මාගේ නව යොවුන් කාලයේ මතකය අවදි කලාට ඔබට ස්තුතියි.... මම මේ දෙපළව ඉස්සල්ලාම දැක්කේ නුවර ධර්මරාජ විද්‍යාලයේදී. ඒ Interact Club Island Wide District Assembly එකේ ඔවුන් දෙදෙනාම (මහනුවර කිංස්වුඩ් විද්‍යාලය නියෝජනය කරමින්) ඔවුන්ගේම ඉතාමත් ලස්සන නව ගීතයක් ඉදිරිපත් කලා. එතකොට මේ දෙපළ සංගීත කෂේත්‍රයට පිවිසිලා හිටියේ නෑ. මම හිතන විදියට ඒ ඉදිරිපත් කිරීම තුලින් ඔවුනට සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට ඉඩක් ලැබෙන්න ඇති. ඊට පසුව මම නැවතතත් මෙම දෙපළ දකින්නේ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ පැවති Interact Club - Annual District Assembly එකේදී. එතනදී ඔවුන්ගේම ගීත කීපයක් සහ ඒ දවස් වල ප්‍රසිද්ධ ඉංග්‍රීසී ගීත කීපයක්ද මොවුන් දෙදෙනා ගායනා කරනවා. ඇත්තටම ඒ ඉදිරිපත් කිරීම මා ඇතුඵව එතන හිටපු නව යොවුන් තරුණ තරුණියෝ ගොඩාක් පිස්සු වැට්ටුවා කිව්වොත් නිවැරදි. ඉන් පසුව සතියකින් හෝ දෙකකින් පමණ පසුව මෙම දෙපළගේ වැඩසටහනක් ස්වර්ණවාහිණියෙන් දකිනවා. එහිදී දක්වන ලද දක්ෂතාවයන් හේතුවෙන් මේ දෙපළ මුඵ ශ්‍රී ලාංකික ජනතාවම ආදරයෙන් වැලද ගන්නවා. පසු කාලීනව ගියපු රූපවාහිනී වැඩසටහනකදී රොමේෂ් කිව්වා මට මතකයි ඔවුන් සහභාගී වූ ප්‍රථම වැඩසටහන (ඉහතින් සදහන් කල ස්වර්ණවාහිනියේ විකාශය වූ වැඩසටහන) සදහා ඔහු කුලියට අරන් ගිය කබායේ කෑම වගයක් හැලීම නිසා ඇතිවූ පැල්ලම හේතුවෙන් ඒ කබාය පැත්තකට දාලා ඇදගෙන ආව කමිසය පිටින්ම ගියා කියලා... මොනවා උනත් ලොකු දුකක් තියනවා.... මොකද මොවුන් සමග සමකාලීන චරිත සුසංයොගයන් (භාතිය / සංතූෂ්, පොඩි මල්ලී / චූටි මල්ලී වැනි) තාමත් එකට ඉන්නවා.. ඒත් රොමේෂ් ලක්ෂාන් චරිත සුසංයෝගය.... ම්..... ඒක හරි අපරාධයක්.
Last edited:
