චන්ද්‍රගුප්ත අමරසිංහ 1983 කලු ජූලි සමයේ බොරැල්ල බස් නැවතුම්පොළේ දී ගන්නා ලද්ද ප්‍රසිද්ධ ඡායාරූපය ඔබ දැක ඇතිවා විය යුතු ය. ඡායාරූපය ගැනීමෙන් මඳ වේලාවකට පසුව මෙහි නිරුවත් කර සිටින දෙමළා, ඒ වටා රැස්ව සිටින සිංහලුන් අතින් මැරෙන තුරු පහර කෑවේ ය. මේ සියල්ල ඇරඹුනේ LTTE ත්රස්තවාදීන් ලංකා හමුදා සෙබලුන් 13 දෙනෙකු මරා දැමීමෙන් අනතුරුව එවක එජාප රජය විසින් පිළිපැදි අමනෝඥ ක්රියාපිලිවෙත යි. එහි ප්‍රතිඵලයක් ලෙස කුපිත වුණු සිංහලුන්, මේ සිදුවීමට කිසිත් සම්බන්ධ නැති දෙමළුන් මහා පිරිසක් ගේ දේපළ කොල්ලකා, ගිනි තබා, කාන්තාවන් ලිංගික අතවරයට ලක් කර, දහස් ගණනක් දෙමළුන්ට සිය ජීවිත ද අහිමි කර සිය ආවේගය සංසිඳුවාගති.
ඉහත දැක්වෙන්නේ සිංහලුන් ජාතියක් වශයෙන් ලැජ්ජා විය යුතු ඒ ජාතිවාදී කලබලය සිය දේශපාලන වාසි තකා භාවිතා කරන අමනයෙකි. ප්‍රොෆයිලයට අනුව නම් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යයෙකි. පෝස්ටුව ශෙයා කළ 4000 දෙනා අතරින් බහුතරය සේම අමු බයියෙකි. ඉතින් උන්ගේ බුද්ධි මහිමය එහෙම ය.
අමන්දා අබේසුරිය



