පාසල් මාන්නය නිසා මියගිය තරුණිය
මේ සිද්දිය තොරාගත්තේ මෙය උණුකැවුම් පුවතක් වන නිසාය .මේ පුවත නවකවධය සම්බන්දයෙන් වුවද මෙහිදී මා අවදානය යොමු කරන්නේ තරුණියගේ මවගේ ප්‍රකාශයක කොටසකටයි .( නවක වධය ගැන මෙම නූලෙන් කතා නොකරන බව සලකන්න )) ඇයට අනුව ගොඩේ පාසල් වල සරසවි සිසුන් විසින් කොළඹ ජනප්‍රිය පාසලකට ගිය තරුණියකට එම පාසල නිසා ගොඩේ සිසුන්ගෙන් නවකවධය විදිමට සිදුවී ඇත.මෙවන් ක්රොධයක් ඇතිවීමට හේතුව වී ඇත්තේ මෙරට තුල තිබෙන පාසල් මාන්නයයි
මෙය කෙතරම් දරුණුද යත් සමාජ බේදීමකට අද මෙය පත්ව ඇත .අතීතයේ සුදු ජාතිකයින්ගේ ආගම සන්ස්කෘතිය වැලදගත් වරප්‍රසාද ලත් පැලැන්තියක් බිහිවූවාක් මෙන් ජනප්රියා පාසල් නිසාද අලුත්ම පැලැන්තියක් බිහිව පවතී . ජනප්‍රිය පාසල් වල ආදිශිෂ්යයන්ට සමාජයෙන් විවිධ වරප්‍රසාද හිමිවීමටත් අන් සිසුන්ට වරප්‍රසාද අහිමිවීමකටත් මෙම පාසල් මාන්නය අද වන විට හේතු වී ඇත . 90 දශකය දක්වාම මෙම දූපතේ මෙම මාන්නය ඉතා තදින් ක්‍රියාත්මක වූ අතර අද දිනයේද මෙය නැතුවා නොවේ . අද මේ මාන්නයේ අලුත්ම වර්ෂන් එක පටන් ගෙන ඇත .එය නම් international school මාන්නයයි.
මෙහි ප්‍රතිපලය නම් ගමේ පාසලට ගිය සිසුන්ට ජනප්‍රිය පාසල් වල ගිය සිසුන් කෙරේ වයිරයක් ජනිත වීමයි . එය ඉතා සදාරණය. මේ මාන්නය හටගත් දිනයෙන් පසු මෙරට ජීවත් වන මිනිසෙකුගේ ජීවිතයේ සෑම අන්ගයකටම පාසල ඉතා තදින් බලපෑවේය.විවාහය රෑකියාව වෘත්තිය සහ තමන්ගේ මරණය දක්වාම තමා ගිය පාසල සමාජවිද්යාත්මකව මෙරට මිනිසාට තදින් බලපාන්නට විය .
ජනප්‍රිය පාසල් මාන්නයට අනුව එවන් පාසල් වලට ගිය අය සුපිරි පුද්ගලයන්ය. අනිත් වුන් ගොඩේ බයියන්ය . ඔවුන් පරම දුර්වලයන්ය .ඔවුන්ට කිසිවක් කරකියාගත නොහැක . ඔවුන් මන්ද බුද්දිකයින් වැනි පිරිසකි . එම නිසා ඔවුන්ට තැනක් නොදිය යුතුය . රෑකියාවකදී වුවද ඇතුලින් ලොකු ලොක්කන්ගේ උදව් ලෑබීමට එවන් සුපිරි පුද්ගලයන්ට හැකිය. මෙවන් විටක කොන් වන්නේ ගොඩේ පාසලකට ගිය මිනිසාය .
මෙය රාජ්‍ය අන්ශයේද පෞද්ගලික අන්ශයේද වියාප්තව තිබුනද ගෝලීයකරණය සහ තොරතුරු තාක්ෂණයෙන් මේ කොදෙව්වාසීන් ලොව දුටු නිසා තරමක් මේ පාසල් මාන්නය අද වන විට අඩුව ඇත .
අදටත් ත්‍රිවිධ හමුදා සහ පොලිසිය වැනි රාජ්‍ය අන්ශවල ඉහල වෘත්තීන්ට ඇතුල් වීමේදී අදාල පුද්ගලයා ජනප්‍රිය පාසලකට ගියාදෑයි බලන බව ප්‍රසිද්ද රහසකි . ඇතැම් අමන පෞද්ගලික සමාගම්ද මේ ගොන් පිලිවෙත තවමත් අනුගමනය කරයි
යමෙකුගේ ශ්‍රෙෂ්ඨත්වය තීරණය වන්නේ අදාල පුද්ගලයාගේ ක්‍රියාව මත බව බණ අසන නාමික බුද්දඝෝෂ බෞද්දයින් සිටින රාජ්‍යයක උපාධිපට්ටම් , වෙනත් අත්දෑකීම් සහ කුසලතා ද නොසලකමින් ජනප්‍රිය පාසලකට ගිය එකා දක්ෂයා කියා සම්මත වීම ඛෙදනීය තත්වයකි .
ලියන්නේ එකම විභාගයනම් පාස්වන්නේ එකම විභාගයනම් ගන්නේ එකම උපාධියනම් ජනප්‍රිය පාසලක සිසුවෙක් ගමේ සිසුවෙකුට වඩා උසස් වන්නේ කෙසේද ?
ගමේ පාසලේ සිසුවාට තම දක්ෂකම නිසා හිමිවිය යුතු තම ඇතැම් වරප්‍රසාද ජනප්‍රිය පාසල් සිසුවා ගිල දමන්නට විය . ඌට අනුව ගමේ සිසුවා අමුම අමු ගොඩේ එකෙකි. මේ බෙදීම නිසා එකෙක් හීනමානයෙක්ද ,තවෙකෙක් අධිමාන්නයෙන්ද පෙලෙන්නට විය .
මේ ජනප්‍රිය පාසල් මාන්නයට තිත තැබීමට දෑන් කාලය උදාවී ඇත. හතර වටේ පොඩි පොඩි පාසල් ඉදි නොකර එක් ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයකට එක් සුපිරි මිශ්‍ර පාසලක් බිහිකර international පාසලක තියන සියලු ම පහසුකම් එම පාසලට ලබා දිය යුතුය . ඉන්පසු 5 වසර ශිශ්යත්වය නම් මහා සාපය අතුගා දැමිය යුතුය . සිසුවා ජීවත්වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසලට පමනක් අයදුම් කල හැකි වන පරිදි නීති සකස් විය යුතු අතර කිසිදු විභාගයකින් වෙනත් පාසල් වලට දරුවා මාරුකිරිමට ඇති ඉඩ නීතියෙන් ඉවත් කල යුතුය . ඉන්පසු සිරිමාවෝ කලාක් මෙන් සියලු international schools තහනම් කල යුතුය .
මේ සියදිවි නසාගත් තරුණිය නිහඩව සමාජයට පවසන්නේ අප දෑන්වත් මේ පාසල් මාන්නයට සමු දිය යුතු බවයි .. ඉතිහාසය හාරා ඇවිස්සීමේදී මේ පාසල් මාන්නයට හේතු වී ඇත්තේ අතීත දේශපාලුවන්ගේ අමන තීරණ බව මැනවින් පසක් වේ.
සoවාදයට විවෘතයි.
සින්හලුන්ගේ පාසල් මාන්නය නිසා මියගිය තරුණිය, සමාජ විද්‍යාත්මක කතිකාවත
...මේ සිද්දිය තොරාගත්තේ මෙය උණුකැවුම් පුවතක් වන නිසාය .මේ පුවත නවකවධය සම්බන්දයෙන් වුවද මෙහිදී මා අවදානය යොමු කරන්නේ තරුණියගේ මවගේ ප්‍රකාශයක කොටසකටයි .( නවක වධය ගැන මෙම නූලෙන් කතා නොකරන බව සලකන්න )) ඇයට අනුව ගොඩේ පාසල් වල සරසවි සිසුන් විසින් කොළඹ ජනප්‍රිය පාසලකට ගිය තරුණියකට එම පාසල නිසා ගොඩේ සිසුන්ගෙන් නවකවධය විදිමට සිදුවී ඇත.මෙවන් ක්රොධයක් ඇතිවීමට හේතුව වී ඇත්තේ මෙරට තුල තිබෙන පාසල් මාන්නයයි
මෙය කෙතරම් දරුණුද යත් සමාජ බේදීමකට අද මෙය පත්ව ඇත .අතීතයේ සුදු ජාතිකයින්ගේ ආගම සන්ස්කෘතිය වැලදගත් වරප්‍රසාද ලත් පැලැන්තියක් බිහිවූවාක් මෙන් ජනප්රියා පාසල් නිසාද අලුත්ම පැලැන්තියක් බිහිව පවතී . ජනප්‍රිය පාසල් වල ආදිශිෂ්යයන්ට සමාජයෙන් විවිධ වරප්‍රසාද හිමිවීමටත් අන් සිසුන්ට වරප්‍රසාද අහිමිවීමකටත් මෙම පාසල් මාන්නය අද වන විට හේතු වී ඇත . 90 දශකය දක්වාම මෙම දූපතේ මෙම මාන්නය ඉතා තදින් ක්‍රියාත්මක වූ අතර අද දිනයේද මෙය නැතුවා නොවේ . අද මේ මාන්නයේ අලුත්ම වර්ෂන් එක පටන් ගෙන ඇත .එය නම් international school මාන්නයයි.
මෙහි ප්‍රතිපලය නම් ගමේ පාසලට ගිය සිසුන්ට ජනප්‍රිය පාසල් වල ගිය සිසුන් කෙරේ වයිරයක් ජනිත වීමයි . එය ඉතා සදාරණය. මේ මාන්නය හටගත් දිනයෙන් පසු මෙරට ජීවත් වන මිනිසෙකුගේ ජීවිතයේ සෑම අන්ගයකටම පාසල ඉතා තදින් බලපෑවේය.විවාහය රෑකියාව වෘත්තිය සහ තමන්ගේ මරණය දක්වාම තමා ගිය පාසල සමාජවිද්යාත්මකව මෙරට මිනිසාට තදින් බලපාන්නට විය .
ජනප්‍රිය පාසල් මාන්නයට අනුව එවන් පාසල් වලට ගිය අය සුපිරි පුද්ගලයන්ය. අනිත් වුන් ගොඩේ බයියන්ය . ඔවුන් පරම දුර්වලයන්ය .ඔවුන්ට කිසිවක් කරකියාගත නොහැක . ඔවුන් මන්ද බුද්දිකයින් වැනි පිරිසකි . එම නිසා ඔවුන්ට තැනක් නොදිය යුතුය . රෑකියාවකදී වුවද ඇතුලින් ලොකු ලොක්කන්ගේ උදව් ලෑබීමට එවන් සුපිරි පුද්ගලයන්ට හැකිය. මෙවන් විටක කොන් වන්නේ ගොඩේ පාසලකට ගිය මිනිසාය .
මෙය රාජ්‍ය අන්ශයේද පෞද්ගලික අන්ශයේද වියාප්තව තිබුනද ගෝලීයකරණය සහ තොරතුරු තාක්ෂණයෙන් මේ කොදෙව්වාසීන් ලොව දුටු නිසා තරමක් මේ පාසල් මාන්නය අද වන විට අඩුව ඇත .
අදටත් ත්‍රිවිධ හමුදා සහ පොලිසිය වැනි රාජ්‍ය අන්ශවල ඉහල වෘත්තීන්ට ඇතුල් වීමේදී අදාල පුද්ගලයා ජනප්‍රිය පාසලකට ගියාදෑයි බලන බව ප්‍රසිද්ද රහසකි . ඇතැම් අමන පෞද්ගලික සමාගම්ද මේ ගොන් පිලිවෙත තවමත් අනුගමනය කරයි
යමෙකුගේ ශ්‍රෙෂ්ඨත්වය තීරණය වන්නේ අදාල පුද්ගලයාගේ ක්‍රියාව මත බව බණ අසන නාමික බුද්දඝෝෂ බෞද්දයින් සිටින රාජ්‍යයක උපාධිපට්ටම් , වෙනත් අත්දෑකීම් සහ කුසලතා ද නොසලකමින් ජනප්‍රිය පාසලකට ගිය එකා දක්ෂයා කියා සම්මත වීම ඛෙදනීය තත්වයකි .
ලියන්නේ එකම විභාගයනම් පාස්වන්නේ එකම විභාගයනම් ගන්නේ එකම උපාධියනම් ජනප්‍රිය පාසලක සිසුවෙක් ගමේ සිසුවෙකුට වඩා උසස් වන්නේ කෙසේද ?
ගමේ පාසලේ සිසුවාට තම දක්ෂකම නිසා හිමිවිය යුතු තම ඇතැම් වරප්‍රසාද ජනප්‍රිය පාසල් සිසුවා ගිල දමන්නට විය . ඌට අනුව ගමේ සිසුවා අමුම අමු ගොඩේ එකෙකි. මේ බෙදීම නිසා එකෙක් හීනමානයෙක්ද ,තවෙකෙක් අධිමාන්නයෙන්ද පෙලෙන්නට විය .
මේ ජනප්‍රිය පාසල් මාන්නයට තිත තැබීමට දෑන් කාලය උදාවී ඇත. හතර වටේ පොඩි පොඩි පාසල් ඉදි නොකර එක් ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයකට එක් සුපිරි මිශ්‍ර පාසලක් බිහිකර international පාසලක තියන සියලු ම පහසුකම් එම පාසලට ලබා දිය යුතුය . ඉන්පසු 5 වසර ශිශ්යත්වය නම් මහා සාපය අතුගා දැමිය යුතුය . සිසුවා ජීවත්වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසලට පමනක් අයදුම් කල හැකි වන පරිදි නීති සකස් විය යුතු අතර කිසිදු විභාගයකින් වෙනත් පාසල් වලට දරුවා මාරුකිරිමට ඇති ඉඩ නීතියෙන් ඉවත් කල යුතුය . ඉන්පසු සිරිමාවෝ කලාක් මෙන් සියලු international schools තහනම් කල යුතුය .
මේ සියදිවි නසාගත් තරුණිය නිහඩව සමාජයට පවසන්නේ අප දෑන්වත් මේ පාසල් මාන්නයට සමු දිය යුතු බවයි .. ඉතිහාසය හාරා ඇවිස්සීමේදී මේ පාසල් මාන්නයට හේතු වී ඇත්තේ අතීත දේශපාලුවන්ගේ අමන තීරණ බව මැනවින් පසක් වේ.
සoවාදයට විවෘතයි.

lux aiya oya???