කාටහරි ඇප දෙන්න යන්න කලින්
කාටහරි ඇප දෙන්න යන්න කලින් මේ දේවල් දැනගෙන ඉන්න ..!
ශ්‍රී ලංකාවේ අධිකරණවල දිනපතා එක්රැස් වන විශාල පිරිසකගෙන් බහුතරයක් දැනටමත් ඇප තැබූ හෝ ඇප තැබිමට පැමිණෙන තවත් නවක පුද්ගලයන් වේ. මෙසේ ඇප තැබිමට එන බොහෝ පිරිසක් ඇපයක් යනු කුමක්දැයි හරිහැටි හඳුනන්නේ පැමිණෙන බොහෝ ඇපකරුවන් අධිකරණයන්හි ප්‍රකාශ කරන දෙයින් පෙනෙන්නට ඇත. සමහර ඇපකරුවන් තමා කුමක් සඳහා අත්සන් කළේදැයි දන්නේද නැත. අප රටේ අධිකරණ තුළ ඇපකරුවන් යනු යම් පුද්ගලයකු අදාළ නඩු දිනයට පැමිණවීමට භාරගන්නා අයකු යැයි කීවොත් වඩාත් නිවැරදිය. මෙම ඇපකරුවන්ගේ ප්‍රමාණය, තබන ඇපයෙහි වටිනාකම, එක් එක් නඩුවට එම නඩුවල ස්වභාවය අනුව වෙනස් වේ.
ඇප සම්බන්ධ සලකා බැලීමේදී ප්‍රධාන ලෙසම ඇප වර්ග මොනවාදැයි හඳුනාගත යුතුය. ලංකාවේ උසාවි තුළ ඇප වර්ග කීපයක් භාවිත වේ. ඒ අතරට පුද්ගලික ඇප, පහළ අධිකරණයන්හි පුද්ගලික ඇප තැබිම බහුලව දැකිය හැකිය. යම් සුළු වැරදි සඳහා බොහෝ විට මහෙස්ත්‍රාත් අධිකරණයන්හි පුද්ගලික ඇප මත පුද්ගලයන් නිදහස් කරනු ලබයි. එහිදී යම් පුද්ගලයකු අධිකරණයේදී පෙනී සිටි විට එම පුද්ගලයා ඊළඟ දිනයේදී අධිකරණය වෙත පෙනී සිටින බවට ඇපයක් තමා විසින්ම අත්සන් තැබිමයි. එහිදී යම් මුදල් ප්‍රමාණයක් සඳහා ඇපයක් අත්සන් කරන ලෙස අධිකරණය නියෝග කරයි. ඒ අනුව එම ඇප කොන්දේසි කඩකොට අදාළ පුද්ගලයා අධිකරණය මගහැර සිටියහොත් අදාළ ඇපයෙහි සඳහන් මුදල අධිකරණය වෙත ගෙවිය යුතුය.
මුදල් ඇපයද ලංකාවේ අධිකරණ තුළ බහුලව භාවිත වන තවත් ඇප වර්ගයකි. එහිදී යම් පුද්ගලයකු අධිකරණය වෙත පැමිණෙන බවට සහතික කරමින් එම පුද්ගලයා වෙනුවෙන් මුදල් ඇපය අධිකරණයේ තැන්පත් කිරීමයි. එහිදී අධිකරණය විසින් නියම කරනු ලබන මුදල් ප්‍රමාණයක් අධිකරණයේ තැන්පත් කළ පසු එම පුද්ගලයා අධිකරණය මගින් මුදාහැරෙයි.
එහිදී එම පුද්ගලයා අධිකරණය වෙත පැමිණීම මගහැරිය හොත් එම මුදල රාජසන්තක කිරීමට අධිකරණය වෙත හැකියාවක් ඇත. අදාළ නඩුව අවසන් වූ පසු මෙම මුදල නැවත ලබාගත හැක. ශරීර ඇපද අප අධිකරණ පද්ධතිය තුළ ඇති තවත් ඇප වර්ගයකි. එහිදී යම් පුද්ගලයකු අධිකරණය වෙත පැමිණෙන බවට සහතික කරමින් එම පුද්ගලයා වෙනුවෙන් ඇප තැබිම සිදුවේ. එහිදී එම ඇප තබන පුද්ගලයන්ගේ හැඳුනුම්පත්, රියැදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය සහ එහි ඡායා පිටපතක්ද, අදාළ පදිංචි ප්‍රදේශයෙහි ග්‍රාම නිලධාරිවරයාගේ සහතිකද එක් එක් ඇපකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කිරීම වඩාත් පහසුය. එහිදී මෙම ඇපකරුවන් වෙනුවෙන් මුදල් ප්‍රමාණයක් නියමකොට එම මුදල සඳහා අත්සන් තබන ලෙස දන්වයි. ඒ අනුව නඩුවට අදාළ පුද්ගලයා ඊළඟ දිනයේදී අධිකරණය වෙත නොපැමිණියහොත් එම පුද්ගලයා අධිකරණය වෙත යොමු කිරීමේ වගකීම එම ශරීර ඇපකරුවන් භාරගත යුතුය. එසේ ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමෙන් තමන් පොරොන්දු වූ ඇප මුදල් ප්‍රමාණය අධිකරණය වෙත ගෙවීමටත් එසේ ගෙවීමට අපොහොසත් වුවහොත් සිරදඬුවම් විඳීමටත් සිදුවේ.
සහතික ඇපයක් හෝ දේපොළ ඇපයක් යනුවෙන් තවත් ඇප වර්ගයක් අප අධිකරණ තුළදී භාවිත වේ. එහිදී යම් පුද්ගලයකු අධිකරණය වෙත පැමිණෙන බවට සහතික කරමින් මුදල් හෝ දේපොළක් අධිකරණය භාරයට ගැනීම සිදුකරනු ලබයි. යම් දේපොළක ඔප්පුවක් හෝ වාහනයක ලියාපදිංචි සහතිකයක් මේ අනුව අධිකරණය මගින් ඇපයට තබාගනු ලැබේ. අධිකරණය නැවත නිදහස් කරනතුරු එම දේපොළ විකිණීම, පැවරීම, උකස් කිරීම, අධිකරණය මගින් තහනම් කරනු ලැබිය හැක. අදාළ නඩුව අවසානයේ මෙලෙස ඇපයට තබාගත් දේපොළ අධිකරණය මගින් නිදහස් කරනු ලබයි. නමුත් යම් අවස්ථාවකදී එම ඇප කොන්දේසි කඩ වුවහොත් අදාළ දේපොළ රාජසන්තක කිරීමේ බලයද අධිකරණය වෙත ඇත.
අධිකරණයෙන් ලබාගන්නා ඇපයන්ට අමතරව අප විසින් එදිනෙදා අසා ඇති තවත් ඇප වර්ගයක් ලෙස පොලිස් ඇප හඳුන්වා දිය හැක. එහිදී සුළු පහරදීම්, බැණවැදීම්, අසල්වැසි ආරවුල්, 66 වගන්තිය යටතේ එන ඉඩම් සම්බන්ධ සුළු ආරවුල් තත්ත්වයන් සම්බන්ධවද බිමත්ව රිය පැදවීම, බිමතින් අශෝභන ලෙස හැසිරීම වැනි කාරණා සම්බන්ධවද පොලිස් ස්ථානයේදීම ඇප තැබිමක් කළ හැක. මෙහිදී අදාළ වැරදි කරනු ලැබූ පුද්ගලයා වෙනුවෙන් වෙනත් පුද්ගලයකු හෝ එම පුද්ගලයාම විසින් ඇප තැබිමක් සිදු කරනු ලැබිය හැක. මෙහිදී ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගයකදී හෝ අවශ්‍ය වූ විටදී විමර්ශන කටයුතු සඳහා පොලිසිය වෙත ඉදිරිපත් වන බවට ඇපවීම හෝ පොරොන්දු වීම මෙහිදී බලාපෙරොත්තු වේ. මෙවැනි ඇප අදාළ පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති වෙත කරනු ලබන ඉල්ලීමක් මගින් ලබාගත හැක.
ශ්‍රී ලංකාවේ ඇප ලබාදීමේ නීතිය දෙස බැලීමේදී 1997 අංක 30 දරන ඇප පනත පිළිබඳව කතා කළ යුතුම වේ. මෙම ඇප පනතට ප්‍රථමයෙන් ඇප ලබාදීම සිදු කෙරුණේ 1979 අංක 16 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ තිබූ නීති ප්‍රතිපාදන මගිනි. ඇප ලබාදීමේදී ඇප ලබාදීම නීතිය වියයුතු බවටත්, ඇප ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේකයක් ලෙස භාවිත කළ යුතු බවටත් ඇප පනතෙහි 2 වැනි වගන්තියේ දක්වා ඇත. ඒ අනුව ඇප ලබාගැනීම සඳහා ඕනෑම සැකකරුවකු හට මෙම නීතියට අනුව අවස්ථාව ලබාදී ඇත.
ඇප සම්බන්ධව කතා කිරීමේදී අප දැනගත යුතු තවත් කාරණයක් වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ද ඇප පනතේ අරමුණු සෘජුව සහතික කොට ඇති බවයි. එහිදී 13 (2) ව්‍යවස්ථාවට අනුව කිසිදු පුද්ගලයකු නීතියේ සඳහන් කර ඇති ආකාරයෙන් බැහැරව අයුතු ලෙස සිරකර තැබිම හෝ පුද්ගලික නිදහස සීමාකර තැබිම කළ නොහැකිය. මෙම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි සෑම පුද්ගලයකු හටම නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය හිමිවේ. එනම් යම් පුද්ගලයකු වැරදිකරු යැයි යම් අධිකරණයක නඩු විභාගයකින් පසුව තීරණය කරනු ලබන තෙක් එම පුද්ගලයා නිදොස් පුද්ගලයකු ලෙස සැලකිය යුතුය. මෙම කරුණු සමග ඇප පනතෙහි අරමුණද ඉතා පැහැදිලිව ගළපාගත හැක. ඒ අනුව යම් පුද්ගලයකු වරදකරුවකු වීමට ප්‍රථමයෙන් සිරකර තැබිමට නීතිය මගින් බලාපොරොත්තු නොවේ.
නමුත් මෙම ඇප පනත අදාළ නොවෙන අවස්ථා සම්බන්ධවද අප විසින් දැන සිටිය යුතුය. ඇප පනතෙහි 3 (1) වගන්තිය යටතේ පහත වැරදි සඳහා ඇප පනත භාවිත කළ නොහැක. එනම්,
1. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වූ වැරදි – 1979 අංක 48
2. මහජන ආරක්ෂාව පිළිබඳව ඇති පනත් සහ රෙගුලාසි යටතේ වන වැරදි
මහජන ආරක්ෂාව පිළිබඳ වැරදි යටතට ගිනි අවි ආපදා පනත, තුවක්කු ආඥා පනත, විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ පනත, රේගු ආඥා පනත, අල්ලස් හෝ දූෂණ ආඥා පනත, පුරාවිද්‍යා පනත සහ ආගමන සහ විගමන පනත යටතේ වූ වැරදි දැක්විය හැක. ඉතා සරලව ඉදිරිපත් කරන්නේ නම් මහජනතාවගේ ාරක්ෂාවට බලපාන සියලුම වැරදි සඳහා ඇප පනත භාවිත කළ නොහැකි බව දැක්විය හැක.නීතිය මගින් ඉහත කරුණු දක්වනු ලැබූවද තිලංග සුමතිපාල එදිරිව නීතිපති ඊ171රැ2004 නඩුවේදී අභියාචනාධිකරණයෙහි තීරණය වූයේ සියලු නීතින් අභිබවා රටෙහි ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති පුද්ගල නිදහස පවතින බවයි. මේ අනුව ඇප පනතෙහි තහවුරු කර ඇති ඇප ලබාදිය යුතු බවට වූ නීතිය මෙම නඩු තීන්දුව මගින් තවදුරටත් තහවුරු කර ඇති බව පැහැදිලිය.
මීළඟට මහෙස්ත්‍රාත් අධිකරණයකදී ගිනි අවි ආඥා පනත යටතේ (ස්වයංක්‍රීය ගිනි අවියක් හැර), රේගු ආඥා පනතෙහි රු. 1000000/-ට අඩු වැරදි සඳහා, අල්ලස් හෝ දූෂණ පනත යටතේ රු. 25000/-ට අඩු හෝ රු. 25000/-ට වැඩි නම් සුවිශේෂී හේතු මත පොදු දේපොළ පනත යටතේ රු. 25000/-ට නොවැඩි වටිනාකමක් යටතේ ඇති චෝදනාවකදී විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ පනත සහ ආගමන සහ විගමන පනතෙහි සුළු වැරදි සඳහා අදාළ නඩු දිනයේදී හෝ මෝසමක් මගින් අදාළ පොලිස් ස්ථානය අධිකරණයට පැමිණෙන දිනයේදී ඇප ඉල්ලීම සිදුකළ හැක.
මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදිය හැකි දඬුවම් සම්බන්ධව, විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ පනතෙහි ප්‍රබල වැරදි සඳහා මහාධිකරණය ඇප ඉල්ලීමක් කළ හැක. ඊට අමතරව පීඩාකාරී ආයුධ පනත යටතේ වන වැරදි සඳහා හෝ මහාධිකරණයේදී ඇප ප්‍රතික්ෂේප වීම මත ඉදිරිපත් කරනු ලබන ප්රතිශෝධන අයැදුම් පත්‍රයක් මගින් අභියාචනාධිකරණයේදී ඇප ඉල්ලීම සිදුකළ හැක.
ඇප ප්‍රතික්ෂේප වන අවස්ථා පිළිබඳවද අප බොහෝවිට අසා ඇත. මේ පිළිබඳව ඇප පනතෙහි 14 වැනි වගන්තියට අනුව අධිකරණයක් මගින් යම් පුද්ගලයකු අධිකරණය මගහරීවි යැයි සැක කරන අවස්ථාවකදී සාක්ෂිකරුවන්ට බලපෑම් කරන විටදි, ඇප මත සිටින අවස්ථාවකදී යම් වරදක් සිදුකරන බවට සැක කරයි නම් හෝ එම කරන ලද වරද සම්බන්ධව සමාජය තුළ කැලඹීමක් ඇති විටදී ඇප ප්‍රතික්ෂේප කිරීමේ බලයක් අධිකරණය වෙත ඇත.
තවත් සමාජයේ කතාබහට ලක්වන අවස්ථාවක් ලෙස යම් පහළ අධිකරණයක නඩු තීන්දුවකට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කොට ඇති විට ඇප ලබාගැනීම සදහා ඇප අයැදුම්පතක් එම තීන්දුව ලබාදුන් අධිකරණය වෙත හෝ ඉහළ අධිකරණය වෙත කළ හැක. මෙය ඇප පනතෙහි 19 සහ 20 යන වගන්ති මගින් ලබාදී ඇති සහනයන්ය.
ඇප පනතෙහි 21 වගන්තිය මගින් අප රටට හඳුන්වා දුන් තවත් නීතියක් ලෙස අපේක්ෂිත ඇප අයැදුම්පත් ගත හැක. එහිදී යම් පුද්ගලයකු තමා අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බව දැනගත් විට සහ එම වරද ඇප ලබාදිය නොහැකි වරදක් වූ විට ඒ සඳහා අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රයක් ප්‍රදේශයේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යොමුකළ යුතුය. එහි පිටපතක් අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා වෙතද යැවීමෙන් මෙවැනි ඇප අයැදුම්පත් සම්බන්ධව ඉක්මනින් ක්‍රියා කිරීමට අධිකරණයට අවස්ථාව ලැබේ.
ඉහත කරුණුවලට අමතරව වසරකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින සිරකරුවන් හට ඇප පනතෙහි 16 වැනි වගන්තිය අනුව අනිවාර්යයෙන්ම ඇප ලබාදිය යුතුය. මෙම වසරක කාලය දීර්ඝ කළ හැක්කේ නීතිපතිවරයාගේ ඉල්ලීමක් මත පමණක් බව 17 වැනි වගන්තිය තහවුරු කොට ඇත. ඒ අනුව යම් පුද්ගලයකු නඩු විභාගයකින් වරදකරු නොකොට විමර්ශන සඳහා හෝ වෙනත් ආකාරයෙන් බන්ධනාගාරගත කොට ඇත්නම් සහ එම කාලය මාස 1කට වැඩි නම් වහාම ඇප ලබාගැනීමේ ඉල්ලීමක් අදාළ ප්‍රදේශයේ මහාධිකරණය වෙත කළ හැක.
ඉහත කරුණු අනුව ඇප සම්බන්ධව අප විසින් දැනගත යුතු බොහෝ අවස්ථා ඇති බව පැහැදිලිය. ඇප තැබිමේදී ද නව ඇපකරුවකු ලෙස අත්සන් කිරීමට යාමේදී ද, ඇපකරුවන් අප වෙනුවෙන් යම් අවස්ථාවක ඉදිරිපත් කිරීමේදී ද ඉහත කරුණු දැන සිටීමෙන් සිදුවිය හැකි අපහසුතා මගහරවා ගත හැක. නැතිනම් බොහෝ විට අධිකරණයන්හි කාලය කාදැමීමටත් තවෙකෙකුට උපකාර කිරීමට ගොස් තමාට දඬුවම් විඳීමටද සිදුවිය හැක.
නීතිඥ කසුන් පොන්නම්පෙරුම
රිවිර පුවත්පත

Last edited: