මුදල් වැය නොකර කළ හැකි පින්
.
පින් යනු යහපත් දෙයයි. බෞද්ධයකු ලෙස පින්දහම් රැස්කිරීම අපේ මූලික බලාපොරොත්තුවයි. පින්දහම් රැස්කර ගැනීම සඳහා වර්තමාන සමාජයේ බොහෝ දෙනා විශාල මුදල් හදල් වියදම් කරති.
එහෙත් මුදල් ශතයකුදු වැය නොකර කරගත හැකි වටිනා පින්කම්ද ඇත. ක්‍රියාවෙන් සුළු වූවද ඉන් ලැබෙන ප්‍රතිඵල බොහෝය. මහමඟ දඩාවතේ ඇවිදින බල්ලන්, බළලුන් වැනි සතුන්ට දැනෙන කුසගින්න කියා පෑමට උන්ට නොහැක. එය මිනිසුන් වූ අප තේරුම්ගත යුතුය. තමන් කෑමට ගත් ආහාර වේලෙන් බිඳක් හෝ එම අසරණ සතුන් වෙනුවෙන් දෙන්නේ නම් ඔබ ලබනුයේ මහඟු පිනකි. එසේම ඔබේ ගෙවත්තේ ඉඩ ඇති පරිදි බෙහෙත් පැළෑටියක් රෝපණය කරන්න. කිනම් මොහොතක හෝ එම බෙහෙත් පැළෑටියේ කොටස් යම්කිසි රෝගියකු සඳහා වුවමනා වේ. එසේ වූ විට ඔබට අත්වන්නේ මහඟු පිනකි.
ඔබ පදිංචි නිවසේ කිසියම් සුදුසු ස්ථානයක පැන් බඳුනක් තැබීමෙන් කුරුල්ලන් ලේනුන් ආදී සතුන් උන්ගේ පිපාසය සංසිඳුවා ගනු ඇත. එය දකින ඔබට සතුටක් ඇති වන අතර නොදැනුවත්වම පින්කමක්ද සිදුවේ. අපේ පැරැන්නන් අතර පැවත ආ “පිංතාලිය’ ඔබ නිවස ඉදිරිපිට මහමඟ අසල තැබීමද ඉතාම වටිනා සමාජ මෙහෙවරක් මෙන්ම පුණ්‍ය ක්‍රියාවකි. පාරේ ගමන් ගන්නා උදවිය ඉන් පැන් උගුරක් බී පවස නිවාගන්නා වාරයක් පාසාම ඔබට පින් ලැබේ. එසේම අහිංසක අසරණ සතුන්ට කුසගිනි නිවාගත හැකි බොහෝ දේ ඔබ නිවසේ මුළුතැන්ගෙයි ඇත. ඔබ කරනුයේ ඒවා කසළ බඳුනකට විසි කිරීමයි. එසේ නොකොට එම ද්‍රව්‍යයන් වන ඉඳුල් බත්, මස්, මාළු , කටු වැනි දේ භාජනයකට දමා ඔබ වත්තේ සුදුසු තැනක තබන්න. ආහාර සොයන සතුන් ඒවා කා කුසගිනි නිවාගනී. එයද ඔබට පින්සිදුවීමට හේතුවේ.
ඔබ මහමඟ ගමන් ගන්නා විටදී ආබාධිත අයකු දුටුවිට ඔහුගෙන් විමසා අවශ්‍ය සහාය ලබාදෙන්න. බස්රියේ හෝ දුම්රියේ ගමන් ගන්නා විටදී ඔබ අසුන් ගෙන යන්නේ නම් ආබාධිත අයකුට ඔබේ අසුන පූජා කරන්න. එය යහපත් සමාජ සේවයක් මෙන්ම පින්සිදුවන ක්‍රියාවකි.
තවත් වැදගත් පුණ්‍ය කර්මයක් ඇත. එනම් ඔබ රාත්‍රි නින්දට යන විට අවංක සිතින් ලෝවැසියාට විනාඩි පහක් හෝ දහයක් මෛත්‍රී කරන්න. එය භාවනාමය පින්කමක් මෙන්ම ඔබේ ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යෑමට හේතුවේ. මෙසේ බලන විට ශතයකුදු වැයනොකර කළ හැකි පින්කම් ඇති බව සිතට ගන්න. මෙවැනි දෑ කිරීමෙන් ඔබේ සිතට මානසික සතුටක් ලැබෙන අතර ඔබ සමාජයේ ගුණවත් අයකු සේ සැලකේ.
පොස්ට් එක හම්බුනෙ දෙදුන්න කියන FB පෙජ් එකෙන්