පැටලුනු තැන් !

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    හැමෝම මේ වෙලාවේ බිග් පිච්චර් ඒක ගැන කතා කරන නිසා මට හිතුන අපිට මගහැරුණු දේවල් ටිකක් ගැන මට තියෙන ප්‍රශ්න ටිකක් යොමු කරන්න .. අපේ තියෙන අවුලක් තමයි රටේ හැමදාම මොකක් හරි ලොකු මාතෘකාවක් ඇතිවෙනකොට හැමෝම ඒක පස්සේ දුවනවා ඇත්තටම මේවයි යට ගියාව හොයන්න කවුරුත් ඕනෑකමක් දක්වන්නේ නැති එක.. දැන් අගමැති මාරුව වුනා නේ ... වුනේ ඇයි කියල මං දන්නේ නෑ ... කල්පනා කරන්නත් එපා .. මං අහන්නේ වෙන ප්‍රශ්නයක් ..


    9k=


    කවුද මේ නාමල් කුමාර ?

    රටක පාලක පාර්ශවය ගැන මිනිස්සුන්ගේ අප්‍රසාධය ඇති වෙලා තියෙන වෙලාවක .. පාලන පාර්ශවයත් දරුණු ලෙස දෙකට බෙදිලා තියෙන වෙලාවක .. මොකක්ද මේ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ කියල එන පොරක් ලේසි පහසු නොවන දෙයක් එලි කරනවා .. ඒ තමයි ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් සහ මීළඟ ජනපති අපේක්ෂක වෙන්න හින්ට් ගහල තියපු ගෝඨාභය රාජපක්ෂ ව ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන ..


    පොර කියන විදිහට මේකට අණ දෙන්නේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා .. ? :oo: ඔප්පු කරන්න හඬ පටයකුත් එලියට දානව ....


    මෙයා මෙතනින් නවතින්නේ නෑ .. ආයෙත් එලියට එනවා මෙහෙම කේස් එකක් ..


    ප්‍රංශයේ ඉන්න තුෂාර පීරිස් කියල පොරක් එක්ක ලංකාවේ මොකක්ද භීෂණයක් ප්ලෑන් කරනවා වගේ මගුලක් .. මේක අහපන් ඉවර වෙනකන්





    ඔන්න ඊළඟට ඔය අස්සේ ෆොන්සේකාත් මේකට පැටලෙනවා ..





    ඔන්න උබල කවුරුත් දන්නවා ඇති සිංහ ලේ සංවිධානයසිංහ ලේ සහ dan priyasad ගහන ගේම වෙනම පොලිටිකල් ගේමක්. ඒ ගෙමේත් මු මෙන්න මෙහෙම පැටලෙනවා




    අවසානයේ නාලක ද සිල්වා අත්අඩංගුවට ගන්නවා .. නාමල් කුමාර ගැන තාම තොරතුරක් නෑ .




    ඔය අස්සේ අන්තිමට මෛත්‍රීපාල කියනවා ඉන්දියාවේ RAW ඒක පොරව මරන්න කුමන්ත්‍රණය කරනවා කියල ..



    ********************************************


    ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ට මේවා මග හැරිලද නැත්තන් උවමනාවක් නැත්තද ? දැන් ආයෙත් අපි හැරිලා බැලුවොත් ..



    මොකක්ද මේ දූෂණ විරෝධී බලකාය ?

    කවුද නාමල් කුමාර ?

    මුගේ ඉතිහාසය මොකක්ද ?

    කවුද මේ ප්‍රංශයේ ඉඳල කතා කරපු තුෂාර පීරිස් ?

    මුන් මොකක්ද මේ ගහන්න ප්ලෑන් කරපු ගේම ?
    මෙහෙම සිවිල් පුරවැසියන්ට මේ වගේ බරපතල දේවල් එළිපිට කියන්න පුළුවන් වෙන්නේ කොහොමද ?



    ලංකාව දිහා ආපහු හැරිලා බලපුවහම .. මේ දේශපාලනේ ඇතුලේ යටින් යන ගේම් හිටි ගමන් උඩට එන්නේ ඔන්න ඔහොමයි කියල තමයි මට නං පෙන්නේ .. එත් එක්ක මට ආපු ප්‍රශ්න ටික තමයි ඔය දාල තියෙන්නේ ? උබල මේවට උත්තර දන්නවද ? නැත්තන් උබලත් මං වගේ අනාථ කුකුලෙක්ද ? එහෙම නං උබල අපි නිකන් අපේ ඡන්දේ පාවිච්චි කරාට ... උබල අපිට නොපෙනෙන තව අදෘශ්‍යමාන බලවේග මේ වගේ කොච්චර නං ඇත්ද අපි නොදනිම අපේ සහ රටේ තීරණ වලට බලපාන ? බ්ලා බ්ලා බ්ලා ....
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    තවත් පොඩි කතාවක්
    කයිවාරු ගැහුවාට සිරිසේනට බහුතරයක් නැති බව දැන් පෙනෙනවා. ඒ නිසා තමයි පාර්ලිමේන්තුව කල් දැම්මෙ.
    ඒක ගේම් එකේ කොටසක්. අවුලක් නෑ.
    හැබැයි ගේම් එකේ තව කොටස් තියෙනව​.
    පහුගිය දවස් 25 ට අල් ජසීරා එක දිගටම වාර්තා කරපු ප්‍රධාන පුවත ජමාල් කෂොජ්ජි. අද ඒකෙ දෙවනි පුවත ලංකාවේ දේශපාලන අර්බුදය​. හරි. ලෝකෙ අවධානය එන්න පටන් අරන්.
    (දැන් අහන්න එපා එන්නෙ කොහොමද​, කවුද ඕවා පස්සෙ ඉන්නෙ ආදී වශයෙන්. ගේම් එකේ රූල්ස් කියා දෙන්න ඕන නෑ නෙ).
    අනික් අතට​, ප්‍රධාන රටවල් මේ වෙද්දි මොකක්ද මේ ගැන කියල තියෙන්නෙ? මමත් දන්නෙ නෑ. දැනගන්න ආසයි. නමුත් ලොකු දෙයක් මම දැක්කෙ නැහැ. උදාහරණයක් විදියට සාමාන්‍යයෙන් උපන්දිනවලට පවා සුබ පතන නරේන්ද්‍ර මෝදි මුකුත් කියනව දැක්කෙ නෑ.
    තෙල් මිල වැඩි වෙනව​. ලබන මාසෙ 4 වෙනිදා ඉරාන සම්බාධක ආපු ගමන් ඒකත් හරි. ජිනීවා යෝජනා එනව මාර්තුවල​. එකම එක ඇමති කෙනෙකුට විතරයි ඒක මතක් වෙලා තිබ්බෙ. මේ තත්ත්වෙ කාලයක් තිබ්බොත් ඒ වෙද්දි හරි නෙවෙයි සොරි.
    පාර්ලිමේන්තුව කල් දාලා තියෙන්න තියෙන්න ලෝකෙ ඉස්සරහ අපි කිච වෙනව​. විශේෂයෙන් සිරිසේන කිච වෙනව​. සෞදි ගමරාල මෙන්ටැලිටි එක නිසා සිරිසේනට ඒක තේරේවි කියල මම හිතන්නෙ නැහැ.
    ටික කාලෙකට ආතල් ගන්නවා වගේ නෙවේ රටක් කරන එක​. ඒක මුන් එකෙකුටවත් බැහැ.
    හැබැයි මේ කීව ටික ගැන හොඳට දන්න උන් ඔය ගේම් එක අස්සෙ ඉන්නවා. බලාගෙන ඉමු.


    ගත්තේ FB එකෙන් !
    [COLOR=inherit !important]


    #s3gt_translate_tooltip_mini { display: none !important; }
    [/COLOR]
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    නාමල් කුමාර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ලැබූ කෙනෙක් නේද?
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,140
    18,719
    113
    අදාල නෑනේ
    ලංකාවෙ මිනිස්සු

    # දැන් අපිට ඔය මොක උනත් කමක් නෑ, මහින්ද අගමැතිනේ.
    # අපි බලන්නෙ රනිල්ව එලවල හරි UNP එක බේරගන්නෙ කොහොමද කියල
    # අපිනම් මහින්දටවත්, රනිල්ටවත්, මයිත්‍රිටවත් උදව් කරන්න යන්නෙ නෑ.
    # ඊයෙ අගමැති මාරු උනයි කියන්නෙ ඇත්තද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    අදහස් පල කිරීමට අදහස් එමට ඇතත් මේ පිංතූරය පමණක පල කර නිශ්ශබ්ද වීමට තීරණය කලෙමි.


    458705_medium-optimized-2.jpg
    image_232e915ea8.jpg
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,940
    16,551
    113
    රනිල්ට අගමැතිකම නැති උන එකට රනිල්ට වඩා අඩන්නේ ජෙප්පෝ..:(
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    west1 baya wela inne and balagena inne bohoma awadanen mokada mahindala kelinma China ekka close nisa...
     

    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    තවත් පොඩි කතාවක්
    කයිවාරු ගැහුවාට සිරිසේනට බහුතරයක් නැති බව දැන් පෙනෙනවා. ඒ නිසා තමයි පාර්ලිමේන්තුව කල් දැම්මෙ.
    ඒක ගේම් එකේ කොටසක්. අවුලක් නෑ.
    හැබැයි ගේම් එකේ තව කොටස් තියෙනව​.
    පහුගිය දවස් 25 ට අල් ජසීරා එක දිගටම වාර්තා කරපු ප්‍රධාන පුවත ජමාල් කෂොජ්ජි. අද ඒකෙ දෙවනි පුවත ලංකාවේ දේශපාලන අර්බුදය​. හරි. ලෝකෙ අවධානය එන්න පටන් අරන්.
    (දැන් අහන්න එපා එන්නෙ කොහොමද​, කවුද ඕවා පස්සෙ ඉන්නෙ ආදී වශයෙන්. ගේම් එකේ රූල්ස් කියා දෙන්න ඕන නෑ නෙ).
    අනික් අතට​, ප්‍රධාන රටවල් මේ වෙද්දි මොකක්ද මේ ගැන කියල තියෙන්නෙ? මමත් දන්නෙ නෑ. දැනගන්න ආසයි. නමුත් ලොකු දෙයක් මම දැක්කෙ නැහැ. උදාහරණයක් විදියට සාමාන්‍යයෙන් උපන්දිනවලට පවා සුබ පතන නරේන්ද්‍ර මෝදි මුකුත් කියනව දැක්කෙ නෑ.
    තෙල් මිල වැඩි වෙනව​. ලබන මාසෙ 4 වෙනිදා ඉරාන සම්බාධක ආපු ගමන් ඒකත් හරි. ජිනීවා යෝජනා එනව මාර්තුවල​. එකම එක ඇමති කෙනෙකුට විතරයි ඒක මතක් වෙලා තිබ්බෙ. මේ තත්ත්වෙ කාලයක් තිබ්බොත් ඒ වෙද්දි හරි නෙවෙයි සොරි.
    පාර්ලිමේන්තුව කල් දාලා තියෙන්න තියෙන්න ලෝකෙ ඉස්සරහ අපි කිච වෙනව​. විශේෂයෙන් සිරිසේන කිච වෙනව​. සෞදි ගමරාල මෙන්ටැලිටි එක නිසා සිරිසේනට ඒක තේරේවි කියල මම හිතන්නෙ නැහැ.
    ටික කාලෙකට ආතල් ගන්නවා වගේ නෙවේ රටක් කරන එක​. ඒක මුන් එකෙකුටවත් බැහැ.
    හැබැයි මේ කීව ටික ගැන හොඳට දන්න උන් ඔය ගේම් එක අස්සෙ ඉන්නවා. බලාගෙන ඉමු.


    ගත්තේ FB එකෙන් !
    [COLOR=inherit !important]


    #s3gt_translate_tooltip_mini { display: none !important; }
    [/COLOR]

    Yeah India, USA, UK Silent while China is congratulating Mahinda!

    Was Chines intelligence was behind the whole operation against western powers and India??
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    මොනවා උනත් මෙව්වා ගේම්. ඒත් රට හදාගන්න ගේමක් ගහන්න එකෙකුටවත් ඕනෙ නෑ.

    මට මේක රනිලගෙම ගේමක් කියලත් හිතෙනවා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,073
    25,161
    113
    මචං මේවගේ ගේම් එක වැලට direction වෙනස් වෙවී ගිහින් හෙනම mega result එකක් දෙනවා නේද?

    ඉතින් එකම සෙට් එකක් නේද? මේ ගේම් කරකවන්නේ.

    පරණ සුපිරිම ගේමක් තමයි.කොටින් යුද්ධෙන් පරාජය කළ යුතුය කියන මතය අරන් Prof. නලින්, පාඨලී, රතන හිමි පටන් ගත්තු ගේම. විමල් ඒක රට පුරා වැපුරුවා. JVP එකේ මතය ඉක්මවා ගියත් , ඒ අය ඒකට තදින් සහයෝගය දැක්වූවා.

    ගේම ට්‍රැක් එකට වැටුනාම තමා මහින්ද ,ගෝඨා,සරත් වැඩේට බැස්සේ.මොන පුද්ගලික කෝන්තර තිබ්බත් කලින් කට්ටිය,පස්සේ කට්ටිය එකටම වැඩේට හිටියා.

    ආපහු මහින්දට කෙලවන්න පටන් ගත්තේ රතන හිමි, පාඨලී, ගම්මන්පිල .... ටික දවසකින් ගම්මන්පිල පැත්ත මාරු කරලා ඊයේ ප්‍රතිපලය දක්වා දැඟලුවා.මහින්ද ගෙදර යවන්න චන්ද්‍රිකා ගේ පරණ සෙට් එක සෑහෙන්න සපෝර්ට් කළා.

    ආපහු මහින්ද ගේන්න ත් චන්ද්‍රිකා ගේ සෙට් එක වැඩ කලා.... ( SB,...)

    ඔය වගේ සිද්ධි , තව නොකී දේවල් සම්භන්ද කරලා බැලුවාම ආපහු පාඨලී ගේමකට බහින්න ඉඩ තියෙනවා මහින්ද එක්ක හරි, UNP එක්ක හරි. රතන හිමි මහින්දට
    support වගේ....


    මේ හැම ගේමකම පැත්තේ ඉන්න චරිත දෙකක් තමයි 1). Dr. දයාන් ජයතිලක කියන්නේ, පොර මහින්ද ගාව සෑහෙන කාලයක් ඉඳලා මේ ලඟදි සිරා ට සෙට් වුනා.

    2).Prof.නලින් ද සිල්වා සද්දයක් නෑ.ඊලඟ එකේ අනිවා පොර සිටීවි.

    අපි හරියටම මේ දේවල් මොලෙන් බැලිවොත් වෙන්න යන දේ හරියටම කිව්ව හැකි ..



    මේක ලියන්නේ 27.10.2018 රෑ. ලංකාවේ ඇත්තම ජෙහාන් කව්ද? මහින්ද නම් නෙවේ...sure

    අපි දිගටම මේවා analysis කරමු ද? රෙප් දියල්ලා සන්තෝස නම්.
    - Brandy2020
     
    Last edited: