කටහඬවල් අනුව ඡන්ද තීන්දු ගන්න පුළුවන් චම&#3517

monson

Well-known member
  • May 7, 2007
    24,941
    27,034
    113
    කටහඬවල් අනුව ඡන්ද තීන්දු ගන්න පුළුවන් චම&#3517

    කටහඬවල් අනුව ඡන්ද තීන්දු ගන්න පුළුවන් චමල්ට විතරද? :lol:

    තොරතුරු පනත 2011 ගෙන ආ වෙලාවේ කටහඬ අනුව ඡන්දය විමසුවා.

    2011 දී කතානායක ගරු චමල් රාජක්ෂ මැතිතුමා කටහඬ අනුව ඡන්දය විමසා ''තොරතුරු දැනගැනීමේ පනත් යෝජනාව පාර්ලිමේන්තුවේ දී පරාජය කළා. ඒ් යෝජනාව සභාවට ඉදිරිපත් කළේ වත්මන් කතානායක ගරු කරු ජයසූරිය මැතිතුමා.
    එදා හරි දේ අද වැරදියි කියන්නේ ජනතා පරමාධිපත්‍යයට පයින් ගසමින් නොවේ ද ?

    දිනය 2011 ජුනි 21 අඟහරුවාදා

    46334841-1559850417451312-6998910463102681088-n.jpg

    46441148-1559850404117980-6591310056598274048-n.jpg

    46458137-1559850427451311-4288465849385222144-n.jpg

    - https://www.facebook.com/wajiraabey/posts/1559850540784633

    කටහඬවල් අනුව ඡන්ද තීන්දු ගන්න පුළුවන් චමල්ට විතරද මහින්ද? ‌උදාහරණයක් ‌ මෙන්න..!

    පාර්ලිමේන්තුවේ හිටපු කතානායක චමල් රාජපක්ෂ මහත්මයා අද කිව්වා කතානායක කරු ජයසූරිය මහතාගේ වැඩපිළිවෙළ වැරදියි කියලා. ඒ කියන්නේ විශ්වාස භංගය සම්මත කර ගත් ආකාරය වැරදියි කියලා. මේ කියන්න යන්නේ චමල් රාජපක්ෂ මහත්මයා කතානායක වෙලා ඉඳිද්දි කටහඬවල් අනුව ඡන්දය විමසපු අවස්ථාවක් ගැන.

    ඒ 2011 ජුනි මස 21 වැනි දා අඟහරුවාදා. එවකට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව තිබුණේ. පාර්ලිමේන්තුවේ කතානායක ලෙස කටයුතු කළේ චමල් රාජපක්ෂ මහත්මයා.

    ‍තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එවකට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එදා.

    ඊට පෙර එම යෝජනාව ඉදිරිපත් වූ අව්සථාවෙදි පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩු පක්ෂයෙන් එය ඉදිරිපත් කරනවාට විරුද්ධ වෙලා තිබුණා. ආණ්ඩුවෙන් කියලා තිබුණේ එය ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන බවයි. කොහොම වුණත් ආණ්ඩුවෙන් එය ඉදිරිපත් නොකළ නිසා 2011 ජුනි මස 21 වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය එය ඉදිරිපත් කළා.

    ‘කතානායකතුමනි, පහත සඳහන් යෝජනාව මම ඉදිරිපත් කරනවා.‘ කියලා කරු ජයසූරිය මහත්මයා යෝජනාව ඉදිරිපත් කරන්න ගත්තම දිනේෂ් ගුණවර්ධන මහත්මයා නැගිටලා රීති ප්‍රශ්නයක් තිබෙන බව කිව්වා.

    දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ විරෝධතාවය වුණේ පක්ෂ නායක රැස්වීමේදී එළැඹි එකඟතාවයන්ට පිටින් තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව කරු ජයසූරිය මහතා ඉදිරිපත් කරනවා කියලයි. දිනේෂ් ගුණවර්ධන මහත්මයා ඊට තදින්ම විැරුද්ධ වුණා.

    කොහොම වුණත් කතානායක චමල් රාජපක්ෂ මහත්මයා කිව්වේ මේක ඉදිරිපත් කළාට පස්සේ එහෙම නම් ඡන්දෙකට යමු කියලා. ආණ්ඩු පක්ෂයේ විරෝධතා හමුවේ යෝජනාව ඉදිරිපත් කරන්න කරු ජයසූරිය මහත්මයාට ඉඩ ලැබුණා.

    ‍යෝජනාව ඉදිරිපත් කළායින් පසු මේ පිළිබඳ පැහැදිලි කරමින් කතාවක් කරන්න කරු ජයසූරිය මහතා ඉල්ලුවත් කතානායක චමල් මහතා ඊට අවසර දුන්නේ නෑ. කතානායකවරයා කිව්වා මේ යේාජනාව කාට හරි ස්ථිර කරන්න කියලා. ඒ අනුව ස්ථිර කරන්න නැගී සිටියේ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා.

    එම යෝජනාව ස්ථිර කරන්නට දෙනවාට ආණ්ඩු පක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.. රනිල් වික්‍රමසිංහ මහතා නැගිට යෝජනාව ගැන අදහස් දක්වද්දී කතානායකවරයා ඊට විරුද්ධ වුණා. අදහස් දැක්වීමකට ඉඩ ලබා දිය නොහැකි බවත්, යෝජනාව ස්ථිර කිරීම පමණක් කරන ලෙසත් කතානායකවරයා ප්‍රකාශ කළා. යෝජනාව ගැන විවාධයක් ලබා දිය නොහැකි බවත් කතානායකවරයා ප්‍රකාශ කළා. ඒ අනුව විරෝධතා මධ්‍යයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා එම යෝජනාව ස්ථිර කළා.

    ඉන් පසු නිමල් සිරිපාල ද සිල්වා මහතා නැගිට යෝජනාවට විරුද්ධ බව ප්‍රකාශ කළා. ඉන් පසු කතානායක චමල් රාජපක්ෂ මහත්මයා කිව්වා ආණ්ඩු පක්ෂය මෙයට විරුද්ධ නිසා කටහඬින් ඡන්දය විමසමු කියලා.

    විපක්ෂය (එජාපය) ඊට විරුද්ධ වෙද්දි කතානායකවරයා යළිත් කිව්වා වැඩි ශබ්දයට ජයග්‍රහණය ලැබෙන නිසා නිශ්ෂබ්ද වෙන්න කියලා.

    ඉන් පසු ‘කටහඬ‘ අනුව විරුද්ධ මන්ත්‍රීන්ට ජය බව කතානායක චමල් මහත්මයා ප්‍රකාශ කළා.

    නම අනුව ඡන්දය විමසිය යුතු බවට මන්ත්‍රීවරුන් කිහිප දෙනකු යේාජනා කරද්දී නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ කතානායකවරයා ඊට එරෙහි වුණා. ඉන් පසු අස්වර් මහතා නැගී සිට නමින් ඡන්දය තබන ලෙස ඉල්ලා සිටි අතර ඒ අනුව බෙදුම් සීනුව නාද කරමින් නමින් ඡන්දය පැවැත්වීමට කතානායක චමල් රාජපක්ෂ මහතා ඉඩ දුන්නා.

    ස්ථාවර නියෝග යටතේ අවසර දීමට
    පක්ෂව 32ක් සහ විරුද්ධව 99ක් ලැබුණා. මන්ත්‍රීවරුන් 93 දෙනෙක් සභාවට පැමිණ තිබුණේ නැහැ. ඒ අනුව යේාජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් වුණා.

    පක්ෂ නායක රැස්වීමේ එකඟතාවයන්ට පිටින් මෙම යෝජනාව ගෙන ඒම ගැන දිනේෂ් ගුණවර්ධන මහතා විරුද්ධ වුණත් කතානායක චමල් එදා ඊට අවසර දුන්නා. මෙවරත් යෝජනාව ගෙන ඒම ගැන පක්ෂ නායක රැස්වීමෙදි විරුද්ධ වුණත් කතානායක ඊට අවසර දුන්නා.

    එදා යෝජනාව සම්බන්ධයෙන් කතානායක චමල් ‘කටහඬවල්‘ අනුව ඡන්දය විමසලා ‘විරුද්ධයි‘ශබ්දය වැඩියි කියා ඒ පැත්තට තීන්දුව දුන්නා. මෙවර කතානායක කරු කටහඬ අනුව ඡන්දය විමසලා ‘පක්ෂයි‘ කියන පැත්තට ශබ්දය වැඩියි කියලා ඒ පැත්තට ජයග්‍රහණය දුන්නා.

    කතානායකගේ තීන්දුවත් සමගම එදා මන්ත්‍රී අස්වර් නැගිට නමින් ඡන්දයක් ඉල්ලා සිටියා. ඒ අනුව ‘‘ඔව්, අස්වර් මන්තීතුමා නමින් ඉල්ලා සිටිනවා. කැමැත්ත නමින් ගන්න.‘‘ යනුවෙන් කතානායක චමල් බෙදීම් සීනුව නාද කිරීමෙන් පසු නමින් ඡන්දය ගන්න අවසර දුන්නා. මෙවර කිසිම මන්ත්‍රීවරයෙන් නැගී සිට නමින් ඡන්දය ගන්න බෙදීමක් ඉල්ලා සිටියේ නෑ. වෙනස එයයි.

    - තරිඳු ජයවර්ධන විසිනි -

    - https://www.facebook.com/tharindu.iranga/posts/2372839376078307
    - https://www.facebook.com/lankaenews/posts/2138021226263031
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    - https://www.facebook.com/wajiraabey/photos/pcb.1559850540784633/1559850400784647/?type=3&theater

    - https://www.facebook.com/lankaenews/posts/2138021226263031

    Wishwasa Bhangayaka saha Panathaka, Wenasak Atha. Kathanayakage pakshapaatheethwaya penne naththa, ekko u gonek naththam ranilage amu wahalek!
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Wishwasa Bhangayaka saha Panathaka, Wenasak Atha
    :lol::lol::lol::lol::lol::lol::lol:
    ඊලග කියපන් මෙහෙම. මහින්දට විශ්වාසබන්ගයක, රනිල්ට විශ්වාසබන්ගයක වෙනසක් ඇත..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    යකෝ තොරතුරු පනත වගේ නෙවේ විශ්වාසබගයක් කොයන්නෙ.. රට ගැන තීරනාත්මක සාදකයක්.. ඒකට සද්දෙ අනුව හරියන්නෙ නෑ... උබල unp කියන එක අයේ අහන්න දෙයක් නෑ... මොලෙ කලදක් වත් නෑ.. 😜
     
    • Like
    Reactions: realpissa

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :lol::lol::lol::lol::lol::lol::lol:
    ඊලග කියපන් මෙහෙම. මහින්දට විශ්වාසබන්ගයක, රනිල්ට විශ්වාසබන්ගයක වෙනසක් ඇත..

    Ane Wahalo. Thoge wahal kam nawaththapan. Maithree Kala wede weradi wagema Kathanayakage Pakshapthithwayath dekapan. Me okkoma ubala wage wahallu kamba adina nisaa. Karuwa thamai den thiyana guti walata mula. Maithree thamai sampoorna prashneta mula. Ranilage rata keruwawe durwalathawaya thamai okkotama mula. Mahindage bala peretha kama side support ekak denawa prashneta. Ubala wahal kam karala ubalata gaanak hambenawanam kamak na! Aththa hariyata dekapan.
     
    දුප්පත්කමට බන් අපි වහල්ලු උනේ.. ගරහන්න එපා. උබලට වගේ අපිටත් සල්ලි තිබනම් අපිත් ප්‍රජාත්‍රන්ත්රවාදයට කඩේ යනවා හුත්තෝ.. එත් බඩගිනියි..
     
    • Like
    Reactions: realpissa

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දුප්පත්කමට බන් අපි වහල්ලු උනේ.. ගරහන්න එපා. උබලට වගේ අපිටත් සල්ලි තිබනම් අපිත් ප්‍රජාත්‍රන්ත්රවාදයට කඩේ යනවා හුත්තෝ.. එත් බඩගිනියි..

    oya comment eka match wenne anit parshawaya ekata nahayen pennam one nam :P habei okun katak arala kiyanne ne kiyanne rata beragannai me hamadema karanne kiyala
     
    • Like
    Reactions: realpissa

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    oya comment eka match wenne anit parshawaya ekata nahayen pennam one nam :P habei okun katak arala kiyanne ne kiyanne rata beragannai me hamadema karanne kiyala

    Ane bn Account deke maruwen maruwata log wewi kade yanna tharam umba keeyak hoyanawada wahal kam karala! :rofl:
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    284
    83
    :lol::lol::lol::lol::lol::lol::lol:
    ඊලග කියපන් මෙහෙම. මහින්දට විශ්වාසබන්ගයක, රනිල්ට විශ්වාසබන්ගයක වෙනසක් ඇත..

    ඔව් බං එහෙම තමයි :nerd::nerd:
    පොඩ්ඩක් හොයල බලපං රනිල්ට විශ්වාස භංගයක් ගෙනාපු විදහ මොකක්ද කියල :P
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,941
    27,034
    113
    චමල් රාජපක්ෂ මහතා කටහඬ අනුව ඡන්දය විමසූ අවස්ථාවක්

    තරිඳු ජයවර්ධන

    මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළව ඡන්දය විමසීමේදී ‘කටහඬ‘ අනුව ඡන්දය විමසා තීන්දුවක් දීම වැරදි බව අතැම් දේශපාලකයෝ කීහ. කටහඬ අනුව ඡන්දය විමසූ ඉතිහාසය ගැන සොයා බැලීමේදී සිදුවීම් කිහිපයක් අතර එක් විශේෂ සිද්ධියක් විය. මේ එම සිද්ධියයි.

    ඒ 2011 වසරයි. ආණ්ඩුවේ සිටියේ එක්සත් ජානතා නිදහස් සන්ධානයයි. ප්‍රධාන විපක්ෂය ලෙස කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂයයි. පාර්ලිමේන්තුවේ කතානායක ලෙස කටයුතු කළේ චමල් රාජපක්ෂ මහතාය.

    දැනට පනතක් ලෙස සම්මත වී ඇති තොරතුරු දැන ගැනීමේ පනත පෞද්ගලික යෝජනාවක් ලෙස අවස්ථා දෙකකදී පමණ පාර්ලිමේන්තුවට ගෙන ආ අතර ඒ අක් අවස්ථාවක් වූයේ 2011 වසරේදී ය.

    එදා දිනය ජුනි මස 21 වැනි දා අඟහරුවාදා ය. කතානායක චමල් රාජපක්ෂ මහතා මූලාසනයේ සිටියේය. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා නැගී සිටියේය.

    ‘‘කතානායකතුමනි, පහත සඳහන් යෝජනාව මා ඉදිරිපත් කරනවා: "නිල තොරතුරු ලබා ගැනීමේ නිදහස වෙනුවෙන් විධිවිධාන සැලැස්වීමත්, තොරතුරු ලබා ගැනීම-” කරු ජයසූරිය මහතාට කියන්නට ලැබුණේ එපමණකි. රීති ප්‍රශ්නයක් ඇතැයි කියමින් ආණ්ඩු පක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහතා නැගී සිටියේය.

    ‘‘රජය විසින් පතිඥාවක් මේ ගරු සභාවට ලබා දීලා තිබෙනවා. ඒ වාගේම අධිකරණ ඇමතිතුමාත් ලබා දුන්නා. පක්ෂ නායක කමිටුවේදී පැමිණි එකඟතාවට පටහැනිව යළිත් වරක් මේ යෝජනාව ඉදිරිපත් කිරීමේ උත්සාහයට ඉඩ දිය නොහැකියි. පාර්ලිමේන්තුවේ යම් කිසි දෙයක් ගැන එකඟතාවකට පැමිණියාම ඒ එකඟතාව සියලු පාර්ශ්වයන් අනුගමනය කළ යුතුයි. ඒ නිසා ගරු මන්තීතුමාට මම ඉතාම ගෞරවෙයන් කියනවා, මේ උත්සාහය නවත්වලා රජය එක්ක මේ පශ්නය කථා කරලා මෙය ඉදිරිපත් කරන්නය කියලා. ඒ වාගේම අද දින ඉදිරිපත් කරන මේ කාරණාවම පෞද්ගලික මන්තී යෝජනාවක අන්තර්ගත කරලාත් තිබෙනවා. එකම යෝජනාවක් විවිධ තැන්වල එසේ ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට අවසර දිය නොහැකියි. [බාධා කිරීමක්] නැහැ, නැහැ. ගරු කථානායකතුමා අවසර දුන්නේ නැහැ.‘‘

    ඊට පෙර එම යෝජනාව ඉදිරිපත් වූ අව්සථාවෙදි පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩු පක්ෂයෙන් එය ඉදිරිපත් කරනවාට විරුද්ධ වී තිබුණු බව දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.

    ‘‘ඔව්, අපි ඊට පස්සේ ගරු කථානායකතුමාට කිව්වා. අපේ ස්ථාවරය වෙනස් වෙන්නේ නැහැ. මේ හිතුවක්කාර සරුංගල් යැවිලිවලට පාර්ලිමේන්තුව ලක් කරන්න බැහැ. මේවා පක්ෂ නායකයන් අතර පැමිණි එකඟතාවන්.

    ‘‘දැන් මේ යෝජනාවට ආණ්ඩු පක්ෂෙයන් විරෝධතාව දක්වනවා නම්, ඒ මන්තීතුමා යෝජනාව ඉදිරිපත් කළාට පස්සේ අපට කැමැත්ත විමසලා වැඩි පැත්ත අනුව ඒක පරාජය කරන්නත් පුළුවන්. ගරු මන්තීතුමා ඒ යෝජනාව ඉදිරිපත් කරන්න.‘‘ දිනේෂ් ගුණවර්ධන මහතාගේ විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් කතානායක චමල් රාජපක්ෂ මහතා දැනුම් දුන්නේය.

    ‘‘ගරු කථානායකතුමනි, පහත සඳහන් යෝජනාව මා ඉදිරිපත් කරනවා: "නිල තොරතුරු ලබා ගැනීමේ නිදහස වෙනුවෙන් විධිවිධාන සැලැස්වීමත්; තොරතුරු ලබා ගැනීම පතික්ෂේප කිරීමට පාදක වන කරුණු නිශ්චිතව සඳහන් කිරීමත්; තොරතුරු ලබා ගැනීමේ නිදහස පිළිබඳ කොමිෂන් සභාව ස්ථාපනය කිරීමත්; තොරතුරු නිලධාරින් පත් කිරීමත්; තොරතුරු ලබා ගැනීමට ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ ක්‍රියා පටිපාටිය සකස් කිරීමත්; ඊට අදාළ සහ ඊට ආනුෂංගික කරුණු පිළිබඳවත් වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දිය යුතුය.‘‘

    ‘‘ ගරු කථානායකතුමනි, පැමිණි එකඟත්වය තමයි ඉතා ඉක්මනින් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම. ඒකටත් දැන් මාස නවයක් ගියා.‘‘ යැයි කියමින් යෝජනාවෙන් පසු කරු ජයසූරිය මහතා අදහස් දැක්වීමට උත්සාහ කරද්දී කතානායකවරයා අය වැලැක්වීය. ‘‘මාස නවයක් ගිය නිසා මෙග් අයිතියක් තිබෙනවා ජනතාව වෙනුවෙන් කථා කරන්න.‘‘ යැයි කියමින් කරු ජයසූරිය මහතා යළිත් වරක් අදහස් දැක්වීමට උත්සාහ කළේය. එය යලිත් නතර කළ කතානායකවරයා යෝජනාව ස්ථිර කරන ලෙස දැනුම් දුන්නේය. දිනේෂ් ගුණවර්ධන මහතා යළිත් නැගී සිට ඊට විරෝධය පළ කළේය. ආණ්ඩු පක්ෂයේ බාධා කිරීම් මැද මෙම යෝජනාව ස්ථිර කරන ලෙස කතානායක චමල් රාජපක්ෂ මහතා විපක්ෂයට දැනුම් දුන්නේය.

    යෝජනාව ස්ථිර කිරීම සඳහා නැගී සිටියේ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාය. ‘‘ගරු කථානායකතුමනි, මම මේ යෝජනාව-‘‘ කියා පටන් ගනිද්දීම කතානායකවරයා කීවේ කතා පැවැත්වීමට ඉඩ දිය නොහැකි බවයි. ‘‘ගරු කථානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නයෝග අනුව- ‘‘ යැයි කියද්දීම ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා නැගී සිටියේය. ‘‘යෝජනාව ස්ථිර කරන්න කිව්වාම එතුමා කථා පවත්වනවා නේ. ‘‘ යැයි වික්‍රමසිංහ මහතාට බාධා කරමින් අලුත්ගමගේ ඇමැතිවරයා කීවේය.

    ‘‘හරි ඉතින්, ඉන්න කෝ. එතුමාට තේරෙන්නේ නැහැ නේ. මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටෙත් ගරු කරු ජයසූරිය මන්ත්‍රීතුමා යෝජනා කරලා තිබෙන, ‘නිල තොරතුරු ලබා ගැනීමේ නිදහස වෙනුවෙන් විධිවිධාන සැලැසවීමත් ; තොරතුරු ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමට පාදක වන කරුණු නිශ්චිතව සඳහන් කිරීමත්; තොරතුරු ලබා ගැනීමේ නිදහස පිළිබඳ කොමිෂන් සභාව ස්ථාපනය කිරීමත්;..." යනුවෙන් වික්‍රමසිංහ මහතා කතා කරගෙන යද්දී කතානායක චමල් රාජපක්ෂ මහතා යළිත් ඔහුගේ කතාව නවතා යෝජනාව ස්ථිර කරන ලෙස දැනුම් දුන්නේය. කරු ජයසූරිය මහතා ගෙන ආ යෝජනාව ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර කළේය.

    යෝජනාව ස්ථිර කිරීමෙන් පසු යළිත් වරක් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා කතා කරන්නට පටන් ගත්තේය. ‘‘කථාවක් පවත්වන්න දෙන්න බැහැ.‘‘ කතානායක යළිත් කීවේය. ‘‘ඕනෑම යෝජනාවක් ස්ථිර කළාම මේ ස්ථාවර නියෝග යටෙත් කථා කරන්න ඉඩ තිබෙනවා. ඉතින් මම අහන්නේ, 2004 ඉඳන් අප සියලු දෙනාම ඉල්ලපු මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්න විරුද්ධ ඇයි කියලයි.‘‘ වික්‍රමසිංහ මහතා කියද්දී යලිත් වරක් කතානායකවරයා හඬ අවදි කළේය.

    කථානායක - විපක්ෂ නායකතුමා, තමුන්නාන්සේමේ ස්ථාවර නියෝග ගැන හොඳට දන්නවා.

    විපක්ෂ නායක - හරි ඉතින්. මම අහන්නේ එච්චරයි. ස්ථාවර නියෝග යටෙත් මට කථා කරන්න අයිතිය තිබෙනවා.

    කතානායක - විවාද කරන්න ඉඩ දෙන්න බැහැ.යෝජනාව ස්ථිර කළා. ආණ්ඩු පක්ෂය?

    වික්‍රමසිංහ මහතාට කතා කිරීමට හා යෝජනාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ඉඩ දිය නොහැකි බව කතානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඉන් පසු පාර්ලිමේන්තුවේ සභා නායක ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා නැගී සිට යෝජනාවට විරුද්ධ බව ප්‍රකාශ කළේය. ඉන් පසු කතානායක චමල් රාජපක්ෂ මහතා කටහඬ අනුව ඡන්දය විමසීම සිදු කළ යුතු යැයි ප්‍රකාශ කළේය.

    කථානායක - ආණ්ඩු පක්ෂය යෝජනාවට විරුද්ධයි. කටහඬින් කැමැත්ත විමසීම.

    නිමල් සිරිපාල ද සිල්වා - විරුද්ධයි. විරුද්ධයි. [බාධා කිරීම්]

    අජිත් පී. පෙර්රා - ඇයි බයද? [බාධා කිරීම්]

    නිමල් සිරිපාල ද සිල්වා - බය නැහැ. විරුද්ධයි. [බාධා කිරීම්]

    අජිත් පී. පෙර්රා මහතා - ඇයි, තොරතුරු දෙන්න බයද? [බාධා කිරීම්]

    දයාසිරි ජයෙසකර - ඇයි මේ භූමිතෙල් ගෑවුණු ගැරඬි වාගේ කෑ ගහන්නේ? [බාධා කිරීම්]

    අජිත් පී. පෙර්රා - බහුතරයක් ඉන්න ආණ්ඩුව ඇයි ඔච්චර බය? [බාධා කිරීම්]

    කථානායක - වැඩි ශබ්දයට ජයග්‍රහණය- [බාධා කිරීම්] ඒ හන්දා ඒක- [බාධා කිරීම්]

    ඒ අනුව කටහඬ අනුව ඡන්දය විමසන බව දැනුම් දුන් කතානායකවරයා ප්‍රශ්න ඉදිරිපත් කළ ඡන්දය ලබා ගත්තේය. ලබාගෙන කටහඬවල් අනුව ‘විරුද්ධ‘ මන්ත්‍රීන්ට ජය බව කතානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

    අල්හාජ් ඒ.එච්.එම්. අසවර් මහතා - Divide by name! (නමින් බෙදීමක් දෙන්න)

    කථානායක - ඒක අනුමත නැහැ. [බාධා කිරීම්]

    රනිල් විකමසිංහ - Divide by name! (නමින් බෙදීමක් දෙන්න)

    නිමල් සිරිපාල ද සිල්වා - No (බැහැ) [බාධා කිරීම්]

    දයාසිරි ජයසේකර - Divide by name! (නමින් බෙදීමක් දෙන්න) [බාධා කිරීම්]

    කරු ජයසූරිය - Divide by name! (නමින් බෙදීමක් දෙන්න) [බාධා කිරීම්] ලෝකය දැන ගත්තාවේ. එච්චරයි.

    අල්හාජ් ඒ.එච්.එම්. අසවර් - Divide by name! (නමින් බෙදීමක් දෙන්න)

    කතානායක - ඔව්, අස්වර් මන්තීතුමා නමින් ඉල්ලා සිටිනවා. කැමැත්ත නමින් ගන්න.

    අල්හාජ් ඒ.එච්.එම්. අසවර් - Sir, I rise to a point of Order. (රීති ප්‍රශ්නයක් තිබෙනවා)

    කථානායක - ගරු මන්තීතුමා, මෙහි සීනුව නාද වෙනවා. Point of Order (රීති ප්‍රශ්න) ගෙනන්න බැහැ. කරුණාකර වාඩි වෙන්න. [බාධා කිරීම්]

    කෙසේ වෙතත් අස්වර් මහතා නැගී සිට ඉල්ලූ බෙදීමට අනුව නමින් ඡන්දය විමසීමට කතානායකවරයා තීරණය කළේය. ඉන් පසු බෙදුම් සීනුව නාදවීමෙන් පසු ඡන්දය නමින් විමසීම ආරම්භ විය.

    කරු ජයසූරිය මහතාගේ යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 32ක් පමණි. විරුද්ධව ඡන්ද 99ක් ලැබිණි. නොපැමිණි මන්ත්‍රීන් ගණන 93කි. වැඩි ඡන්දයෙන් යෝජනාව පරාජය වූ නිසා යෝජනාව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුවූයේ නැත.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නි‌යෝග 47(1) ට අනුව කථානායකවරයා විසින් ප්‍රශ්නය සභාවට ‌යොමුකරනු ලැබ පක්ෂ අය “පක්ෂයි”යනු‌වෙන් ද විපක්ෂ අය “විරුද්ධයි” යනු‌වෙන් ද ප්‍රකාශ කිරීමෙන් කටහඬ අනුව ඡන්දය විමසිය හැකිය. සභා‌වේ මතය පැහැදිලි ප්‍රමාණවත් බවකින් ප්‍රකාශ වූ බවට කථානායකවරයා සෑහීමකට පත්‌වේ නම් ඒ බව සභාවට ප්‍රකාශ කළ හැකිය. කතානායක චමල් රාජපක්ෂ මහතා ‘කටහඬ‘ අනුව ඡන්දය විමසා ‘විරුද්ධයි‘ කී මන්ත්‍රීවරුන්ට ජය බව ප්‍රකාශ කළේ එම ස්ථාවර නියෝගය අනුවය.

    කථානායකවරයා‌ගේ තීරණය පිළිබඳව යම් මන්ත්‍රීවර‌යෙක් සෑහීමකට පත්නොවන්‌නේ නම් එම මන්ත්‍රීවරයාට ‌බෙදීමක් ඉල්ලා සිටිය හැකිය. බව එම ස්ථාවර නියෝගයේ දැක්වේ. අස්වර් මන්ත්‍රීවරයා නැගී සිට නමින් බෙදීමක් ඉල්ලුවේ ඒ අනුවය. ඉන් පසු බෙදීමේ සීනුව නාද කර නමින් ඡන්දය විමසුවේ ස්ථාවර නියෝගවලට අනුවය.

    පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී විශ්වාස භංග යෝජනාව ගෙන ආවේ විපක්ෂයේ මන්ත්‍රීවරයකුවිසිනි. කතානායකවරයා ඊට ‘කටහඬ‘ අනුව ඡන්දය විමසුවේය. වෙනත් ක්‍රමයකට ඡන්දය ඉල්ලන්නැයි කිසිම මන්ත්‍රීවරයකු නැගී සිට බෙදීමක් ඉල්ලනු පෙනුනේ නැත.

    මේ අතර සිකුරාදා (16) පාර්ලිමේන්තුවේ ඇතිවූ කලබගෑනියෙන් පසු පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු කතානාය චමල් රාජපක්ෂ මහතා මෙසේ කීවේය.

    ‘‘අපට මීට වඩා මේ කතානායකවරයාට පාර්ලිමේන්තුවේ ගරු කිරීමක් කරන්නත් බෑ. සභාවක් පවත්වාගෙන යන්න ඉඩ දෙන්නත් බෑ. අපිටත් පාර්ලිමේන්තුව කරගෙන යන්න සහයෝගය දිය හැක්කේ එතුමා අපක්ෂපාතී නම් පමණයි. එතුමා එක පැත්තකට ඇහුම්කන් දීලා තවත් අයගේ උවමනාවන්ටයි වැඩ කරන්නේ. මේ සවස් තුනේම සිදුවූ සිදුවීම් අපි හෙළා දකිනවා. එක පැත්තකින් කණගාටු වෙනවා. මේ සියල්ලටම වගකිවයුත්තේ කතානායකවරයායි. ‘‘

    ‘‘මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න නම් එතුමා පාර්ලිමේන්තුව තුල සාමකාමී වාතාවරණයක් ඇති කර ගත යුතුයි. එහෙම නම් එතුමාට තියෙනවා හැමදෙනාගෙම අදහස් විමසලා සාමය ඇති කරන්න. හැම දෙනාගෙම අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දෙන්න ඕනෑ. මේක බරපතල කරුණක්. නමුත් මෙතුමා ඉඩ දුන්නේ නෑ.''

    (ෙතාරතුරු උපුටා ගත්ෙත් ජුනි මස 21 වැනි දා හැන්සාඩ් වාර්තාෙවනි)

    - http://www.lankadeepa.lk/features/චමල්-රාජපක්ෂ-මහතා-කටහඬ-අනුව-ඡන්දය-විමසූ-අවස්ථාවක්/2-540552