ශාක පටක රෝපණය

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ශාක පටක රෝපණය

    ශාක පටක රෝපණය කියන්නේ, ශාකයක ඕනෑම කොටසක් (තනි සෛලයක්, සංවිධානය වූ සෛල එකතුවක්, සංවිධානය නොවූ සෛල එකතුවක්) කෘතීම රෝපණ මාධ්‍යයක් තුළ පාලිත තත්වයන් යටතේ වගා කිරීමයි.

    මෙහිදී තනි ශාක සෛලයකට, සම්පූර්ණ ශාකයක් බවට පත්වීමට ඇති හැකියාව තමයි භාවිතයට ගැනෙන්නේ. අපි එම හැකියාව "Totipotency" කියලා හඳුන්වනවා.

    ප්‍රධානම දේ තමයි පටක රෝපණය කරන්නේ විෂබීජ (දිලීර, බැක්ටීරියා, වෛරස්) රහිත තත්ත්වයන් යටතේ වීම. මේ සඳහා විශේෂිත විද්‍යාගාර පහසුකම් අවශ්‍ය වෙනවා.


    පටක රෝපණ විද්‍යාගාරයක් තුළ තිබිය යුතු මූලික ස්ථාන

    1. Ex-plant Preparation Room (පටක රෝපණය සඳහා ගන්නා ශාක කොටස් ඒ සඳහා සූදානම් කිරීමේ ස්ථානය)

    2. Media Preparation Room (රෝපණ මාධ්‍යය පිළියෙළ කරන ස්ථානය)

    3. Transfer Area (පටක රෝපණය සඳහා ගන්නා ශාක කොටස් රෝපණ මාධ්‍යයට හඳුන්වා දෙන ස්ථානය)

    XDOsMT6.png


    4. Culture Growth Chamber (ශාක වර්ධනය වන ස්ථානය)

    5. Microscopic Unit (optional)

    (1). පටක රෝපණය සඳහා ගන්නා ශාක කොටස් ඒ සඳහා සූදානම් කිරීමේ ස්ථානය තුළ තිබිය යුතු මූලික දේ

    - Large sinks
    - Drainage Racks (ජලය ගලායෑම සඳහා උපකරණ රැඳවිය හැකි රාක්ක)
    - Water Distillation Unit (ආස්‍රැත ජලය නිෂ්පාදනය කරන ඒකකයක්)
    - Ovens (වීදුරු භාණ්ඩ සහ ආම්පන්න වියළීම සහ ජීවානුහරණය කිරීම සඳහා වන උඳුන්)
    - Detergents/Sterilents (වීදුරු භාණ්ඩ සහ ආම්පන්න පිරිසිදු කිරීම සඳහා)
    - Autoclave (contaminated cultures ජීවානුහරණය කිරීම සඳහා ගන්නා පීඩන තාපකයක්)


    (2). රෝපණ මාධ්‍යය පිළියෙළ කරන ස්ථානයේ තිබිය යුතු මූලික දේ

    iGMfnTQ.png


    - Analytical Balance, Top Loading Balance
    - රෝපණ මාධ්‍යය පිළියෙළ කිරීමට ගන්නා රසායනික ද්‍රව්‍යය සහ උපකරණ
    - ශීතකරණයක්
    - pH Meter , EC Meter, Magnetic Stirrer
    - Microwave Oven
    - Autoclave (රෝපණ මාධ්‍යය, වීදුරු භාණ්ඩ සහ ආම්පන්න ජීවානුහරණය කිරීම සඳහා ගන්නා පීඩන තාපකයක්)


    gItDpHL.png


    (3). පටක රෝපණය සඳහා ගන්නා ශාක කොටස් රෝපණ මාධ්‍යයට හඳුන්වා දෙන ස්ථානය තුළ තිබිය යුතු මූලික දේ

    - Laminar Flow Air Cabinet (අනවරත ප්‍රවාහ කුටිය)

    TAXIjqJ.jpg


    - Air Conditioner (වායු සමන යන්ත්‍රය)
    - Incubators
    - Storage racks, Clorox, Alcohol, Tween 20, Stirrer, Tissue Papers, Lab coats, Disposable gloves and face masks

    (4). ශාක වර්ධනය වන ස්ථානය තුළ තිබිය යුතු මූලික දේ

    - Culture Growing racks (ශාක වර්ධනය වීමට තබන රාක්ක)

    rrTuV4w.jpg


    - Controlled environmental conditions – Temperature, Humidity, Illumination, Photoperiod, Air Circulation (පාලිත පරිසර තත්ත්ව)


    පටක රෝපණයේදී භාවිතා කරන විවිධ ජීවානුහරණ ක්‍රම

    1. Dry Heat Sterilization (වියළි තාප ජීවානුහරණය)

    වීදුරු භාණ්ඩ සහ ආම්පන්න විදුලි උඳුනක් තුළ 140 °C -160 °C ක උෂ්ණත්වයක් යටතේ පැය 3-4 පමණ කාලයක් තැබීම මගින් ජීවානුහරණය කිරීම සඳහා මෙම ක්‍රමය යොදාගනී

    2. Wet Heat Sterilization (තෙත් තාප ජීවානුහරණය)

    වීදුරු භාණ්ඩ, රෝපණ මාධ්‍යය, ආස්‍රැත ජලය සහ ආම්පන්න පීඩන තාපකයක් තුළ 121 °C ක උෂ්ණත්වයක් සහ 1.5 kgcm-2ක පීඩනයක් යටතේ විනාඩි 15 කාලයක් තැබීම මගින් ජීවානුහරණය කිරීම සඳහා මෙම ක්‍රමය යොදාගනී.

    3. Filter Sterilization (පෙරනය මගින් ජීවානුහරණය)

    තාපයට සංවේදී / තාප අස්ථායි රසායනික ද්‍රව්‍යය (Vitamins, Enzymes and Antibiotics) ජීවානුහරණය කිරීම සඳහා මෙම ක්රමය යොදාගනී. මේ සඳහා සිදුරක ප්‍රමාණය 0.22-0.45 µm වන පෙරන ඒකක භාවිතා කරයි

    4MExM7q.jpg
    d1odrJR.jpg


    4. Ex-plant Sterilization

    බාහිර පරිසරයෙන් රැගෙන එන ශාක කොටස් වල පිටත ජීවානුහරණය කිරීමයි.
    Teepol, Clorox, Ethyl Alcohol වැනි රසායනික ද්‍රව්‍යය මේ සඳහා භාවිතා කරයි


    5. Flame Sterilization (ගිනි දැල්ලක් ආධාරයෙන් ජීවානුහරණය)

    ජීවාණුහරිත ආම්පන්න (Scalpels, Forceps, Scissors, etc.) ගිණි දැල්ලකට අල්ලා නැවත වතාවක් ජීවානුහරණය කරගැනීම.

    පටක රෝපණ ක්‍රියාවලියේ ප්‍රධාන අදියරයන්

    1. Maintenance of mother plants (මව් ශාක නඩත්තුව)

    2. Ex-plant Sterilization and Preparation

    3. Culture Initiation (රෝපණ ස්ථාපනය කිරීම)

    4. Multiplication Stage – (රෝපණ ගුණනය වන අවධිය)

    0guno8q.jpg


    5. Acclimatization / Weaning Stage (පටක රෝපණයෙන් නිෂ්පාදනය කළ ශාක බාහිර පරිසරයට හුරු කිරීමේ අවධිය)


    විවිධ රෝපණ ආකාර

    1. Seed Culture (බීජ රෝපණය)

    2. Embryo Culture (කළල රෝපණය)

    3. Organ Culture (අවයව රෝපණය)
    (විභාජක පටකය, අග්‍රස්ථ අංකුර, මුල්, පත්‍ර, මල්, අංකුර, තනි සෛල)


    ශාක පටක රෝපණයේ අනෙකුත් භාවිත

    1. Artificial/Synthetic Seed Production (කෘතීම බීජ නිෂ්පාදනය)

    ZwEAj3g.png


    2. Production of virus free plants (වෛරස් වලින් තොර ශාක නිෂ්පාදනය)
    -By heat treatment or Meristem culture

    3. Germplasm Conservation/ Preservation (ජනකප්ලාස්මය / ශාක සංරක්ෂණය)
    -By slow growth technique or cryopreservation

    JfkLttW.jpg



    ශාක පටක රෝපණයේ වාසි කිහිපයක්

    1. ගුණාත්මක ලක්ෂණ සහිත මව් ශාක වලට සමාන ශාක නිෂ්පාදනය කරගත හැකි වීම
    2. රෝග වලින් තොර ශාක නිෂ්පාදනය කරගත හැකි වීම
    3. එකවර ශාක විශාල ප්‍රමාණයක් වාණිජ මට්ටමින් භාවිතා කිරීම සඳහා නිෂ්පාදනය කරගත හැකි වීම
    4. වෙනත් ශාක ප්‍රචාරණය ක්‍රම වලින් ප්‍රචාරණයට අපහසු ශාක සාර්ථකව නිෂ්පාදනය කරගත හැකි වීම
    5. වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති ශාක සංරක්ෂණයට හැකි වීම
    6. බාහිර පරිසර තත්වයන්ගේ බලපෑමෙන් තොරව ඕනෑම කාලයක ශාක නිෂ්පාදනය කරගත හැකි වීම
    7. රසායනික ද්‍රව්‍යය නිස්සාරණය සඳහා අවශ්‍ය කරන ශාක කොටස් පමණක් කෙටි කාලයක් තුළ නිෂ්පාදනය කරගත හැකි වීම

    ශාක පටක රෝපණයේ අවාසි කිහිපයක්

    1. අධික පිරිවැයක් වැය කිරීමට සිදුවීම
    2. මනා පුහුණුවක්, දැඩි සැළකිල්ලක් හා අවධානයක් මුළු ක්‍රියාවලිය පුරාම පවත්වාගත යුතු වීම
    3. එක් ශාකයක් රෝගයකට ගොදුරු උවහොත් අනෙකුත් ශාක සියල්ලට ද එය ඉතා ඉක්මණින් පැතිරී විශාල පාඩුවක් සිදුවීම


    ප.ලි. ඉහත සඳහන් වන්නේ ශාක පටක රෝපණය පිළිබඳ ඉතාමත් කෙටි සටහනක් වන බවත්, අරමුණ අනුව අවශ්‍ය කරන ද්‍රව්‍යය, උපකරණ හා තාක්ෂණය වඩාත් පුළුල් වන බවත්, මෙහිදී ඉතා සියුම්, සංකීර්ණ, මනා පුහුණුවක් හා දැනුමක් භාවිතයට ගන්නා බවත් සළකන්න.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වැදගත් ත්‍රෙඩ්

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Good Heart again. :(
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    Good post. Rep+
    Good Post Bro.
    TFS:D
    වැදගත් වෙයි...
    You have given out too much Reputation in the last 24 hours, try again later
    Good post....
    වැදගත් ත්‍රෙඩ්
    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Good Heart again. :(
    good post
    මෙතනින් ගත්තේ
    https://www.youtube.com/channel/UCbUjoJVpKcA5coLzwRFfq-Q

    :)
     
    • Like
    Reactions: EK KILLER