Aqua lease yami yami

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    2012 ඇක්වා වලට 30/50 ක් දෙන්නම්...
    ජිනීන් බයර්ස් ලා අමතන්න...
    0766437604


    බයිසිකලයක් ගන්න බැරි අය බොරු කමෙන්ට් දාන්න එපා,,
    බිස්නස් එකක් කරනවානම් ..
    බෑන්ක් ස්ටේට්මන්ට් පෙන්නන්න පුලුවන්න්නම්..
    බැන්කු පොත් වලට සල්ලි වැටිල අරන් තියනවානම්..මාසෙ පඩිපත 80 ක් ඉක්මවනවානම්...
    ඔව් ඔබ සුදුස්සෙක්

    මසෙට 66 විතර වේ

    හොද ගැරන්ටර්ස් ල 2 දෙන්න පුලුවන්නම්..
    වැඩේ කරමු..
     
    • Like
    Reactions: Identity

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඇක්වා එකක කෑල්ල දාගෙන නොයන උන් ගේ පොල් බූරු ජීවිතේ මොනාටද..
    එකක් එකාට බොන්න සෙයා කරන සල්ලි එකතු කරල පවුලට ආඩම්බරයක් ඇති වෙන්න ගනිපියව් මේකක්..
    ඌල් මෝස්ට් ෆුල් ලීස් යකූ..
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    ඇක්වා එකක කෑල්ල දාගෙන නොයන උන් ගේ පොල් බූරු ජීවිතේ මොනාටද..

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ ? කියවන්න:

    http://www.elakiri.com/forum/showthread.php?t=1659510

    Mr.Tom ගේ සමාජ සත්කාරයකි.


    HappyGuySadGuy.jpg

    කොල්ලෙක්ගේ හිතේ තියන ලොකුම බලාපොරොත්තුවක් තමයි තමන්ටම කියලා රෝද හතරේ වාහනයක් ගන්න එක. ගොඩක් අය හිතන විදිහට ඒක සමාජ තත්වය පෙන්වන්න ඕනිම සාධකයක්. ඒ වගේම ගමන්බිමන් යන්න, ලෙඩකදී තමන්ට, ගෙදර අයට අවශ්‍ය විදිහට බේත් ටික ගන්න යන්න වාහනයකින් වෙන ප‍්‍රයෝජනය ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.
    වාහනයක් හැමෝටම ඕනි වුනත් තියන ලොකු අව්ල තමයි ඒ වාහනේ ගන්න සල්ලි හැමෝගෙම ලග නැති එක. ඉතිං මොකද කරන්නේ?

    ෆිනෑන්ස් කරලා වාහනයක් ගන්නවා.

    එතකොට ඔක්කාම හරිද? නෑ එතන ඉදන් තමයි ප‍්‍රශ්න පටන්ගන්නේ. ගොඩක් අයට පිට ඉදන් බලනකොට පේන්නේ ෆිනෑන්ස් කිරිල්ල හරි සුන්දර දෙයක් කියලා. ඒත් හදිස්සි වෙලා ගන්න තීරණ නිසා දුක් විදින අය එමටයි. මේ පෝස්ට් එක දාන්න හිතුනේ තිබුනේ ගොඩක් අය ෆිනෑන්ස් කරලා වාහන ගන්න බලාපොරොත්තුවෙන් පහුගිය කාලේ ත්‍රෙඞ් දාපු නිසා.

    හරි බලමු ෆිනෑන්ස් ආයතනයෙන් අපිට දෙන්නේ උදව්වක්ද, උගුලක්ද කියලා.
    bad-credit-auto-loans-300x200.jpg


    ඔන්න අපි හිතමු පඩිය 35,000 ක් ලැබෙන හාදයෙක් ෆිනෑන්ස් කරලා වාහනයක් ගන්නවා කියලා. වැඩිය ලොකු වාහනයක් නෙවෙයි ගන්නේ. මරුටියක්, ඇල්ටො එකක් වගේ වගේ පොඩි වාහනයක්, අපි හිතමු ඉතිරි ගාන අතින් ගෙවපු නිසා ලක්ෂ 6 ක් විතර තමයි ෆිනෑන්ස් එක දැම්මේ කියලා. ඉතිං මාසෙකට 10,000 ගානේ අව්රුදු 6 ක් ගෙවන්න කියලා තමයි ඔන්න ෆිනෑන්ස් එක දාන්නේ.
    දැන් අපේ යාලූවා හිතනවා 35,000 න් 10,000 ගියහම තව මගේ පඩිය 25,000 ක් ඉතුරු වෙනවනේ ගෙදර වියදමට ඔය ඇති කියලා.

    හරි එහෙනම් බලමු ඊලගට වෙන්නේ මොකක්ද කියලා. ඔය ගත්තු වාහනේට අඩුම තරමේ රුපියල් 3000 කවත් මාසෙට තෙල් ගහන්න එපැයි. මොකද වාහනේ ගත්තේ දුවන්නනේ. එතකොට පඩිය 22,000 යි. ඒ විතරද ඉදල හිටල එන රෙපෙයාර් එකකට මාසෙට 500 ක් අයින් කරමු. අව්රුද්දකට සැරයක් හරි සර්විස් කරන්න තව මාසෙට 1000 ක් විතර වෙන්කරමු. දැන් පඩිය කීයද 22,000 - 1500 = 20500 හරි ඔය විතරද. :frown:

    නෑ තව තියනවා. :no: ෆිනෑන්ස් කලා කියන්නේ ඉතිං ගෙදර කාර් එක නවත්තලා තිබ්බත් ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාන්න එපැයි. පොඩි කාර් එකකට නිසා අපි ඒක 24000 කියමු. එතකොට මාසෙට ඒකටත් 2000 ක් වෙන් කරන්න වෙනවා. දැන් පඩිය කීයද 18,500 යි. එතකොට තව වියදම් නැද්ද. :frown:

    නැති වෙන්නේ කොහොමද තව තියනවා. :baffled: මොකද ටයර් දාන්නේ පොලිස්සියෙන්ද, ලයිෂන්, දුම්සහතික ගන්න ඕනෙ නැද්ද, ඉදල හිටලවත් වාහනේ සර්විස් එකකට දාලා යට වත් හෝදගන්නෙ නැද්ද. හරි හරි දැනට අපි ඒවට යන වියදම් පඩියෙන් අඩු නොකර ඉමුකෝ. :P

    ඔන්න දැන් තමයි හිතන්න ඕනි වෙලාව. 18,500 කින් අදකාලේ දෙන්නෙක් ඉන්න පව්ලකට වුනත් ජීවත් වෙන්න පුලුවන්ද. ඔයා කසාද බැදල නම් ඉන්නේ දැනට දෙන්නනම් ඉන්නේ තව අව්රුදු 3 කින් වත් බබෙක් එකතු වුනොත් එයාගේ වියදම් එක්ක 18,500 හැරෙන්නවත් මදි නේද. :yes:

    කසාද බැදල නෑ කියමුකෝ. තව අව්රුදු 6 ක් යනකම් බදින්න අදහසකුත් නෑ. තාම තනිකඩයා නිසා කන්නෙ බොන්නේ ගෙදරින්. :yes:

    එතකොට උඹ ගෙදරට බඩු ටිකක් ගෙනියන්නෙම නැද්ද. :frown: ලැජ්ජනැද්ද හම්බුකරන එකා තාත්තගේ පඩියෙන්ම කකා ඉන්න.

    හරි හරි ඒ නිසා 10,000 ක විතර බඩු ගෙනිච්ච කියමුකෝ. පුද්ගලිකව ඕනි වෙන දේවල් වලට තව 5000 ක් අයින් කරා කියමුකෝ ඔන්න දැන් පඩියෙන් 3500 ක් ඉතුරු වෙනවා. එහෙනම් ෆිනෑන්ස් කිරිල්ල එච්චර අව්ලක් නෑ නේද. :D

    :frown: නැති වෙන්නේ කොහොමද හිතපං ඔය ෆිනෑන්ස් කිරිල්ල නිසා වාහනයක් වෙනුවෙන් උඹේ තරුණ ජීවිතේ කාලයෙන් කොච්චර කැප කරන්න වෙනවද කියලා. හම්බු කරන සල්ලි අපරාදේ නේද.:baffled: ෆිනෑන්ස් එක ගෙවලා ඉවර වෙනකොට වාහනේ වටිනාකමට වැඩිය ලක්ෂ 1.20 ක් වත් වැඩි පුර ගෙවන්න වෙලා නේද.

    ඒ කියලා වාහනේ ආයි විකුණනකොට ඒ ලක්ෂ 1.20 වැඩියෙන් තියලා විකුණන් පුලුවන්ද. කීයටවත් බෑ. :dull: ඒ විතරක් නෙවෙයි ඔය මගුල ගෙවල ඉවර වෙනකන් හිතට එන පීඩනය නිසා මානසික ආතතිය ඇතිවෙලා බෝනොවෙන රෝග රැසකට ගොදුරු වෙන්න පුලුවන්.

    දැන් මේක කියවපු ඕනි කෙනෙකුට ෆිනෑන්ස් කිරීමේ ආදීනව තේරෙනවා ඇතිනේ. සමහර විට බැදලනම් වයිෆ් කියයි ෆිනෑන්ස් කරලා හොද එකක් ගමු කියලා. :D

    ඒත් මතක තියාගනිං දුප්පත් කම ඉස්සරහ දොරින් එනකොට ආදරය පස්ස දොරින් පැනල යනවා කියලා. :baffled: වාහනේ නිසා උඹ එරුනම ෆිනෑන්ස් කරලා වහනේ ගමු කියපු කෙනාම අහයි ඇයි මෙහෙම යකඩ ගොඩක් උස්සන් ආවේ කියලා.

    මම ඔය උදාහරණයට කිව්වේ ෆිනෑන්ස් දාන බොහෝම අඩු ගානක් ගැන. හැබැයි වැඩි දෙනෙක් ෆිනෑන්ස් දාන්නේ ඔය වගේ පොඩි ගනන් නෙවෙයි. මම දන්න අය ඉන්නවා හොන්ඩ විසෙල් එක වෙනුවෙන් මාසෙට 50,000 ගෙවන අය. ෆිනෑන්ස් දාපු කෙනෙක් එක්ක මාස 3 කට පස්සේ කතාකරලා බලපං ඒ මනුස්සයා සතුටින් ඉන්නවද කියලා. 99‍% ක්ම දුක් වෙනවා. තමන් කරගත්තු දේ ගැන.

    දැන් උඹලා හිතනවා ඇති එහෙනම් වාහනයක් ගන්න හොද සල්ලි කාරයන්ට විතරද කියලා.:oo: ඒකට උත්තරේ නෑ කියන එකයි.

    තියන සරලම විසදුම තමයි තමන්ට කෙලින්ම ගෙවන්න පුලුවන් ගානට පරණ වාහනයක් ගන්න එක. අරං ඒක විකුණ විකුණ, ටික ටික අලුත් වාහනයක් වෙනකන් යනවා. එතකොට පරණ වාහනේ පොඩි ගානක් වැඩියෙන් තියලා විකුණලා පොඩි ලාභයක් ලබන්නත් පුලුවන්. ඒ ගමන් සල්ලි ඉතුරු කරන්නත් පුලුවන්.

    ඒ විතරක් නෙවෙයි ෆිනෑන්ස් ගෙවනවා වගේ අවදානමකුත් නෑ. දැන් හිතනවා ඇති එතකොට සමාජ තත්වෙ කියලා.:frown:

    සමාජ තත්වේ අපිට කන්න දෙන්නෙ නෑනේ බං. ඉස්සල්ලා ජීවිතේ හදාගනිං.

    එතකොට සමාජ තත්වේ හැදෙනවා. නැත්තං ඉස්සල්ලා සමාජ තත්වේ හදාගෙන පස්සේ ජීවිතේ හදාගන්න හිටියොත් ජීවිතේ හදාගන්න වෙන්නේ නෑ. :yes:

    මතක තියා ගනිං වාහනේ කියන්නේ ජීවිතේ නෙවෙයි. වාහනයක් ගන්නවා හැර ජීවිතේ කරන්න දේවල් ගොඩක් තියනවා. ඒ දේවල් පැත්තකින් තියලා කවදාවත් වාහනය ජීවිතය කර ගන්න එපා. කාර් එකක් කියන්නේ වියදමක් මිස ආයෝජනයක් නෙවෙයි. තරුණ කාලයේ පුලුවන් තරම් ලාභයක් ලැබෙන වියදම් ගැන විතරක් හිතන්න.

    සැලකිය යුතුයි මම මේ කිව්වේ පුද්ගලික, හෝ නිවසේ පාවිච්චියට වාහනයක් ගන්න එක ගැනයි.

    එහෙනම් අදට ඔච්චරයි. මේකට අවශ්‍ය අඩුවැඩිය අපේ යාලුවෝ එකතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
    ආයි දවසක වාහන ගැන මොනව හරි කතා කරමු
    හැමෝටම ආයුබෝවන්!


    කලින් මම වාහන ගැන දාපු නුල්.
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II
    හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි
    රොටරි මෝලේ තරම
    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
    වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්
    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
    කාබන් ෆයිබර් කාර්
    2015 BMW 750Li කාර් එක බලන්න වරෙව්!

    banner_zpsd6df7d37.png
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    දැන් මෝල් සන්ස්කෘතයේ ජැක්සන් පරම්පරාවේ උන් එයි කියවගෙන මේකේ ගුන දොස්..යකෝ බැට්‍රි දැන් දානවා 6 දාහට එක සෙල් එකක්..
    ඒබී එස් හදනවා 20000 ට..
    හරි පන්ඩිත මූඩ මූසලයො ඉන්නවා මේ රටේ..
    රටේ නෙමේ..කොතනත්..
    මට වැඩ තියනවා උබලට දර්ශනේ දානවට වැඩිය...
    මම " හා කරල දෙන්නම්..ඇපෲ උනේ මෙච්චරයි බයිල නෑ..
    උබලගෙ අතේ 3 ක් 4 ක් තියෙන්න ඕනෙත් නෑ..
    ඒක මම අහන්නෙත් නෑ..මට දෙන්න පුලුවන් ගාන කිව්වා උබල සෙට් නම් ගත්තා...
    කොහොමත් මට මගෙ ගුරුතුමා කියල තියනවා මිනිස්සු එක්ක වැඩ කරද්දි නොමිලේ කිසි දෙයක් කරන්න එපා කියලා..
    ඒ නිසා මම මගෙ සමාගමට උබලගෙන් 10.000 ක් ගන්නවා..
    උබලට වෙඩේ වෙන්න ඕනෙනම් සාදාරන ගානක් ඒක..
    හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ ? කියවන්න:

    http://www.elakiri.com/forum/showthread.php?t=1659510

    Mr.Tom ගේ සමාජ සත්කාරයකි.




    ඔහොම හිතුවොත් ජීවත් වෙන්නත් බෑ බන්..
    ජීවිතේ චැලේන්ජ් එකක් ගන්න ඕනේ..
    වියදම වැඩි නම් ඒකට වෙන විකල්ප හොයන්න ඕනේ..
    මොන මෝඩයොද උබලා..
    නැති බනේ නෙමෙයි..
    විකල්ප හොයපන්..
    උගත්කම පෙන්නල හොද තැනක වඩට පලයන්..
    රටකජු විකුනන එකාටත් පුලුවන් වාහනේකට යන්න..අයියූ දෙයියනේ...
    වෙලාවට තොපි මගෙ යාලුවෝ නෙමෙයි

     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබලට කුප්පි දාල ගොඩ දාන්න ආවෙ නෑ....
    මට ඕනේ මගේ ඒජන්සි එක ගොඩ දාගන්න...
    මම හිතනවා මගේ වාහනේට 60 ක් ගෙවන්නෙ කොහොමද කියලා..
    ඒකට මොලේ වෙහෙසනවා..
    විකල්ප හොයනවා...
    උබල....?
    නැට්ට හන්ග ගන්නවා...
    සමහර සත්තු ඉන්නවා නැට්ට තෙමුනම මැරෙනවා..
    හනේ ඉතිම් ..ඈ
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28

    ජීවිතේ චැලේන්ජ් එකක් ගන්න ඕනේ..
    වියදම වැඩි නම් ඒකට වෙන විකල්ප හොයන්න ඕනේ..
    විකල්ප හොයපන්..
    රටකජු විකුනන එකාටත් පුලුවන් වාහනේකට යන්න..අයියූ දෙයියනේ...
    වෙලාවට තොපි මගෙ යාලුවෝ නෙමෙයි


    හරි හරි උඹ වාහන ලීස් කරල හම්බෙන කොමිෂන් එකෙන් වාහනයක් ගනිම්.

    ඒත් උඹ සල්ලි හම්බකරන්න හොයාගත්ත "විකල්පේ" හින්ද මේකේ වෙන උං අමාරුවේ වැටුණොත් එහෙම :dull:

    මාසෙට 80 හම්බකරන එකෙක් මාසෙට 66 ගෙවන්න වාහනයක් ගත්තොත් වෙන දේ තේරුම් ගන්න ලේසිවෙන්න ඔය Mr. Tom ගෙ ආටිකල් එක ශෙයා කලේ.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    යකූ ..බස් එකේ ඉතුරු රුපියල ඉල්ලන් නැතුව හිතෙන් විදවන එකෙක් නොවී
    කැබ් එකක නැගල ටිප් එකක් දීල යන ජීවිතේකට හීන මවපල්ල..
    මෝඩ හෝතම්බුවෝ...
    තොපිලත් රාට පාර පැනලා සෙත්තපෝචි වෙන හෝතම්බුවෝ වගේ,,
    ලයිට් එකට බලාගෙන ඉන්නවා ..දන්නෙම නෑ ඌ යටවෙලා
     

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    හා හා චුටි පුතාලා රණ්ඩු වෙන්නේ නැහැ ත්‍රෙඩ් එකේ ඔන්න....අනික දැන් රෑ වෙලා ගිහින් නිදා ගන්න පුතාලා!:love:මගේ රත්තරන් පුතාලට බුදු සරණයි සුබ රාත්‍රියක් වේවා!:love:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හරි හරි උඹ වාහන ලීස් කරල හම්බෙන කොමිෂන් එකෙන් වාහනයක් ගනිම්.

    ඒත් උඹ සල්ලි හම්බකරන්න හොයාගත්ත "විකල්පේ" හින්ද මේකේ වෙන උං අමාරුවේ වැටුණොත් එහෙම :dull:

    මාසෙට 80 හම්බකරන එකෙක් මාසෙට 66 ගෙවන්න වාහනයක් ගත්තොත් වෙන දේ තේරුම් ගන්න ලේසිවෙන්න ඔය Mr. Tom ගෙ ආටිකල් එක ශෙයා කලේ.


    උබත් යමක් නොතේරෙන පයිතගරස් කෙනෙක්...
    මන් කමිශන් එකයි මගෙන් වැඩේ ගන්න එකාගෙන් 10000 කුත් ගන්නවා..
    මගෙ සර්විස් එකට මිලක් තියනවාඒ මගේ විකල්ප සිසටම් එක..

    ඒකට බැන බැන නොයිද තමන්ටම ක්‍රමයක් හදාගන්න
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    යකූ ..බස් එකේ ඉතුරු රුපියල ඉල්ලන් නැතුව හිතෙන් විදවන එකෙක් නොවී
    කැබ් එකක නැගල ටිප් එකක් දීල යන ජීවිතේකට හීන මවපල්ල..

    ෆිනෑන්ස් කොම්පැනියෙන් ගත්ත ණයට පොළිය ගෙවන්නෙ කොහොමද කියල හිතෙන් විඳවන එක පොෂ්...

    බස් එකේ ඉතුරු රුපියල ඉල්ලන එක නොපොෂ් :baffled:
     

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    මගේ විකල්ප සිසටම් එක..
    ඒකට බැන බැන නොයිද තමන්ටම ක්‍රමයක් හදාගන්න

    ඒක හරි ඒක උඹේ අයිතිය...

    ඒත් කෑල්ල දාගෙන යන්න ණයට වාහනයක් ගන්න එක ප්‍රොමෝට් කරන එක ටිකක් හරි මදි කියල මට හිතුණේ. මොකෝ ඕකෙන් ෆිනෑන්ස් කොම්පැනියටත් ලාබයි, උඹටත් ලාබයි, වාහනේ ගන්න එකාට තියෙන්නේ පාඩුවක් විතරයි.

    කැබ් එකේ නැගල ටිප් එකක් දීල යන්න ඒම් එකක් තියෙන මිනිහෙක් පුළුවන් තරම් තමන්ට මූල්‍යමය වශයෙන් පාඩු වෙන වැඩ වලින් වැළකෙන්න ඕනනේ.
     
    Last edited:

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,354
    1,628
    113
    If you can't buy it by cash, you can't afford it. Earn more money you fucking idiot.

    P.S: Me thread eka dapu ekata neme benne.Lease karala personal use ekata wahana ganna ewunta
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,870
    1
    12,174
    113
    අදාළ නෑ නේ
    If you can't buy it by cash, you can't afford it. Earn more money you fucking idiot.

    P.S: Me thread eka dapu ekata neme benne.Lease karala personal use ekata wahana ganna ewunta


    අනිවා මේක තමා ඇත්තම කතාව :yes::yes::yes::yes:
    මල්බෙරිය කියන්නෙ බලු බෙට්ටක් හරි කමක් නෑ විකුණල සල්ලි හම්බකරන ජාතියෙ බඩ්ඩක්:lol:
    :lol::lol::lol:

    ඇයි දැන් උබේ අයි ක්ලවුඩ් බිස්නස් එක නැවත්තුවද?
    මට මතකයි උබ ඒ දවස්වල හෙන පොර ටෝක් දානව ඇපල් එකේ අයිති කාරය වගේ :P:P:P