මී_කතුර

Yujitha

Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    මී කතුර – පිටුපස ඇති ඉතිහාස කතාන්දරය


    ZIoe0GR.png





    මී උගුල සොයාගත්තේ ජේම්ස් හෙන්රි ඇට්කින්සන් විසින් 1897 අවුරුද්දේදී.

    මේ බ්‍රිතාන්‍ය ජාතිකයා එය සොයාගත් මුල් කාලයේ ඒක විප්ලවීය සොයාගැනීමක් විදිහට ලෝක ප්‍රසිද්ධ වුණා. මී උගුලකින් මේ තරම් ලෝක ප්‍රසිද්ධියක් ලබන්න පුළුවන්ද? ඔව්. ඇත්තටම පුළුවන්. විශේෂයෙන්ම ලෝකය පුරාම මහාමාරිය රෝගය වසංගතයක් වගේ පැතිරෙන්න පටන් අරන් තිබුණු නිසා…

    EUJB8uXp2cPYApvWT1w7lzl72eJkfbmt4t8yenImKBVvK0kTmF0xjctABnaLJIm9


    ඒ දවස්වල මහාමාරිය රෝගයට කිව්වෙ, ‘කාල මරණය‘ (බ්ලැක් ඩෙත්) කියලයි. ඒක මානව ශිෂ්ටාචාරය මුහුණ දුන් අති භයානක වසංගතයක්. මිනිසා මිහිපිටින් අතුගෑවිලා දමාවි කියන බය පවා මේ නිසා ඇති වී තිබුණා. යුරෝපයේ 14 වන සියවසේදී මිනිසුන් මිලියන 75 ඉඳන් මිලියන 200 දක්වා පිරිසක් මේ නිසා මරු වැළඳගත් බවට වාර්තා තිබෙනවා. එදා ඉඳන් සියවස් 4 ක් ගතවුණත්, මහාමාරියට ලෝකයේ තිබෙන බය අඩුවෙලා තිබුණෙ නෑ.

    Vzasbf8.png



    එදා හෙන්රි ජේම්ස් ඇට්කින්සන් තමන්ගෙ සොයාගැනීමට කිව්වෙ, ‘ලිට්ල් නිපර්‘ කියලයි. ඒකෙ තේරුම ‘පුංචි කපන කතුර‘. කාල මරණය, එහෙමත් නැතිනම් මහාමාරිය ඇතුළු මීයන්ගෙන් බෝවෙන සකලවිධ රෝග නිවාරණය කරගන්න එය උදව් වේවි කියා විශ්වාස කෙරුණා.

    ලෝකයේ පළමු සාර්ථක මී උගුල වුණේ ජේම්ස් හෙන්රි ඇට්කින්සන්ගේ නව නිපැයුම. ඒක අමානුෂිකයි කියා කෙනෙකුට පෙනෙන්න පුළුවන්. නමුත් මී වසංගතය අත් දැක තියෙන කිසිම කෙනෙක් එහෙම කියන එකක් නෑ.

    පුදුමෙකට වගේ, එදා හෙන්රි ජේම්ස් ඇට්කින්සන් හැදුව මී උගුල සහ, අද දකින්නට ලැබෙන මී උගුල් අතර ලොකු වෙනසක් නෑ. පැතලි ලෑල්ල, කම්බි දමා කිටි කිටියේ බැඳ තැබූ මී උගුල වගේ මේ හැම දෙයක්ම එදා වගේම තමයි. නමුත් ඉතාම සුවිශේෂී තාක්ෂණයක් ඇට්කින්සන්ගේ මී උගුලේ තිබුණා.

    ඒ තමයි, තත්පරයකින් තිස් අටෙන් එකකදී මී උගුල වැසී යාම. මේක අදටත් සැලකෙන්නේ වාර්තාවක් විදිහටයි.

    වැඩි කලක් ගත වුණේ නෑ. ඇට්කින්සන්ගෙ මී උගුල බ්‍රිතාන්‍ය වෙළඳපොළ ආක්‍රමණය කළා. එදා ජාත්‍යන්තර වෙළඳපොළෙන් 60%ක ආධිපත්‍යයක් පැතිරුවේත් ඇට්කින්සන්ගේ ලිට්ල් නිපල් මී උගුලයි.

    1913 අවුරුද්දෙදි ඇට්කින්සන් තමන්ගෙ පේටන්ට් බලපත්‍රය ප්‍රොක්ටර් කියන සමාගමට පවුම් දහසකට විකුණුවා. ඒ කාලයේ හැටියට ඒක ඉතාම හොඳ ගනුදෙනුවක්. කොහොම වුණත් එදා ඉඳන් ලිට්ල් නිපර් බිහිවෙන්නේ ප්‍රොක්ටර් සමාගමේ නිෂ්පාදනයක් විදිහටයි. මේ නිසා සමාගමේ කීර්ති නාමය හිතාගන්නටත් බැරි විදිහට ඉහළ ගියා. ඔවුන් ඉතාම හොඳින් එය මාකට් කළා. අවසානයේ සමාගම් මූලස්ථානයේ, මී උගුල්, එහෙමත් නැතිනම් මී කතුරු ආකෘති 150 ක් තිබෙන කෞතුකාගාරයක් පවා ගොඩ නැංවුවා.

    NY_YAG_YORAG_983.jpg


    කොහොම වුණත් සරල තාක්ෂණයකින් යුතු මී උගුල සාර්ථක විදිහට නිර්මාණය කළ එකම තැනැත්තා ඇට්කින්සන් විතරක් නෙවෙයි. ඇමරිකානුවෙකු වන, පෙනිසිල්වේනියාවේ ජෝන් මස්ට්, ලිට්ල් නිපල්ට සමාන වෙනත් ආකෘතියක් සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගන්නට සමත් වුණා.

    මේ අතරේ සත්තුන්ට, ඒ කියන්නේ මීයන්ට පවා ආදරය කරන අයගේ නොමඳ සැනසිල්ලට හේතු වෙමින්, පණ පිටින් මීයන් අල්ලන මී උගුලකුත් නිර්මාණය වුණා. ඒකෙ නව නිපැයුම්කරුවා වුණේ ඔස්ටින් නෙස්. ඒ, 1924 අවුරුද්දෙදි. සතුරා ජීව ග්‍රහයෙන් අල්ලා ගන්නවාට අමතරව, පළමු මීයා ඉවත් කිරීමට කලින් තවත් මීයන් ආවොත් උන්ව අල්ලා ගන්නටත්, ඒ කියන්නෙ මීයන් එක වරකදී කිහිප දෙනෙක් අල්ලාගන්නටත් මෙහි තාක්ෂණයක් තිබුණා.


    එදා මෙදාතුර කාලය ඇතුළත මී උගුල්, එහෙමත් නැතිනම් මී කතුරු වර්ග 4400 ක් සඳහා පේටන්ට් බලපත්‍ර නිකුත් කර තිබෙනවා. නමුත් මුදල් ඉපයීමට තරම් වෙළඳපොළක් නිර්මාණය වෙලා තියෙන්නෙ එයින් අතළොස්සකට විතරයි. ඒ අතරිනුත් යුරෝපාකරයේ තවමත් මුල් තැන තිබෙන්නේ ඇට්කින්සන්ගේ ‘ලිට්ල් නිපල්‘.



    සලකන අයට සහ Bump , Comment කරන අයට 38+ ගානේ දෙනවා.....

    Rep added+++
     

    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ


    මේ අතරේ සත්තුන්ට, ඒ කියන්නේ මීයන්ට පවා ආදරය කරන අයගේ නොමඳ සැනසිල්ලට හේතු වෙමින්, පණ පිටින් මීයන් අල්ලන මී උගුලකුත් නිර්මාණය වුණා. ඒකෙ නව නිපැයුම්කරුවා වුණේ ඔස්ටින් නෙස්. ඒ, 1924 අවුරුද්දෙදි. සතුරා ජීව ග්‍රහයෙන් අල්ලා ගන්නවාට අමතරව, පළමු මීයා ඉවත් කිරීමට කලින් තවත් මීයන් ආවොත් උන්ව අල්ලා ගන්නටත්, ඒ කියන්නෙ මීයන් එක වරකදී කිහිප දෙනෙක් අල්ලාගන්නටත් මෙහි තාක්ෂණයක් තිබුණා.


    :love::love::love:
     

    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    machanla Rodent hunting services thiyanawada ? , apeth 10 withara dan innawa, ara glue trap ekata ahu unoth satha marenawada bung ? :oo::oo:

    අර Glue board එක නම් තියන්ඩ එපා. ඌ ඒකෙ ඇලුනට පස්සෙ ගැලෙව්වත් ඌට මොනවත් කරගන්ඩ බැරුව යනවා. ඊට පස්සෙ යන්ඩ එන්ඩ බැරුව, කන්ඩ දෙයක් නැතුව බඩගින්නෙම මැරිලා යයි.
    අර හතරැස් මී කූඩයක් තියපන්.