අපිට මේ වගකීමෙන් ගැල්වී යා නොහැක.

Pathumpiyasa

Active member
  • Sep 5, 2013
    483
    165
    43
    අපිට මේ වගකීමෙන් ගැල්වී යා නොහැක.

    අපේ රටේ මිනිස්සු ගැන දේශ පාලකයෝ හිතාගෙන ඉන්න විදිහ ගැන හිතාගන්නත් අමාරුයි. කොහොමද බාල්ල්ල ඔහොම අතේ පත්තු වෙන බොරු කියන්නේ ? මේක බොරුවක් කියල මාට්ටු උනොත් සමාජේ තියන පිලි ගැනීම නැති වෙනවා නේද කියල හිතෙන්නනෙ නැද්ද?

    උදා: පිහියක් නෙමේ ගෙනාවේ පෑනක්
    මිරිස් වතුර නෙමේ කොකාකෝලයි ලෙමනේඩ් මිශ්‍ර කරලා ගැහුවේ
    මම දික්කසාද වෙනවා ද්රිත්ව පුරවැසි බාවය අයින් කරන්න ඕන නිසා.

    මේ වගේ එකී නොකී බොරු කොච්චර නම් මේ දවස් ටිකට අපි අහන් හිටියද?
    එහෙම අහගෙන හිටියට අපිට ලැජ්ජාවක් තියනවද? අපි ලබන සැරේත් අපේ නායකත්වයට පත් කරන්නේ මේ පුද්ගලයෝම නේද?

    මේ ප්‍රශ්නේ මෙච්චර දුරදිග යන්න හේතු උන කරුණු අපි බලමු.

    1. ජනාධිපති තුමා ජාතික ආණ්ඩුවෙන් එතුමාගේ පාර්ශවය අයින් කරගන්නවා. ප්‍රශ්නයක් නැනේ ?

    2. මහින්ද අගමැති කරනවා. කරපු විධිහේ ප්‍රශ්නයක් තියනවා කියල චෝදනා කරනවා පොඩ්ඩකට අමතක කරමු ඒක.

    3. දෙපැත්තේන්ම ඊටපස්සේ 113 එකතු කරනවා (වරදාන වරප්ප්‍රසාද වලට හෝ මොනයම් හෝ හේතුන් මත සමහරු පැති මාරු කරනවා) මෙන්න මේක සැලකිය යුතු කාරණාවක්. මොකද අපේ රටේ මිනිස්සු චන්දෙ දෙන්නේ එක පක්ෂෙකට. එකෙන් දාන්නේ මොකාද උට කතිරේ ගහනවා. එහෙම නැත්තන් එම පක්ෂ්ම වෙන කෙනෙක් ව තමයි බලන්නේ. වෙන හොද කෙනෙකුත් නැත්තන් චන්දෙ දෙන්න යන්නේ නැ. ඕකනේ ඇත්ත ?????? මම දේශපාලනේ ගැන කතා කරනකොට අහන ප්‍රශ්න 2ක් තියනවා

    3.1. පක්ෂ කීයකට චන්දෙ දිල තියනවද? හරිම හරිම අඩුවෙන් තමයි අත, පුටුව, බුලත්කොලේ, අලියා, හංසයා, පොහොට්ටුව සිනුව, වගේ හැම එකකටම නැතත් කිහිපයකට හරි චන්දෙ දීපු මිනිහෙක් හම්බවෙලා තියෙන්නේ. ගොඩක් මිනිස්සු එක්කෝ අත ->පුටුව-> බුලත්කොලේ-> පොහොට්ටුව. නැත්තන් අලියා -> හංසයා. එහෙමත් නැත්තන් සීනුව. ඒකියන්නේ බහුතරය ප්‍රදාන පක්ෂෙන් පිට ගිහින් නෑ.

    3.2. දෙමව්පියෝ ඔය ප්‍රදාන පක්ෂෙන් පිට චන්දෙ දිල තියනවද? බොහෝවිට උත්තරය නෑ කියන එක තමයි.

    එතකොට අපෙන් චන්දේ ගත්තු ඩයල් වලට පක්ෂ ගැන එහෙම කැක්කුමක් තිබ්බද? නැ නේ ? උදේට මෙහෙ හවසට එහේ ආයේ කෙලවෙනවා වගේ පේනකොට මෙහේ. එහෙම නෙමේද උනේ ?????

    එතකොට මොන මගුලකටද යකෝ අපි තොපි එක පක්ෂයක් අල්ලාගෙන ඉන්නේ ????? ඔහොම එකම පක්ෂෙක එල්ලිලා ඉන්න උන්ට මම කියන දේ තේරෙන්ඩ උබල චන්දෙ දෙන මන්ත්‍රී තුමා අනිත් පක්ෂෙට පනිවා කියල ප්‍රාර්තනකරනවා!!!!!!!!

    4. ඔය 225 න් 100කට ආසන්න හෝ වැඩි සෙට් එකක් කියනවා ජනාදිපති තුමාගේ තීරණය නිත්යානුකුලයි කියල ඒවගේම තව සෙට් එකක් කියනවා ඒක වැරදී කියල.

    එතකොට ඔය සෙට් දෙකෙන් එකනෙ හරි නේ?? ඒ කියන්නේ 100 කට ආසන්න ගානක් ඉන්නව ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවල තේරුම්ගන්ඩ බැරි. නැත්තන් වෙන මොනයම් හෝ හේතුවක් මත ඇත්ත වසන් කරමින් බොරුවට නටන. එසේ නම් ඔබ හිතනවද ඔවුන් අවංකව මේ රට ගොඩ නගයි කියල ?

    ඕක කියවල තේරුම් ගන්ඩ බැරි උන් කොහෙද බන් රටේ අනිත් නීති හදන්නේ ?

    අනික මේ ඇති වෙලා තියන ව්‍යවස්ථාවේ අපැහදිලි තත්වයට පැහැදිලිව වගකිවයුත්තේ ඔය ව්‍යවස්ථා සම්මත කල ඔව්න් හැර වෙන කව්රුන්ද? අපිද මේවා සම්මත කලේ.

    හැබැයි අපිට මේ වගකීමෙන් ගැල්වී යා නොහැක.මොකද අපි තමයි ඔය සෙට් එක පත් කලේ. අපි පාට පක්ෂ වල එල්ලිලා ඉදල එකෙන් ඉදිරිපත් වෙන ඕනෑම බුරුවෙක් වෙනුවෙන් අපි කතිරේ ගහල ඔයිට වඩා දෙයක් බලාපොරොතු වෙන්ඩ පුලුවන්ද?

    අපි හැදෙන ජාතියක් නෙමේ. මම පැයක් විතර පුටුවේ ඉදගෙන පුක රිදෙනකන් මේක ටයිප් කලත් විනාඩි 2න් මේක කියවල මගේ වැරද්දක් හොයල මට බැනල අයෙ ගිහින් උබලගේ පක්ෂේටම කතිරේ ගහපියව්.


    නැත්තන් බම්ප් එකක් දාලා අනිත් උන්ටත් පෙන්නපන් උබලගේ අදහස කියපල්ලා
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    එතකොට මොන මගුලකටද යකෝ අපි තොපි එක පක්ෂයක් අල්ලාගෙන ඉන්නේ ?????

    එහෙමම කියන්නත් අමාරුයි නේ, මහින්දගෙ මාස දෙකේ පක්ෂෙට අතයි අලියයි සිනුවයි ඔක්කොම පරාදයිනේ LG polls වල
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    එහෙමම කියන්නත් අමාරුයි නේ, මහින්දගෙ මාස දෙකේ පක්ෂෙට අතයි අලියයි සිනුවයි ඔක්කොම පරාදයිනේ LG polls වල

    අපේ ඇටිටියුඩ් වෙනස් වෙලාද බන් ?
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    මොකද අපේ රටේ මිනිස්සු චන්දෙ දෙන්නේ එක පක්ෂෙකට. එකෙන් දාන්නේ මොකාද උට කතිරේ ගහනවා. එහෙම නැත්තන් එම පක්ෂ්ම වෙන කෙනෙක් ව තමයි බලන්නේ. වෙන හොද කෙනෙකුත් නැත්තන් චන්දෙ දෙන්න යන්නේ නැ. ඕකනේ ඇත්ත ??
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    මොකද අපේ රටේ මිනිස්සු චන්දෙ දෙන්නේ එක පක්ෂෙකට. එකෙන් දාන්නේ මොකාද උට කතිරේ ගහනවා. එහෙම නැත්තන් එම පක්ෂ්ම වෙන කෙනෙක් ව තමයි බලන්නේ. වෙන හොද කෙනෙකුත් නැත්තන් චන්දෙ දෙන්න යන්නේ නැ. ඕකනේ ඇත්ත ??

    ඉතිං පක්ෂ දෙකකට ගැහුවොත් චන්දෙ අවලංගුයිනේ. සෝ මොකක්හරි හේතුවක් නිසා තමන් කැමති පක්ෂෙන් දාන එකාට කතිරෙ ගහනව. කොහොමත් අන්තිමට පාර්ලිමේන්තුවට ගියාම පක්ෂයක් විදිහට ඒකමතික තීරණ නෙ ගන්නෙ :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    අයියෝ කවුද බන් දේශපාලන පක්ස බදාගෙන ඉන්නෙ. පක්ස දේසපාලානේ කුජීතයි තුච්චයි. ඊයා.


    හෙට මෛත්‍රී අත වෙනුවට පුක පෙන්නගෙන ආවොත් අපි පුකට ඡන්දෙ දෙන්න ඕන

    හෙට මහින්ද පොහොට්ටුව වෙනුවට ගංජා කොලේ පෙන්නගෙන ආවොත් අපි ගංජා කොලේට ඡන්දෙ දෙන්න ඕන

    හෙට අලියා වෙනුවට මීහරකා පෙන්නගෙන ආවොත් අපි මීහරකට ඡන්දෙ දෙන්න ඕන

    හෙට සීනුව වෙනුවට නාස් ලනුව පෙන්නගෙන ආවොත් අපි නාස් ලනුවට ඡන්දෙ එහෙන්න ඕන



    දැන් තේරුනානේ. අන්නේකයි ප්‍රතිපත්ති දේසපාලනෙ කියන්නෙ. පක්ස පාට වලට එහා ගිය ප්‍රතිමූර්තිය ප්‍රතිපත්තිය කරන උගත් ජනතාවක් අපි. අපිව හෑල්ලුවට දාලා කතා කරන්න එපා. ගරු කරපන්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියෝ කවුද බන් දේශපාලන පක්ස බදාගෙන ඉන්නෙ. පක්ස දේසපාලානේ කුජීතයි තුච්චයි. ඊයා.


    හෙට මෛත්‍රී අත වෙනුවට පුක පෙන්නගෙන ආවොත් අපි පුකට ඡන්දෙ දෙන්න ඕන

    හෙට මහින්ද පොහොට්ටුව වෙනුවට ගංජා කොලේ පෙන්නගෙන ආවොත් අපි ගංජා කොලේට ඡන්දෙ දෙන්න ඕන

    හෙට අලියා වෙනුවට මීහරකා පෙන්නගෙන ආවොත් අපි මීහරකට ඡන්දෙ දෙන්න ඕන

    හෙට සීනුව වෙනුවට නාස් ලනුව පෙන්නගෙන ආවොත් අපි නාස් ලනුවට ඡන්දෙ එහෙන්න ඕන



    දැන් තේරුනානේ. අන්නේකයි ප්‍රතිපත්ති දේසපාලනෙ කියන්නෙ. පක්ස පාට වලට එහා ගිය ප්‍රතිමූර්තිය ප්‍රතිපත්තිය කරන උගත් ජනතාවක් අපි. අපිව හෑල්ලුවට දාලා කතා කරන්න එපා. ගරු කරපන්.

    :rofl::rofl::rofl::rofl:
    KMA!