ඇහැට නොපෙනෙන සංවර්ධනේ.....

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇහැට නොපෙනෙන සංවර්ධනේ.....

    නාගරික මන්ත්‍රීවරුන්ගේ වැටුප ඉහළ නැංවීමට රෝසිගෙන් යෝජනාවක්

    1534471112-rosi_l.jpg
    කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන්ගේ වැටුප රුපියල් 25,000කින් ඉහළ නැංවීමට මහා සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කළ බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

    ඇය පෙන්වාදෙන්නේ මන්ත්‍රීවරුන්ගේ වැටුප ඉහළ නැංවීම අසාධාරණ නොවන බවයි.

    නාගලගම්වීදිය පොදු වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් රෝසි සේනානායක මහත්මිය මේ බව ප්‍රකාශ කළේය.

    එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ කොළඹ නගර සභාව තුළ කිසි දිනක නොදුටු සංවර්ධනයක් ඇති කර ඇති බවයි.

    Source
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,612
    113
    රෝසිගේ යෝජනාවට පොහොට්ටුවේත් සහය :lol:

    දිල්ශාන් තුෂාර

    කොළඹ මහ නගර සභාවේ මන්ති‍්‍ර වැටුප වැඩි කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාවට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණද සහාය පළ කරනවා. නගරාධිපති රෝසි සේනානායක පැවසුවේ මන්ති‍්‍ර වැටුප ආසන්න වශයෙන් රුපියල් 25,000කින් වැඩි කිරීමට යෝජනාවක් ඉදිරිපත් කළ බවයි.

    කොළඹ නගර සභාවේ මුලූ මන්ති‍්‍රවරුන් ගණන 119ක්. ඒ අනුව යෝජිත වැටුප් වැඩිකිරීම සිදු කළ හොත් ඒ වෙනුවෙන් මාසිකව දැරීමට සිදුවන අතිරේක වැය බර රුපියල් ලක්ෂ 30කට ආසන්නයි.

    - http://nethnews.lk/article/57276
     
    Last edited:

    27.gif

    හික්... හික්... හික්... හික්...
    හාන්දුරුවො හිටගෙන හුජ්ජ කොරනකොට.. ගෝලයො දුව දුව කරනව කියන්නෙ ඕකට තමයි....
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඔව් අර කෝටිගාණක් දීල හදපු කක්කුස්සෙ රෙන්නනම් හොඳට බඩ පිරෙන්න කන්න එපැයි...
    හ්ම්.... හ්ම්... හ්ම්.... කමු කමු එහෙනන්
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ දීමනාව රුපියල් 25,000කින් වැඩිකිරීම සඳහා නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවට ඉදිරිපත් කර ඇති යෝජනාව ලබන 24 වැනිදා පැවැත්වෙන මහා සභා රැස්වීමේදී පරාජය කිරීමට සියලු උත්සාහයන් ගන්නා බව එම නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හේමන්ත වීරකෝන් මහතා පැවසීය.

    මෙම යෝජනාව මහා සභා රැස්වීමේදී සම්මත වුවහොත් පළාත් සභාවට යොමුකර අනුමැතිය ලබාගැනීමට සිදුවන බවත්, එම ක්‍රියාවලිය සිදුවන අතරවාරයේදී යෝජනාව ක්‍රියාත්මක නොකිරීම සඳහා තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    කොළඹ මහ නගර සභාවේ සිටින ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනා මෙම යෝජනාව පරාජය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද ඔහු කීය.

    යම් හෙයකින් මෙම යෝජනාව සම්මත වුවහොත්මන්ත්‍රී දීමනා සඳහා නගර සභාවට එකතුවන මහජන බදු මුදලින් අමතර රුපියල් ලක්ෂ 1,428ක් වැයකිරීමට සිදුවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

    වාර්ෂිකව රුපියල් මිලියන 16,000ක ආදායමක් උපයන කොළඹ මහ නගර සභාවට මහජනතාව වෙනුවෙන් බොහෝ කටයුතු සිදුකිරීමට තිබෙන බවත්,වැසිකිළි කැසිකිළි ප්‍රශ්න,මළ නාළිකා ප්‍රශ්න බොහෝ විසඳීමට තිබෙන බවත් වීරකෝන් මහතා පැවසීය.

    එවැනි වටපිටාවක නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ නිල නිවසේ වැසිකිළි අලුත්වැඩියාව සඳහා රුපියල් ලක්ෂ 57ක් වැය කළ බවත්,ඊට අමතරව මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩිකිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධව ජනතාවගේ විරෝධය පළවී තිබෙන බවත් පැවසූ හේමන්ත වීරකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම යෝජනා පරාජය කිරීමට සැබෑ මහජන නියෝජිතයන් කවුරුන්ද කියා ලබන 24 වැනිදා පැවැත්වෙන මහා සභාවේදී දැක බලාගැනීමට හැකි බවයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් අර කෝටිගාණක් දීල හදපු කක්කුස්සෙ රෙන්නනම් හොඳට බඩ පිරෙන්න කන්න එපැයි...
    හ්ම්.... හ්ම්... හ්ම්.... කමු කමු එහෙනන්

    :P:P
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,757
    113
    හස්තිශෛලපුර

    :lol::lol: