ව්‍යාපෘති හා දේශපාලනඥයන්ගේ නම් යෙදීම

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ව්‍යාපෘති හා දේශපාලනඥයන්ගේ නම් යෙදීම

    මුදල් නියෝජ්‍ය ඇමැති එරාන් වික‍්‍රමරත්න අපගේ යහළුවෙක් නොවේ. කවදාවත් අපගේ දුරකථන ඇමතුම්වලට ඔහු උත්තර දී නැති අතර ඔහු වෙනුවෙන් උත්තර දෙන ඔහුගේ ලේකම්වරියන් කියන්නේ මළවිකාර ය. මේ නිසා අපි ඔහු අමතක කර ඇත්තෙමු. එහෙත් ඔහු විසින් පසුගිය දිනක කියන ලද වටිනා අදහසක් නිසා අපගේ ගෞරවය ඔහුට පුද කරමු. මහජන මුදලින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිවලට දේශපාලනඥයන්ගේ නම් යෙදීම වැරදි බව ඔහුගේ එම අදහස ය. අපගේ අදහස මෙසේය; ශ‍්‍රී ලංකාව වූ කලී මෝඩ ජනතාවක් ගස් වශයෙන් ද, කුහක නීච කාලකණ්ණි දේශපාලකයන් පිරිසක් වන සතුන් වශයෙන් ද සිටින වනාන්තරයකි. චීන්නු ද, ඉන්දියානුවෝද මේ වනාන්තරයේ සෆාරි යති. යටත් විජිතවාදය නමැති විරේක බෙහෙත පානය කළ මේ රටට තවමත් බඩ යන එක නවත්වා ගැනීමට බැරිය. දීර්ඝ කාලීන බඩ යෑම නිසා වෙනත් කාරණාවකට ඉඳ ගත්තත් පශ්චාත් භාගය කල්පනා කරන්නේ වැසිකිළි යෑමට ඉඳගත් බවකි. එවැනි රටක මහජන මුදලින් ඉදිකරන ව්‍යාපෘතිවලට දේශපාලනඥයන්ගේ නම් යෙදීම ඉතා සාමාන්‍ය වැඩකි. අප එකී දේශපාලනඥයන්ට දැනට ස්තුති කළ යුතු කාරණයක් තිබේ. එනම්, ඔවුහු දැනට එම ව්‍යාපෘති සඳහා තමන්ගේ නම් මිස තම අඹුවන්ගේ, මස්සිනාලාගේ හෝ නෑනලාගේ නම් යොදන්නේ නැත්තාහ. මතු යම් දවසක මහජන මුදලින් තැනූ කිසියම් පරිශ‍්‍රයක් විවෘත කරන විට එම පරිශ‍්‍රයට දේශපාලනඥයකුගේ නමත්, එම පරිශ‍්‍රයේ කක්කුස්සියට දේශපාලනඥයාගේ බිරිඳගේ නමත්, එහි වතුර ටැංකියට දේශපාලන මස්සිනාගේ නමත් යෙදීමට ඉඩ තිබේ. තමන්ට අවස්ථාවක් ලැබේ නම්, එම පරිශ‍්‍රයේ තිබෙන අපද්‍රව්‍ය බැහැර කරන වළට දේශපාලනඥයා යොදනු ඇත්තේ නැන්දම්මාගේ නමය. මන්ද යත් සිය බලලෝභී දියණිය දේශපාලනඥයාගේ ඇෙඟ් ගැසීමෙන් නැන්දම්මා කර ඇති ඩැමේජ් එක යළි කවරදාකවත් හරිගැස්සීමට බැරි නිසාය. අප මෙසේ කියන්නේ මේ රටේ දේශපාලනඥයන් වැඩිදෙනා හැන්ඞ්ල් කරනු ලබන්නේ ඔවුන්ගේ බිරියන් නිසාය. දේශපාලනඥයාට වඩා බලලෝභීයකු වන බිරිඳ දේශපාලනඥයා ඉක්මවා ගොස් ඔහුගේ පගා අංශය භාරව කටයුතු කරන අවස්ථා බොහෝ ය.

    රජයේ දේපළ හෝ රජයට තෑගි වශයෙන් ලැබූ දේ්පළවල අවසාන හිමිකාරයා ජනතාව ය. මෙවැනි දේපළවලට දේශපාලනඥයන්ගේ නම් තැබීමේ කැත පුරුද්ද පටන් ගත්තේ 1970 දී බලයට පත් සමගි පෙරමුණ ආණ්ඩුව ය. චීනයෙන් තෑගි ලැබුණ සම්මන්ත‍්‍රණ ශාලාව ඒ අනුව බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව විය. කටුනායක ගුවන් තොටුපළ බණ්ඩාරනායක ගුවන් තොටුපළ විය. ඞී. එස්. සේනානායක, ඩඞ්ලි සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායකට එවැනි කැත පුරුදු තිබුණේ නැත. කොළඹ බුලර්ස් පාරේ ඉඩමක චීනුන් විසින් සාදා දෙන ලද සම්මන්ත‍්‍රණ ශාලාවට තම නම තැබූ බව දැන ගත්තේ නම්. එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා වළෙන් නැගිට විත් විරෝධය පළකරනවා ඇත.

    මේ පුරුද්ද දිගටම ගියේ ය. සමගි පෙරමුණ පරදවා 1977 දී බලයට ආ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ නායක ජේ. ආර්. ජයවර්ධන කවදාවත් දෙකයි පනහේ වැඩ කළ කෙනෙක් නොවේ. ඔහු පාලම්, බෝක්කු කටවල්, අඩි පාරවල්, වැසිකිළි වළවල් යනාදියට තම නම තබා අනාගත පරපුරට විහිළු සැපයීම ප‍්‍රතික්‍ෂේප කළ ජන නායකයෙකි. පිටකොටුවේ බෝගහ ළඟ පිහිටි ඔහුගේ බිරියට අයත් ලීලා ගොඩනැඟිල්ලට තව තට්ටු දෙක තුනක් ගසා එවකට පිටකොටුවේ පැවැති උසම ගොඩනැඟිල්ල බවට එය පත් කර ‘ජේ. ආර්. ජයවර්ධන ටවර්ස්’ යනුවෙන් නම් කිරීමට හැකියාව තිබූ නමුත් ඔහු එවැනි හිඟන වැඩ කළේ නැත. ඒ වෙනුවට ඔහු කළේ කෝට්ටේ නගර සභා බල ප‍්‍රදේශයට අයත් භූමිය ප‍්‍රතිසංස්කරණය කර එතැන පාර්ලිමේන්තුව හදා එම ප‍්‍රදේශය පුරාණ සිංහල රාජධානියක්ව පැවැති සමයේදී පාවිච්චි කළ ශ‍්‍රී ජයවර්ධනපුරය යන නාමය ප‍්‍රවර්ධනය වීමට ඉඩ හැරීමය. අද වන විට ජයවර්ධනපුරය ක‍්‍රමයෙන් ලංකාවේ පරිපාලන නගරය බවට පත්ව ඇත. ජේ. ආර්. ජයවර්ධන මිය ගියද ජයවර්ධනපුරය රට පාලනය කරයි.

    ශ‍්‍රීමත් ජෝන් කොතලාවල සුදු අධිරාජ්‍යවාදීන් සමග ගැටුණ නමුත් දුප්පත් සිංහලයන්ට සැලකුවේ බල්ලන්ට මෙනි. ඔහුගේ ශ‍්‍රීමත් කෑල්ල සුද්දන් විසින් දෙන ලද නයිට් නාමයයි. සුද්දන්ට විරුද්ධ යැයි කීවත් ඔහු කවදත් මේ නයිට් නාමය ප‍්‍රතික්‍ෂේප කළේ නැත. ශ‍්‍රී ලංකාවේ පළමුවැනි ආරක්‍ෂක විශ්වවිiාලය සෑදීම සඳහා ඉඩම දුන්නේ ජෝන් කොතලාවල ය. ඒ හිලව්වට එම ආරක්‍ෂක පීඨයට ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක පීඨය යනුවෙන් නම් තබන ලදී. මෙය හරියට සමාන වන්නේ කුලඟන සමිතියකට ගෙග‍්‍රරි රස්පුටින්ගේ නම යෙදීමට ය. 1869 සිට 1916 තෙක් රුසියාවේ ජීවත් වූ පූජකයකු වන ග්‍රෙගරි රස්පුටින් 6×6 ප‍්‍රමාණයේ සල්ලාලයෙකි. ඔහු සතු සියලූ භාණ්ඩ ද 6×6 ට විය. ඔහු සාර් රජ පවුලට ප්ලග් එක ගසා ඒ පවුලට රිංගා ගෙන රජ පවුලේ රාජකීය පූජකයා වී රජු හැරුණු විට එම පවුලේ සෙසු හැමෝම ¥ෂණය කළේය. එහෙත් ලක්‍ෂ්මන් කදීර්ගාමර් අධ්‍යාපන කේ්න්‍ද්‍රයට එම නම යෙදීමේ කිසිදු වරදක් නැත. එම කේන්‍ද්‍රය පිහිටි නිවස ඔහුගේ පෞද්ගලික දේපළය. ජේ. ආර්. ජයවර්ධන මධ්‍යස්ථානය, ජේ. ආර්.ගේ පෞද්ගලික නිවසය.

    රාජ්‍ය දේපළකට තම නම තැබීම මස්තකප‍්‍රාප්ත කළෝ රාජපක්‍ෂවරු ය. පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය, පාරවල්, අඩි පාරවල්, පිට්ටනි යන හැම එකටම ඔවුහු තම නම යෙ¥හ. දැනට හිඟ පාඩුවකට ඇත්තේ මහින්ද රාජපක්‍ෂ ළිඳ සහ මහින්ද රාජපක්‍ෂ වැසිකිළිය පමණි. එසේම රනිල් වික‍්‍රමසිංහ සමග අපට කොතරම් ගැටුම් තිබුණත් එකක් කිව යුතු ය. ඒ ඔහුගේ නමින් කිසිදු රජයේ දේපළක් මේ මහපොළොව මත නැති බවය. අඩු ගණනේ අඩි පාරක්වත් ඔහු නමින් නැත. මේ අතර තවත් යෝජනාවක් කරමු. එනම් කොළොන්නාවේ කුණු කන්දට ද නමක් යෙදිය යුතුය. එබැවින් එය ඒ පළාතේ මන්ත‍්‍රීවරුන් වන හිරුණිකා පේ‍්‍රමචන්‍ද්‍ර සහ එස්. එම්. මරික්කාර් නමින් නම් කළ යුතුය. හිරුණිකා - මරික්කාර් කුණු කන්ද යනුවෙන් සඳහන් බෝඞ් එකක් එහි සවි කළ යුතුය. ඉන්පසු එම කන්ද ජනතා අයිතියට නොව දේශපාලකයන්ගේ අයිතියට කැපකළ යුතුය.

    (දිවයින කතුවැකිය 17 08 2018)
     
    • Like
    Reactions: Ashman

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    no need politicians names for publicly funded projects or the donated projects by the foreign entity for the people of sri lanka
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එසේම රනිල් වික‍්‍රමසිංහ සමග අපට කොතරම් ගැටුම් තිබුණත් එකක් කිව යුතු ය. ඒ ඔහුගේ නමින් කිසිදු රජයේ දේපළක් මේ මහපොළොව මත නැති බවය. - නම දා ගන්නත් මොකක් හෝ දෙයක් කරල ඉන්න එපැයි . හැම එකම විකුණන්න බලන් ඉන්න එකා අහවල් එකට නම දාගන්නද?..... මහින්ද නම දාගත්තේ මොනව හරි දෙයක් කරල.....
     
    Aug 16, 2018
    301
    17
    0

    ඇයි බන් ඔහොම.. උඩ කොටස හරි.. ඌ වැඩක් කරලා නැ. එත් ඇයි බන් තමන්ගේ එකා හුකලා ගියත් ඌ හිකුවේ මම උගෙ නිසානේ වගේ ටෝක් දෙන්නේ..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113
    JR jayawardanaගේ වලව්වක් CTB එකට දීල තියෙනවා එකෙත් එයාගේ නම නෑ
    ඔය බණ්ඩාරනායකලා රාජපක්ෂලා ඒ අතින් ගත්තම හිගන්නෝ තමන්ගේ අම්මගේ ත්තගේ සොහොන හැදුවෙත් අනුන්ගේ සල්ලිවලින්

    කොහොමත් ජනතා මුදලින් කරන දේවල් වලට එක එකාගේ නම් දන එක වැරදියි
     
    ඒකාලේ මිනිස්සු දේශපාලනය කලේ සල්ලි හම්බ කරලා ඒ සල්ලි වියදම් කරලා බලේ ගන්න. දැන් ඉන්න උන් ගමේ උන්ව පොන්නයෝ කරලා බලේ අරගෙන සල්ලි හොයනවා..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇයි බන් ඔහොම.. උඩ කොටස හරි.. ඌ වැඩක් කරලා නැ. එත් ඇයි බන් තමන්ගේ එකා හුකලා ගියත් ඌ හිකුවේ මම උගෙ නිසානේ වගේ ටෝක් දෙන්නේ..

    මහින්ද හැම එකටම නම දාගත්ත එක හරිය කියනව නෙවෙයි.... ඒත් අපි නම ගැන ඔය තරම් වොරි වෙන්න ඕනද? දැන් ඔය දක්ෂිණ අධිවේගයටත් පොරගෙ නම දාගත්ත කියමුකෝ. ඒකෙන් අපිට වෙන සේවාවේ අඩුවක් වෙනවද? වැදගත් වෙන්නේ නම දාන්න වෙන නිසා නොකර ඉන්නවාට වඩා යම් දෙයක් ජනතාව වෙනුවෙන් කිරීමයි.....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ අතිං බලද්දි රනිල් මාර නිහතමානී මනුස්සයෙක් :) :yes:
     
    malganis

    Member
    Oct 31, 2016
    398
    45
    0
    kathawa aththa paul balaya thawath thara wena eka witharai wenne oken
    lankawe boho minissunta oka wenas karanna ona kamak na
     
    Aug 16, 2018
    301
    17
    0
    මහින්ද හැම එකටම නම දාගත්ත එක හරිය කියනව නෙවෙයි.... ඒත් අපි නම ගැන ඔය තරම් වොරි වෙන්න ඕනද? දැන් ඔය දක්ෂිණ අධිවේගයටත් පොරගෙ නම දාගත්ත කියමුකෝ. ඒකෙන් අපිට වෙන සේවාවේ අඩුවක් වෙනවද? වැදගත් වෙන්නේ නම දාන්න වෙන නිසා නොකර ඉන්නවාට වඩා යම් දෙයක් ජනතාව වෙනුවෙන් කිරීමයි.....
    නම දැම්මට කමක් නැ බන් තමන් වියදම් කරලා.. උබේ ගේ හදන්න උබ ලෝන් එකක් දාලා එක ගෙවාගෙන යන ගමන් ගෙදෙට්ට කොන්ත්‍රත්කාරයාගේ නම දැම්මොත් එක අවුල් වගේ පෙන්නේ නැද්ද උබට.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නම දැම්මට කමක් නැ බන් තමන් වියදම් කරලා.. උබේ ගේ හදන්න උබ ලෝන් එකක් දාලා එක ගෙවාගෙන යන ගමන් ගෙදෙට්ට කොන්ත්‍රත්කාරයාගේ නම දැම්මොත් එක අවුල් වගේ පෙන්නේ නැද්ද උබට.

    එතකොට දැන් උඹ දාන්න කියන්නෙ කාගෙ නමද ? උඹේ නමද ?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නම දැම්මට කමක් නැ බන් තමන් වියදම් කරලා.. උබේ ගේ හදන්න උබ ලෝන් එකක් දාලා එක ගෙවාගෙන යන ගමන් ගෙදෙට්ට කොන්ත්‍රත්කාරයාගේ නම දැම්මොත් එක අවුල් වගේ පෙන්නේ නැද්ද උබට.

    උඔ මොන පදනමක ඉදලද කොන්ත්‍රාත්කාරයයි ජනාධිපතියි සම කරන්නේ....රටක ඉදිරි ගමනෙදි ප්‍රධානියාගේ භූමිකාව ඉතාම වැදගත්. ඌ තමයි තීරණය කරන්නේ රටේ ඉදිරි දිශානතිය.... උගෙ හැකියාව මත තමයි ලෝකේ රටවලින් යම් දේවල් ලැබෙන්නේ.... රටේ අභියෝග ජය අරගෙන සංවර්ධනය වෙනුවෙන් ඉදිරියට කරන්න තියෙන දේවල් ගැන තමන්ට අවබෝධයක් නැත්නම් හරිහමන් උපදේශකයෙකුගෙන්වත් උපදෙස් අරන් කරන කටයුතුවල සාර්ථකත්වය රදා පවතින්නේ උගෙ හැකියාව මත. ඉතින් මහින්ද රට වෙනුවෙන් එතෙක් හිටපු උන්වත් දැන් ඉන්න උන්ට කරන්න හිතන්නවත් බැරි වැඩ කොටසක් කරා.... එතනදි ගොඩමක්ම වටේ ඉන්න ඇම්බැට්ටයෝ තමයි ඔය නම් වගේ අරව මේව හදල දාන්නේ.... ලකුණු දාගන්න. වැඩක් කරපු එකා කැපිල පෙනුනට ප්‍රශ්ණයක් නැත.
     
    Aug 16, 2018
    301
    17
    0
    එතකොට දැන් උඹ දාන්න කියන්නෙ කාගෙ නමද ? උඹේ නමද ?
    ණය ගෙවනකන් දාන්න ඕනා චිනගේ නම. මොකට අපි දන්නවනේ අන්තිමට ඕක උන්ගේ බව.. චීන චුන් ගුවන්තොටුපල මත්තල. වොන් චාන් වරාය හම්බන්තොට, ඉෂිතා බල්හා වරාය ත්‍රිකුණාමලය. ඔය තියෙන්නේ නම්.
     
    Aug 16, 2018
    301
    17
    0
    උඔ මොන පදනමක ඉදලද කොන්ත්‍රාත්කාරයයි ජනාධිපතියි සම කරන්නේ....රටක ඉදිරි ගමනෙදි ප්‍රධානියාගේ භූමිකාව ඉතාම වැදගත්. ඌ තමයි තීරණය කරන්නේ රටේ ඉදිරි දිශානතිය.... උගෙ හැකියාව මත තමයි ලෝකේ රටවලින් යම් දේවල් ලැබෙන්නේ.... රටේ අභියෝග ජය අරගෙන සංවර්ධනය වෙනුවෙන් ඉදිරියට කරන්න තියෙන දේවල් ගැන තමන්ට අවබෝධයක් නැත්නම් හරිහමන් උපදේශකයෙකුගෙන්වත් උපදෙස් අරන් කරන කටයුතුවල සාර්ථකත්වය රදා පවතින්නේ උගෙ හැකියාව මත. ඉතින් මහින්ද රට වෙනුවෙන් එතෙක් හිටපු උන්වත් දැන් ඉන්න උන්ට කරන්න හිතන්නවත් බැරි වැඩ කොටසක් කරා.... එතනදි ගොඩමක්ම වටේ ඉන්න ඇම්බැට්ටයෝ තමයි ඔය නම් වගේ අරව මේව හදල දාන්නේ.... ලකුණු දාගන්න. වැඩක් කරපු එකා කැපිල පෙනුනට ප්‍රශ්ණයක් නැත.
    70 ඉදන් දිශානතිය තාම තීරණය කරගන්න බැරි උනාද ඔය ජනාදිපති කියන එකාට..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    70 ඉදන් දිශානතිය තාම තීරණය කරගන්න බැරි උනාද ඔය ජනාදිපති කියන එකාට..

    විධායක බලයත් ආර්ථිකය ලෝකයට විවෘතවීමත් එක්ක 77 න් පස්සේ තමයි ජනාධිපතිගේ භූමිකාවේ වැදගත්කම පේන්නේ.... 77 ඉදල 94 වෙනකම් රට ගිය දිශානතිය ගැන හොයල බලන්න පුලුවන්නේ.... රට තනිකරම කුණු ගද ගහන තුවාලයක් උනේ ප්‍රධානියා ගන්නා තීරණත් එක්ක රට ඇතුලේ ප්‍රශ්ණ ටිකවත් විසදගන්න බැරි කම නිසා.... 94 න් පස්සේ බලයට ආව අම්මණ්ඩිත් රටට වඩා විස්කි පිළිබද අවධානය යොමුකිරීමේ ප්‍රතිපලයක් ලෙසටදෝ ඒත් ඒ තුවාලය තව තවත් ගද ගැසුවා මිස සුව වූයේ නැත. යම් තරමකට හෝ රටට සහනයක් වන දිශානතියකට රට ඇදුනේ මහින්ද නැමති ඒකාධිපතියා බලයට පත්වූ පසුවයි.... මම හිතන්නේ 100% ක් නැති උනත් උපරිමයෙන් නැති උනත් රට යම් දිශානතියකට තල්ලු කරන්න කොන්දක් තිබුනේ ඌට විතරයි.....