2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1950 සහ 60 දශක වලදී රේඩියෝ සිලෝන් (ලංකා ගුවන් විදුලි සේවය) දකුණු ආසියානු ගුවන් විදුලි ආධිපත්‍යය දරමින් ඉහළින් වැජඹුනි.



    මිලියන ගණනක් ශ්‍රාවකයෝ එහි වැඩසටහන් වලට සවන් දුන්හ. මෙය රේඩියෝ සිලෝන්හි ස්වර්ණමය යුගය විය.

    කොළඹ ක්‍රමය යටතේ, ඕස්ට්‍රේලියාවෙහි සිට ක්ලිෆර්ඩ් ඩොඩ් නම් කලමණාකරුවෙක් ගෙන්වන ලදී. රේඩියෝ සිලෝන්හි වෙලඳ සේවය ආරම්භ කරන ලද්දේ ඩොඩ් විසිනි - අති සාර්ථක වූ එමඟින් දිවයිනට මිලියන ගණනක ආදායමක් ලැබිණි.

    රේඩියෝ සිලෝන් සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ලෝකයේ බිහිවූ හොඳම නීවේදකයන් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නවුන් පිරිසක් තනන ලදී. ඉන් කිහිප දෙනෙක් වන්නේ ලිවී විජේමාන්න, වර්නන් කොරයා, පර්ල් ඔන්ඩච්චි, ග්රෙලග් රොස්කොව්ස්කි, ටිම් හෝර්ශින්ග්ටන්, ක්ලෝඩ් සෙල්වරත්නම්, ජිමී බරුචා, තේවිස් ගුරුගේ, එ'. ඩබ්ලියු. ධර්මපාල, කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, එච්. එම්. ගුණසේකර, එස්. පී. මයිල්වාගනම්, ඥානම් රත්නම්, නිහාල් භාරතී ලියෝන් බෙලත්, එරික් ප්රචනාන්දු, නිරන්ජන් අබේසුන්දර, මොලී වල්පොල, නී පොන්නම්පලම්, නොයෙලින් හොන්ටර් සහ විජය කොරයා යන පිරිසයි.
     
    • Like
    Reactions: Dodo Mahaththaya