ART-photo න්න ඉගෙන ගන්න ආසද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ART-photo න්න ඉගෙන ගන්න ආසද

    ඡායාරූප කලාව කියන්නේ photo ගහනවට වැඩි යමක් .
    pd4b2Oy.png

    මේක අවුරුදු තුනක පාඨමාලාවක්


    wv6aBZf.png


    http://npasslanka.org/Membership.ht...czSmgeUYvcmwOYg7yfhfX3fCXSLgPdcIrlb4EB-jS2ty4


    ශ්‍රී ලංකා ජාතික ඡායාරෑප කලා සංගමය මගින් නොමිලේ පවත්වනු ලබන තුන් අවුරැදු ඩිප්ලෝමා පාඨමාලාව සඳහා මේ දිනවල අයදුම්පත් බාරගනු ලබයි.

    අයදුම්පත් බාරගන්නා අවසාන දිනය 2018 දෙසැම්බර් මස 15

    ඔබට වෙබ් අඩවියෙන් අයදුම්පත ලබා ගත හැක.
    http://npasslanka.org/Membership.html

    සම්පූර්ණ කල අයදුම්පත් වෙබ් අඩවියේ සදහන් කර ඇති අයුරින්
    අප හට ලැබීමට සලස්වන්න.

    විමසීම්, සාලිය ලියනගේ - 0713 96 30 30


    ගුරුවරු සේරම නොමිලේ තමන් ගේ කාලය කැපකරගෙන උගන්නන්නේ කලාවට තියෙන ආදරේට


    අයකරන්නේ සාමාජික ගාස්තු සහ බදවාගැනීම් ගාස්තු 1500 විතරයි

    workshop වලට ඉතිං වෙනම ගන්නවා , දින දෙකක වැඩමුළුවකට කෑම බීම නවාතැන් එක්ක 2500 වගේ වෙයි

    ඉතින් ආසාවෙන් ART photography ඉගෙන ගන්න ආසනම් එන්න .

    තාම බදවා ගන්නවා , පොඩ්ඩක් කතාකරල බලන්න
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයට මේ වන විට වසර 68 කි. මේ දක්වා කාලයක් ස්වේච්ඡා ආයතනයක් ලෙස පවත්වාගෙන පැමිණෙන මේ ආයතනය මඟින් විවිධ වැඩසටහන් සංවිධානය කෙරෙයි. ඒ අතරින් එකක් ලෙස ගැනෙන්නේ ළමයින්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන ඡායාරූප ආලෝකකරණ වැඩමුළුවයි. එය පසුගියදා බණ්ඩාරගම සර්වෝදය පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මේ පෙළ ගැසෙන්නේ වැඩමුළුව හා ඡායාරූපකරණය පිළිබඳත්, ඒ සඳහා පිවිසෙන්න සිටින්නන්ට යම් අදහසක් ලබාගැනීම පිළිබඳත් එහි අධ්‍යාපන අධ්‍යක්ෂ රාහුල පෙරේරා සමඟ ‘රැස’ සිදු කළ සංවාදයකි.

    මේ ආලෝකකරණ වැඩමුළුව සෑම වසරකම පැවැත්වෙනවා. මේ වසරේදිත් එය සාර්ථකව පැවැත්වුණා. ඡායාරූපකරණය පිළිබඳ හදාරන ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ට ආලෝකකරණ වැඩමුළුවක අවශ්‍යතාව පෙළ ගැසෙන්නේ කොහොමද?

    ඡායාරූපකරණ ශිල්පය කියන්නේ ප්‍රායෝගිකව කළ යුතු විෂයක්. එය යම් කෙනකු හදාරන්නේ නම් න්‍යායාත්මක කරුණු වගේම ප්‍රායෝගික කරුණුත් අත්විඳිය යුතුයි. එහිදී එය ප්‍රායෝගිකව හදාරන්නට යෑමේදී අපේ රටේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය වන්නේ ඒ සඳහා අවශ්‍ය උපකරණවලට වියදම් කිරීමට තිබෙන නොහැකියාවයි. ඒ සමඟම බැඳුණු අනෙක් කාරණය නම් ඒ උපකරණ භාවිත කළ, ඒ සම්බන්ධයෙන් අත්දැකීම් තිබෙන පුද්ගලයන් සමඟ ඇසුරු කරමින්, වැඩ කිරීමට අවස්ථාවක් ඔවුන්ට නොලැබීමයි. එහෙත් ලෝකයේ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වී කටයුතු කරන්නකුට ලැබෙන අත්දැකීම වෙනස් ආකාරයකටයි සිදුවන්නේ.

    ඒ රටවලදි ඒ ලැබෙන අත්දැකීම සිදු කොයි වගේද?

    ඒ රටවල ඡායාරූපකරණයට පිවිසෙන අයට ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වූ අය සිටී නම් හෝ ස්ටුඩියෝ තිබේ නම් ඔවුන් සමඟ ආධුනිකයන් ලෙස කටයුතු කළ හැකියි. එහෙත් එය ඔවුන් කළ යුත්තේ පූර්ණ කාලීනව නොවෙයි. බොහොම කෙටි කාලීනවයි. එනම් සමහර විට වෙනත් උපාධියක් කරන අතර මේ කටයුත්ත සඳහා දවසකට පැය හතරක පමණ කාලයක් වැය කිරීමට අවස්ථාව ඔවුන්ට හිමි වෙනවා.

    අපේ රටේ ක්‍රමවේදය ඊට වඩා වෙනස් වෙන්නේ කොහොමද?

    අපේ රටේ හැඩගැසී තිබෙන ක්‍රමවේදයේ හෝ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ කිසිම ළමයකුට අධ්‍යාපනය ලබන කාලය ඇතුළේ රැකියාවක් හෝ කෙටිකාලීන රැකියාවක් කිරීමේ ප්‍රවණතාවක් උදා වන්නේ නැහැ. ඒ වගේම මේ අධ්‍යාපනය ලබන බොහෝ ළමයි තමන්ගේ මවුපියන්ගේ මුදල්වලින් ඉගෙන ගෙන ඊට පසුව රැකියාවකට යන්නයි බලාපොරොත්තුවෙන් සිටින්නේ. ඒ කාලය ඇතුළේ ඔවුන් තමන්ගේ අධ්‍යාපනයට යන වියදමෙන් යම් ප්‍රමාණයක් දරමින් ඉගෙනීම කිරීමට වැඩි කැමැත්තක් දක්වන්නේත් නැහැ. එපමණක් නොවෙයි අපේ රටේ ඒ ඒ ක්ෂේත්‍රවල තිබෙන ආයතනවල ක්‍රියාපටිපාටිය නිර්මාණය වී තිබෙන්නේ පූර්ණ කාලීනව තමන්ගේ ආයතනවලට සේවකයන් ගැනීමටයි. එහෙම නොවී ඒ ආයතන කෙටිකාලීනව සේවකයන් පුහුණු කර එළියට දැමීමේ ක්‍රමවේදයක් අද නිර්මාණය වී නැහැ. මෙන්න මේ වගේ පරිසරයකටයි වැඩමුළුවක අවශ්‍යතාව පැන නැඟෙන්නේ. යම් අයකුට ඉගෙන ගැනීමට අවශ්‍ය උපකරණ ගැනීමට මුදල් නැතිනම්, එවැනි වැඩමුළුවකට සහභාගිවීමෙනුයි යමක් ඉගෙන ගැනීමට අවස්ථාව හිමි වන්නේ. ඒ නිසා ලෝකයේ අනෙක් රටවල සිදුවන ක්‍රමවේදවල සාරය අර ගනිමින් අපේ අධ්‍යාපන ක්‍රමයද වෙනස් විය යුතුයි.

    වර්තමානය වන විට බොහෝ ඡායාරූපකරණ වැඩමුළු, විවිධ මට්ටමෙන්, විවිධ ආයතනවල පැවැත්වෙන බව අප දන්නවා. ඒ වැඩමුළුවලින් මේ ඡායාරූප ආලෝකකරණ වැඩමුළුව වෙනස් වන්නේ කෙහොමද?

    වෘත්තීය මට්ටමින් වැඩමුළු සංවිධානය කරන අයගේ මූලික අරමුණ වන්නේ මුදල් ඉපැයීමයි. ඔවුන් වැඩමුළුවක් වෙනුවෙන් අය කරන මුදල ගෙවීමට අධ්‍යාපනය ලබන කෙනකුට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසයි ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය නොමිලේ උගන්වනවාට අමතරව වැඩමුළු උපරිම සාධාරණව පැවැත්වීමට උත්සාහ කරන්නේ. මේ නිසයි අවම පිරිවැයක් යටතේ වැඩමුළු පැවැත්වීමට සංගමය තීරණය කර තිබෙන්නේ. ඒ සඳහා එක් දායකත්වයක් සපයන්නේ සම්පත් දායකයන් විසින්. ඒ ඔවුන්ගේ දැනුම නොමිලයේ ලබාදීමට එකඟ වීම මඟින්. මෙහිදී යම් විධියකින් ඒ සම්පත් දායකයන්ටත් අපට ගෙවීමට සිදුවූවා නම් දැනට පවත්වන ආකාරයෙන් අපට මේ කටයුත්ත පැවැත්වීමට නොහැකි වනවා. මේ කරුණු හැරුණු විට අපේ සංවිධානයේ වැඩමුළුවේදී ඊට සහභාගි වන සිසුන්ට දැනුම ලබාදීම සඳහා තෝරා ගන්නා සම්පත් දායකයන් නිතරම අප තෝරා ගනු ලබන්නේ ඒ ඒ ක්ෂේත්‍රවල පරිණත වූ, අත්දැකීම් බහුල අය වීමත් විශේෂත්වයක්. එවිටයි මේ වැඩමුළුවට සහභාගි වන ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ට ඒ ඒ විෂයයට අදාළ යම් කරුණු කාරණා උගත හැකි වන්නේ.

    ඉදිරි ප්‍රගමනය සඳහා මේ සංගමයේ වගකිව යුතු තනතුරක් දරන කෙනකු විදියට ඔබ මොනවගේ කාරණාද යෝජනා කරන්නේ?

    සංගමයේ කටයුතු කරද්දී විවිධ යෝජනා සිදුවෙනවා. එලෙස සංගමයකදී යෝජනා පමණක් සිදු වූවාට වැදගත් වන්නේ නැහැ. එහෙම නම් සිදුවිය යුත්තේ යම් පුද්ගලයකුගෙන් ඉදිරිපත් වන යෝජනාව, එය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය හා එයට තමන්ගේ තිබෙන දායකත්වයයි. ජාතියක් විදියට අප යෝජනා කිරීමට දක්ෂයෝ. එහෙත් ඒ කාර්යය කිරීමට ගිය පසු ඉතිරි වන්නේ තනි මිනිහෙක් හෝ දෙන්නෙක් පමණයි. සමහර විට අර යෝජනා කළ කෙනාවත් අවසානයට ඉතිරි වන්නේ නැහැ. ඒ නිසා අපේ රට පිරිලා තිබෙන්නේ යෝජනා කරන අයගෙන්. අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විදියට මට පැවැරුණු වගකීමත් සමඟ මා කිරීමට උත්සාහ කරන්නේ එක දෙයක් පමණයි. පළමු වැන්න නම් නිවැරැදි ඇගයීම් ප්‍රතිපත්තියක් සහ අධ්‍යාපන ක්‍රමවේදයක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා අවශ්‍ය කරන අඩිතාලම පසුගිය වසර කිහිපයේ නිර්මාණය කළා. මේ වනවිට එය සාර්ථක වී ඇති බව මා පිළිගන්නවා. මා වගේම මේ ගැන කතා කරන ළමයි, ගුරුවරු ඒ ගැන පිළිගන්නවා. ඒ තිබුණු ක්‍රමවේදවලට වඩා වෙනස් ක්‍රමවේදයක් යම් යම් ස්ථානවලදී පැමිණ තිබෙන බව හා එහි වාසි තිබෙන බව. ඒ නිසා මා එක් දවසකින් ප්‍රාතිහාර්ය බලාපොරොත්තු වන්නේ නැහැ. මා යම් දෙයක් වෙනස් කරනවා, කරන්නේ ඇඟටත් දැනෙන්නේ නැති විදියටයි. තමන්ට ඒ වෙනස සිදු වූවාද යන්න ඔවුන් කිසිවකුත් දන්නේ නැහැ. එහෙම නැතිනම් තිබෙන ක්‍රමවේද වෙනස් කිරීමේදී බරපතළ ප්‍රතිවිරෝධ පැමිණිය හැකියි. අනෙක් කාරණය නම් සමාජීය ලක්ෂණයක් නම් හොඳ හෝ නරක හෝ වේවා වෙනස් කිරීමට අකැමැත්තක් දැක්වීමයි.

    ඔබෙන් පසු පරම්පරාව පිළිබඳ ඔබට ඇත්තේ මොන විදියේ ආකල්පයක්ද?

    අද අපේ රටේ පවතින සංගම්වල බොහෝදෙනා තමන්ගේ තනතුර පුද්ගලික බූදලයක් විදියට හිතාගෙන ඉන්නේ. රටක් විදියට ගත්තත් ඒ කාරණය පොදුයි. එහි අසාර්ථකත්වයට තිබෙන එකම හේතුවක් විදියට මා දකින්නේත් එයයි. කවදාවත් දෙවැනි පරම්පරාවක් නිර්මාණය කිරීම සිදුවන්නේ නැහැ. එවිට දෙවැනි පරම්පරාව උත්සාහ කරන්නේ නියම ආකාරයෙන් නොව කෙටි මාර්ග හරහා ඉදිරියට පැමිණීමටයි. ඒක බොහොම භයානක තත්ත්වයක්. ඒ නිසා ගැළපෙන කිහිපදෙනෙක් නිර්මාණය කිරීම මඟින් සුදුසු කෙනකු සංගමය මඟින් තෝරාපත් කර ගනීවි.

    ඡායාරූපකරණයේදී ‘ෆොටෝ එසේ’ යැයි හඳුන්වන්නේ මොන වගේ දෙයකටද?

    ‘ෆොටෝ එසේ’ ගැන අපි මෙලෙස පවසමු. උදාහරණයක් විදියට අපට මොනවා හරි කතන්දරයක් කියන්න තිබෙනවා යැයි සිතන්න. එය අපට වචන පන්දහසකින් පමණ ලියා දැක්විය හැකියි. එසේත් නොමැතිනම් අපට ඒ කතන්දරයම වචන පන්සියයකුයි, ඡායාරූප පහකුයි භාවිත කර ලියන්න පුළුවන්. එහෙත් යම්කිසි දෙයක් ගැන ලියැවෙන ඒ කතන්දරය පිළිබඳ නිසි ගවේෂණයක් කරමින්, එහි කී පොයින්ට් තහවුරු කරමින්, ඒ කී පොයින්ට් ටික සාර්ථකව ඡායාරූප ලෙස නිර්මාණය කරමින්, එයට කැප්ෂන් එකක් සහ වචන දහයක පහළොවක විස්තරයක් ලිව්වට පස්සේ ඔබ අර වචන පන්දහසකින් පැවසූ කතන්දරය ම ඡායාරූප පහකින් කියන්නට පුළුවන් නම් එයයි ‘ෆොටෝ එසේ’ වන්නේ.

    ඔබ වඩාත් ජනප්‍රියත්වයක් දරන්නේ ‘ෆොටෝ එසේ’ නිර්මාණකරණය පිළිබඳව නේද?

    මම ලියන කෙනෙක් නෙවෙයි. ඒත් ‘ෆොටෝ එසේ’ කියන්නේ මම ප්‍රමුඛත්වය දෙන දේ. කැලයත් එක්ක, සත්තුත් එක්ක වැඩ කරද්දි මගේ වැඩ අනෙක් අය දකින්නේ ඒ නිසා. මගේ ලියමන තියෙන්නේ කැමරාව තුළ. ඒ හරහා මා දමන ඡායාරූප කිහිපයකින් හා කැප්ෂන් එකකින් යම් පුද්ගලයකුට ඒ ස්ථානය, ඒ සතා ගැන, ඒ පරිසර පද්ධතිය ගැන තේරුම් ගන්න හැකි නම් මා මගේ කාර්යය කළා කියන සතුට මට තියෙනවා.

    [තිලානි ශානිකා විතානාච්චි]
    http://www.resa.lk/ව්‍යාපාරික-ව්‍යාපාරික-විශේෂාංග/2018/oct/05/4286/
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    zFULjVw.png


    JZvc8uc.png


    WW3e2Xc.png


    මේවා සේරම ඔයාලටත් සහභාගී වෙන්න පුළුවන්