උබලත් ඉස්කෝලේ ගිහින් ඇතිනේ. අපි ඉස්කෝලෙ කාලේ නම් Re-correction දාපු එකක්වත් කාගෙවත් වෙනස්වෙලා නෑ. මම දන්න එක මල්ලි කෙනෙක්ගේ ශිෂ්‍යත්ව විභාගේ ලකුණු 2ක් වැඩි වුනා. ඒත් එයා ෆේල්. ඒක විතරයි ජීවිතේටම අහලා තියන වෙනස්වෙච්ච එකම අවස්ථාව. උබලට හිතෙන්නෙ නැද්ද මෙතන මොකක් හරි අවුලක් ඇති කියලා. ඉස්කෝලෙක ටිචර් කෙනෙක් පේපර් බලලා ලකුණු දුන්නට පස්සෙත් ලකුණු අඩු/වැඩි වෙන අවස්ථා ගොඩක් තියනවා. බලපු පේපර් එකක් වෙන ගුරුවරයෙක් දම්මවලා චෙක් කරත් ලකුණු වෙනස් වෙන්න පුලූවන් සම්භාවිතාවක් තියනවා. Re-correction දාන්නත් ලමයෙක් එක විෂයක් ගානෙම සල්ලි ගෙවනවා. ඒ හරහා ලොකු මුදලක් විභාග දෙපාර්තමේන්තුවට එනවා. මේ ගැන උබලගේ අදහස මොකක්ද


