ජනාධිපති පල්ලෙවත්ත ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන විසින් තානාපතිවරුන් කැඳවීමට කරන ලද ආරාධනාව එකදු රටක් විසින්වත් පිළිගෙන නැතැයි වාර්තා වේ.
ජනාධිපති ලේකම්වරයා විසින් අද සවස 4.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන්නැයි ලංකාවේ සිටින තානාපතිවරුන් වෙත අද උදෑසන ආරාධනා කර ඇත. තානාපතිවරුන් බොහෝ දෙනා දැනුම් දී ඇත්තේ අද සවස නීත්‍යාණුකූල අගමැති රනිල් වික්‍රමසිංහ විසින් තමන්ට ආරාධනාවක් කර ඇති බවයි. ඉන්පසුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වේලාව පැය දෙක හමාරකින් දිගු කර සවස 6.30ට පැමිණෙන ලෙස දන්වා තිබේ. ඒ ආරාධනාවටද කිසිදු රටක තානාපති කාර්යාලයකින් ප්‍රතිචාරයක් දක්වා නැති අතර රටවල් දෙකකන් පමණක් තමන්ගේ රටවලින් මෙතෙක් උපදෙස් ලැබී නැතැයි කියා දන්වා ඇත.
හොර අගමැති මහින්ද රාජපක්ෂ හමුවීම සඳහා මෙතෙක් ගොස් ඇත්තේ චීන තානාපතිවරයා පමණක් බවද වාර්තා වේ.