ඉදිරි දශක තුල රටේ සුළු පරිමාන ව්‍යාපාර කො&#351

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    next 10-12yrs best business elderly care, health related.. ape age structure eke wadipurama issarahara represent wenne elder 50+ crowd eka..

    organic farming & vertical farming.. meka danatama yanawa issarahata kohomath hamotama access karanna puluwn wenna organic farming ewi.. space yanne nethi wenna control environment eken farming karawi
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සරලව පොඩියට කරෝල වෙළඳාමක්....

    මම වැඩේ පටන් අරගෙන තවම බොහොම සීමිත කාලයක්. ඒ කියන්නේ මාස 3 - 4 වගේ. මමත් තවම අධ්‍යන මට්ටමේ ඉන්නේ.
    මුලින්ම කියන්න ඕනේ ස්වභාව ධර්මය එක්ක ඔට්ටු වෙන ව්‍යාපාරයක්. ගොවිතැන කෘෂි කර්මාන්තය වගේම තමයි මුහුද කියන්නෙත්. කාලගුණයේ සුළු වෙනසක් වුනත් ලොකු ලාභ, පාඩු අත්විඳින්න සිද්ධ වෙන තැනක් තමයි මේක.
    ලංකාව කියන්නේ මුලිකවම මෝසම් දෙකකින් සක්‍රිය වෙන මුහුදෙන් වටවුණු දුපතක නිසා අපිට මත්සය සම්පත ගොඩක් තියෙනවා.
    කරවල වෙළඳාම කරන්න කලින් ධීවර කර්මාන්තය ගැන සුළු අවබෝධයක් තිබීම වටිනවා කියල මම හිතනවා.
    විශේෂයෙන් අපේ රටේ අවුරුද්දේ අප්‍රේල් - අගෝස්තු වගේ කාලය නැගෙනහිර මුහුද සාමකාමී (මුහුද වළාලයි )
    දෙසැම්බර් - මැයි බටහිර මුහුද වළාලයි. නමුත් කාලගුණ වෙනස් වීම් කොයි වෙළෙද කියන එක විශ්වාස කරන්න බෑ. ඒක නිසා මම දැනට මුලතිව් සහ පුත්තලම යන ස්ථාන දෙකකින් කරෝල තොගයට අරගෙන සිල්ලර කඩ වලට දානවා.
    කරවල අසුරන්නේ කාඩ්බෝඩ් ( කොරුගේටඩ් ) පෙට්ටි වල. කෝකිලායි වෙළෙන්දෝ මාර්ගයෙන් ලොරි වලින් මීගමු ලෙල්ලමට වෙනකන් ගෙනවිත්, එතනින් තමා මම බාර ගන්නේ. මුදල් ගෙවන්නේ බැංකුවට. ස්ථීර වශයෙන්ම තියෙන්නේ මොන කරවල ජාතිද කියන එක කලින් අහල දැන ගන්නවා. මොකද සිල්ලර වෙළඳාමේදී අනිවාර්යයෙන්ම මේ වර්ගය තිබිය යුතුයි කියල නියමයක් නෑ.
    ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාන වලින් ඇනවුම් කරනවා. එක කාඩ්බෝඩ් පෙට්ටියකට ප්‍රවාහන ගාස්තු රුපියල් 300.
    කිලෝ 5 - 8 අතර ප්‍රමාණයක් අසුරන්න හැකියි.ලොරි ලෙල්ලමට එද්දී බොහෝ විට උදෑසන 2 විතර වෙනවා.
    හිතන්නකෝ අපි ගන්න කරෝල තරමක් තෙත ගතියෙන යුක්ත නම් අව්වේ පැය දෙකක් විතර වෙලා ගන්නවා.අදික ලෙස වේලිලා නම් රෑ පින්නේ වරුවක් තියල පොඩ්ඩක් දවල් හුළඟට වේලනවා.
    කරවල කිලෝ එකකින් රුපියල් 200 + ලාභයක් ගන්න හැකියි. සීල කරලා පැකට් කලොත් ඊට වැඩියි.

    මමත් ලොකුවට මේ කරුණු දන්නේ නෑ.විස්තර කරලා පැහැදිලිව ලියන්න තේරෙන්නෙත් නෑ. දැන ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ත්‍රෙඩ් එකෙම්ම අහන්න.මම දන්න දෙයක් නම් කියල දෙන්නම්. ඕනේ නම් ගෙදර පාවිච්චියට කරවල වේල ගන්න වුනත් පුළුවන් මාළුවා හරියට කපන්න දන්නවා නම්.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    සුපිරි මචං....ඩොඩෝ..

    ජය වේවා
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මචංලා.. මේතන පාර්ලිමෙන්තුව වගේ තැනක සිදුවිය යුතු කතිකාවන් වෙන්නේ... දිගටම කරගෙන යමු.. එකෙක් හරි හැදුනොත්... එකම ලොකු දෙයක්...

    නොදකින් අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ගොබිලො
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    947
    632
    93
    කුරුඳු වගාවත් හොඳයි. තාම මගෙ පැල තියෙන්නෙ. කපන එවුන් බාගෙට බාගෙ කපන්නෙ. පොඩ්ඩක් හරි, හරියට වවා ගත්තොත් ගොඩ.
    කිලෝ 1ක් රුපියල් 2400 කට වගෙ යන්නෙ තොග. අක්කරයක් හොඳට වැව්වොත් කිලෝ 400 ක් ගන්න පුලුවන් මාස 6කට සැරයක්.

    400x2400x2 = 1,920,000

    බාගයක් කපන උන්ට, 960,000 අපිට අවුරුද්දකට. 80,000 ක් මාසෙට.

    හැබැයි වවන එක සුපිරියටම වවන්ඩ ඕනෙ. එහෙම නැතත් හොඳ ගානක් හොයන්ඩ පුලුවන්.

    ඔය කියන තරම්ම ලේසි නෑ. හැබැයි කරන උන් ඉන්නව.
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    Cut Leaves එක්ස්පෝට් කරන එකත් හොඳ ආදායමක් ගන්න පුළුවන් වැඩක්. කුළු බඩු හරි cut leaves හරි වගා කරන්න අදහසක් තියෙනවා. එත් හරි විස්තරයක් ගන්න ලංකාවේ තැනක් තියෙනවද කියන්න නම් දන්නේ නෑ. අපිට කෙලින්ම export කරන්න අමාරුයි මුලින්ම. so ලංකාවේ buyers ලා හොයාගන්න ඕනි. local buyers ලාගෙන් සාධාරණ මිලක් ලැබෙනවද කියල බලන්නත් ඕනි. මේ දවස් වල විස්තර හොයනවා. හොයාගත්ත විස්තර පස්සේ update කරන්නම්.:yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචංලා.. මේතන පාර්ලිමෙන්තුව වගේ තැනක සිදුවිය යුතු කතිකාවන් වෙන්නේ... දිගටම කරගෙන යමු.. එකෙක් හරි හැදුනොත්... එකම ලොකු දෙයක්...

    නොදකින් අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ගොබිලො

    එලකිරිය කියන්නේ අදහස් උල්පතක්...හරි විදිහට අදහස් එලියට ගන්න ඕනේ, පාවිච්චි කරන්න ඕනේ. ඕනෙම වෙලාවක අලුත් අදහස් ගැන ත්‍රෙඩ් එකක් හරි දාල උදව්වක් ඉල්ලාපන්....කට්ටිය උදව් කරනවනේ.ඒක තමා වෙන්න ඕනේ.