




Godrej expert shampoo hair color (BLACK)
මේක පාවිච්චි කරන ඇත්තෝ ඉන්නවා නං එමු බලන්න.
මේකෙ හොඳ නරක අදහස් උදහස් යෝජනා චෝදනා දන්න ඒවා දාන් යමං කොල්ලනේ.
අම්මට තාත්තට බාප්පට පුංචිඅම්මට නැන්දට මාමට ලොකු අම්මට ලොකු මහප්පච්චිට වගේම අප්පච්චි මලා කියන උන්ට ආදී එකී මෙකී නොකී හැම එකාලටම ප්රයෝජන් වෙනු ඇත. (ඔව් ඔව් මං හොයන්නෙත් #කේ අමාරුවකට නෙමේ පවුලේ පස්නෙකට)
මේක සෑහෙන හොඳ ප්රඩක්ට් එකක් කියලයි මං අහල තියෙන්නේ.
ඩයි එකක් නොව කලර් එකක් පමණයි කියලත්යි කියනවා.
මට තියන ප්රස්න :
1. ඩයි සහ කලර් අතර වෙනස මොකද්ද ?
2. ඩයි ගෑවහම තියන කළු ටිකත් සුදු වෙනවලුනෙ. කලර් ගෑවම එහෙම අවුලක් නෑ කියන්නේ ඇත්තද (හිස් කබලට උරා ගන්නේ නැති සිද්දියක්) ?
3. අතුරු ආබාධ අවම කරගෙන කොන්ඩේ කළු කරගන්න මීට හොඳ විසඳුමක් තිබේද ? (ගාන නොසලකමු දැනට)
සහාය දුන් ඔබට මාගේ හද පිරි මෙව්වා එක

ස්තූති කොල්ලනේ 