ලොව භයානක ම මැර කල්ලි 8ක්

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ලොව භයානක ම මැර කල්ලි 8ක්

    ලොව බොහෝ රටවල මැර කල්ලි ක්‍රියාත්මක වෙනවා. සුළු ගෙවල් බිඳීම් සහ පැහැරගැනීම් කිහිපයක සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඝාතන කිරීම් දක්වා මේවා දිවයනවා.

    ඉන් සමහරක් ඒ ඒ රටවල ජාතික ආරක්ෂාවට මහා තර්ජනයක් වනවා මෙන්ම එදිනෙදා කටයුතුවලට ද බාධා වෙන තරමට ම බලවත් වෙනවා.

    ලෝකය සොලවමින් සිටින ඉතා දරුණු ඝණයේ මැර කල්ලි 8ක් ගැන යි මෙවර ‘ලිස්ට්’ තුළින් ගෙන එන්නේ.




    01 - මරා සැල්වතෘචා (එම්.එස් 13)





    XGbyaepl0txgOs6c_2.-Mara-salvathrucha.jpg

    ationalcrimesyndicate.com


    කැලිෆෝනියාව කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වෙන මේ අතිභයානක මැර කල්ලිය ආරම්භ කර ඇත්තේ කැලිෆෝනියාවට සරණාගතයින් ලෙස පැමිණි සැල්වදෝර් ජාතිකයින් කිහිපදෙනෙක් විසිනුයි.

    වර්තමානය වන විට ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු උතුරු හා මධ්‍යම ඇමෙරිකානු රටවල මේ සංවිධානයේ සාමාජිකයින් 70,000කට වඩා ව්‍යාප්ත ව සිටිනවා.

    හිත්පිත් නැති ලෙස ඝාතන සිදුකිරීමට ඕනෑම වේලාවක සූදානම් මේ සංවිධානයේ සාමාජිකයින් කාන්තාවන් හා කුඩා දරුවන් වුවත් ඝාතනය කරන්නට කිසිසේත් ම පැකිලෙන්නේ නැහැ. කොන්ත්‍රාත්තුවට ඝාතන සිදුකිරීමට හා මරිජුවානා ජාවරම් සිදුකිරීම නිරන්තරයෙන් මොවුන් විසින් සිදුකරනවා.




    02 - කෝසා නොස්ත්‍රා



    yb3nbwTd8dDWshcT_3.-Cosa-nostra.jpg

    pinterest.com



    සිසිලිය කේන්ද්‍ර කොට ගෙන ව්‍යාප්ත වී ඇති මේ භායානක මැරකල්ලියට යොදා ඇති 'කෝසා නොස්ත්‍රා' යන ඉතාලි වදන් දෙකේ අර්ථය වන්නේ 'අපේ දේ' යන්න යි. සිසිලිය කේන්ද්‍රගත ව ක්‍රියාත්මක වූවත් මෙහි අක්මුල් වර්තමානය වන විට ඇමෙරිකාවේ නිව්යෝක් නුවර දක්වා ම ව්‍යාප්ත ව තිබෙනවා.

    කෝසා නොස්ත්‍රා සාමාජිකයින් තමන්ව හඳුන්වාගන්නේ 'ගෞරවනීය මිනිසුන්' ලෙස යි. මේ වන විට මෙහි සාමාජිකයින් 25,000ක් පමණ ලොව පුරා වෙසෙන බැව් වාර්තා වන අතර, ඒ අනුබද්ධ වෙනත් කල්ලි ද සැලකුවහොත් ඒ ගණන 250,000 ද ඉක්මවන බව පැවසෙනවා.

    මො
    වුන් විසින් සංවිධානාත්මක කඩාකප්පල් ක්‍රියා, මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීතිවිරෝධී ක්‍රියා රාශියක් සිදුකරනවා. ප්‍රකට හොලිවුඩ් චිත්‍රපටයක් වන 'ගෝඩ්ෆාදර්' හි කථාංගය ගෙතී ඇත්තේ මේ 'කෝසා නොස්ත්‍රා' කල්ලිය වටා යි.




    03 - සිනලොආ කාටෙල්



    vBemuiIKUMlEzJyq_4.-Sineloa-cartel.jpg


    abcnews.go.com



    සිනලොආ කාටෙල් නම් මෙක්සිකානු සම්භවයක් සහිත මැරකල්ලිය මෙක්සිකෝව තුළ සිදුවන මිනීමැරුම් රාශියකට සම්බන්ධ යි. ඔවුන් කෙතරම් කෲර ද යත්, මනුෂ්‍ය ඝාතනයක් සිදුකරද්දී එය රූපගත කර අන්තර්ජාලයේ ඵල කිරීමට තරම් සැහැසි වෙනවා.

    සිනෙලොආ කාටෙල් මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රබල හස්තයක් වන අතර 'එල් චාපෝ' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන යොකින් අචිවල්ඩෝ ගුස්මන් ලෝඒරා නම් එහි නායකයා වරෙක ෆෝබ්ස් සඟරාව මඟින් සකසන ලොව බලවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවටද ඇතුලත්ව සිටියා.


    ඔහු කෙතරම බල්වත් ද යත් ලොව ආරක්ෂාකාරීම බන්ධනාගාර දෙකකින් පළායාමට සමත් වුණා. වර්තමානය වන විට ඔහු නැවත අත් අඩංගුවට පත්ව සිටියත් එය එම සංවිධානය මඟින් සිදුකරන කප්පම් ගැනීම්, මිනීමැරුම්, බියවැද්දීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි නීති විරෝධී ක්‍රියා බිඳකින් හෝ අඩුකිරීමට සමත් ව නැහැ.​



    04 - බ්ලඩ්ස් හා ක්‍රිප්ස්



    LNDRU3D5Ily7dUdV_5.-Bloods-and-crips.jpg

    DDockett/independent.co.uk


    අප්‍රිකානු - ඇමෙරිකානු මැරකල්ලි දෙකක් වන බ්ලඩ්ස් හා ක්‍රිප්ස් සෑම විටෙක ම පාහේ එකට කියැවෙන කල්ලි දෙකක් වෙනවා. මේ ද්විත්වයේ ම ක්‍රියාකාරකම් නිසා ලොස් ඇන්ජලීස් වැසියන් අපහසුතාවයට පත්වෙන අවස්ථා දුර්ලභ නැහැ.

    ක්‍රි. ව. 1972 දී බ්ලඩ්ස් නිර්මාණය වූයේ ක්‍රිප්ස් කණ්ඩායමේ මැර ක්‍රියාවලට එරෙහිව සටන්වැදීමට යි. බ්ලඩ්ස් කණ්ඩායම 'සූරාකෑම හා කඩාකප්පල්කාරී ක්‍රියාවලට එරෙහි සහෝදරත්වය' යන සටන් පාඨය පෙරදැරි කොටගෙන සිය ක්‍රියාකාරකම් ගෙනගිය අතර, ක්‍රිප්ස් ක්‍රියා කළේ 'සමාජ විප්ලවය' යන තේමා පාඨය අනුව යි.

    මේ කණ්ඩායම් දෙකෙහි ම වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක වුණු අනුඛණ්ඩ තිබූ අතර ඒ සියල්ලට ම අනන්‍ය වූ නීති හා නායකයෙක් ද සිටියා. රතු පැහැති ඇඳුම් ආයිත්තම් පැළඳීමෙන් බ්ලඩ්ස් කණ්ඩායම සිය සාමාජිකත්වය නිරූපණය කළ අතර, මුල දී අවිහිංසාවාදී ලෙස හැසිරුණු මෙය පසුකාලීන ව ක්‍රිප්ස් කණ්ඩායමටත් වඩා දරුණු වුණා.​




    05 - මුන්ගිකි



    Mvg7LTiaQ38BHFQf_6.-Mungiki.jpg

    kenyafreepress.com


    කෙන්යාව තුළ තහනමට ලක්වූ වාර්ගික කණ්ඩායමක් වන මුන්ගිකි පසුකාලීන ව ආයුධ අතට ගෙන කෙන්යාව මුසපත් කළ මැර කල්ලියක් බවට පත් වුණා.

    මොවුන් විසින් මෑත ඉතිහාසයේ කෙන්යාව තුළ කඩාකප්පල්කාරී ක්‍රියා රාශියක් සිදුකර තිබෙනවා. මීට පැහැරගැනීම්, කපා කොටා දැමීම්, හා වස දීම් ඇතුළත් වෙනවා. අතීතයේ දී මොවුන් ඝාතනයක් සිදුකළ විට එම සිරුරේ රුධිරය ඉවතට ගෙන ඉන් ස්නානය කිරීමේ චාරිත්‍රයක් අනුගමනය කළා.

    පසුගිය වසර කිහිපය තුළ දී ද ඔවුන් විසින් සිදුකළ හිස ගසා දැමීම් හා ස්ත්‍රී සුන්නත් කිරීම් කිහිපයක් ම වාර්තා වුණා. යමෙකුගේ හිස ගසා දැමීමෙන් පසු එය රිටක ගසා තැබීම ද සාමාන්‍යයෙන් මේ කල්ලිය විසින් සිදුකරනවා.



    06 - ආර්යය සහෝදරත්වය


    cAEuT33gkE57KQwc_7.-Aryan-Brotherhood.jpg

    John Burnett/ NPR


    මේ මැරකල්ලියේ ක්‍රියාකාරීත්වය නිසා තවත් මැරකල්ලි පවා සලිත වී තිබෙනවා. වැඩිමනක් ම බන්ධනාගාර කේන්ද්‍ර කොටගෙන පැතිරී ඇති මෙම කල්ලියේ ක්‍රියාකාරකම් අතර සිය සතුරාට අධික වේදනා ගෙන දෙන මරණයක් හිමිකර දීම ප්‍රමුඛ ස්ථානයක තිබෙනවා.

    වර්තමානය වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ බන්ධනාගාර තුළ සිදුවන ඝාතනවලින් 1/4කට පමණ වගකිව යුතු වන්නේ මෙම සංවිධානය යි.

    ආර්යය සහෝදරත්වය 1964 දී සැන් ෆ්‍රැන්සිස්කෝ හි සැන් ක්වෙන්ටින් බන්ධනාගාරයෙන් ඇරඹුණු අතර, එය ඉක්මණින්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ 'දරුණු ම අන්තවාදී කණ්ඩායම' ලෙස නම් ලැබුවා.​



    07 - යකුසා



    gCg0hVQ2HVG6roVV_8.-Yakuza.jpg





    ජපානය කේන්ද්‍ර කොටගෙන නිර්මාණය වී ඇති යකුසා කල්ලියත් ලොව ඉතා ම දරුණු මැරකල්ලි අතරින් එකක් වෙනවා. යකුසා හි සාමාජිකත්වය ලබාගන්නෙකු සිය පවුල හෝ හිතමිත්‍රාදීන් සමග ඇති සියලු සම්බන්ධතා සම්පූර්ණයෙන් ම නැවැත්විය යුතු අතර, සිය 'නායකත්වයට' සෑමවිට ම ගැති විය යුතු වෙනවා.

    වර්තමානය වන විට ලොව පුරා මෙහි සාමජිකයින් ලක්ෂය ඉක්මවූ සංඛ්‍යාවක් ව්‍යාප්ත වී ඇති බවට සැලකෙන අතර, ජපානයේ හා නැගෙනහිර ආසියාවේ සිදුවන මිනීමැරුම් රාශියකට මේ කල්ලිය වගකිව යුතු වෙනවා.




    08 - 14 කේ ට්‍රයිඇඩ්ස්



    WT4iFx35TQfI1aIe_9.-14-ka-triads.jpg




    හොංකොං කේන්ද්‍ර කොටගෙන ස්ථාපනය වී ඇති මෙම මැර කණ්ඩායමේ ප්‍රධානතම කාර්යයභාරය වන්නේ නීතිවිරොධී මත්ද්‍රව්‍ය ලොව පුරා වෙළඳාම් කිරීම යි. මීට අමතර ව 'මනුෂ්‍ය වෙළඳාම', නීතිවිරෝධී ඔට්ටු ඇල්ලීම්, ආයුධ ජාවරම්, ගණිකා ජාවාරම, පැහැරගැනීම් ඇතුළු ක්‍රියා ගණනාවක ම මොවුන් නිරත වෙනවා. ලොව පුරා මෙහි සාමාජිකයින් 20,000ක් පමණ ව්‍යාප්ත වී ඇති බව පැවසෙනවා.










    කතෘ අයිතිය Dinindu Ekanayake

    උපුටා ගත්තේ මෙතනින්
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බහුතරය අධයාපන්ක් නැති කිසිම දෙයක් කරකියා ගන්න බැරි අනාථයන්
     

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    බහුතරය අධයාපන්ක් නැති කිසිම දෙයක් කරකියා ගන්න බැරි අනාථයන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    බහුතරය අධයාපන්ක් නැති කිසිම දෙයක් කරකියා ගන්න බැරි අනාථයන්

    අධ්‍යාපනය තියන උන් මැරකම් කරන්නෙ නැද්ද? මෝඩ තර්ක.:P