Fixed Deposits Part 2 - CSE Watch List
කළින් Fitch Rating ගැන දාපු ත්‍රෙඩ් එකට ඉහළ ප්‍රතිචාර ලැබිච්ච හින්ද තව දුරටත් තමන්ගෙ මුදල් ආයෝජනය කරද්දි බලන්න පුළුවන් නිර්නායකයක් ගැනයි අද කියන්න යන්නෙ. කලින් ත්‍රෙඩ් එක බලපු නැති අය මෙතනින් බලන්න.
කළින් ත්‍රෙඩ් එකේ ගොඩක් කට්ටිය කියල තිබ්බ දෙයක් තමයි, අහවල් කොම්පැණියෙ විස්තර Fitch Rating එකේ නෑ නෙ. අහවල් කොම්පැණිය හොඳට perform කරලත් ඇයි Fitch Rating එකේ නැත්තෙ වගෙ දේවල්. අන්න ඒ කොම්පැණි ගැන හොයල බලන්න තමයි මේ ත්‍රෙඩ් එක දැම්මෙ

අපි මුදල් ආයෝජනය කරන්න යන බොහෝමයක් සමාගම් කොටස් වෙළඳපොලේ ලයිස්තුගත සමාගම් (public companies). ඒ කියන්නෙ ඒවට ප්‍රාග්ධනය යොදල තියෙන්නෙ කොටස් වෙළඳපොළ හරහා සම්බන්ද වෙච්ච ආයෝජකයො (ඒ කිව්වෙ වැඩි හරියක් සාමාන්‍ය ජනතාවම තමයි). ඉතින් මේ අනුන්ගෙ සල්ලි වලින් පටන් ගන්න කොම්පැණි ටික කාලයක් යද්දි වංගු ගහනව. මහජනතාව, අයෝජකයො, රජය වගෙ පාර්ශව නොමග යවන්න. මෙන්න මේ වගෙ අඳුරගත්ත කොම්පැණි කොළඹ කොටස් වෙළඳපොලෙ වෙනම පුවරුවකට දාල තියෙනව. ඒකට කියන්නෙ Watch List එක කියල.
Watch List එකට සමාගමක් වැටෙන්න මූලිකවම සළකා බලන කරුණු කිහිපයක් තියෙනව.
1) Violation of Corporate Governance Requirements.
මේකෙදි බලන්නෙ අදාල ආයතනයෙ විනිවිදබාවය, සාදාරණත්වය, වගකීම, වගවීම වගෙ දේවල් කඩවෙලාද කියන එක.
2) Late submission or non-submission of interim financial statements.
සමාගමක් සමාන්‍යයෙන් මාස 3න් තුනට වගෙ අතුරු මූළ්‍ය වාර්තා ඉදිරිපත් කරන්න ඕන. සමහර සමාගම් මේ මූළ්‍ය වාර්තා පරක්කු කරනව, එහෙමත් නැත්තම් ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිනව.
3) Late submission or non-submission of annual reports;
සමාගමක් අනිවාර්යෙන්ම වසර අවසානයෙ මූළ්‍ය වාර්තා ඉදිරිපත් කරන්න ඕන. මේකෙදි බලන්නෙ ඒ අනිවාර්ය මූළ්‍ය වාර්තා පරක්කු කරල හරි ඉදිරිපත් කරල නැද්ද කියන එක.
4) Incidence of modified audit opinions in the audited financial statements.
සමාගමෙ වාර්තා විගණනය කරාට පස්සෙ, ඔවුන් ලබාදෙන නිර්දේශ වෙනස් කිරීමක් හෝ පැහරහැරීමක් කරල තියෙනවද කියන එක.
5) Incidence of an emphasis of matter on going concern in the audited financial statements
විගණන වාර්තා හෝ නිර්දේශ වෙනස් කිරීමක් සම්බන්දව දැනට පවතින ගැටළුවක්
දැන් අපි බලමු 2019 පෙබරවාරි 05 වෙනකොට කොළඹ කොටස් වෙළඳ පොළෙ Watch List එකට ඇතුලත් වෙලා තියෙන මූළ්‍ය සමාගම් ටික මොනවද කියල.
Disclaimer: මේ දර්ශකයෙන් අපිට කියන්න බෑ මේකට ඇතුළත් වෙලා තියෙන සමාගමක් 100%ක් නරකයි කියල. හැබැයි අනිවාර්යෙන්ම මේ සමාගම් ඔවුන්ගෙ විශ්වාසය සම්බන්දයෙන් යම් පළුද්දක් ඇති කරගෙන තියෙනව, ඒ හින්දම පළපුරුදු ආයෝජකයො මේ සමාගම් වලින් ඈත් වෙන්න තියෙන ඉඩකඩ වැඩී ඒ වගෙම මේ සමාගම් වල ආයෝජන කිරීමේ යම්කිසි අවදානම් තත්වයක් තියෙනව.
වැදගත් උනානම් බම්ප් එකක් දාගෙන යන්න අනිත් අයටත් බලන්න
Last edited:

