ඩොලරය වාර්තාගත ලෙස අදත් ඉහළට. විකුණුම් මිල රු. 168 ඉක්මවයි
එක්සත් ජනපද ඩොලරයක් සඳහා ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ නියම වූ ඉහළම රුපියල් අගය අද (20) දිනයේ දී වාර්තා විය.
මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 165.0887 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 168.6341 ක් ලෙසින් සටහන් විය.
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 168 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකේ. එසේම ඩොලරයේ ගැනුම් මිල රුපියල් 165 සීමාව ඉක්මවා ගියේද ඉතිහාසයේ පළමු වතාවට අද දිනයේ දීය.
Adaderana
