Godrej hair color

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    94eaccdc3e7943cf3f1ad03f67aa06db.jpg


    :dull:

    :dull:

    :dull:

    :dull:

    :dull:

    Godrej expert shampoo hair color (BLACK)

    මේක පාවිච්චි කරන ඇත්තෝ ඉන්නවා නං එමු බලන්න.

    මේකෙ හොඳ නරක අදහස් උදහස් යෝජනා චෝදනා දන්න ඒවා දාන් යමං කොල්ලනේ.

    අම්මට තාත්තට බාප්පට පුංචිඅම්මට නැන්දට මාමට ලොකු අම්මට ලොකු මහප්පච්චිට වගේම අප්පච්චි මලා කියන උන්ට ආදී එකී මෙකී නොකී හැම එකාලටම ප්‍රයෝජන් වෙනු ඇත. (ඔව් ඔව් මං හොයන්නෙත් #කේ අමාරුවකට නෙමේ පවුලේ පස්නෙකට)

    මේක සෑහෙන හොඳ ප්‍රඩක්ට් එකක් කියලයි මං අහල තියෙන්නේ.

    ඩයි එකක් නොව කලර් එකක් පමණයි කියලත්යි කියනවා.

    මට තියන ප්‍රස්න :

    1. ඩයි සහ කලර් අතර වෙනස මොකද්ද ?

    2. ඩයි ගෑවහම තියන කළු ටිකත් සුදු වෙනවලුනෙ. කලර් ගෑවම එහෙම අවුලක් නෑ කියන්නේ ඇත්තද (හිස් කබලට උරා ගන්නේ නැති සිද්දියක්) ?

    3. අතුරු ආබාධ අවම කරගෙන කොන්ඩේ කළු කරගන්න මීට හොඳ විසඳුමක් තිබේද ? (ගාන නොසලකමු දැනට)


    සහාය දුන් ඔබට මාගේ හද පිරි මෙව්වා එක :love:

    :yes: ස්තූති කොල්ලනේ :yes:

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔක දැන් තියෙනවාද.....
    ඉස්සර අපෙ අම්මා පාවිච්චි කලා..හොදයි..සති 3ක් විතර ඉන්න පුලුවන්...අලුතෙන් වැවෙන කොටසට තමා ආයෙ ගාන්නෙ..ගාන 180යි නෙ.....
    මම එහෙම හරියටම වෙනස දන්නෙ නැ..එත් ඩයි කලාම කොන්ඩෙ සොදන කොට එ ටික ගිහින් ආයෙ සුදු කොන්ඩෙම මතු වෙනවා.එත් ඔක ගානකොට අලුතෙන් වැවෙන ටිකට තමා අම්මා ගාන්නෙ.....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩ්රිජ් වැඩිය හොද නෑ කියලා තමා අහලා තියෙන්නේ
    අනික කළු පාට වගේ ගෑවම කොන්ඩේ artificial ගතියක් තියෙනවා
    අපේ ගෙවල්වල කට්ටිය black henna තමයි
     
    Last edited: