Forex Market එක ගැන

Nethmina459

Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    විදේශීය මූල්‍ය හුවමාරු වෙළෙඳපොළ (ෆොරෙක්ස්, එෆ්එක්ස්, හෝ මූල්‍ය හුවමාරු වෙළෙඳපොළ) යනු ව්‍යවහාර මුදල් වෙළෙඳාම් කිරීම සඳහා පවතින ගෝලීය විමධ්‍යගත කෙරුණු වෙළෙඳපොළකි. වර්තමාන හෝ නිර්ණය කෙරුණු හෝ මිල යටතේ ව්‍යවහාර මුදල් අරභයා සිදුවන සමස්ත ආකාරයෙහි මිලදී ගැනීම්, විකිණීම් සහ හුවමාරු කිරීම් මෙයින් අදහස් වෙයි. වෙළෙඳාම් කිරීමෙහි ධාරිතාව සැලකුණු කළ, ලොව විශාලතම වෙළෙඳපොළ මෙය වන අතර දෙවැන්න වන්නේ ණයවර වෙළෙඳපොළ වෙයි.මෙම වෙළෙඳපොළෙහි කටයුතු වලට සහභාගීවන ප්‍රධාන අයවළුන් වන්නේ විශාල ජාත්‍යන්තර බැංකු වෙති. සති අග හැරුණු විට අනෙකුත් දින තුල දිවා රාත්‍රී පුරාවටම ලොව පුරා මූල්‍ය කේන්ද්‍රස්ථානයන් විසින් බහුවිධ ආකාරයෙහි ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් පුළුල් පරාසයක් අතර වෙළෙඳාම්කිරීම සඳහා පහසුකම් සපයයි. විදේශීය මූල්‍ය හුවමාරු වෙළෙඳපොළ විසින් වෙනස් ව්‍යවහාර මුදල් වල සාපේක්ෂ අගයයන් නිර්ණය නොකරන මුත්, අනෙකුන් විසින් සිදුකෙරන ඉල්ලුම මත යැපෙමින් කිසියම් ව්‍යවහාර මුදලක වත්මන් අගයයෙහි වෙළෙඳපොළ වටිනාකම නියම කර දක්වයි.

    විදේශීය මූල්‍ය හුවමාරු වෙළෙඳපොළ ක්‍රියාත්මක වන්නේ මූල්‍ය ආයතනයන් මගින් වන අතර, එය විවිධ මට්ටම් මත ක්‍රියා කෙරෙයි. තිරයෙන් පිටුපස ක්‍රියාකාරකම් වලදී, බැංකු විසින් "ගනුදෙනුකරුවන්" නම් ලද මූල්‍ය ව්‍යාපාර ආයතන කුඩා සංඛ්‍යාවකගේ උපකාරය පතන අතර, ඒවා විසින් සක්‍රීය ලෙසින් විශාල ප්‍රමාණයන්හී විදේශීය මූල්‍ය හුවමාරු වෙළෙඳාම්කිරීම් වල සහභාගී වෙති. බොහෝ විදේශීය මූල්‍ය හුවමාරු ගනුදෙනුකරුවන් බැංකු වන අතර, රක්ෂණ සමාගම් සහ වෙනත් ආකාරයේ මූල්‍ය ව්‍යාපාර ආයතන කිහිපයක්ද මෙය හා සම්බන්ධ වූවත්, ඉහත කරුණ නිසා මෙම තිරයෙන් පිටුපස වෙළෙඳපොළ සමහරවිටෙක "අන්තර්බැංකු වෙළෙඳපොළ" ලෙසින් හැඳින්වෙයි.

    Forex
    Forex Fx Market ලෙසද හදුන්වයි. වර්තමාන්යේදි ලොව පවතින සියලුම රටවල් මේ සමඟ සම්බන්ධ වී පවති. මෙහිදි සිදුවන් මූලිකම දැයනම් එක් මුදල් කාණ්ඩයක් තවත් මුදල් කාණ්ඩයක් සමග හුවමාරු වීමකි. Fx Marketපැය 24 පුරාම ක්‍රියාත්මක විම සිදු වේ. ලොව පවතින විශාලම මූල්‍ය වෙළඳපොළ මෙය වේ.:shocked::shocked: මෙහිදී දිනකට ඩොලර් ට්‍රිලියන 5කට වඩා :shocked::shocked:වැඩි ගනුදෙනු ප්‍රමාණයක් සිදු වේ.
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    banku kohomada bn mekata salli yodawanne? ath brokerla harahada?

    මචං අපි Forex Market එකේ Trade කරන්නෙ යම්කිසි Broker ‌කෙනෙක්ගෙ Account එකක් හරහා.අපිට එකපාර $100000 ක් විතර(රු.17774000 විතර) Directly Forex Market එකේ Invest තරන්න බෑනෙ බන්.ඒක ‌ගොඩක් Risk එකක් තියෙන වැඩක්.ඒත් මචං බැංකු Directly Forex Market එකේ Invest කරනවා.උන් ‌මේ field එකේ ‌ගොඩක් Expert.
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,724
    1,271
    113
    matara
    මචං අපි Forex Market එකේ Trade කරන්නෙ යම්කිසි Broker ‌කෙනෙක්ගෙ Account එකක් හරහා.අපිට එකපාර $100000 ක් විතර(රු.17774000 විතර) Directly Forex Market එකේ Invest තරන්න බෑනෙ බන්.ඒක ‌ගොඩක් Risk එකක් තියෙන වැඩක්.ඒත් මචං බැංකු Directly Forex Market එකේ Invest කරනවා.උන් ‌මේ field එකේ ‌ගොඩක් Expert.

    kohomada bn direct danne? mata therenne ne?