MR Appointed as Opposition Leader

sanford

Member
Jun 2, 2018
390
20
0
අද (18) පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරෙන අවස්ථාවේ ආර් සම්පන්ධන් මන්ත්‍රීවරයා පැමිණ සුපුරුදු පරිදි විපක්ෂ නායකවරයාට හිමි අසුනේ අසුන් ගත්තා.ඒ සමගම එම ස්ථානයට පැමිණි නිමල් සිරිපාලද සිල්වා සම්පන්ධන් මන්ත්‍රීවරයාට යමක් කියනු දක්නට ලැබුණු අතර එය ඔහු ප්‍රතික්ෂේප කරන ආකාරයක් දිස් වුණා.

ඉන් අනතුරුව සභා ගර්භයට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයාට හිමි අසුනට වම්පස පිහිටි අසුනේ අසුන් ගත්තා. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භවූ අවස්ථාවේ කතානායක කරූ ජයසූරිය මහතා කියා සිටියේ විපක්ෂයේ පක්ෂ අතරින් බහුතර මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස පිලිගන්නා බව ප්‍රකාශ කලා.

සභානායකවරයා ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්න කරුණාතිලක යන මන්ත්‍රීවරුන් පිලිගන්නා බවයි කතානායකවරයා වැඩිදුරටත් කියාසිටියේ.

අද දිනයේ සභා ගර්භයේ ආසන පැනවීමක් සිදුකර තිබුණේ නැහැ. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ජේෂ්ඨත්වය මත අසුන්ගෙන තිබුණා.