SQLite++ එක නම් ක්‍රොස් ප්ලැට්ෆෝම් නේද ඒක නිසා ඒක නම් අවුලක් නැහැ
මුලින්ම යූස් කරලා තියන අනෙක් ලයිබ්‍රීස් වින්ඩෝස් වලට සපෝට්ද කියලා බලන්න ඕන, මොකද මොකක් හරි ලයිබ්‍රී එකක් POSIX සිස්ටම් කෝල් එහෙම යූස් කරලා තියේ නම්(උදා P-Threads) ඒව ඩිරෙක්ට්ලි වින්ඩෝස් වලදි කම්පයිල් වෙන්නෙ නැහැ.සමහර ඒවට නම් Wrappers තියනවා Win32 API එක POSIX API එකක් විදියට Wrap කරපු, ඒව එහෙම ගොඩ දාගන්න වෙනවා
ඔයාගෙ කෝඩ් එකෙත් POSIX Specific මොනවා හරි තියේ නම් ඒව ප්ලැට්ෆෝම් දෙකටම කම්පැටිබල් වෙන්න ආපහු ලියන්න වෙනවා හෝ වින්ඩෝස් පාට් එක ආපහු ලියන්න වෙනවා
මෙහෙම කරාම ඔයාගේ සෝස් කෝඩ් එකේ ගොඩක් දේවල් ප්ලැට්ෆෝම් දෙකටම කොමන් ඒව තියේවි, සමහර සෝස් ෆයිල් වින්ඩෝස් වලට විතරක් අදාල වේවි සමහර ඒවා ලිනක්ස් වලට විතරක් අදාල වේවි
එහෙම කරාට පස්සේ ප්ලැට්ෆෝම් දෙකටම වෙන වෙනම Makefile දෙකක් හදා ගත්තා නම්(හරි එක ෆයිල් එකක ෆ්ලෑග් දාල හරි) කම්පයිල් කරන්න පුලුවන්
ඒවට cmake වගේ ටූල් එකක් යූස් කරන්න පුලුවන්
තාම සොෆ්ට්වෙයා එක හදලා නැත්නම් QT වගේ ටූල් ෆ්‍රේම්වර්ක් එකක් යූස් කරා නම් එකම කෝඩ් එක ඔය දෙකේම රන් කරන්න පුලුවන් එක ලයින් එකක්වත් වෙනස් නොකර