මහින්දගේ මස්සිනාගේ ගුවන් කරනම් සියල්ල : හ&#353

monson

Well-known member
  • May 7, 2007
    25,457
    28,221
    113
    මහින්දගේ මස්සිනාගේ ගුවන් කරනම් සියල්ල : හ&#353

    මහින්දගේ මස්සිනාගේ ගුවන් කරනම් සියල්ල : හිටපු ඇමති වමාරයි !


    රාජපක්ෂ පාලන සමයේදී වසර 2010 සිට 2014 දක්වා ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාර විෂයභාර ඇමැතිවරයා ලෙස කිසිම තීන්දුවකට තීරණයකට එළඹීමට නොහැකිව ගුවන් සේවයේ කටයුතු සිදුවන ආකාරය පවා දැනගැනීමට නොහැකිව බාධක ප්‍රශ්න රැසකට මුහුණදීමේ ප්‍රතිඵලයක් ලෙස පාර්ලමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න හමුවේ මුනිවත රකිමින් කර කියාගත නොහැකි තත්ත්වයකට පත්ව අසරණ වීමට සිදුවුණ බව හිටපු ගුවන්සේවා ඇමැති වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න පවසයි.

    මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (23) ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින්ය.

    පවතින තත්ත්වය යටතේ ශ්‍රීලන්කන් ගුවන් සේවය මුදල් අමාත්‍යාංශයට පවරා ගන්නා ලෙසට එවකට තමන් දැනුම්දුන්නද එය සිදුවූයේ නැති බවද මන්ත්‍රීවරයා එහිදී පවසා ඇත.

    අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුවේ මහතාගේ විමසීම් හමුවේ සාක්ෂි දෙමින් මන්ත්‍රී ජයරත්න වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ එවකට හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඇමැතිවරයා ලෙස තමාව නොතකා ඍජුව ක්‍රියාකෙළේ මුදල් අමාත්‍යාංශය සහ මුදල් ඇමැති හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ බවයි.

    ශ්‍රීලන්කන් ගුවන් සේවයට අදාළව රාජකාරි කටයුතු සිදුකරගෙන යාමට බාධා සහ ප්‍රශ්න පැනනගින බව හා පැවතුන තත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතාට පෞද්ගලිකවම දෙවරක් දැනුම්දී සිටියත් පැවැති තත්ත්වයේ කිසිම වෙනසක් සිදුනොවුන බවද ඔහු පවසා ඇත.

    අතිරේක සොලිසිටර් ජනරාල් නීල් උනම්බුවේ මහතාගේ විමසීම් හමුවේ සාක්ෂි දෙමින් සාක්ෂිකාර මන්ත්‍රී ජයරත්න මහතා මෙසේ ද පවසා තිබේ.

    ශ්‍රීලන්කන් ගුවන්සේවයට අදාළ සමහර වැදගත් ලේඛන දුටුවේ මේ කොමිසමේදී. අමාත්‍යාංශය භාර ඇමැතිවරයා ලෙස ඇමැති මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කළා. ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ව්‍යාපාර සැලසුමක් ගැන දැනුවත්ව සිටියේ නෑ. අමාත්‍යාංශ ලේකම්වරයාට පස්වසරක සැලසුමක් භාණ්ඩාගාරයෙන් ඉදිරිපත් කැර තිබුණි. ලේකම්වරයාගේ නිර්දේශ මත ඇමැති මණ්ඩල පත්‍රිකාව ඇමැති මණ්ඩලයට වසර 2011 මැයි 27 ඉදිරිපත් කළා. අමෙරිකා ඩොලර් මිලියන පන්සිය විස්සක මුදලක් එම පත්‍රිකාවෙන් ඉල්ලා සිටියේ ශ්‍රීලන්කන් ගුවන්සේවයට සහ මිහින් ලංකා ආයතනවලටයි. මෙම මුදල් වසර 2012 සිට අය-වැයෙන් වෙන් කිරීමට තීරණය වී තිබුණි. නමුත් මුදල් ලැබුණේ නෑ. ජාතික අය-වැයෙන් වෙන්කළ මුදල් අමාත්‍යාංශයට ලැබුණේ නෑ.

    ශ්‍රීලන්කන් ගුවන් සේවයට අදාළව කිසිවක් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මා සමඟ සාකච්ඡා කෙළේ නෑ. ඇතැම් අවස්ථාවලදී ප්‍රගති සමාලෝචන රැස්වීම්වලට ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා සහභාගි වුණා.

    රුපියල් බිලියන දහහතරයි දශම දෙකක් බැඳුම්කර ලෙස ශ්‍රීලන්කන් ගුවන් සේවයට ලැබුණද නොලැබුණද නොදනිමි. ඒ පිළිබඳව කිසිවකු මා දැනුවත් කෙළේ නෑ. ඒ පිළිබඳව සොයාබැලීමක්වත් කෙළේ නෑ. ඊට හේතුව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අධ්‍යක්ෂක මණ්ඩලය රේඛීය අමාත්‍යාංශය නොතකා ක්‍රියාකිරීමයි.

    පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරු ශ්‍රීලන්කන් ගුවන්සේවය ගැන විෂයභාර ඇමැතිවරයා ලෙස මගෙන් ප්‍රශ්න ඇසුවා. එහිදී පිළිතුරු දීමට නොහැකිව අසරණ වුණා. එම නිසා සිවුපුද්ගල කමිටුවක් අමාත්‍යාංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත්කර ගුවන්සේවය පිළිබඳව සොයා බැලීමට නියම කළා. එම කමිටුවට ඉදිරියට යාමට නොහැකිවුණා. පස්අවුරුදු සැලසුමක් වසා කැපිටල් ආයතනයට ලබාදීම හා විදෙස් සහාය ලබාගැනීම, ගුවන්යානා මිලදී ගැනීමට සීබරී ආයතනයට පැවරීම මේ කිසිවක් මා දන්නේ නෑ. ම‍ාගේ මැදිහත්වීමක් සිදුවූයේ නෑ.


    - https://newstube.lk/news/4143-2018-10-24-04-29-36

    Ekaale katai pu*ai wahan anda yata hitapu bayyo dannam hena dooshana wirodi card board weerayo wela :lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,457
    28,221
    113
    2008 මාර්තු 31 වනදායින් අවසන් වූ මුදල් වර්ෂය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලැබූ ලාභය රුපියල් බිලියන 4.4කි. සමාගම් සමූහය වශයෙන් රුපියල් බිලියන 4.9ක ලාභයක් ලබා තිබිණි. ඒ, එමිරේට්ස් සමාගමේ කළමනාකරණය යටතේ ගෙවුණු අවසන් වසර ය.

    එහෙයින් ම 2009 මාර්තු 31 වනදායි අවසන් වූ මූල්‍ය වර්ෂය වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබා තිබූ අලාභය රුපියල් බිලියන 9.3කි. සමූහයේ අලාභය රුපියල් බිලියන 9.9ක් විය. මේ රාජපක්ෂ පවුල් පරිපාලනයේ පළමු වසරේ කෙරුවාවයි.

    2009/2010 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අලාභය රුපියල් බිලියන 2.696කි. සමූහයේ අලාභය රුපියල් බිලියන 6කි.

    2010/2011 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අලාභය රුපියල් මිලියන 381කි. සමූහයේ අලාභය රුපියල් මිලියන 202කි.

    2011/2012 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලැබූ අලාභය රුපියල් බිලියන 19.67කි. සමූහයේ අලාභය රුපියල් බිලියන 17.17කි.

    2012/2013 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 21.7ක අලාභයක් ලබා තිබේ. සමූහය ලෙස ලැබූ අලාභය රුපියල් බිලියන 22.5කි.

    2013/2014 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 32.4ක අලාභයක් ශ්‍රී ලංකන් ගුවන් සේවය වාර්තා කර තිබේ.

    2014/2015 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 16.49ක අලාභයක් ලබා ඇති අතර සමූහයක් ලෙස අලාභය රුපියල් බිලියන 16.3කි.


    sri-lankas-first-family-celebrates-traditional-new-year-at-carto.jpg


    රටේ ගුවන් සේවයේ අයිතිය රජය සතුවිය යුතු බවත් ඉන් ලාභ ලැබිය නොහැකි නම් එය පාලක මණ්ඩලයේ දුර්වලතාවයක් බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝටාබය
    රාජපක්ෂ මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ මාතර, කඹුරුපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

    ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට වත්මන් රජය උත්සාහ කරන බවට මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගෝටාබය මහතා ඉහත ප්‍රකාශය කළ අතර එහිදී
    ඔහු උපහාසාත්මක සිනහවකින් යුතුව වැඩිදුරටත් පැවසුවේ "ඒක ඉතින් මේ රජයේ ප්‍රතිපත්තියක්නෙ පෞද්ගලිකකරණය කරන එක" යනුවෙනි.

    පෞද්ගලීකරණයට විරුද්ධ වීම එක් කතාවකි. පෞද්ගලීකරණයට එරෙහිවීම යන ජනප්‍රිය සටන් පාඨයට මුවා වෙමින් රජයට පවරාගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂ පවුල් සමාගම විසින් කළේ කුමක්ද යන්නත් මේ සමඟ ම විමසා බැලීම වටී.

    පෞද්ගලීකරණය වෙනුවට මස්සිනාකරණය

    ගුවන් සේවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ එමිරේට්ස් සමාගම 1998 දී ඇති කරගත් ගිවිසුම අවසන් වූයේ 2008 මාර්තු 31 වනදා ය. එමිරේට්ස් සමාගමේ කළමනාකරණය යටතේ පවතිද්දී ශ්‍රී ලංකන් සමාගම ඉතා හොඳින් ලාභ ලැබූ ගුවන් සමාගමකි.

    ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන සමාගම්වල පසුගිය යුගයේ සිදු කෙරුණු දූෂණ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසමේදී හෙළිදරව් වූ කරුණු අනුව 2008 මාර්තු 31 වනදායින් අවසන් වූ මුදල් වර්ෂය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලැබූ ලාභය රුපියල් බිලියන 4.4කි. සමාගම් සමූහය වශයෙන් රුපියල් බිලියන 4.9ක ලාභයක් ලබා තිබිණි. ඒ, එමිරේට්ස් සමාගමේ කළමනාකරණය යටතේ ගෙවුණු අවසන් වසර ය.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අයිතිය 2008දී රජයට පවරා ගැනීමෙන් අනතුරුව එය පාලනය කෙරුණේ රාජපක්ෂ පවුල් සමාගම විසිනි. දේශපාලනයේදීත් ආර්ථික කටයුතුවලදීත් රාජපක්ෂලා දන්නා එකම ක්‍රමවේදය වන්නේ පවුල්කරණය යි. එනම්, පවුලේ සාමාජිකයින්ට පවරා දීමයි. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස රාජපක්ෂ පාලනය යටතේ පත් කෙරුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සහෝදරයා වන නිශාන්ත වික්‍රමසිංහ ය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජපක්ෂලා විසින් මස්සිනාකරණය කළ බව පැවසීම නිවැරදි වනු ඇත.

    නිශාන්ත වික්‍රමසිංහ යනු මීට පෙර තේ වත්තක පෙරියදොරේ ලෙස වැඩ කළ පුද්ගලයකු විනා ගුවන් සමාගමක් වැනි දැවැන්ත ආයතනයක් පාලනය කිරීම පිළිබඳව අන්දෝ සංසාරයක දැනුමක් හෝ අත්දැකීමක් ඇත්තෙකු නොවීය.

    nishantha-wickramasinghe-and-his-girlfriend.jpg


    ශ්‍රී ලංකන් සමාගමේ දැවැන්ත අලාභය

    එහෙයින් ම 2009 මාර්තු 31 වනදායි අවසන් වූ මූල්‍ය වර්ෂය වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබා තිබූ අලාභය රුපියල් බිලියන 9.3කි. සමූහයේ අලාභය රුපියල් බිලියන 9.9ක් විය. මේ රාජපක්ෂ පවුල් පරිපාලනයේ පළමු වසරේ කෙරුවාවයි.

    2009/2010 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අලාභය රුපියල් බිලියන 2.696කි. සමූහයේ අලාභය රුපියල් බිලියන 6කි.



    2010/2011 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අලාභය රුපියල් මිලියන 381කි. සමූහයේ අලාභය රුපියල් මිලියන 202කි.

    2011/2012 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලැබූ අලාභය රුපියල් බිලියන 19.67කි. සමූහයේ අලාභය රුපියල් බිලියන 17.17කි.

    2012/2013 මූල්‍ය වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 21.7ක අලාභයක් ලබා තිබේ. සමූහය ලෙස ලැබූ අලාභය රුපියල් බිලියන 22.5කි.

    2013/2014 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 32.4ක අලාභයක් ශ්‍රී ලංකන් ගුවන් සේවය වාර්තා කර තිබේ.

    2014/2015 මූල්‍ය වර්ෂය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 16.49ක අලාභයක් ලබා ඇති අතර සමූහයක් ලෙස අලාභය රුපියල් බිලියන 16.3කි.

    මේ, රාජපක්ෂ පවුල් සමාගම විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට කළ විනාශයේ තරමයි. රාජපක්ෂලා රාජ්‍ය දේපළවලට මේ තරම් ආශාවක් දක්වන්නේ තමන්ට බලය ඇතිවිට ඒවා තමන්ගේ හිතූ මතයට පවුලේ බූදලය මෙන් පාවිච්චි කළ හැකි නිසාය. ඊටත් එහා යමින් තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් රාජ්‍ය දේපළ සිතූ සිතූ පරිදි විනාශ කර නැති භංගස්ථාන කිරීමට ඇති හැකියාව නිසාය.



    ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජපක්ෂ පවුලට කෙතරම් සින්න වීදයත් එම සමාගමෙන් මිලියන ගණනින් වැටුප් සහ දීමනා ගෙවමින් නාමල් රාජපක්ෂගේ පෞද්ගලික කටයුතු සඳහා ගුවන් සේවිකාවක් ද යොදවා තිබිණි. වෙනත් උදාහරණ අවශ්‍ය නැතැයි සිතමි.

    බලයට කෙළ හළමින් අතීතයට සිනාසීම

    ගෝටාබය රාජපක්ෂ අද මාධ්‍ය ඉදිරියේ එළු සිනහව පාන්නේ තම පවුල විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කළ මේ අපරාධය අමතක කර දමා විය යුතුය. ඔවුන්ට, විශේෂයෙන් ම ඔහුට එසේ අමතක කර දැමීම ඉතා පහසුය. එහෙත් මේ සමාගම ලැබූ අලාභය දෙස්, විදෙස් ණය වශයෙන් රටේ සමස්ත ජනතාවගේ කර මත පැටවී තිබේ. එහෙයින් ජනතාවට මේවා අමතක කළ නොහැක.

    රාජ්‍ය දේපළ පිළිබඳ කැක්කුම රටට පෙන්වමින් ගෝටාබයලා යළිත් වලිකන්නේ රටේ බලය ඩැහැ ගැනීමටය. වැරදීමකින් හෝ යළි බලය ලැබුණොත් ගෝටාබයලා නැවතත් කරන්නේ රටේ සම්පත් විනාශ කරමින් ජොලිකර අවසානයේ ඒ බර ජනතාවගේ කර මත අත හැරීමය. ශ්‍රී ලංකන් සමාගමේ ඉරණම යනු රාජපක්ෂ පවුල් පාලනය විසින් සමස්ත රටට ම අත් කරදුන් විනාශකාරී ඉරණමේ ම කුඩා සාම්පලයක් පමණි.

    ගෝටාබය ඔලොක්කුවට හිනා වෙන්නේ මේ තරම් අපරාධ කර තිබියදීත් තමන්ගේ පවුලේ සාමාජිකයින්ට නීතිය ක්‍රියාත්මක නොකෙරූ වත්මන් රජයට ය. ඒ රජයට ඡන්දය දුන් ජනතාවට ය. එසේම නැවතත් තමන්ට මෙවැනි විනාශ කිරීම සඳහා බලය ලබා දෙන්නට පෙළගැසී සිටින අතවැසියන්ට ය.


    - https://lankanewsweb.net/sinhala/පු...්‍රී-ලංකන්-අලාභය,-ගෝටාබය-සහ-පවුල්-පාලනයේ-ශාපය

    Wickramasinghe’s delay of Frankfurt flight cost SriLankan $ 90,261

    Thursday, 16 August 2018 00:59

    By Skandha Gunasekara

    Sri Lankan Airlines had incurred an additional expenditure of $ 90,261 (Rs. 14.5 million) for 128 passengers in January 2014 as a result of the passengers missing their connecting flights due to the then Chairman Nishantha Wickramasinghe overruling a decision made by a highly trained operations control manager.

    Read more:
    http://www.ft.lk/front-page/Wickram...furt-flight-cost-SriLankan---90-261/44-661026

    SriLankan Airlines ex-Chairman used head-of-state privileges to divert aircraft for personal gain

    Aug 08, 2018 17:02 PM GMT+0530

    ECONOMYNEXT - Brother-in-law of ex-President Mahinda Rajapaksa, Nishantha Wickremesinghe had used priviledges reserved for the head-of-state to divert an aircraft for personal use, inconveniencing passengers and causing the airline financial and reputational damage, a commission of inquiry heard.

    Read more:
    https://economynext.com/SriLankan_A...ert_aircraft_for_personal_gain-3-11476-6.html

    Nishantha Wickremasinghe allocated (Rs.2.4 million per month) Dubai apartment for female officer

    2018-10-09 07:23:32 26 15553


    Within the period from 2012 to 2014, the then SriLankan Airlines Chairman Nishantha Wickremasinghe had allocated Rs.2.4 million for an apartment for a female Sales Support Officer in Dubai but previously it was claimed as an accommodation for executive trainees, it was told at the SriLankan Airlines Commission yesterday.

    Read more:
    http://www.dailymirror.lk/156604/Ni...-allocated-Dubai-apartment-for-female-officer

    Shiranthi Brother SriLankan Chairman’s Girlfriend Couldn’t Wait


    Just a week after local newspapers exposed SriLankan Airlines Chairman, Nishantha Wickremasinghe for ordering a Colombo bound aircraft from Kuala Lumpur to Singapore just to pick him up en route it has now been revealed that he had once again intervened to change another flight.


    The Sunday Times reported that a SriLankan Airlines flight from Colombo to Paris was supposed to wait until a tour group of some 80 passengers going to the French capital arrived from the Maldivian capital of Male, but had suddenly taken off after “an influential crew member” had intervened.

    “However after a short wait, it suddenly took off without the inbound passengers from Male. The 80 tourists were transferred to other carriers,” the Sunday Times report said.

    “The talking point on the corridors of the Bandaranaike International Airport (BIA) was whether an “influential” flight crew member with connections to the top telephoned a big wig and said the long wait is troubling her. Instructions came for the flight to take off for Paris immediately” the newspaper reported.

    - https://www.colombotelegraph.com/in...rilankan-chairmans-girlfriend-couldnt-wait-3/

    Nishantha Wickremasinghe’s travel expenses more than Rs 24 m

    The cost for duty travel overseas incurred by the Chairman’s office of the SriLankan Airlines from 2010 to 2015 was a staggering Rs. 24.9 million, the Presidential Commission to Inquire into Allegations of Large Scale Frauds and Malpractices in SriLankan Airlines, SriLankan Catering Ltd and Mihin Lanka (Pvt) Ltd. revealed.

    - http://www.sundayobserver.lk/2018/07/15/news/nishantha-wickremasinghe’s-travel-expenses-more-rs-24-m

    Ex-UL Chairman’s drivers earned excessive salaries: Official

    Thursday, 12 July 2018 01:02

    By Maleesha Sulthanagoda

    Three drivers working for former SriLankan Airlines Chairman Nishantha Wickramasinghe earned hundreds of thousands of rupees in overtime and other payments, with no official oversight to check if their work claims were verified, a top official told the Presidential Commission yesterday.

    More:
    http://www.ft.lk/news/Ex-UL-Chairman-s-drivers-earned-excessive-salaries--Official/56-658900

    SriLankan Airlines posts Rs6.5bn loss for 2016/17

    May 04, 2017 (LBO) – SriLankan Airlines has recorded an unaudited group loss of 6.49 billion rupees for the financial year before finance and one-off charges, the carrier said.

    This is an increase from the 2.90 billion rupees loss recorded in the prior year.


    “But it’s a significant improvement from the deficit that had been budgeted for the year,” the airline said.

    Based on draft accounts, the total operational revenue increased to 136.68 billion rupees from 129.48 billion rupees in the prior year.

    - http://www.lankabusinessonline.com/srilankan-airlines-posts-rs6-5bn-loss-for-201617/

    ...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,457
    28,221
    113
    කපිල චන්ද්‍රසේන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යළි සභාපතිත්වයට

    දිනුක් හේවාවිතාරණ

    ශ්‍රී ලංකා ගුවන් සේවයේ නව සභාපතිවරයා වශෙයෙන් එහි හිටපු සභාපති කපිල චන්ද්‍රසේන පත් කර තිබෙනවා. මෙම පත්කිරීම මුදල් අමාත්‍යංශය විසින් සිදුකර ඇති බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ.


    - http://nethnews.lk/article/60344

    :lol:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    කපිල චන්ද්‍රසේන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යළි සභාපතිත්වයට

    දිනුක් හේවාවිතාරණ

    ශ්‍රී ලංකා ගුවන් සේවයේ නව සභාපතිවරයා වශෙයෙන් එහි හිටපු සභාපති කපිල චන්ද්‍රසේන පත් කර තිබෙනවා. මෙම පත්කිරීම මුදල් අමාත්‍යංශය විසින් සිදුකර ඇති බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ.


    - http://nethnews.lk/article/60344

    :lol:

    මෙක ඇත්තද?
     

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    මුන් මොන පුකකට ඇමතිකම් ගන්නවද මන්ද
    අවුරුදු ගානක් ගියහම කියනවා අරූ කරන්ඩ දුන්නේ නෑලු මූ කරන්ඩ දුන්නේ නෑලු
    මුන් අඩනවා විතරනේ කරන්නේ
    කරන්ඩ දෙන්නේ නැත්තන් දමල ගහල අයින් වෙයන්කෝ කොන්ද පණ තියාගෙන
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    මහින්දගේ මස්සිනාගේ ගුවන් කරනම් සියල්ල : හිටපු ඇමති වමාරයි !

    චායාරුප සහිතයි

    😹 😹 😹 😹



    cx5vq3.jpg