රුපියල_වැටීම_හොඳයි..

shenat

Well-known member
  • May 13, 2007
    58,011
    86,212
    113
    ආශ්චර්යමත් රටක
    රුපියල_වැටීම_හොඳයි..

    රුපියල අවප්‍රමාණය වීම ලංකාවෙ දේශීය කර්මාන්ත නඟා සිටුවීමට මහඟු පිටිවහලක් යැයි ප්‍රවීණ ආර්ථික විද්‍යාඥ.................................................................................................................................................................................................................................................................... "ඉකොනොමැට්ටා" මහතා පවසයි.

    මේක ගැන මොකද කියන්නෙ කට්ටිය? පාට කණ්ණාඩි දාගෙන මට බනින්න එපා. මම ගූ.එන්.පී එකටවත් , ජෙප්පොන්ට වත්, පොල්ලෙල්ලොන්ට වත් කඩේ යන්නෙ නෑ. මම නම් ආර්ථික විද්‍යාව දන්නෙ නෑ. දන්න අය කියන්න බලන්න.ඇත්තටම දීර්ඝකාලීනව හොඳක් නම් වෙන්නෙ ඒක හොඳයිනේ.

    මෙයත් අපේ මිතුරෙකු වත්පොත හරහා අපගේ අවධානය යොමු කර තිබුණු ඔහුගේ සිසුවෙකුගේ අදහසකට අදාළව ලියැවෙන්නක්. මුල් අදහස පළ කළ මගේ මිතුරාගේ සිසුවාගේ මෙය කියවනු ඇතැයි මා සිතනවා. වත්පොත හරහා සංවාද වල යෙදෙන්න දැනට මගේ වැඩි කැමැත්තක් නැහැ.

    ඔහු අහන්නේ සිම්බාබ්වේ මෙන් ලංකාවේ ගෙවීම් පියවීම් සඳහා රුපියල වෙනුවට කෙසේවෙතත් රුපියලට සමාන්තරව හෝ ඩොලරය යොදා ගැනීමෙන් රට ඇතුළට වැඩිපුර විදේශ විණිමය ආකර්ෂණය කරගත හැකිද වැනි අදහසක්. මේ ආකාරයට රටක ජාතික ව්‍යවහාර මුදල වෙනුවට වෙනත් රටක මුදල් ඒකකයක් ආදේශ කරගැනීම හැඳින්වෙන්නේ ඩොලර්කරණය ලෙසයි.

    සිම්බාබ්වේ කැමැත්තෙන් ඩොලර්කරණය කළා නෙමෙයි. විශාල වශයෙන් ණය ගැනීමෙන් පසුව ඔවුන්ගේ මුදල් ඒකකය පිළිබඳ විශ්වාසය තවදුරටත් ගොඩ ගත නොහැකි තරමට බිඳ වැටීමෙන් පසුව එය අත් හැර දමනු හැර ඔවුන්ට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. (මේ කතාව කියන්න මම මේ ලිපියේ ඉඩ වෙන් කරන්නේ නැහැ. උඩ නෝට්ටුව දිහා බැලුවොත් අදහසක් එයි.) ලංකාව එපමණ නරක තැනකට වැටී නැහැ.

    මේ ප්‍රශ්නය ඇසූ තරුණයා වැනි ගොඩක් අය ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය වර්ධනය වීම අත්‍යවශ්‍ය කරුණක් සේ සිතනවා. ඒ වගේම එය සිදු නොවන්නේ ලංකාවේ රජයේ හෝ මිනිසුන්ගේ වැරැද්දක් හෝ අඩුපාඩුවක් නිසා කියලත් හිතනවා. ඒ පදනමින් ඒ වෙනුවෙන් තමන්ට කළ හැකි දේවල් කරන්න උත්සාහ දරනවා වෙන්නත් පුළුවන්.

    විදේශ ව්‍යවහාර මුදල් අරගෙන ලංකාවට පැමිණෙන සංචාරකයින් වැනි අයට ලංකාවේදී තමන්ගේ විදේශ මුදල් රුපියල් කර ගැනීමේ අපහසුතාවයක් ඇතැයි මා හිතන්නේ නැහැ. ලංකාව ඇතුළේදී රුපියල් ඩොලර් කිරීම පහසු නැතත් ඩොලර් රුපියල් කිරීම ඉතාම පහසුයි. ප්‍රත්‍යන්ත නගරයකදී වුවත් බැංකු ශාඛාවකට ගිය ගමන් ඩොලර් මාරු කරගත හැකියි. බැංකු නොවන වෙනත් තැන් වලදීත් මෙය කරගත හැකියි. විදේශිකයින් නිතර පැමිණෙන ඇතැම් තැන් වල දැනට වුවත් මිල ගණන් තිබෙන්නේ ඩොලර් වලිනුයි.

    අනෙක් කරුණ ලංකාවට එන සෑම විදේශිකයෙකුම වාගේ අතේ මේ වන විට වීසා හෝ මාස්ටර්කාඩ් වැනි සන්නාමයක් සහිත ක්‍රෙඩිට් කාඩ්පත් තිබෙනවා. මේ කාඩ්පත් නිකුත් කර තිබෙන්නේ කවර රටක බැංකුවකින් වුවත් ඒවා උපයෝගී කරගෙන රුපියල් වලින් ගෙවීම් කළ හැකියි. ඔවුන් ලංකාවේදී කිසියම් භාණ්ඩයක් මිල දී නොගන්නවානම් එසේ නොකරන්නේ මිල වැඩි නිසා මිසක් අතේ රුපියල් නැති නිසා නෙමෙයි.

    ලංකාවේ භාණ්ඩ විදේශිකයින්ට මිල වැඩි වීමේ සිට ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය බිඳ වැටීම දක්වා ප්‍රශ්න අටෝරාසියකට තිබෙන සරල හා තනි විසඳුම රුපියල සැලකිය යුතු තරමින් අවප්‍රමාණය කිරීමයි.

    ලංකාවේ ආණ්ඩුව මේ දවස් වලත් ඇතැම් පාර්ශ්ව වල විරෝධය මැද්දේ වෙළඳ ගිවිසුම් පස්සේ පන්නනවා. කලින් ආණ්ඩුත් ඔය වැඩේම කළා. මේ හරහා බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ අපනයන බදු රහිතව හෝ බදු සහන යටතේ අදාළ රටවල විකිණීමට අවස්ථාවක් ලබා ගැනීමයි. දැනට කිසියම් රටක් 10%ක ආනයන බද්දක් අය කරනවානම් එය ඉවත් වූ විට අපේ බඩු 10%ක් අඩු මිලකට ඒ රටේදී විකුණන්න පුළුවන්. එවිට ඉල්ලුම වැඩි වී වෙළඳ පරිමාව ඉහළ යනවා.

    හැබැයි බොහෝ විට ඔය වගේ වෙළඳ ගිවිසුම් ද්විපාර්ශ්විකයි. අපට බදු සහනයක් ලැබෙන්නේ අපිත් බදු සහනයක් දුන් විටයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේදී අදාළ රටේ බඩු වල මිල පහළ යන නිසා ඒවාට තිබෙන ඉල්ලුමත් ඉහළ යනවා. ඒ එක්කම අපේ අපනයන පරිමාවත් ඉහළ යනවා. ඒ නිසා, අවසාන වශයෙන් ලංකාවේ වෙළඳ ශේෂ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. අපනයන වැඩි වන ප්‍රමාණයට වඩා ආනයන වැඩි වුනොත් ප්‍රශ්නය තවත් දරුණු වෙන්න වුවත් පුළුවන්.

    ඔය වෙනුවට රුපියල 10%කින් අවප්‍රමාණය වෙන්න ඇරියොත් විදේශ රටවලදී අපේ බඩුවල මිල 10%කින් අඩු වී අර 10% බදු සහනයේ වාසියම ලැබෙනවා. වෙළඳ ගිවිසුමකදී මෙන් එක රටකදී නොව හැම රටකදීම මෙය සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි. වෙළඳ ගිවිසුමකදී අපනයන වල මිල 10%කින් අඩු වෙද්දී ආනයන වල මිලත් 10%කින් අඩු වන නමුත් රුපියල අවප්‍රමාණය කළ විට වෙන්නේ එහි අනිත් පැත්තයි. අපනයන මිල 10%කින් අඩු වන විට ආනයන මිල 10%කින් වැඩි වෙනවා. එවිට අපනයන ඉහළ යන අතරම ආනයන පහළ ගොස් වෙළඳ හිඟය අඩු වෙනවා.

    ගොඩක් අය ලංකාවේ වී වගා කිරීමේ අකාර්යක්ෂමතාවය ගැන කතා කරනවා. මේ අය පෙන්වා දෙන කරුණක් තමයි ලංකාවේ වී ගොවීන්ට වතුර නිකම් දීලා, පෝර අඩුවට දීලා අන්තිමට රජය විසින් වැඩි මිලකට වී මිල දී ගන්නත් අවශ්‍යයි කියන එක. ඒ අය කියන විදිහට හාල් රටින් ගේන එක ලාබයි. මතුපිටින් බැලුවොත් කතාව ඇත්ත. නමුත්, මෙතැනදී අමතක කරන දෙයක් තමයි මේ කතාවේ වලංගු භාවය රඳා පවතින්නේ රුපියලේ අගය මත කියන එක. යම් විදිහකින් ඩොලරය රුපියල් තුන්සීයක් විතර වුනානම් ඔය කතාව ඔය විදිහට කියන්න බැහැ.

    රුපියල ශක්තිමත්ව තබාගන්නා තරමට දේශීය කර්මාන්ත බිඳ වැටෙනවා. වී කර්මාන්තය සහනාධාර වලින් ඔය විදිහට හරි ඇදගෙන ගියත්, නිෂ්පාදන කර්මාන්ත ගොඩක් ආනයන තරඟයට මුහුණ දෙන්න බැරුව දැනටමත් බිඳ වැටිලා ඉවරයි. ඉන්දියාවෙන් නැත්නම් චීනයෙන් ලංකාවේ වෙළඳපොළට එන ගොඩක් පොඩි පොඩි දේවල් ලංකාවේ හදන්න බැරි දේවල් නෙමෙයි. ඒවා ලංකාවේ නොහැදෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ වැරැද්දකිනුත් නෙමෙයි. එහෙම හදලා ලාබ ගන්න බැරි නිසයි. ඉන්දියාවෙන් හෝ චීනයෙන් ආනයනය කරන එක ඊට වඩා ලාබ නිසයි. ඩොලරයේ මිල රුපියල් තුන්සීයක් විතර වුනානම් රජයේ පෙළඹවීමක් නැතිවම ඔය පොඩි පොඩි දේවල් ගොඩක් ලංකාවේ නිෂ්පාදනය වෙයි.

    ඇතැම් අය පෙන්වා දෙන දෙයක් තමයි ඩොලරය රුපියලකින් බාල්දු වූ විට ලංකාවේ ණය බර රුපියල් බිලියන තිස් ගාණකින් ඉහළ යන බව. ඩොලරය රුපියලකින් බාල්දු වූ විට රුපියල් බිලියන තිස් ගාණකින් නෙමෙයි පනස් ගාණකින්ම ලංකාවේ විදේශ ණය ඉහළ යනවා. නමුත්, ඔය විදේශ ණය ආපසු ගෙවිය යුත්තේ ඩොලර් වලින් මිසක් රුපියල් වලින් නෙමෙයි. රුපියල අවප්‍රමාණය වෙන්න ඇරීමෙන් වෙන්නේ ඒ විදිහට ණය ආපසු ගෙවීම සඳහා ඩොලරයක් හෝ එකතු වීමයි. එසේ නොකිරීමෙන් වෙන්නේ ඩොලර් හිඟය තවත් උග්‍ර වීමයි.

    ඩොලරය රුපියලකින් බාල්දු වන විට රටේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යන බව මේ විදිහට පෙන්වා දෙන තවත් කරුණක්. ඇත්ත. ආනයනික භාණ්ඩ වල හා ආනයනික භාණ්ඩ යොදා නිෂ්පාදනය කරන භාණ්ඩ වල දේශීය මිල ඉහළ යනවා තමයි. නමුත් දේශීය නිෂ්පාදන වල මිල ඉහළ යන්නේ නැහැ. ඒ නිසා දේශීය නිෂ්පාදන වලට තිබෙන ඉල්ලුම ඉහළ යනවා. රටේ දේශීය කර්මාන්ත දියුණු වෙලා, අපනයන ඉහළ ගිහින් ආනයන සීමා වෙන්නනම් වෙන්න ඕනෑත් ඕකම තමයි.

    අපි ලිපිය පටන්ගත් ඩොලර්කරණයට නැවත ආවොත්, ඩොලර්කරණය කියන්නේ කොහෙත්ම හොඳ දෙයක් නෙමෙයි. රුපියල් වේවා ඩොලර් වේවා සල්ලි අච්චු ගැහීම ආණ්ඩු වලට විශාල ලාබයක් ලබා දෙන වැඩක්. රුපියල් නෝට්ටු වගේම ඩොලර් නෝට්ටු කියන්නෙත් නිකම්ම කඩදාසි කොළ. ඩොලර් සීයක නෝට්ටුවක් මුද්‍රණය කරන්න වැය වෙන්නේ ඩොලර් ශත 13ක් පමණයි. ඉතිරි ඩොලර් 99.87ම ඇමරිකාවේ රජයට (මහ බැංකුවට) ලාබ.

    මේ ආකාරයේ මුදල් නෝට්ටු (ෆියට් මුදල්) සංසරණයට එකතු කරන කොයි රජයත් එමඟින් විශාල ලාබයක් ලබනවා. ලංකාවේ සංසරණයට රුපියල් දාහක් හෝ පන්දාහක් එකතු වන හැම විටම එයින් රුපියල් කිහිපයක් හැර ඉතිරි මුළු මුදලම ශ්‍රී ලංකා මහ බැංකුවේ ලාබයක් වෙනවා. පසුව බොහෝ විට ලංකාවේ රජයේ ලාබයක් වෙනවා. අපි නිකමට කියමු රුපියල් 5000කින් රුපියල් 4990ක් කියා. ලංකාවේ රජයේ කාර්යක්ෂමතාවය පිළිබඳ මොන තරම් ප්‍රශ්න තිබුණත් ඔය මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් නැවත රට ඇතුළේ මොනවා හෝ ප්‍රයෝජනවත් වැඩක් වෙනුවෙන් යෙදවෙනවා. රුපියල් වෙනුවට ඩොලර් භාවිතා කරනවා කියන්නේ ඔය ලාබය ගෙඩි පිටින්ම ඇමරිකාවට පටවනවා කියන එකයි.

    ඉහතින් ලිවුවේ ඩොලර්කරණයේ තිබෙන එකම ප්‍රශ්නය නෙමෙයි. ඩොලර්කරණය වූ රටකට ස්වාධීන මුදල් ප්‍රතිපත්තියක් පවත්වා ගන්න බැහැ. එවිට ඒ වගේ රටක ආර්ථිකය පාලනය වෙන්නේ ඇමරිකාවේ ආර්ථිකය අනුවයි. ඒ නිසා, ඇතැම් තත්ත්ව යටතේ ඩොලර්කරණය කරන්න සිදු වීම වැළැක්විය නොහැකි දෙයක් වුවත් එය කිසිසේත්ම හොඳ තත්ත්වයක් නෙමෙයි.

    උපුටා ගත්තෙ මෙතනින්.

    https....://......economatta.....blogspot.com/2018/09/blog-post_17.html
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හොද දැම්ම තෙරෙන්නෙ නැ තව ටික කාලයක් යන්න ඔන,
    ලන්කාවෙ දෙවල් නිශ්පාදනය කරනවා නම් අවුලක් නැ
     
    • Like
    Reactions: shenat

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,996
    8,242
    113
    Chilaw
    "ඇතැම් අය පෙන්වා දෙන දෙයක් තමයි ඩොලරය රුපියලකින් බාල්දු වූ විට ලංකාවේ ණය බර රුපියල් බිලියන තිස් ගාණකින් ඉහළ යන බව. ඩොලරය රුපියලකින් බාල්දු වූ විට රුපියල් බිලියන තිස් ගාණකින් නෙමෙයි පනස් ගාණකින්ම ලංකාවේ විදේශ ණය ඉහළ යනවා. නමුත්, ඔය විදේශ ණය ආපසු ගෙවිය යුත්තේ ඩොලර් වලින් මිසක් රුපියල් වලින් නෙමෙයි. රුපියල අවප්‍රමාණය වෙන්න ඇරීමෙන් වෙන්නේ ඒ විදිහට ණය ආපසු ගෙවීම සඳහා ඩොලරයක් හෝ එකතු වීමයි. එසේ නොකිරීමෙන් වෙන්නේ ඩොලර් හිඟය තවත් උග්‍ර වීමයි."

    me kathawa hari, lankawe $ tiyenawanam ewa gewanna athiwenna :sorry: eth ko owa gewanna lankawe $. ewa ganna wenneth rupiyal deela $ aran tamai :confused:
     
    Last edited:
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,011
    86,212
    113
    ආශ්චර්යමත් රටක
    "ඇතැම් අය පෙන්වා දෙන දෙයක් තමයි ඩොලරය රුපියලකින් බාල්දු වූ විට ලංකාවේ ණය බර රුපියල් බිලියන තිස් ගාණකින් ඉහළ යන බව. ඩොලරය රුපියලකින් බාල්දු වූ විට රුපියල් බිලියන තිස් ගාණකින් නෙමෙයි පනස් ගාණකින්ම ලංකාවේ විදේශ ණය ඉහළ යනවා. නමුත්, ඔය විදේශ ණය ආපසු ගෙවිය යුත්තේ ඩොලර් වලින් මිසක් රුපියල් වලින් නෙමෙයි. රුපියල අවප්‍රමාණය වෙන්න ඇරීමෙන් වෙන්නේ ඒ විදිහට ණය ආපසු ගෙවීම සඳහා ඩොලරයක් හෝ එකතු වීමයි. එසේ නොකිරීමෙන් වෙන්නේ ඩොලර් හිඟය තවත් උග්‍ර වීමයි."

    me kathawa hari, lankawe $ tiyenawanam ewa gewanna athiwenna :sorry: eth ko owa gewanna lankawe $. ewa ganna wenneth rupiyal deela tamai :confused:

    ow neda. ehenam karanna ona apanayana wadi karana eka.. ekko bhanda nattan sewa. sewa wadi karana eka tamai hodama kiyala penne.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,996
    8,242
    113
    Chilaw
    ow neda. ehenam karanna ona apanayana wadi karana eka.. ekko bhanda nattan sewa. sewa wadi karana eka tamai hodama kiyala penne.

    mun meka mona widiyata hoda athata harewwath bn awasane wenne apita kelawena eka withrai :sorry: kohoma kalath apita awasi peththa wedi. aniwarenma monawama hari production patan ganna oni. neththam api iwarai :P
     
    • Like
    Reactions: shenat

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ow neda. ehenam karanna ona apanayana wadi karana eka.. ekko bhanda nattan sewa. sewa wadi karana eka tamai hodama kiyala penne.

    සෙවා වැඩි කරන එක තමයි හැම ආන්ඩුවකින්ම කරෙ ඩොලර් එකට කෙල වෙන්නෙත් ඔය සෙවා වලින් රටට සල්ලි එන ක්‍රම ඔන සෙවා වලින් වෙන්නෙ රටෙ සල්ලි වෙන රටවලට යන එක, රටින් එන බඩු විකුනලා අයිස් ගාහානවා අන්ඩුවෙ ජොබ් කොහොමත් අයිස් ඔය දෙකෙන්ම රටට සල්ලි එන්නෙ නැත :sorry:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    images
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,109
    958
    113
    V
    සෙවා වැඩි කරන එක තමයි හැම ආන්ඩුවකින්ම කරෙ ඩොලර් එකට කෙල වෙන්නෙත් ඔය සෙවා වලින් රටට සල්ලි එන ක්‍රම ඔන සෙවා වලින් වෙන්නෙ රටෙ සල්ලි වෙන රටවලට යන එක, රටින් එන බඩු විකුනලා අයිස් ගාහානවා අන්ඩුවෙ ජොබ් කොහොමත් අයිස් ඔය දෙකෙන්ම රටට සල්ලි එන්නෙ නැත :sorry:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    ගොබ්බ යක්කු යකෝ මෙහෙ හදන පොඩි දේවල් වලටත් අමුද්‍රව්‍ය ගෙන්නන්නේ පිටිං.
    ඒව ගන්නෙ රුපියල් වලින් වෙන්න ඇති? :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,011
    86,212
    113
    ආශ්චර්යමත් රටක
    mun meka mona widiyata hoda athata harewwath bn awasane wenne apita kelawena eka withrai :sorry: kohoma kalath apita awasi peththa wedi. aniwarenma monawama hari production patan ganna oni. neththam api iwarai :P

    production kiwwata apita agriculture products nam rata yawanna hambawenne na kapeta. ehema onath na mama nam hitanne. rata atulata ona tika witarak rate hadenawa nam athi. eka karanna puluwan ne. kama walata ma kochchara salli pitata yanawada. aniwa tax gahala hari oya kiripiti,panpiti gennana eka nathara karawanna ona.

    සෙවා වැඩි කරන එක තමයි හැම ආන්ඩුවකින්ම කරෙ ඩොලර් එකට කෙල වෙන්නෙත් ඔය සෙවා වලින් රටට සල්ලි එන ක්‍රම ඔන සෙවා වලින් වෙන්නෙ රටෙ සල්ලි වෙන රටවලට යන එක, රටින් එන බඩු විකුනලා අයිස් ගාහානවා අන්ඩුවෙ ජොබ් කොහොමත් අයිස් ඔය දෙකෙන්ම රටට සල්ලි එන්නෙ නැත :sorry:

    hari nam performance balala wadak nathi unwa ayin karanna ona anduwe job walinuth. eka kerenne na. pandamkarayo ringagena inne hama tanatama.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    කාලෙන් කාලෙට එන ඔය වගේ මෝඩ ... නිසා රටට කෙල වෙලා තියෙන්නේ ,
    උ දන්නේ නැද්ද අපි රිපියල් දීල $ ගන්ට ඕනි කියලා ,
    130 $1 ගන්නකොටයි
    170 $1 ගනකොටයි මොකක්ද ලාබය ,

    ex,
    $1 200 විතර උනාම $1 තියන පැන්සල් ගාන්නේ නැ ,
    එතොට දේශීය වසයෙන් පැන්සල් හදනවා ,
    ඒතකොට දේශීය කර්මාන්ත දියුණු වෙනවා ,එත් ඒ මෝඩයන්ට තේරෙන් නැ දේශීය කර්මාන්ත දියුණුව කියන්නේ මොකක්ද කියලා ,
    හරිනම් වෙන්ට ඕනි දේශීය දේවල් හදලා ඒවා export කරලා $ ගන්න එක එතකොට තාම දේශීය කර්මාන්ත දියුණු වෙනවා කියන්නේ ,

    අපේ මෝඩයෝ කිසි දෙයක් හිතන් නැ ,මොකෝ හරි කිවොත් එක හරි කියලා හිතනවා
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,011
    86,212
    113
    ආශ්චර්යමත් රටක
    ගොබ්බ යක්කු යකෝ මෙහෙ හදන පොඩි දේවල් වලටත් අමුද්‍රව්‍ය ගෙන්නන්නේ පිටිං.
    ඒව ගන්නෙ රුපියල් වලින් වෙන්න ඇති? :P

    ehema nishpadana walin wedak na. okkoma lankawe hadanna puluwan ewa me kiyanne.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,600
    2,402
    113
    නිධානයක් උඩ
    කාලෙන් කාලෙට එන ඔය වගේ මෝඩ ... නිසා රටට කෙල වෙලා තියෙන්නේ ,
    උ දන්නේ නැද්ද අපි රිපියල් දීල $ ගන්ට ඕනි කියලා ,
    130 $1 ගන්නකොටයි
    170 $1 ගනකොටයි මොකක්ද ලාබය ,

    ex,
    $1 200 විතර උනාම $1 තියන පැන්සල් ගාන්නේ නැ ,
    එතොට දේශීය වසයෙන් පැන්සල් හදනවා ,
    ඒතකොට දේශීය කර්මාන්ත දියුණු වෙනවා ,එත් ඒ මෝඩයන්ට තේරෙන් නැ දේශීය කර්මාන්ත දියුණුව කියන්නේ මොකක්ද කියලා ,
    හරිනම් වෙන්ට ඕනි දේශීය දේවල් හදලා ඒවා export කරලා $ ගන්න එක එතකොට තාම දේශීය කර්මාන්ත දියුණු වෙනවා කියන්නේ ,

    අපේ මෝඩයෝ කිසි දෙයක් හිතන් නැ ,මොකෝ හරි කිවොත් එක හරි කියලා හිතනවා

    මෙහෙම හිතපන්,

    රට පැන්සලක මිල = $1.00
    ලංකා පැන්සලක මිල = Rs 150.00

    දැන් $1.00=Rs 130.00 නම් රට පැන්සල ලාබයි. අපනයනයය කලොත් ලංකා පැන්සලක් $1.15 වෙනවා. එතකොට අපනයන කරලා තරගයක් දෙන්න බැරිවෙනවා.

    දැන් $1.00=Rs 150.00 නම් දෙකම එකයි.. අපනයන කලොත් ලංකා පැන්සලක් $1.0 වෙනවා. එතකොට අපනයන කරලා තරගයක් දෙන්න පුළුවන් වුනත් ලොකු වාසියක් නැහැ. හැබැයි ලෝකල් මාර්කට් අල්ලන්න පුළුවන්.

    දැන් $1.00=Rs 200.00 නම් රට පැන්සල පාඩුයි. අපනයන කලොත් ලංකා පැන්සලක් $0.75 වෙනවා. එතකොට අපනයන කරලා තරගයක් දෙන්න පුළුවන්. ඉන්දියන්, චීන පැන්සල් අතරේ ලංකා පැන්සලටත් මාර්කට් එකක් හැදෙනවා. ඉතිං පැන්සල් අපනයනය කරලා ඩොලර් හොයන්න පුළුවන්.
     
    • Like
    Reactions: shenat

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ගත යුත්තක් තියෙනව මේකේ :yes:
     
    • Like
    Reactions: shenat

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සෙවා වැඩි කරන එක තමයි හැම ආන්ඩුවකින්ම කරෙ ඩොලර් එකට කෙල වෙන්නෙත් ඔය සෙවා වලින් රටට සල්ලි එන ක්‍රම ඔන සෙවා වලින් වෙන්නෙ රටෙ සල්ලි වෙන රටවලට යන එක, රටින් එන බඩු විකුනලා අයිස් ගාහානවා අන්ඩුවෙ ජොබ් කොහොමත් අයිස් ඔය දෙකෙන්ම රටට සල්ලි එන්නෙ නැත :sorry:
    IT එහෙමත් සේවා යටතට නෙ වැටෙන්නේ උන් කොච්චර ඩොලර් හොයනවද
     
    • Like
    Reactions: shenat

    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    මෙහෙම හිතපන්,

    රට පැන්සලක මිල = $1.00
    ලංකා පැන්සලක මිල = Rs 150.00

    දැන් $1.00=Rs 130.00 නම් රට පැන්සල ලාබයි. අපනයනයය කලොත් ලංකා පැන්සලක් $1.15 වෙනවා. එතකොට අපනයන කරලා තරගයක් දෙන්න බැරිවෙනවා.

    දැන් $1.00=Rs 150.00 නම් දෙකම එකයි.. අපනයන කලොත් ලංකා පැන්සලක් $1.0 වෙනවා. එතකොට අපනයන කරලා තරගයක් දෙන්න පුළුවන් වුනත් ලොකු වාසියක් නැහැ. හැබැයි ලෝකල් මාර්කට් අල්ලන්න පුළුවන්.

    දැන් $1.00=Rs 200.00 නම් රට පැන්සල පාඩුයි. අපනයන කලොත් ලංකා පැන්සලක් $0.75 වෙනවා. එතකොට අපනයන කරලා තරගයක් දෙන්න පුළුවන්. ඉන්දියන්, චීන පැන්සල් අතරේ ලංකා පැන්සලටත් මාර්කට් එකක් හැදෙනවා. ඉතිං පැන්සල් අපනයනය කරලා ඩොලර් හොයන්න පුළුවන්.

    yako currency eke digits nemai yako balanne watinaa kama...:lol::lol::lol: