ප්ලග් එක ගසා ඒ පවුලට රිංගා ගෙන රජ පවුලේ රාජකීය පූජකයා වී රජු හැරුණු විට එම පවුලේ සෙසු හැමෝම ¥ෂණය කළේය. එහෙත් ලක්ෂ්මන් කදීර්ගාමර් අධ්‍යාපන කේ්න්ද්රයට එම නම යෙදීමේ කිසිදු වරදක් නැත. එම කේන්ද්‍රය පිහිටි නිවස ඔහුගේ පෞද්ගලික දේපළය. ජේ. ආර්. ජයවර්ධන මධ්‍යස්ථානය, ජේ. ආර්.ගේ පෞද්ගලික නිවසය.
රාජ්‍ය දේපළකට තම නම තැබීම මස්තකප්රාප්ත කළෝ රාජපක්ෂවරු ය. පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය, පාරවල්, අඩි පාරවල්, පිට්ටනි යන හැම එකටම ඔවුහු තම නම යෙ¥හ. දැනට හිඟ පාඩුවකට ඇත්තේ මහින්ද රාජපක්ෂ ළිඳ සහ මහින්ද රාජපක්ෂ වැසිකිළිය පමණි. එසේම රනිල් වික්‍රමසිංහ සමග අපට කොතරම් ගැටුම් තිබුණත් එකක් කිව යුතු ය. ඒ ඔහුගේ නමින් කිසිදු රජයේ දේපළක් මේ මහපොළොව මත නැති බවය. අඩු ගණනේ අඩි පාරක්වත් ඔහු නමින් නැත. මේ අතර තවත් යෝජනාවක් කරමු. එනම් කොළොන්නාවේ කුණු කන්දට ද නමක් යෙදිය යුතුය. එබැවින් එය ඒ පළාතේ මන්ත්‍රීවරුන් වන හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර සහ එස්. එම්. මරික්කාර් නමින් නම් කළ යුතුය. හිරුණිකා - මරික්කාර් කුණු කන්ද යනුවෙන් සඳහන් බෝඞ් එකක් එහි සවි කළ යුතුය. ඉන්පසු එම කන්ද ජනතා අයිතියට නොව දේශපාලකයන්ගේ අයිතියට කැපකළ යුතුය.
(දිවයින කතුවැකිය 17 08 2018)