පිටරට කෙල්ලෙක් බදින්න ආසද

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පිටරට කෙල්ලෙක් බදින්න ආසද

    පිටරටකින් ගෑල්ලමයෙක් හොයාගමුද? බිරින්දෑවරු හොයාගන්න හොඳම රටවල් මෙන්න :love::love:





    1. මේල් ඕඩර් බ්‍රයිඩ්ස් – තැපෑලෙන් කෙල්ලෙක් ගෙන්න ගමුද?

    bestcountriestofindabride-01.jpg

    bestcountriestofindabride-01.jpg

    bestcountriestofindabride-01.jpg

    දැං ඔය ලාවට වැඩිහිටියන්ට පමණයි සයිට් එකක්, එහෙම නැත්තං පිචර් එකක් හොරට බාගන්න තියෙන ටොරන්ට් සයිට් එකක් එහෙම විසිට් කළහම උඩින් යටින් පැත්තෙන් මුල්ලෙන් මතු වෙන නානාප්‍රකාර ඇඩ්ස් තියෙනවනේ. ඒවා එකක් දෙකක් හරි මතක නං Mail-Order brides කියන එක අපේ මල්ලිලට අමුත්තක් වෙන්න බෑ. මේ දවස්වල ඔය සීන් එකේ නැගලා යන්නේ රෂියන් නැත්තං යුක්‍රේන් කෙල්ලෝ තමයි. හැබැයි ඉතින් චීස් කෑලි වගේ කෙල්ලෝ දැකලා ඔය තියෙන ඇඩ්ස් එබුවට පස්සෙ තමයි තේරෙන්නේ මේවා පට්ට ස්කෑම් කියලා.
    ඇත්තටම මේ මේල් ඕඩර් බ්‍රයිඩ්ස් කියන්නේ වෙන රටකින් -විශේෂයෙන්ම තමන්ගේ රටට වඩා සමෘද්ධිමත් කියලා හිතන රටකින් හස්බන්ඩෙක් හොයාගන්න කැමතියි කියලා ඔය මැරේජ් ‍ෆික්ස් කරන සයිට් වල ඇඩ්ස් දාන ගැහැණු ළමයින්ට. ලංකාවේත් ඕන තරං කෙල්ලෝ ඔහොම ඇඩ් දානවා, ඇමරිකාවේ නැත්තං යුරෝපේ කොල්ලෙක් නං විතරයි කැමති කියලා. එහෙම ඇඩ්ස් දකින කොට මල පනිනවා නේද චාමර? හැබැයි ඕකේම අනික් පැත්ත තමයි මේල් ඕඩර් හස්බන්ඩ්. මොකද කියන්නේ, කරල බලනවද?
    තව එකක්. මේ දවස්වල ඔය මේල් ඕඩර් බ්‍රයිඩ්ස් වැඩිම ට්‍රෙන්ඩ් එක හැදෙන්නේ නැගෙනහිර යුරෝපේ කෙල්ලොන්ගෙන් සහ රුසියාවේ කෙල්ලොන්ගෙන්. මොකද එහේ කසාද බැඳගන්න තරමට කොල්ලෝ හිඟ කේස් එකක් තියෙනවා. මම දන්න පොරක් ඉන්නවා ඔය විදියේම මේල් ඕඩර් බ්‍රයිඩ් සීන් එකකින් සෙට් වෙලා බැන්දා ලස්සන මොංගෝලියන් ගෑල්ලමයෙක්. ඉතින් අපිටත් එහෙම චාන්ස් එකක් සෙට් වෙන්න බැරි නෑ!




    2. පිලිපීන් ලඳුන් – කරුණාවෙන් උපරිමයි

    bestcountriestofindabride-02.jpg


    bestcountriestofindabride-02.jpg


    bestcountriestofindabride-02.jpg



    පිලිපීන් කෙල්ලෝ ගැන සාමාන්‍යයෙන් බය වෙන්නේ ඔය ඩුබායි වගේ රටකට පුතාලව යවන අම්මලා තමයි. ඒ අය කියන්නේ එහේ ඉන්න පිලිපීන් කෙල්ලෙක්ට සැට් වුනොත් මුගෙ දත් තිස්දෙකම ගලවනවා කියලා තමා. අනික පිලිපීන් කෙල්ලෝ සෑහෙන්න කෙයාරින්ග් අතින් ඉහළයි. ඒ හින්දා ලංකාවේ අපි වගේ කොල්ලෝ පට ගාලා වැටෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඔය දත් ගලෝන කතාවෙ ඇත්ත බොරු කෝක වුනත් පිලිපීන් කෙල්ලන්ගේ දයාව කරුණාව දැක්වීම නං උපරිමයි තමයි. හැබැයි පොඩි ප්‍රස්නෙකට තියෙන්නේ භාෂාව. ඉංග්‍රීසි දැනුම අඩුයි. ඒත් කමක් නෑ, සැලෙන්න එපා මල්ලිලා. කතා කරන එක හස්ත මුද්‍රා වලින් හරි කරගන්න බැරියැ පටන් ගැම්මට.


    3. තායි කෙල්ලෝ – එක්සොටික් නං තායි!
    bestcountriestofindabride-03.jpg

    bestcountriestofindabride-03.jpg

    bestcountriestofindabride-03.jpg

    තායි ගෑල්ලමයි ගැන එක එක නරක කතා පැතිරිලා තිබුණට ගණන් ගන්න එපා. ඇත්තටම අභිසාරිකාවන් හොයාගෙන බැංකොක් යනවා කියන එක හින්දා තායි කෙල්ලෝ කිව්වහම ගොඩක් දෙනා වපරෙට බැලුවට තායි කන්තාවෝ ඒ අයගේ සාම්ප්‍රදායික සංස්කෘතික පසුබිමත් එක්ක තමන්ගේ ස්වාමි පුරුෂයින්ට හරි ගෞරවයකින් සලකනවා. ඒ විතරක් නෙවෙයි, නෝනගේ ගෙවල් පැත්තේ යනවා කියලා සුන්දර තායිලන්තේ ට්‍රිප් එකකට සෙට් වෙන්නත් පුලුවන්!



    4. චීන සුරූපිනියන් – සැමියා බිරිඳගේ දෙවියා වේ

    bestcountriestofindabride-04.jpg


    bestcountriestofindabride-04.jpg


    bestcountriestofindabride-04.jpg



    චීන ගෑණු ළමයින්ගේ ලස්සන දකින ලංකාවේ අය අඩුයි. හැබැයි එහෙම හිතන අයට කියන්න තියෙන්නේ චීනේ හරි හමන් ගෑණු ළමයෙක් දැකලා නෑ කියලා තමයි. හැබැයි චීන ගෑණු ළමයෙක් යාලු කරගන්න එකේ පොඩි පරහක් තියෙනවා. මොකක්ද? චීන ගෑණු ළමයි එහෙම ලේසියෙන් යාලු වෙන්නේ නෑ. චීන දැරිවියක් විවාහයට කෙනෙක් හොයන කොට සෑහෙන්න ‍තෝරනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ට වඩා ටිකක් වයසින් වැඩි කෙනෙක් ‍තෝරගන්නත් කැමැත්තක් දක්වනවා. ඔක්කොටම වඩා නිල් කොළ ඉස්සරහා නැවෙන්නෙත් නෑ. හැබැයි ඔය ඔක්කොම ටෙස්ට් වලින් පාස් වෙලා චීන ගෑණු ළමයෙක් යාළු කරගන්න පුලුවන් නම් ආයෙ කතා කරලා වැඩක් නෑ. සැමියා බිරිඳගේ දෙවියාය කියන එක අපූරුවට ප්‍රායෝගිකව පෙන්නලා දෙයි. (හැබැයි කෙල්ලව ආණ්ඩු මට්‍ටු කරන්න එහෙම හිතනවා නං, කුංෆු ආවේ කොහෙන්ද කියලා ඔලුවෙ තියාගන්න එක හොඳයි!)





    5. සිත් වසඟ කරගන්නා සුන්දරත්වයක් – නැගෙනහිර යුරෝපෙන් මනමාලියක් හොයමුද?

    bestcountriestofindabride-05.jpg


    bestcountriestofindabride-05.jpg
    bestcountriestofindabride-05.jpg



    නැගෙනහිර යුරෝපේ ගොඩක් රටවල සෑහෙන ප්‍රශ්න තිබුණත්, පෝලන්තය වගේ රටක ලඳුන්ගේ සුරූපී බවේ කිසිම අඩුවක් නෑ. ඒ වගේම තමයි දැන උගත් කමත් තියෙනවා. හැබැයි එකක්. පෝලන්තේ වගේ රටකින් ගෑණු ළමයෙක් හොයනකොට කොල්ලා ජෙන්ටාද නැද්ද කියන එක සෑහෙන්න වැදගත් වෙනවා. මහත්මා ගතිය අගය කිරීම සාම්පර්දායිකවම පෝලන්ත කාන්තාවන් ගේන දෙයක්. අනික් එක ඉතින් පොඩ්ඩක් දැන උගත් වෙන්නත් ඕන. මොකද මේ රටවල කාන්තාවෝ ඒ අතින් ඉදිරියෙන් ඉන්නවා. මේ ටික ගොඩ නම් ඉතින් උත්සාහ කරලා බලන එක වරදක් නෑ. තව එකක්, ඔබේ පෝලන්ත පෙම්වතිය යාලුවෝ එක්ක සෙට් වෙන වෙලාවට ඔබත් එතන ඉන්නව නං, ආචාර ශීලී විදිය තමයි ඒ යාලුවන්ටත් කිස් එකක් දෙන එක!

    6. ඇයි එහා පැත්තේ රටේ ඉන්න සුවිනීත ඉන්දියන් ගෑණු ළමයෙක් එපාද?

    bestcountriestofindabride-06.jpg


    bestcountriestofindabride-06.jpg
    bestcountriestofindabride-06.jpg



    ඉන්දියන් ගෑණු ළමයෙක් ගැන අදහසක් ඇති කර ගන්න හින්දි පිචර් එකක් දෙකක් බලන එකම ඇති. හැබැයි පිචර් බලලා හිතන්න එපා ඉන්දියන් කෙල්ලෙක් බස් එකේදි ඇ‍ඟේ හැප්පුනා කියලා ඊලඟ දවසේ ඔබට කැමති වෙයි කියලා. ඒවා තියෙන්නේ බොලිවුඩ් ලෝකේ විතරයි. හැබැයි ඉන්දියන් ගෑණු ළමයෙක්ව ‍තෝරාගන්න එකේ වාසි ගොඩක් තියෙනවා. එකක්, ඉන්දියානු සංස්කෘතිය වගේම ඉන්දියානු ගෑණු ළමයෙකුත් හරිම වර්ණවත්. ඇඳුම් පැළඳුම් විතරක් නෙවෙයි, සමස්තයක් විදියටම වෛවර්ණයි, සුන්දරයි. සාමාන්‍යයෙන් ඉන්දියානු කාන්තාවෝ පති භක්තිය ගැන සෑහෙන ප්‍රසිද්ධියක් ඉසුලුවත් මතක තියාගන්න ඕන කාරණේ තමයි, ඔබත් තවත් එක පුරුෂාධිපත්‍යය ඔලුවේ තියාගෙන ඉන්න ඩයල් එකක් නං ඔබේ චාන්ස් එක බිංදුවයි. මොකද මේ කාන්තාවෝ පරම්පරා ගාණක ඉඳන් පිරිමින්ගේ ආධිපත්‍යයෙන් පීඩනයට ලක් වෙලා ඉන්නේ. අනිත් එක ඉන්දියානු ගෑණු ළමයෙක් දැන උගත්, ස්වාධීනයි, ලෝකය දැකලා තියෙනවා. හිතන්න එපා ගෙයි මුල්ලේ හැදිලා තියෙන්නේ කියලා. ඉතින් මේ ගතිගුණ වලට සෙට් වෙන ගතිගුණ තියෙන පිරිමියෙක්ට නං ඉන්දියාවේ සුන්දර කෙල්ලෙක්ව බිරින්දෑ කරගන්න චාන්ස් එක තියෙනවා! වැඩි දුරකුත් නෑනේ.










    7. ඇත්තටම මෙහෙං හරියන්නෙ නැත්තං එහෙං හරියයිද?

    bestcountriestofindabride-07.jpg




    bestcountriestofindabride-07.jpg


    bestcountriestofindabride-07.jpg



    මේක සෑහෙන්න බීලා කතා කරන්න ඕන ප්‍රශ්නයක් තමයි. ඇත්ත කතාව ඇති සැටියට කියනව නං, අර උඩින්ම කියලා තියෙන මේල් ඕඩර් බ්‍රයිඩ් කතන්දරේ එන්නේ ඒ ඒ රටවල් වල තියෙන සමාජමය, ආර්ථිකමය ගැටළුත් එක්ක. එතකොට ඒ අයට ඕන තමන් ඉන්න පීඩනයට ලක්වුණු සමාජයෙන් මිදිලා වඩා සමෘද්ධිමත්, නිදහස් රටකට යන්න. දැං අහන්න එපා අපේ රටේ කොහෙද හලෝ ඕවා කියලා. මීට වඩා පට්ට අවුල් රටවල් තියෙනවා. කොහොම වුනත් මේකේ තව පැත්තක් තියෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම රටක ස්වදේශිකයොන්ට විදේශිකයෙක් ගැන පොඩි කැමැත්තක් ස්වභාවයෙන්ම ඇති වෙනවනේ. මේකට හේතුව වෙනස් වෙනස් සංස්කෘති වලින් එන එකේ තියෙන ලල් එක. විශේෂයෙන්ම ඔබ මනාව ලෝකය දැකලා තියෙන, පුළුල් ගතිගුණ තියෙන කොල්ලෙක් නං මේ ලල් එක තව වැඩි වෙනවා.
    හැබැයි අපි අනිවා දෙන අවවාදය මතක තියාගන්න. ලෝකේ කොහෙත් කෙල්ලො කෙල්ලොමයි. කෙල්ලෙක්ව යාලු කරගන්න එක්තරා විදියක ගතිගුණ සෙට් එකක් තියෙන ඕන. එහෙම නැතුව හිතන්න එපා තායිලන්තෙ හරි පිලිපීනේ හරි කෙල්ලෙක් එක්ක දවසක් චැට් කරපු ගමන් කෙල්ල ඇවිත් කරේ එල්ලෙයි කියලා.
    එහෙමනං ස්පෑම් ලින්ක් ක්ලික් නොකර, හොර මේල් ඕඩර් බ්‍රයිඩ් සීන් වලට පැටලිලා සල්ලි නාස්ති කරගන්නෙ නැතුව, වෙන රටකින් ඉටිකිරිස් කෙලි පොඩ්ඩක් හොයාගන්න අපෙන් සුභ පැතුම්! :love::love::P



    Credits goes to aniwa . lk



     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තැපෑලෙන් මෙහෙට ගෙන්න ගන්න බැරිවෙයිද?
    එහෙ යන්න කම්මැලියි
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මාත් බැඳල ඉන්නෙ ඉන්දියන් කෙල්ලෙක් (හින්දු) මුලින් මුලින් පොඩි පොඩි අවුල් තිබුනට දැන්නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ලයිෆ් එක යනව.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මාත් බැඳල ඉන්නෙ ඉන්දියන් කෙල්ලෙක් (හින්දු) මුලින් මුලින් පොඩි පොඩි අවුල් තිබුනට දැන්නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ලයිෆ් එක යනව.

    .කොහොමද බන් කරගත්තේ ,
    අපිටත් විස්තර ටිකක් කියපන්කො :P:P
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,800
    35,668
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හරියට කියව ගන්න බැ ඔපිස් එකේ ඉන්නේ බන් පික්ස් තියෙනවනේ

    පිට රට කෙල්ලෙක් සෙට් කරගෙන ඉන්න ය ට්‍රික්ස් ටිකක් කියන්න, කොමද කලේ... කොහෙන්ද සෙට් උනේ... දන්නා විස්තරයක්.....

    එලෝ එලෝ බ්‍රෝ ජය.....
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හරියට කියව ගන්න බැ ඔපිස් එකේ ඉන්නේ බන් පික්ස් තියෙනවනේ

    පිට රට කෙල්ලෙක් සෙට් කරගෙන ඉන්න ය ට්‍රික්ස් ටිකක් කියන්න, කොමද කලේ... කොහෙන්ද සෙට් උනේ... දන්නා විස්තරයක්.....

    එලෝ එලෝ බ්‍රෝ ජය.....

    අනික් ත්‍රෙඩ් එකේ තියනවා බන් ඔය වගේ විස්තර බරසාර විදිහට .පොඩ්ඩක් කැරකිලා බලහන් මචෝ
    ජයවේවා :love: