දිනක් තථාගතයන් වහන්සේ හුදෙකලාව අචිරවති ගංගා මිටියාවත ඔස්සේ වඩින අතරේ ගඟට ආසන්නයේ තිබුණු අලුත හදපු ගෘහයක් දුටුසේක. ඒ ගෘහයේ හිමිකරු ගොපල්ලෙකි. හේ විවාපත් බිරියට පළමු දරුවා ලැබ සිටියාය. මේ ගොපල්ලා මග ඵල ලැබීමේ මේරු පිං ඇති බව දිවැසින් දැන තථාගතයන් වහන්සේ ඔහුගේ දෙලොව යහපත පිණිස පිහිටක් වන අදිටනින් ඒ නුදුරෙන් වූ විශාල නුගයක් මුල මහා කරුණා පෙරදැරිව විවේක සුවයෙන් වැඩ උන්හ. හිරු බැසගොස් අඳුර ගලන්නට වූ කල ගොපල්ලා තම ගව රැල සුරැකිව බැඳ දමා නිවසට පැමිණුනේය. එසේ පැමිණ නිවස ඉදිරියේ සෙවණක ගින්නක් දැල්වීය. බිරිඳ සකසා දුන් රාත්‍රී භෝජනය අනුභවයෙන් පසුව ඔහුද නිවසේ ඉදිරි පිළිකන්නේ හිඳ අහස දෙස බලන්නේ මහා වරුසාවක පෙරනිමිති දුටුවේය. ඔහුගේ බිරිඳ ද ආහාර ගෙන බිළිඳුට කිරි පොවා තුරුළට ගෙන නිදන්නට වුවාය.
රාත්‍රිය බෝ විය, අඳුර දැඩි විය. විදුලි කොටමින්, අහස ගුගුරමින් මහා මේඝ වළාවක් ගුවනට නැඟුණේය. තද සුළං හමන්නට ද විය. තෘප්තිමත් සිතින් එදෙස බලාසිටි මේ ගොපල්ලා අහස දෙස බලා උස් හඬින් ගාථාවක් (කවියක්) කීවේය. ඒ ගාථාවේ අර්ථය මෙසේය;
"ගෘහය තැනුවෙමි, කැණීමඬල ද තදින් බැන්දෙමි. මාගේ ගබඩා ද අඹු-දරු ද සුරක්ෂිතයි. ගොනුන් බැන්දෙමි, ගිණි දැල්වුයෙමි. ඉතින් වැස්ස නුඹට ඇතිතාක් වැහැපන්."
මෙය අසමින් ගස මුල වැඩ හුන් බුදුරජාණෝ ද ගොපල්ලාට ඇසෙන සේ ගාථාවක් දෙසුහ. එහි අදහස;
"ගෘහය කැඩුවෙමි, කැණීමඬල ද බින්දෙමි. මගේ ගබඩා ද හිස්ය, අඹු-දරු ද නැත. ගොනුන් බැමි මිදුවෙමි, ගිණි නිවුයෙමි. ඉතින් වැස්ස නුඹට ඇතිතාක් වැහැපන්."
මේ මිහිරි හඬ ඇසු ගොපල්ලාගේ සිත මහත් කුතුහලයක් හා මවිතයක් ඇතිවිය. හඬක් ඇසු මුත් අඳුර දැඩි බැවින් පෙනෙන්නට කිසිවකු නොවීය. වනයේ වෘක්ෂ දේවතාවකු හෝ යක්ෂයකු හෝ වන්නට පිළිවන. කුහුලද චකිතයද මුසු සිතින් ගොපල්ලා ගෙට වැදී නින්දට වැටුනේය. රාත්‍රිය පුරා මහා වැසි පතිතවිය. පසුදා පහන්වූ කල අවදි වූ හෙතෙම පෙරදා රැයේ තමා කී ගාථාවට ලැබුණු පිළිතුරු ගාථා හඬ සිහිපත්කොට හාත්පස විපරම් කොට බලන්නේ නුදුරේ වූ වෘක්ෂ මුලයේ වැඩ හුන් තථාගතයන් වහන්සේ දැක පුදුමයට පත්ව උන්වහන්සේ කරා එළඹ පෙර දා රාත්‍රී සුවසේ සැතපුණේදැයි ආදී සතුටු සාමිචියේ යෙදී හීලද පිළිගන්වා ඉනික්බිති
"ස්වාමිනි පෙරයම් රෑ මා ගාථාවක් කියූ කල ඊට පිළිතුරු වදාළේ ඔබ වහන්සේ දැයි" විමසීය. බුදුපියාණෝ නිහඬව පිළිගත්හ.
එකල ගොපල්ලා පෙරලා අසන්නේ;
"ස්වාමිනි, පුදුමයකි. මා මාගේ ගෘහය ද වහළ ද මනාකොට තනා මාගේ ගබඩා ද අඹු-දරු ද සුරක්ෂිත බව දන්නා හෙයින්, ගොනුන් සුරැකිව බැඳ ගිණි අවුලා රැකසිටි හෙයින් නොබියව වර්ෂාව අපේක්ෂාවෙන් ගාථා කීමි. එහෙත් ස්වාමිනි, ඔබ වහන්සේ ගෘහය කඩා, කැණීමඬල ද බිඳ ගබඩා අඹු දරු ආදිය විපතේ දමමින්, ගොනුන් මුදා හැර වල ගන්වා ගිණිත් නිවා ලුයේ කෙසේ නම් අප මෙන් නොබියව වැස්ස වසීවායි වැසි අපේක්ෂා කළසේක් ද?"
විපරිත මනස් ඇති ඒ ගොපල්ලාට පිළිතුරු වදාරන අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ;
"පින්වත, මම සංසාර නමැති ගෘහය එහි කැණීමඬල ද හා සමඟ බිඳ නිශේධ කොට, රාග මෝහාදී ගොනුන් තෘෂ්ණා බැම්මෙන් මුදා කෙලෙස් නම් ගිණි නෂ්ටකොට නිවා දමමින් සම්මාසම්බුද්ධත්වයට පත්වුයෙම් කිනම් කාරණාවකින් වර්ෂාව අපේක්ෂාවෙන් නොසිටිනෙම් දැයි" ධර්ම දේශනය කළසේක. බණ අසා මතුයෙහි ඒ ගොපලු තෙම සෝවාන් ඵලයෙහි පිහිටා නිවන් සම්පත් ලැබීය.

Last edited: