බුදු දහම

Dakune_Malli

Member
Dec 26, 2018
90
7
0
28
wadak nahane
මුදල් වැය නොකර කළ හැකි පින්
.
පින් යනු යහපත් දෙයයි. බෞද්ධයකු ලෙස පින්දහම් රැස්කිරීම අපේ මූලික බලාපොරොත්තුවයි. පින්දහම් රැස්කර ගැනීම සඳහා වර්තමාන සමාජයේ බොහෝ දෙනා විශාල මුදල් හදල් වියදම් කරති.

එහෙත් මුදල් ශතයකුදු වැය නොකර කරගත හැකි වටිනා පින්කම්ද ඇත. ක්‍රියාවෙන් සුළු වූවද ඉන් ලැබෙන ප්‍රතිඵල බොහෝය. මහමඟ දඩාවතේ ඇවිදින බල්ලන්, බළලුන් වැනි සතුන්ට දැනෙන කුසගින්න කියා පෑමට උන්ට නොහැක. එය මිනිසුන් වූ අප තේරුම්ගත යුතුය. තමන් කෑමට ගත් ආහාර වේලෙන් බිඳක් හෝ එම අසරණ සතුන් වෙනුවෙන් දෙන්නේ නම් ඔබ ලබනුයේ මහඟු පිනකි. එසේම ඔබේ ගෙවත්තේ ඉඩ ඇති පරිදි බෙහෙත් පැළෑටියක් රෝපණය කරන්න. කිනම් මොහොතක හෝ එම බෙහෙත් පැළෑටියේ කොටස් යම්කිසි රෝගියකු සඳහා වුවමනා වේ. එසේ වූ විට ඔබට අත්වන්නේ මහඟු පිනකි.

ඔබ පදිංචි නිවසේ කිසියම් සුදුසු ස්ථානයක පැන් බඳුනක් තැබීමෙන් කුරුල්ලන් ලේනුන් ආදී සතුන් උන්ගේ පිපාසය සංසිඳුවා ගනු ඇත. එය දකින ඔබට සතුටක් ඇති වන අතර නොදැනුවත්වම පින්කමක්ද සිදුවේ. අපේ පැරැන්නන් අතර පැවත ආ “පිංතාලිය’ ඔබ නිවස ඉදිරිපිට මහමඟ අසල තැබීමද ඉතාම වටිනා සමාජ මෙහෙවරක් මෙන්ම පුණ්‍ය ක්‍රියාවකි. පාරේ ගමන් ගන්නා උදවිය ඉන් පැන් උගුරක් බී පවස නිවාගන්නා වාරයක් පාසාම ඔබට පින් ලැබේ. එසේම අහිංසක අසරණ සතුන්ට කුසගිනි නිවාගත හැකි බොහෝ දේ ඔබ නිවසේ මුළුතැන්ගෙයි ඇත. ඔබ කරනුයේ ඒවා කසළ බඳුනකට විසි කිරීමයි. එසේ නොකොට එම ද්‍රව්‍යයන් වන ඉඳුල් බත්, මස්, මාළු , කටු වැනි දේ භාජනයකට දමා ඔබ වත්තේ සුදුසු තැනක තබන්න. ආහාර සොයන සතුන් ඒවා කා කුසගිනි නිවාගනී. එයද ඔබට පින්සිදුවීමට හේතුවේ.

ඔබ මහමඟ ගමන් ගන්නා විටදී ආබාධිත අයකු දුටුවිට ඔහුගෙන් විමසා අවශ්‍ය සහාය ලබාදෙන්න. බස්රියේ හෝ දුම්රියේ ගමන් ගන්නා විටදී ඔබ අසුන් ගෙන යන්නේ නම් ආබාධිත අයකුට ඔබේ අසුන පූජා කරන්න. එය යහපත් සමාජ සේවයක් මෙන්ම පින්සිදුවන ක්‍රියාවකි.

තවත් වැදගත් පුණ්‍ය කර්මයක් ඇත. එනම් ඔබ රාත්‍රි නින්දට යන විට අවංක සිතින් ලෝවැසියාට විනාඩි පහක් හෝ දහයක් මෛත්‍රී කරන්න. එය භාවනාමය පින්කමක් මෙන්ම ඔබේ ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යෑමට හේතුවේ. මෙසේ බලන විට ශතයකුදු වැයනොකර කළ හැකි පින්කම් ඇති බව සිතට ගන්න. මෙවැනි දෑ කිරීමෙන් ඔබේ සිතට මානසික සතුටක් ලැබෙන අතර ඔබ සමාජයේ ගුණවත් අයකු සේ සැලකේ.

පොස්ට් එක හම්බුනෙ දෙදුන්න කියන FB පෙජ් එකෙන්
 
  • Like
Reactions: Pessimist

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351

බෞද්ධයකු ලෙස පින්දහම් රැස්කිරීම අපේ මූලික බලාපොරොත්තුවයි.
100% ක් වැරදි. මුලික අරමුණ වෙන්නේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම.

--------------------------------
පින කියන්නේ රැස් වෙලා පසුව ඉවර වෙලා යන දෙයක්.
නමුත් පින් රැස් කිරීම අත්‍යවශ්‍යයි සහ අනිවාර්යයි.
මහත්පල මහා ආනිසංස ලැබෙන පින් කම් කිරීම අත්‍යවශ්‍යයි.

මේ පොස්ට් එකේ තියන පින්කම් පින්කම් බව ඇත්ත. නමුත් පින කියන්නේ මොන වගේ දෙයක්ද, ඇයි එක වැදගත් වෙන්නේ කියන එක හරියට දැනගන්න බුද්ධ දේශනා විතරක් කියවන්න.

වියදම් කරන මුදල තීරණය කරන්නේ ඒ ඒ මිනිස්සු. එක ඒ ඒ අයට සාපේක්ෂ දෙයක්. වියදම් කරන මුදල අදාළ කාර්යට සාපේක්ෂයි. ඒ ඒ පින්කම් වලට ඒක වෙනස්.

වැදගත් ම දේ පින්කමක් කරන කොට කතා කරනකොට ඉගන ගන්නකොට අවශ්‍ය වැදගත්ම දේ චේතනාව මොකද්ද කියන එක මිසක් යන වියදම නෙවේ.

දැන් මිනිස්සු බුදු දහම ගැන එක එක කතා තමන්ට හිතු මතේ කියනවා. social media වලින් ඉගන ගන්න ගියොත් වෙන්නේ කෙල වෙන එක බහුතරයකට. ඒ නිසා බුද්ධ දේශනා කියවන්න පින ගැන දැනගන්න.
 
ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පින සහ කුසලය
    කවුරුන් හෝ පැහැදිලි කරන්න..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,258
    2,111
    113
    පින සහ කුසලය
    කවුරුන් හෝ පැහැදිලි කරන්න..

    Yam kisi kenek dana seela bawanawan walin pin ras karagani..ewa matu upadina athmawalata udaw wei,

    Yam kisi kenek niwan udesa karana wada, raga, dwesha, moha adu kirima sandaha karana wada kusal wei,
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,258
    2,111
    113
    100% ක් වැරදි. මුලික අරමුණ වෙන්නේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම.

    --------------------------------
    පින කියන්නේ රැස් වෙලා පසුව ඉවර වෙලා යන දෙයක්.
    නමුත් පින් රැස් කිරීම අත්‍යවශ්‍යයි සහ අනිවාර්යයි.
    මහත්පල මහා ආනිසංස ලැබෙන පින් කම් කිරීම අත්‍යවශ්‍යයි.

    මේ පොස්ට් එකේ තියන පින්කම් පින්කම් බව ඇත්ත. නමුත් පින කියන්නේ මොන වගේ දෙයක්ද, ඇයි එක වැදගත් වෙන්නේ කියන එක හරියට දැනගන්න බුද්ධ දේශනා විතරක් කියවන්න.

    වියදම් කරන මුදල තීරණය කරන්නේ ඒ ඒ මිනිස්සු. එක ඒ ඒ අයට සාපේක්ෂ දෙයක්. වියදම් කරන මුදල අදාළ කාර්යට සාපේක්ෂයි. ඒ ඒ පින්කම් වලට ඒක වෙනස්.

    වැදගත් ම දේ පින්කමක් කරන කොට කතා කරනකොට ඉගන ගන්නකොට අවශ්‍ය වැදගත්ම දේ චේතනාව මොකද්ද කියන එක මිසක් යන වියදම නෙවේ.

    දැන් මිනිස්සු බුදු දහම ගැන එක එක කතා තමන්ට හිතු මතේ කියනවා. social media වලින් ඉගන ගන්න ගියොත් වෙන්නේ කෙල වෙන එක බහුතරයකට. ඒ නිසා බුද්ධ දේශනා කියවන්න පින ගැන දැනගන්න.

    Right on the money!!!