පල්ලෙවත්තගෙ වත්තට හොට දැමීම...............
දැන් දැන් නැවතත් "අනුන්ගේ පානෙන් එළිය බැලීම" ඇරඹී ඇති බවක් පෙනේ. සමණලුන්ට තටු ආ සමයේ යටපත්ව, අමතක කර, අහකට දමා සිටි පල්ලෙවත්ත නැවතත් කරළියට පහල වීය. විවිධාකාර කියමන්, වියමන්, වියත් වැකි, ආත්තෝපදේශ පිරි පින්තූර සමාජ ජාලා ඔස්සේ තටු ගසමින් ඔබ මොබ සැරි සරන්නට පටන් ගෙනය.
පුදුමයට කරුණනම් මේ සියලු දේ වහ වහා බෙදාහරින්නේද, ඒවාට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් කර තබාගෙන දුවන්නේද එකම කණ්ඩායමක් වීමය. සුපිරි කෝටිපතියෙකු බවත් ලංකාණ්ඩුවේ ණය තනිව ගෙවීමට වුවත් හැකි බවත් කියති.සරල සුමට පැල ඉන්දීමත් කප් රුකක් සේ රටවැසියාට සියලු සැපසම්පත් ලබාදීම පෙරදැරිව කටයුතු කරන බවත් කියති.
බෙදාහරින්නෝද මැදිහත්ව මෙත් සිතින් ලංකාවේ ජනී ජනයා වෙනුවෙන් ඒවාට අදහස් දක්වන්නෝද වන්නේ කවුරුන්ද? ඒ නම් හිමි අහිමි තනතුරෙන් බැට කා එහි රසය නිසාම, මහා මන්දිර අරක් ගන්නා වූ ප්‍රේත පිසාච කුම්භාන්ඩයන්ට යන එන මන් නැති කල වුන් හා රටේ මෙතරම් ප්‍රශ්න ඔඩු දුවා තිබියදීත් 20 සංශෝදන ගෙන ආ අයර්ලන්ත කුමරු ප්රමුඛ නඩයත්ය.
පල්ලෙවත්තගේ වත්තට පැනීමේ වාසිය මොන වගේද දැන්?.................
1. පල්ලෙවත්ත පොදු අපේක්ෂක වෙයිද?
2. රනිල්ම ඉල්ලා පල්ලෙවත්ත ලවා සිංහල ජන්ද කඩා දමයිද?

Last edited: