Google එකෙන් කරන සුපිරි වැඩකිඩ 10ක්…

Foxy_Rox

Member
Sep 29, 2018
181
122
0
Google එකෙන් කරන සුපිරි වැඩකිඩ 10ක්…

lcd-cld13.png


ලෝකෙ කවුරුත් අවිවාදයෙන් පිළිගන්න දෙයක් තමයි Google කියන්නේ අන්තර්ජාලයේ තියෙන වටිනාම වෙබ් අඩවියක් කියන එක.ගොඩක් අය Google කිව්වම දන්නේ දේවල් සොයන්න පාවිච්චි කරන හොඳම සෙවුම් යන්ත්‍රයක් විදිහටනේ. කරන්නෙත් හොයන එකම විතරනේ 🙂 ඉතින් අද අපි කියලා දෙනවා Google එකෙන් කරන්න පුළුවන් සුපිරි රහස් වැඩ 10ක්ම.

(1) “Atari Breakout” ක්‍රීඩා කරමු.
9.png


මේක කරන්නෙ මෙහෙමයි මුලින්ම Google Images වෙත යන්න. දැන් “Atari Breakout” ලෙස Type කර Enter කරන්න. ඔච්චරයි තත්පරයක් ඇතුළත Game එක දිස්වෙයි ඔයාලට.

(2) “Zerg Rush” ක්‍රීඩා කරමු.
5.png


මේක කරන්න Google වෙත යන්න. දැන් “Zerg Rush” ලෙස Type කර Enter කරන්න. දැන් ඔයාලට Game එක දිස්වෙයි. කරන්න තියෙන්නේ සෙවුම් ප්‍රතිඵල (Search Results) ටික විනාශ කරන්න එන රවුම් ටික Click කර කර විනාශ කරලා දාන්නයි…

(3) Google Translate එකේ අතින් ලියමු.
10.png


මුලින්ම Google Translate වෙත යන්න. දැන් Text box එකේ පහළ වම් කෙළවරේ ඇති Pencil option එක Click කර අවශ්‍ය වචනය අතින් ලියන්න පටන්ගන්න‍. මේක character-based languages පරිවර්ථනය කරන්න තමයි උපකාරවත් වෙන්නේ.

(3) විශාල අංකයක් කියවමු.
3.png


දැනගෙන හිටියද Google එකට ගිහින් අංක කියවන විදිහ ඉගෙනගන්න ඔයාට ප්‍රයෝජනවත් වෙන බව? කරන්න තියෙන්නේ Google එකට ගිහින් අංකය Type කරන්න (අංකය ඉලක්කම් 13 හෝ ඊට අඩු විය යුතුයි) දැන් සමාන ලකුණ (=) ඊට ඉදිරියෙන් Type කරලා අංකය කියවගන්න ඕණෙ භාශාව Type කරන්න. දැන් Enter කරන්න.

(4) ගණක යන්ත්‍රයක් (Calculator එකක්).
11.png


Google එකට ගිහින් “Calculator” ලෙස Type කරන්න. දැන් Enter කරන්න.

(5) ජ්‍යාමිතික හැඩතල විසඳමු.
1.png


Google එකට ගිහින් “solve [හිස්තැනක්]” හිස්තැනට විසඳීමට අවශ්‍ය හැඩය (උදා:- circle, rectangle, triangle, trapezoid, ellipse ආදී වශයෙන්) යොදා Type කරන්න. දැන් Enter කරන්න. දැන් උඩ වම්පස කෙළවරේ තියෙන Solve for කියන option එක Click කරලා විසඳන්න ඕණෙ දේ තොරගන්න. (වර්ගඵලය, පරිමිතිය ආදී වශයෙන්) දැන් ඉල්ලන දත්ත ටික දෙන්න විතරයි තියෙන්නෙ. උත්තරය එවෙලේම ලැබෙයි.

(6) ප්‍රස්ථාර නිර්මාණය කරමු.
2.png


Google එකට ගිහින් “graph for x^2” හෝ “graph for tan (x)” ආදී වශයෙන් Type කර Enter කරන්න. ක්ෂණිකව ප්‍රස්ථාරය ලබාගන්න.

(7) සන්තෝසම් ගණක යන්ත්‍රය (Tip Calculator).
4.png


මේක වේටර්වරුන්ට එහෙම වැදගත් වෙයි. අනිත් අයටත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. Google එකට ගිහින් “tip calculator” ලෙස Type කරන්න, බිල්පතේ වටිනාකම සඳහන් කරන්න. ඉන්පසු සංතෝසම් ප්‍රතිශතය සහ සංතෝසම බෙදී යා යුතු පුද්ගලයින් ගණන සඳහන් කරන්න.

(8) මූල්‍යමය අගයන් පරිවර්ථනය කරගමු.
6.png


මේකනම් Google Currency Converter එකෙන් කරන්න පුළුවන් තමයි. නමුත් මේ කියලා දෙන්නේ ඒක කෙලින්ම සෙවුමෙන් කරන විදිහයි. කරන්න තියෙන්නේ Google එකට ගිහින් මූල්‍ය පරිවර්ථනේ කරන්න ඕණෙ මොන මුදල් වර්ගෙන් මොන වර්ගෙටද කියලා Type කරන්න විතරයි. (උදා :- “100 GBP to USD”) Enter කළ විගසම පරිවර්ථනය වී මූල්‍ය අගය ලැබෙයි.

(9) ටයිමරයක්. (Timer)
7.png


මේකත් ඉතින් සාමාන්‍ය Timer එකක් තමයි. කරන්න තියෙන්නේ Google එකට ගිහින් Google Timer ලෙස Type කරන්න විතරයි. මේකේ කරන්න තියෙන්නෙ කාලයක් දෙන්න විතරයි. දුන්නු කාලය අවසන් වුණාම Alarm එකක් නාද වෙනවා. Stopwatch එකත් ඇතුළත්.

(10) භාෂාවක් පරිවර්ථනය කරමු.
8.png


මේකෙදී කරන්න තියෙන්නෙ Google එකට ගිහින් අපේ භාෂාව සහ අපිට පරිවර්ථනය කරන්න ඕණෙ භාෂාව Type කරන්න විතරයි. (උදා:- “French to English”) දැන් Enter කරන්න. දිස්වෙන Text box එකේ පරිවර්ථනය කරන්න ඕණ දේ Type කරන්න…


ඉතින් මෙච්චර වටින වැඩ කිඩ 10ක් කියලා දුන්නට කමෙන්ට් එකක් දීලා යන්න කියලා ඉල්ලා සිටිනවා 😀
තවත් ලිපියකින් එහෙනම් හමුවෙමු.

උපුටාගැනීම - https://lcdcld.wordpress.com
 

Foxy_Rox

Member
Sep 29, 2018
181
122
0

░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░


bump
++rep


කට්ටියටම ස්තුතියි බම්ප් කළාට, රිපලයි කළාට... ඔන්න ඒ වෙනුවෙන් රෙප්+++