Madush and Amal Perera with his son

monson

Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113
    මදුෂ් සමග අත්අඩංගුවට ගත් පස් දෙනෙකුගේ නිවෙස් පොලිස් පරික්ෂාවට

    හේමන්ත කහවලගේ

    2019-02-08

    මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහිදි අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පස්දෙනෙකුගේ නිවෙස් පොලීසිය මගින් අද (08) පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව සිටින අවිශ්ක කවිශාන් නොහොත් ‘‘ජංගා’’ නමැත්තාගේ ගන්දර පිහිටි නිවෙස සෝදිසි කර ඇත්තේ ගන්දර පොලීසිය විසින්. එහි තිබී ටී 56 උණ්ඩ 26ක්, යුද හමුදා නිල ඇඳුම් 18ක් සහ හිස් උණ්ඩ කොපු 30ක් සොයා ගෙන තිබෙනවා. ‘‘ජංගා’’ නමැත්තාගේ පියාගේ සොහොයුරෙක් ද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

    මාකඳුරේ මදුෂ්ගේ පාසල් මිතුරන් වන ලංකා සජිත් පෙරේරා, චරිත් කොඩිකාර යන දෙදෙනාගේ නිවෙස් පරීක්ෂාවට ලක් කර ඇත්තේ කඹුරුපිටිය පොලීසිය විසින්. බුබායිහිදී අත්අඩංගුවට ගැනුණු ශෙල්ටන් ද සිල්වා නොහොත් කුමාර නමැත්තාගේ සහ බන්ධනාගාර හිටපු බුද්ධි අංශ නිලධාරියෙකු වන ලලිත් කුරේ නමැත්තාගේ නිවෙස් ද අද පොලීසිය මගින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

    වැලිගම මිරිස්ස, ප‍්‍රදේශයේ පිහිටි සන්ෂයින් සහ සීක‍්‍රට් බීච් නමැති හෝටල් පරිශ‍්‍රයන් හදිසි පරීක්ෂාවට ලක් කර ඇත්තේ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙහෙයවූ විශේෂ පොලිස් කණ්ඩායම් 02ක් විසින්. එම හෝටල් 02 ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු සන්ෂයින් සුද්දාගේ සහ ඔහුගේ සොහොයුරෙකුට අයත් ඒවා බවයි පැවසෙන්නේ. එම හෝටල් 02කේ ශබ්ද විකාශන බලපත‍්‍ර අවලංගු කිරීමට ද පොලීසිය කටයුතු කර තිබෙනවා.

    අදාළ පරීක්ෂාවේදී සන්ෂයින් සුද්දාට අයත් හෝටලයේ තිබී ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු පිරිස අතර සිටින රංගන ශිල්පී රයන් වැන්රෝයන්ගේ මෝටර් රථය ද හමුවී තිබෙනවා. එහි තිබී කේරළ ගංජා ග‍්‍රෑම් 05ක් ද සොයා ගැනුණු බවයි පොලීසිය පැවසුවේ. මාකඳුරේ මදුෂ්ගේ සාදයට සහභාගී වීම සඳහා රංගන ශිල්පී රයන් වැන්රෝයන්, ගායන ශිල්පී අමල් පෙරේරාගුවන් තොටුපළ බලා පිටත්ව ගොස් ඇත්තේ සන්ෂයින් සුද්දාට අයත් එම හෝටලයේ සිට බවට ද මේ වනවිට තොරතුරු අනාවරණ වි තිබෙනවා.

    - http://nethnews.lk/article/63231
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113
    මාකඳුරේ මධූෂ් ඇල්ලීම ගැන ලකුණු දමා ගැනීමේ නීච තරඟය..! ලක්ෂ්මන් යාපාට මධූෂ්ගෙන් ලැබුණු ප්‍රතිඋපකාරය..! පාතාලයන් බේරා ගැනීමට මහින්ද අමරවීර නිවසේ කළ රහස් සාකච්ඡාව..!
    -චන්ද්‍රප්‍රදීප් ලියයි-

    (ලංකා ඊ නිව්ස් -2019.පෙබ.09, ‌පෙ.ව.4.50) ලංකාවේ අපරාධ රාශියකට වගකිව යුතු මෙන්ම මත්ද්‍රව්‍ය රජෙකු වන පාතාල නායක සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත ‌හෙවත් මාකඳුරේ මධූෂ් සහ පාතාල හැත්ත බුරුත්තක්ම අබුඩාබි පොලිසිය මගින් අත් අඩංගුවට ගැනීමත් සමග මධූෂ්ගේ පසුපස ඔහුගෙන් යැපෙමින් ඔහුට ආවරණය සපයමින් සිටි දේශපාලුවන් සහ පොලිසියේ ඉහලම ඇවරිය නන්නත්තාර වෙමින් තම තමන්ගේ සම්බන්ධතා හෙළිදරව්වේවි යැයි බියෙන් විවිධ බොරු ප්‍රචාර ගොතද්දී මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙකු එල්ලා මරනවාමයි කියමින් පම්පෝරි ගසන පොළොන්නරුවේ සිරා මධූෂ් ලංකාවට ගෙන්වා ඔහුගෙන් තම දේශපාලන හිරි ඇර ගැනීමේ කුමන්ත්‍රණයක යෙදෙමින් සිටී.

    ප්‍රධාන වශයෙන්ම මධූෂ් ඇල්ලුවේ එස්ටීඑෆ් කොමඩාන් ලතීෆ්ගේ කණ්ඩායම නොව තමා යැවූ ත්‍රස්ත විමර්ශණ කණ්ඩායමේ (ටීඅයිඩී) පිරිසක් යැයි රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ආරම්භයේදීම ගෝඨාභයට සැලියුට් ගැසූ කෝළම් පොලිස්පති වරයා ලකුණු දමා ගැනීමේ වෑයමක යෙදෙමින් සිටී.

    පොලිස්පති සහ සට්ටැඹියන්ගේ වැල් බයිලා
    -----------------------------------
    ලංකා ඊ නිව්ස් ලියූ පෙර ලිපියේ දී ජ්‍යෙ.නි.පොලිස්පති ලතීෆ් මේ සඳහා සිය මෙහෙයුම දියත් කෙළේ පොලිස්පතිවරයාද නොදැන යයි කළ සඳහනට කම්පිත වූ පොලිස්පතිවරයා සිය ඥාති සොහොයුරෙකු යැයි කියා ගත් කවුදෝ ලවා පුවත නිවැරදි කරන්නැයි කියා සිටියේ ය. ලංකා ඊ නිව්ස්හි පුවතක් නිවැරදි කිරීමට නම් ඊට අදාල පුද්ගලයා නිල වශයෙන් ප්‍රතිචාර දැක්වූවහොත් මිස ඔහුගේ ඥාතීන් යැයි කියා ගත් පුද්ගලයන්ගේ ප්‍රතිචාර දැක්වීම් පිළිගන්නේ නැත. පොලිස්පතිවරයා සම්බන්ධ ප්‍රවෘත්තියක් නිවැරදි කිරීමට නිල බලය හිමි වන්නේ පොලිස්පතිවරයාට හෝ ඔහුගේ නිල කාර්ය මණ්ඩලයේ අයෙකුට හෝ නිල පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයාට ය. එසේ නොමැතිව අන් සට්ටැඹියන් කියන කතා ලංකා ඊ නිව්ස් පිළිගන්නේ නැත.

    පොලිස්පතිවරයාගේ සට්ටැඹියන් කියන කතාද පරස්පර විරෝධී ය. ඊයේ ඥාතියා කියූ කතාවට සම්පූර්ණ පරස්පර විරෝධී නාටකානුසාරී චිත්‍රපට කතාවක් අද තවත් සට්ටැඹි නි.පොලිස්පතිවරයෙකු පවසා සිටී. ඒවා පිළිගැනීමට තරම් ලංකා ඊ නිව්ස් අඳබාල නොවේ.

    (ජඩමාධ්‍ය වලටද කියා ඔවුන් රස කර වාර්තා කර ඇති මේ කතා කෙතරම් පරස්පරද යත් ඒ ගැන වෙනම ලිපියක් ලිවිය යුතුය. සුළුම උදාහරණයක් වන්නේ එස්එස්පී වරුණ ජයසුන්දර මේ මෙහෙයුම මාස 6 කට පෙර දියත් කළ බව කියන නමුත් ඔහු ටීඅයිඩියට පත් වන්නේ මාස 3-4 කට පමණ පෙරය. ඔහු මාස 6 කට පෙර යාපනයේ සාමාන්‍ය රාජකාරි කරමින් ‘කළු සාගර’ ඩුබායි යැව්වේ ද? කළු සාගර ටීඅයිඩීයට බැඳුනේ කවදා ද? මේවා නාමල්කුමාර වර්ගයේ සුරංගනා කතා ය. )

    ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග දීර්ඝ කලක් තිස්සේ සම්බන්ධතා ඇති බවට සාක්කි තිබෙන, මත්ද්‍රව්‍ය ජාවාරමුන් සමග තිබූ සම්බන්ධතා නිසාම තම සහෝදර පොලිස් නිලධාරීන්ගේ ඝාතන වලට සහාය දුන් බවටද නම සඳහන් පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයා, මධූෂ් අත් අඩංගුවට ගැනීමෙන් පසු ඒ පිලිබඳ ලකුණු දමා ගැනීමට ගන්නා නිෂ්ඵල වෑයම ලංකා ඊ නිව්ස් එක හෙළා පිළිකුල් සහගත ලෙස ප්‍රතික්ෂේප කරන්නෙමු.

    යහපාලන වීරයෙකු ලෙස පෙනී හිඳ, ඔක් 26 කුමන්ත්‍රණය ස්ථාවර යැයි සිතා එසැන රාත්‍රීයේ ඇමරිකානු ගෝඨාභය වැනි චෞර මිනීමරු නීචයෙකුට සැලියුට් ගැසීමට තරම් දීන වූ පූජිත් ජයසුන්දරට යලි යහපාලනප්‍රේමීන්ගේ විශ්වාසය දිනා ගැනීම කුමන වැල් බයිලා ගෙතූවද කිසිසේත් නොහැකි බව ඔහු නලලේ කොටා ගත්තාට වරදක් නැත. බොරුවට හඬන පූජිතට වඩා දඩාවතේ යන බල්ලන්ට කොලිටියක් තිබේ.

    31 න් 30 ක්ම පොසිටිව්
    --------------------------
    මාකඳුරේ මධූෂ්ට ආවරණය දුන් දේශපාලුවන් දැන් සලිත වී සිටී. ඒ ගැන වාර්තා කිරීමට පෙර මධූෂ් සහ අත් අඩංගුවට ගත් පිරිවර ගැන අලුත්ම වාර්තා හෙළි කළ යුතුය.

    අබුඩාබි පොලිසිය විසින් මධූෂ් සහ පිරිවර අත් අඩංගුවට ගනිද්දී සියයකට අධික පිරිසක් වටලා රඳවා ගත් අතර පිරිස තියුණු පරීක්ෂාවන්ට ලක් කරමින් ප්‍රථමයෙන් රඳවා ගත්තේ 25 ක පිරිසකි. ලංකා ඊ නිව්ස් පෙර වාර්තාවකින් සඳහන් කළ මාකඳුරේ මධූෂ්, කංජිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක, අංගොඩ ලොක්කාගේ දකුණු අත ඇතුළු පාතාලයන් පිරිස ද අමල් පෙරේරා , ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රයන් නමැති ටෙලි නළුවාද රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් තිබූ කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයාද ඒ අතර වූහ.

    පසුව මාකඳුරේ මධූෂ්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් අනුව තවත් 6 දෙනෙකු අත් අඩංගුවට ගත්හ. ඒ අනුව දැන් වන විට රඳවා ගෙන ඇති පිරිස 31 කි. 08 වෙනිදා රාත්‍රී වන විට එකී 31 න් 30 ක්ම මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පොසිටිව් අය ලෙස අබුඩාබි පොලිසිය හඳුනාගෙන තිබේ.

    කොළඹ අයිස්ලන්ඩ් ගොඩනැගිල්ලේ සිට හසුවූ විදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනාට ගමන් පහසුකම් සපයා තිබුනේ අද අත් අඩංගුවේ පසුවන රයන් නමැත්තා ය.

    මේ අතර මධූෂ් සමග අත් අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ලංකාවේ නිවෙස් අද පරීක්ෂාවට ලක් කළ අතර මාතර පදිංචි මධූෂ්ගේ එක් ගෝලයෙකුගේ නිවසින් හමුදා ඇඳුම් සහ ගිනි අවි සොයාගෙන තිබිණ. මධූෂ් සමග අත් අඩංගුවට පත් ගායක අමල් පෙරේරාගේ නිවසින් කොකේන් ඔතනු ලැබූ කොපු සොයා ගෙන තිබූ අතර ටෙලි නළු රයන් නමැත්තාගේ නිවසින් මත්ද්‍රව්‍ය කිරන ඩිජිටල් තරාදියක් සොයාගෙන තිබිණ.

    අමල් පෙරේරා දිගු කලක් මධූෂ් නමැති පාතාල නායකයාගේ සහායකයෙකු ලෙස ක්‍රියා කර ඇත. මත්ද්‍රව්‍ය වල මුදල් සංසරණය කර ඇත්තේ අමල් පෙරේරා විසිනි. ඒ සඳහා තම කලාකාර කම ඔහු ආයුධයක් කරගෙන තිබිණ. ඔහුට ඒ සඳහා නොමඳ මිලක් ගෙවා තිබිණ.

    මාකඳුරේ මධූෂ් ලක්ෂ්මන් යාපාට ණය ගෙවූ හැටි..!
    ----------------------------------
    පොලිස්පතිවරයාගේ සට්ටැඹියන් අද ජඩමාධ්‍ය හරහා පට්ට පල් බොරු ගොතන නමුත් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට ව්‍යාජ පාස්පෝට් එකක් හදා මධූෂ් ලංකාවෙන් පිටකර ඇත්තේ අන් කවරෙකු හෝ නොව ලක්ෂ්මන් යාපා අබේවර්ධන ය. රාජපක්ෂ යුගයේ ඇමැතියෙකු වූ ලක්ෂ්මන් යාපා තම වාහනයේ නංවාගෙන කටුනායක ගුවන් තොටුපොල දක්වා මධුෂ්ව ගෙනැවිත් ඇමැති බලතල භාවිතා කර මධූෂ්ව ගුවන්තොටින් නිරුපද්‍රිතව රටින් පිට කර තිබේ.

    ඊට ප්‍රති උපකාර ලෙස ලක්ෂ්මන් යාපාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය සඳහා සම්පූර්ණ හෝටල් ගාස්තු ගෙවා ඇත්තේ මාකඳුරේ මධූෂ්ය. ලක්ෂ්මන්ගේ පුත් පසඳ සහ ජනක මල්ලිමාරච්චිගේ දියණිය ජනාශි අතර 2017 දෙසැම්බර් මාසයේ දී වූ ඒ විවාහ උත්සවය ෂැන්ග්‍රිලා හෝටලයේ පැවැත්වූ මුල්ම මංගල උත්සවය වූ අතර ඒ සඳහා දහසක් දෙනාට ආරාධනා කර තිබිණ. සියළු වියදම දැරුවේ මාකඳුරේ මධූෂ් ය.

    මාතර පැවැති මධූෂ්ගේ පියාගේ අවමංගල උත්සවයේ දී හෙලික‌ොප්ටරයකින් ගුවනින් මල් ඉසීමේ සිද්ධියත් සමග හෙළි වූයේ ඒ මල් ඉසීමේ වගකීම බාරව සිටියේ මාතර දිස්ත්‍රික් එජනිස මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න බවයි.

    මධූෂ් බේරා ගැනීමට මහින්ද අමරවීරගේ නිවසේ කුමන්ත්‍රණයක්; ජනාධිපති බෑණාත් සම්බන්ධ වේ
    ------------------------------------
    මේ සිදුවීම් වලින් මාකඳුරේ මධූෂ් සහ එජනිස දේශපාලුවන් අතර තිබූ සම්බන්ධය මැනැවින් සහතික වේ. තිබූ සම්බන්ධය මෙන් නොව දැන් අත් අඩංගුවට ගත් පිරිස බේරා ගැනීමේ මෙහෙයුමේ ඉන්නේ ද එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.

    ඉන් පළමුවැන්නා වන්නේ මන්ත්‍රී මහින්ද අමරවීර ය. අමල් පෙරේරා සහ රයන් මධූෂ්ගේ පාටිය සඳහා විදෙස් ගතවීමට යද්දී කිසියම් වීසා ගැටළුවක් ඇති වී එය විසඳා දී තිබුනේ මහින්ද අමරවීර ය. පෙරේදා (06) රාත්‍රී මහින්ද අමරවීරගේ ස්ටැන්මෝ ක්‍රෙසන්ට් නිවසට රැස්වූ තිලංග සුමතිපාල, නිරෝෂන් ප්‍රේමරත්න, ක්ලබ් වසන්ත, ක්ලබ් වසන්තගේ ලේකම්වරයෙකු ලෙස ක්‍රියා කරන මධූෂ්ගේ ගෝලයෙකු වන සුරංග ප්‍රේමලාල්, මහින්ද අමරවීරගේ පුත් පසන් අමරවීර (කතරගම හෝටලයක හිමිකරු) ඇතුළු පිරිසක් මාකඳුරේ මධූෂ් කෙසේ හෝ ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම් දියත් කළ බව මේ ලියුම්කරු කියන්නේ ඉතාමත් වගකීමෙනි.

    මෙකී සාකච්ඡා වලට දුරකථන මාර්ගයෙන් සිරිසේනගේ ඩීල් බෑණා තිළින සුරංජිත් ද සම්බන්ධ විය. තිළිනගේ වෑයම නම් දැනට මධූෂ්ට අයිතිව ශ්‍රී ලංකාවේ තිබෙන දේපොල වලට වැඩේ දීමයි.

    මේ අපරාධකරුවන් ලංකාවට ගෙන්වා ගැනීමට වළිකන හේතු කිහිපයක් තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් එල්ලා මරන්නවා යැයි පම්පෝරි ගහන ජනාධිපති සිරිසේන වලිකන්නේ බෑණා සමග එක්වී කුඩ්ඩන්ගේ දේපොල වලට වැඩේ දීමත් මධූෂ් ඉත්තා කරගෙන දැනටමත් ගොතා ඇති සිරිසේන මරන්නට කුමන්ත්‍රණය කළ නාටකය ජීවමාන කිරීමත් ඒ හරහා එක්සත් ජාතික පක්ෂයට බැට දීමත් ය. මහින්ද අමරවීරලාට, ලක්ෂ්මන් යාපලාට තිලංගලාට මධූෂ් සහ පිරිවර ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍යව ඇත්තේ ඩුබායිහිදී මධූෂ්ගෙන් මොන මොනවා හෙළිවේවිද? ඒ සමග තම තමන්ගේ සම්බන්ධතා හෙළිවේවිද? කියන සැකය නිසා ය.

    කෙසේ වෙතත් 08 දා සවස වන විට ලංකාවේ පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ උපදේශය වී තිබුනේ මේ පිරිස ලංකාවට ගෙන ඒමට උනන්දු නොවී එරටේ දඬුවම් ලබා දී ලංකාවේ පොලිසියට අවශ්‍ය ප්‍රශ්න කිරීම් ඒ පොලිසිය හෝ බන්ධනාගාර හරහා සිදු කිරීම වඩා සුදුසු බවයි. මන්ද යත් මේ සාහසිකයන් පිරිස ලංකාවට ගෙන ආවද බන්ධනාගාර ගත කළද ලංකාවේ බන්ධනාගාර මොවුන්ගේ පාරාදීස කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම පෙර පරිදිම කරගෙන යනු ඇති බව ඔවුන්ගේ මතය වී තිබිණ. ඒ බව ඔවුන් අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණ.

    නමුත් ව්‍යාජ මත්ද්‍රව්‍ය විරෝධයක් පාමින් ලක්ෂ්මන් යාපලා, මහින්ද අමරවීරලා තිලංග සුමතිපාලලා ක්ලබ් වසන්තලා සමග එක පතේ කන ජනාධිපති සිරිසේන මෙහිදීද නීති විරෝධී සට කපට තක්කඩි දේශද්‍රෝහී ක්‍රියාවක යෙදෙනු නිසැක ය.

    -චන්ද්‍රප්‍රදීප්-

    51516026_2261763250555494_351106721680195584_n.jpg

    - https://www.facebook.com/lankaenews/posts/2261763477222138
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113
    පුතා ගැලවුනත් අමල් හිරවෙන ලකුණු !

    පසුගියදා ඩුබායිහිදී, මාකඳුරේ මදුෂ් සමග පොලිස් අත්අඩංගුවට පත් වූ ජනප්‍රිය ගායක අමල් පෙරේරා අත්අඩංගුවට පත්වන අවස්ථාව වනවිට මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි බව ඩුබායි බලධාරීන් විසින් හෙළි කරගෙන තිබෙනවා. ඒ අනුව ඔහුට ඩුබායි නීතියට අනුව නඩු පැවරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
    මදුෂ් ඇතුළු අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මදුෂ් සහ අනෙකුත් ප්‍රධාන පෙලේ ජාවාරම්කරුවන් කිසිවෙකුත් ඒ අවස්ථාවේදී මත්ද්‍රව්‍ය පානය කර නොමැති බවයි. අමල් පෙරේරා මෙන්ම රයන් වැන්රෝවන් ද මත්ද්‍රව්‍ය පානය කර ඇති සිට ඇති අතර කෙසේ වෙතත් අමල්ගේ පුතා වන නදිමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිතා කර නොමැති බව හෙළි වී තිබේ.

    ඩුබායි නීතියට අනුව එරට තුළදී මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හෝ ලඟ තබා ගැනීම මරණ දඬුවම පවා හිමිවිය හැකි වරදක් වන අතර ඒ අනුව අමල් පෙරේරා සහ රයන් වැන්රෝවන් මේ වනවිට ඩුබායි නීතියට අනුව මාකඳුරේ මදුෂ්ට ද වඩා බරපතල චෝදනාලාභියෙකි. මදුෂ් ලංකාවට ගෙන්වා ගතහැකි වුවද අමල් සහ රයන් මෙරට විමර්ශන කණ්ඩායම් වෙත භාරදීම ඩුබායි රජය ප්‍රතික්ෂේප කළ හැකි බවයි වාර්තා වන්නේ.

    මේ අතර අමල්ගේ පුත් නදිමාල් පෙරේරා බේරා ගැනීම සඳහා අමල්ගේ සොහොයුරා ඇතුළු පවුලේ ඥාතීන් උත්සාහ ගනිමින් සිටින අතර ඒ සඳහා ශ්‍රී ලාංකික නීතිඥ කණ්ඩායමක් ඊයේ රාත්‍රී ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

    UN

    - https://lankanewsweb.net/sinhala/පුවත්/127-general-news/39241-පුතා-ගැලවුනත්-අමල්-හිරවෙන-ලකුණු
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මාකඳුරේ මධූෂ් ඇල්ලීම ගැන ලකුණු දමා ගැනීමේ නීච තරඟය..! ලක්ෂ්මන් යාපාට මධූෂ්ගෙන් ලැබුණු ප්‍රතිඋපකාරය..! පාතාලයන් බේරා ගැනීමට මහින්ද අමරවීර නිවසේ කළ රහස් සාකච්ඡාව..!
    -චන්ද්‍රප්‍රදීප් ලියයි-

    (ලංකා ඊ නිව්ස් -2019.පෙබ.09, ‌පෙ.ව.4.50) ලංකාවේ අපරාධ රාශියකට වගකිව යුතු මෙන්ම මත්ද්‍රව්‍ය රජෙකු වන පාතාල නායක සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත ‌හෙවත් මාකඳුරේ මධූෂ් සහ පාතාල හැත්ත බුරුත්තක්ම අබුඩාබි පොලිසිය මගින් අත් අඩංගුවට ගැනීමත් සමග මධූෂ්ගේ පසුපස ඔහුගෙන් යැපෙමින් ඔහුට ආවරණය සපයමින් සිටි දේශපාලුවන් සහ පොලිසියේ ඉහලම ඇවරිය නන්නත්තාර වෙමින් තම තමන්ගේ සම්බන්ධතා හෙළිදරව්වේවි යැයි බියෙන් විවිධ බොරු ප්‍රචාර ගොතද්දී මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙකු එල්ලා මරනවාමයි කියමින් පම්පෝරි ගසන පොළොන්නරුවේ සිරා මධූෂ් ලංකාවට ගෙන්වා ඔහුගෙන් තම දේශපාලන හිරි ඇර ගැනීමේ කුමන්ත්‍රණයක යෙදෙමින් සිටී.

    ප්‍රධාන වශයෙන්ම මධූෂ් ඇල්ලුවේ එස්ටීඑෆ් කොමඩාන් ලතීෆ්ගේ කණ්ඩායම නොව තමා යැවූ ත්‍රස්ත විමර්ශණ කණ්ඩායමේ (ටීඅයිඩී) පිරිසක් යැයි රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ආරම්භයේදීම ගෝඨාභයට සැලියුට් ගැසූ කෝළම් පොලිස්පති වරයා ලකුණු දමා ගැනීමේ වෑයමක යෙදෙමින් සිටී.

    පොලිස්පති සහ සට්ටැඹියන්ගේ වැල් බයිලා
    -----------------------------------
    ලංකා ඊ නිව්ස් ලියූ පෙර ලිපියේ දී ජ්‍යෙ.නි.පොලිස්පති ලතීෆ් මේ සඳහා සිය මෙහෙයුම දියත් කෙළේ පොලිස්පතිවරයාද නොදැන යයි කළ සඳහනට කම්පිත වූ පොලිස්පතිවරයා සිය ඥාති සොහොයුරෙකු යැයි කියා ගත් කවුදෝ ලවා පුවත නිවැරදි කරන්නැයි කියා සිටියේ ය. ලංකා ඊ නිව්ස්හි පුවතක් නිවැරදි කිරීමට නම් ඊට අදාල පුද්ගලයා නිල වශයෙන් ප්‍රතිචාර දැක්වූවහොත් මිස ඔහුගේ ඥාතීන් යැයි කියා ගත් පුද්ගලයන්ගේ ප්‍රතිචාර දැක්වීම් පිළිගන්නේ නැත. පොලිස්පතිවරයා සම්බන්ධ ප්‍රවෘත්තියක් නිවැරදි කිරීමට නිල බලය හිමි වන්නේ පොලිස්පතිවරයාට හෝ ඔහුගේ නිල කාර්ය මණ්ඩලයේ අයෙකුට හෝ නිල පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයාට ය. එසේ නොමැතිව අන් සට්ටැඹියන් කියන කතා ලංකා ඊ නිව්ස් පිළිගන්නේ නැත.

    පොලිස්පතිවරයාගේ සට්ටැඹියන් කියන කතාද පරස්පර විරෝධී ය. ඊයේ ඥාතියා කියූ කතාවට සම්පූර්ණ පරස්පර විරෝධී නාටකානුසාරී චිත්‍රපට කතාවක් අද තවත් සට්ටැඹි නි.පොලිස්පතිවරයෙකු පවසා සිටී. ඒවා පිළිගැනීමට තරම් ලංකා ඊ නිව්ස් අඳබාල නොවේ.

    (ජඩමාධ්‍ය වලටද කියා ඔවුන් රස කර වාර්තා කර ඇති මේ කතා කෙතරම් පරස්පරද යත් ඒ ගැන වෙනම ලිපියක් ලිවිය යුතුය. සුළුම උදාහරණයක් වන්නේ එස්එස්පී වරුණ ජයසුන්දර මේ මෙහෙයුම මාස 6 කට පෙර දියත් කළ බව කියන නමුත් ඔහු ටීඅයිඩියට පත් වන්නේ මාස 3-4 කට පමණ පෙරය. ඔහු මාස 6 කට පෙර යාපනයේ සාමාන්‍ය රාජකාරි කරමින් ‘කළු සාගර’ ඩුබායි යැව්වේ ද? කළු සාගර ටීඅයිඩීයට බැඳුනේ කවදා ද? මේවා නාමල්කුමාර වර්ගයේ සුරංගනා කතා ය. )

    ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග දීර්ඝ කලක් තිස්සේ සම්බන්ධතා ඇති බවට සාක්කි තිබෙන, මත්ද්‍රව්‍ය ජාවාරමුන් සමග තිබූ සම්බන්ධතා නිසාම තම සහෝදර පොලිස් නිලධාරීන්ගේ ඝාතන වලට සහාය දුන් බවටද නම සඳහන් පූජිත් ජයසුන්දර පොලිස්පතිවරයා, මධූෂ් අත් අඩංගුවට ගැනීමෙන් පසු ඒ පිලිබඳ ලකුණු දමා ගැනීමට ගන්නා නිෂ්ඵල වෑයම ලංකා ඊ නිව්ස් එක හෙළා පිළිකුල් සහගත ලෙස ප්‍රතික්ෂේප කරන්නෙමු.

    යහපාලන වීරයෙකු ලෙස පෙනී හිඳ, ඔක් 26 කුමන්ත්‍රණය ස්ථාවර යැයි සිතා එසැන රාත්‍රීයේ ඇමරිකානු ගෝඨාභය වැනි චෞර මිනීමරු නීචයෙකුට සැලියුට් ගැසීමට තරම් දීන වූ පූජිත් ජයසුන්දරට යලි යහපාලනප්‍රේමීන්ගේ විශ්වාසය දිනා ගැනීම කුමන වැල් බයිලා ගෙතූවද කිසිසේත් නොහැකි බව ඔහු නලලේ කොටා ගත්තාට වරදක් නැත. බොරුවට හඬන පූජිතට වඩා දඩාවතේ යන බල්ලන්ට කොලිටියක් තිබේ.

    31 න් 30 ක්ම පොසිටිව්
    --------------------------
    මාකඳුරේ මධූෂ්ට ආවරණය දුන් දේශපාලුවන් දැන් සලිත වී සිටී. ඒ ගැන වාර්තා කිරීමට පෙර මධූෂ් සහ අත් අඩංගුවට ගත් පිරිවර ගැන අලුත්ම වාර්තා හෙළි කළ යුතුය.

    අබුඩාබි පොලිසිය විසින් මධූෂ් සහ පිරිවර අත් අඩංගුවට ගනිද්දී සියයකට අධික පිරිසක් වටලා රඳවා ගත් අතර පිරිස තියුණු පරීක්ෂාවන්ට ලක් කරමින් ප්‍රථමයෙන් රඳවා ගත්තේ 25 ක පිරිසකි. ලංකා ඊ නිව්ස් පෙර වාර්තාවකින් සඳහන් කළ මාකඳුරේ මධූෂ්, කංජිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක, අංගොඩ ලොක්කාගේ දකුණු අත ඇතුළු පාතාලයන් පිරිස ද අමල් පෙරේරා , ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රයන් නමැති ටෙලි නළුවාද රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් තිබූ කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයාද ඒ අතර වූහ.

    පසුව මාකඳුරේ මධූෂ්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් අනුව තවත් 6 දෙනෙකු අත් අඩංගුවට ගත්හ. ඒ අනුව දැන් වන විට රඳවා ගෙන ඇති පිරිස 31 කි. 08 වෙනිදා රාත්‍රී වන විට එකී 31 න් 30 ක්ම මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පොසිටිව් අය ලෙස අබුඩාබි පොලිසිය හඳුනාගෙන තිබේ.

    කොළඹ අයිස්ලන්ඩ් ගොඩනැගිල්ලේ සිට හසුවූ විදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනාට ගමන් පහසුකම් සපයා තිබුනේ අද අත් අඩංගුවේ පසුවන රයන් නමැත්තා ය.

    මේ අතර මධූෂ් සමග අත් අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ලංකාවේ නිවෙස් අද පරීක්ෂාවට ලක් කළ අතර මාතර පදිංචි මධූෂ්ගේ එක් ගෝලයෙකුගේ නිවසින් හමුදා ඇඳුම් සහ ගිනි අවි සොයාගෙන තිබිණ. මධූෂ් සමග අත් අඩංගුවට පත් ගායක අමල් පෙරේරාගේ නිවසින් කොකේන් ඔතනු ලැබූ කොපු සොයා ගෙන තිබූ අතර ටෙලි නළු රයන් නමැත්තාගේ නිවසින් මත්ද්‍රව්‍ය කිරන ඩිජිටල් තරාදියක් සොයාගෙන තිබිණ.

    අමල් පෙරේරා දිගු කලක් මධූෂ් නමැති පාතාල නායකයාගේ සහායකයෙකු ලෙස ක්‍රියා කර ඇත. මත්ද්‍රව්‍ය වල මුදල් සංසරණය කර ඇත්තේ අමල් පෙරේරා විසිනි. ඒ සඳහා තම කලාකාර කම ඔහු ආයුධයක් කරගෙන තිබිණ. ඔහුට ඒ සඳහා නොමඳ මිලක් ගෙවා තිබිණ.

    මාකඳුරේ මධූෂ් ලක්ෂ්මන් යාපාට ණය ගෙවූ හැටි..!
    ----------------------------------
    පොලිස්පතිවරයාගේ සට්ටැඹියන් අද ජඩමාධ්‍ය හරහා පට්ට පල් බොරු ගොතන නමුත් ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට ව්‍යාජ පාස්පෝට් එකක් හදා මධූෂ් ලංකාවෙන් පිටකර ඇත්තේ අන් කවරෙකු හෝ නොව ලක්ෂ්මන් යාපා අබේවර්ධන ය. රාජපක්ෂ යුගයේ ඇමැතියෙකු වූ ලක්ෂ්මන් යාපා තම වාහනයේ නංවාගෙන කටුනායක ගුවන් තොටුපොල දක්වා මධුෂ්ව ගෙනැවිත් ඇමැති බලතල භාවිතා කර මධූෂ්ව ගුවන්තොටින් නිරුපද්‍රිතව රටින් පිට කර තිබේ.

    ඊට ප්‍රති උපකාර ලෙස ලක්ෂ්මන් යාපාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය සඳහා සම්පූර්ණ හෝටල් ගාස්තු ගෙවා ඇත්තේ මාකඳුරේ මධූෂ්ය. ලක්ෂ්මන්ගේ පුත් පසඳ සහ ජනක මල්ලිමාරච්චිගේ දියණිය ජනාශි අතර 2017 දෙසැම්බර් මාසයේ දී වූ ඒ විවාහ උත්සවය ෂැන්ග්‍රිලා හෝටලයේ පැවැත්වූ මුල්ම මංගල උත්සවය වූ අතර ඒ සඳහා දහසක් දෙනාට ආරාධනා කර තිබිණ. සියළු වියදම දැරුවේ මාකඳුරේ මධූෂ් ය.

    මාතර පැවැති මධූෂ්ගේ පියාගේ අවමංගල උත්සවයේ දී හෙලික‌ොප්ටරයකින් ගුවනින් මල් ඉසීමේ සිද්ධියත් සමග හෙළි වූයේ ඒ මල් ඉසීමේ වගකීම බාරව සිටියේ මාතර දිස්ත්‍රික් එජනිස මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න බවයි.

    මධූෂ් බේරා ගැනීමට මහින්ද අමරවීරගේ නිවසේ කුමන්ත්‍රණයක්; ජනාධිපති බෑණාත් සම්බන්ධ වේ
    ------------------------------------
    මේ සිදුවීම් වලින් මාකඳුරේ මධූෂ් සහ එජනිස දේශපාලුවන් අතර තිබූ සම්බන්ධය මැනැවින් සහතික වේ. තිබූ සම්බන්ධය මෙන් නොව දැන් අත් අඩංගුවට ගත් පිරිස බේරා ගැනීමේ මෙහෙයුමේ ඉන්නේ ද එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය.

    ඉන් පළමුවැන්නා වන්නේ මන්ත්‍රී මහින්ද අමරවීර ය. අමල් පෙරේරා සහ රයන් මධූෂ්ගේ පාටිය සඳහා විදෙස් ගතවීමට යද්දී කිසියම් වීසා ගැටළුවක් ඇති වී එය විසඳා දී තිබුනේ මහින්ද අමරවීර ය. පෙරේදා (06) රාත්‍රී මහින්ද අමරවීරගේ ස්ටැන්මෝ ක්‍රෙසන්ට් නිවසට රැස්වූ තිලංග සුමතිපාල, නිරෝෂන් ප්‍රේමරත්න, ක්ලබ් වසන්ත, ක්ලබ් වසන්තගේ ලේකම්වරයෙකු ලෙස ක්‍රියා කරන මධූෂ්ගේ ගෝලයෙකු වන සුරංග ප්‍රේමලාල්, මහින්ද අමරවීරගේ පුත් පසන් අමරවීර (කතරගම හෝටලයක හිමිකරු) ඇතුළු පිරිසක් මාකඳුරේ මධූෂ් කෙසේ හෝ ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම් දියත් කළ බව මේ ලියුම්කරු කියන්නේ ඉතාමත් වගකීමෙනි.

    මෙකී සාකච්ඡා වලට දුරකථන මාර්ගයෙන් සිරිසේනගේ ඩීල් බෑණා තිළින සුරංජිත් ද සම්බන්ධ විය. තිළිනගේ වෑයම නම් දැනට මධූෂ්ට අයිතිව ශ්‍රී ලංකාවේ තිබෙන දේපොල වලට වැඩේ දීමයි.

    මේ අපරාධකරුවන් ලංකාවට ගෙන්වා ගැනීමට වළිකන හේතු කිහිපයක් තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් එල්ලා මරන්නවා යැයි පම්පෝරි ගහන ජනාධිපති සිරිසේන වලිකන්නේ බෑණා සමග එක්වී කුඩ්ඩන්ගේ දේපොල වලට වැඩේ දීමත් මධූෂ් ඉත්තා කරගෙන දැනටමත් ගොතා ඇති සිරිසේන මරන්නට කුමන්ත්‍රණය කළ නාටකය ජීවමාන කිරීමත් ඒ හරහා එක්සත් ජාතික පක්ෂයට බැට දීමත් ය. මහින්ද අමරවීරලාට, ලක්ෂ්මන් යාපලාට තිලංගලාට මධූෂ් සහ පිරිවර ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍යව ඇත්තේ ඩුබායිහිදී මධූෂ්ගෙන් මොන මොනවා හෙළිවේවිද? ඒ සමග තම තමන්ගේ සම්බන්ධතා හෙළිවේවිද? කියන සැකය නිසා ය.

    කෙසේ වෙතත් 08 දා සවස වන විට ලංකාවේ පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ උපදේශය වී තිබුනේ මේ පිරිස ලංකාවට ගෙන ඒමට උනන්දු නොවී එරටේ දඬුවම් ලබා දී ලංකාවේ පොලිසියට අවශ්‍ය ප්‍රශ්න කිරීම් ඒ පොලිසිය හෝ බන්ධනාගාර හරහා සිදු කිරීම වඩා සුදුසු බවයි. මන්ද යත් මේ සාහසිකයන් පිරිස ලංකාවට ගෙන ආවද බන්ධනාගාර ගත කළද ලංකාවේ බන්ධනාගාර මොවුන්ගේ පාරාදීස කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම පෙර පරිදිම කරගෙන යනු ඇති බව ඔවුන්ගේ මතය වී තිබිණ. ඒ බව ඔවුන් අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණ.

    නමුත් ව්‍යාජ මත්ද්‍රව්‍ය විරෝධයක් පාමින් ලක්ෂ්මන් යාපලා, මහින්ද අමරවීරලා තිලංග සුමතිපාලලා ක්ලබ් වසන්තලා සමග එක පතේ කන ජනාධිපති සිරිසේන මෙහිදීද නීති විරෝධී සට කපට තක්කඩි දේශද්‍රෝහී ක්‍රියාවක යෙදෙනු නිසැක ය.

    -චන්ද්‍රප්‍රදීප්-

    51516026_2261763250555494_351106721680195584_n.jpg

    - https://www.facebook.com/lankaenews/posts/2261763477222138

    Thank you for sharing us a news from most reliable news network in SL.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113
    දේශපාලන බලවතුන් අසූවක් මධූෂ් එක්ක ජාවාරම්වල - පරීක්ෂණවලදී හෙළිවෙයි

    image_90a9a7ccf3.jpg

    ලංකාවට එවන තෙක් ඩුබායිහි අධි ආරක්ෂිත සිරගෙයක
    ඩුබායි පාලකයාට රජයෙන් විශේෂ ඉල්ලීමක්

    ආරක්ෂක වාර්තාකරු l

    සුප්‍රකට පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් අසූ දෙනකුගේ (80) තොරතුරු ඒ ගැන පරීක්ෂණ පවත්වන රාජ්‍ය බුද්ධි අංශ සිකුරාදා වනවිට සොයාගෙන තිබිණි.

    විවිධ පක්ෂවලට අයත් ප්‍රාදේශීය සභා සභාපතිවරුන් පළාත් සභා මන්ත්‍රීන් හා පාර්ලිමේන්තු නියෝජිතයන් රැසක් මෙම ලැයිස්තුවේ සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මධූෂ් ඇතුළු ප්‍රධාන පෙළේ අපරාධකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

    මෙලෙස සිකුරාදා සවස වනවිට රඳවාගෙන සිටි සමස්ත සැකකරුවන් ගණන 33කි. ඔවුන්ගෙන් රුධිර සාම්පල ලබාගෙන කරන ලද රසායනික පරීක්ෂණ අනුව මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගන්නා මොහොතේදී කොකේන් නැමති මත්ද්‍රව්‍ය පානය කොට සිටි බව තහවුරු වී ඇතැයි ඩුබායි පොලිසිය ශ්‍රී ලංකා පොලිසියට සිකුරාදා වාර්තා කළේය.

    මධූෂ් සමඟ කොටුවූ පිරිස අතර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත් හිමි තැනැත්තකු සිටි බවට පළවන වාර්තා ගැන ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි අංශ කිසිදු නිල තොරතුරක් වාර්තා කළේ නැත.

    මුල්ම ඔත්තුව පාකිස්තාන කුඩු ජාවාරමුන්ගෙන්

    දරුවකුගේ උපන්දින සාදයක් යන්න සැබෑ හේතුව වසන් කිරීමට යොදාගත් උපක්‍රමයක් බවද පරීක්ෂණ අංශ සොයාගෙන තිබේ. සාදය ඇරඹෙන තෙක් සැබෑ හේතුව රහසක් ලෙස තබා ගන්නට සැලසුම් කර තිබිණි.

    මධූෂ්ගේ මධු සාදය ගැන සති කිහිපයකට පෙර ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට ඔත්තු ලැබී තිබිණි. වසරකට වැඩි කාලයක් ඩුබායි සිට මධූෂ් ගැන ඔත්තු බැලූ මෙරට ආරක්ෂක අංශ නිලධාරීන්ට පකිස්තාන කුඩු ජාවාරම්කරුවන් පිරිසක් මධූෂ් ගැන සැබෑ තොරතුරු සපයා තිබිණි. කලකට පෙර මධූෂ් සමඟ එකට කුඩු ජාවාරම් කළ මොවුන්ට ගෙවිය යුතු ඩොලර් ලක්ෂ ගණනක මුදල් නොගෙවීම නිසා පකිස්තාන කුඩු ජාවාරමුන් මධූෂ් සමඟ වෛරයෙන් පසු වූහ. ඒ අයගෙන් ශ්‍රී ලංකා පොලීසිය නිරන්තරයෙන් තොරතුරු ලබාගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් මහතා විශ්‍රාම ලබන දිනයේම මෙම සාදය සංවිධානය කෙරෙන බව ශ්‍රී ලංකා බුද්ධි අංශවලට දැනගන්නට ලැබුණේ ඊට දෙසතියකට පමණ පෙරය. සාදය සඳහා ඩුබායිහි සිටි සියලු පාතාල ලොක්කෝ ඇරුයුම් ලබා සිටියහ. සාදය සඳහා වැයවන මුදල් ගෙවීම වෙනත් තැනැත්තෙකුගේ නමින් මධූෂ් විසින් සිදුකිරීමට පියවර ගෙන තිබිණි.

    උපන්දින සාද කතාව බොරුවක් සැබෑ හේතුව රහසක්!

    මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගත් තරු හෝටල් සාදය සංවිධානය කර තිබූ සැබෑ හේතුව ඔහුට මහත් හිසරදයක්ව සිටි ශ්‍රී ලංකා පොලීසියේ එස්.ටී.එෆ්. ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා විශ්‍රාම යාමේ සතුට බව ඩුබායි පොලීසිය හා ශ්‍රී ලංකා අපරාධ පරික්ෂණ අංශ කළ ඒකාබද්ධ පරීක්ෂණයේදී මේ වනවිට අනාවරණය වී ඇත.

    මධූෂ් ගේන්න තානාපති අංශ මැදිහත් වෙයි

    දකුණු ආසියාවේ ප්‍රබලම පාතාල නායකයකු වන මාකඳුරේ මධූෂ් ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය බ්‍රහස්පතින්දා ඩුබායි රාජ්‍ය වෙත නිල ඉල්ලීමක් කළේය. මෙරට ඉහළම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඩුබායි පාලක කලීෆා බීන් සෙයිඩ් අල් නයිහැම් මහතා වෙත නිල වශයෙන් මෙම ඉල්ලීම යොමුකළ බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

    මිනීමැරුම් චෝදනා මත මධූෂ්ට කොළඹදී නඩු පැවරේ

    මාකඳුරේ මධූෂ් ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනමින් ඔහුට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ ශ්‍රී ලංකා අධිකරණයේ විශේෂිත නඩුවක් ගොනුකිරීමට නියමිතය.

    පොලිස් ප්‍රධානීන් - දෙරටේ නීති විශාරදයන් සහ ගිය සතියේ පවත්වන ලද සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇත. දැනට ඩුබායිහිදී ඔවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ "කොකේන්" නැමැති මත්ද්‍රව්‍ය පානය කිරීමේ වරදටය. ඒ සඳහා එරට අධිකරණයෙන් හිමිවන්නේ වසරකට ආසන්න කාලයක් සඳහා වන සිරදඬුවමකි. ඒ සිරදඬුවම ගෙවීයාමට පෙර මධූෂ් ශ්‍රී ලංකාවට ලබාගැනීම පිණිස උසාවි නියෝගයක් ලබාගැනීම නඩු පැවරීමේ අරමුණ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එතෙක් ඔහු ඩුබායිහි අධි ආරක්ෂිත සිරගෙයක සිරකර තැබෙනු ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග කියයි.

    මධූෂ් ලංකාවට දෙන්න: ශ්‍රී ලංකාව නිල වශයෙන් ඉල්ලයි!

    ඩුබායි සහ ශ්‍රී ලංකාව දෙරටේ අපරාධකරුවන් හුවමාරු කර ගැනීමට අදාළ උදර්පන නීතියට අත්සන් තබා නැති බැවින් අදාළ ඉල්ලීම සිදුකළ බව ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික ප්‍රකාශකයෙක් දේශයට කීය.

    කොළඹ සිටින ඩුබායිහි තානාපති අංශ විසින් රජයේ ඉල්ලීම පසුගිය සිකුරාදාම ඩුබායි රාජ්‍ය නායකයා වෙත යොමුකර තිබේ.

    - http://www.deshaya.lk/article/40/පු...්-මධූෂ්-එක්ක-ජාවාරම්වල---පරීක්ෂණවලදී-හෙළිවෙයි
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113
    ඩුබායි වැටලීමේ දී පැන ගිය අංගොඩ ලොක්කාත් අල්ලයි..! බන්ධනාගාරයේ කුප්‍රකට ජේලරුත් මාට්ටු..! පූජිත බොරු පතුරයි..!
    -රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමි අයත් නෑ; ප්‍රාදේශීය ‌දේශපාලකයනුත් නෑ-

    පසුගිය 4 වෙනිදා රාත්‍රී ඩුබායි හිදී මාකඳුරේ මධූෂ් ඇතුළු ශ්‍රී ලංකාවේ පාතාල නායකයන් විශාල පිරිසක් අත් අඩංගුවට පත්වෙද්දී ඒ අතරින් පැන ගිය අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාද ඊයේ දිනයේ ඩුබායි පොලිසිය මගින් අත් අඩංගුවට ගත් බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වාර්තා කරයි. ඔහුගේ රුධිර සාම්පලයද පරීක්ෂනයට භාජනය කර ඇති අතර මත්ද්‍රව්‍ය භාවිතයට පොසිටිව් ලෙස වාර්තා ලැබී ඇත.

    ඒ අනුව මේ වන විට මාකඳුරේ මධූෂ්, පිටකොටුවේ කංජිපානි ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක, අංගොඩ ලොක්කා, අංගොඩ ලොක්කාගේ දකුණු අත ලෙස සැලකෙන පාතාලයා, තුබේහේවාදුරගේ අනුෂ් කෞෂාල් හෙවත් ගන්දර ‘ජංගා’, මිරිස්සේ සන්ෂයින් සුද්දා, කෙසෙල්වත්තේ ෆව්වාස් ආදී ලංකාවේ පොලිසියට අවශ්‍ය පාතාලයන්ගෙන් සියේට 90 ක්ම ඩුබායි අත් අඩංගුවේ පසුවෙති.

    බන්ධනාගාරයේ කුප්‍රකට ජේලරුත් ඩුබායිහි මාට්ටු
    -----------------------------------
    මේ අතර මෙහිදී අත් අඩංගුවට පත් මෙතෙක් අන් මාධ්‍ය විසින් හෙළි නොකළ තවත් පුද්ගලයෙකි. ඔහු නම් ලංකා ඊ නිව්ස් මීට වසර ගණනකට පෙර සිට හෙළි කළ බන්ධනාගාරයේ දූෂිත ජේලර් වරයෙකු වූ ජේලර් ඉන්දික කුමාර නමැත්තා ය. මොහු රාජපක්ෂ යුගයේ දී ප්‍රමෝෂන් ලැබූ පුද්ගලයෙක් වන අතර මේ වන විට හිඳ ඇත්තේ මෝටර් සයිකල් අනතුරකින් තුවාල ලබා අසනීප නිවාඩු පිට ය. ඔහුට කෙතරම් පාතාලයන් සමග සම්බන්ධතා තිබුනේ ද යත් මාකඳුරේ මධූෂ්ගේ සාදය බලා අසනීප ද නොතකා ඩුබායි ගොස් තිබේ. ඔහු ඩුබායි වෙත පා තබා ඇත්තේ අත් අඩංගුවට පත් වීමට පෙර දා හෙවත් 3 වෙනිදා ය. දැනට ඔහුද අත් අඩංගුවේ පසුවේ.

    කළු තුෂාරගේ බිරිඳ, (මධූෂ් සමග දැන් පවුල්කන) කංජිපානි ඉම්රාන්ගේ බිරිඳ ඇතුළු 4 දා රාත්‍රී අත්අඩංගුවට පත් 5 දෙනෙකු දැනට නිදහස් කර තිබේ. ඒ ඔවුන්ගේ ලේ සාම්පල පරීක්ෂාව අනුව මත්ද්‍රව්‍ය භාවිතා කර නැති නිසාය. ඩුබායි ලේ පරීක්ෂාව අනුව මාස 3 ක් ඇතුලත කුමන හෝ මත්ද්‍රව්‍යයක් භාවිතා කර තිබුනේ නම් අල්ලා ගත හැකිය.

    අත් අඩංගුවට ගත් පිරිස සමග කොකේන් සහ හොරොයින් ග්‍රෑම් 500 ක් පමණ ද ටැබ්ලට්, අයිස් ආදී මත්ද්‍රව්‍යය ද අත් අඩංගුවට ගෙන තිබේ.

    31 ක් වූ සියළුම පිරිස අද(11) සඳුදා එරට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

    අත් අඩංගුවට පත් පිරිස අතර ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියෙක් නැති අතර ප්‍රාදේශීය ‌දේශපාලකයෙකු ද නැත. ඉන්නේ ‌දේශපාලනඥයන්ගේ ‌ගම් වල සිටින සම්බන්ධීකරණ ‌ලේකම් යැයි හඳුන්වන ‌දෙදෙනෙකි. ඔවුන්ගේ නම් ‌මේ වන විට ‌හෙළි වී නැති නමුත් අද දිනය තුල ඔවුන් ‌හෙළිකෙරෙනු ඇත.

    අවම වසර 5 ක් සිර දඬුවම්
    --------------------------------
    ඩුබායි නීතිය අනුව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ අලෙවියට දඬුවම් දරුණුය. මත්ද්‍රව්‍ය භාවිතා කරන ලද එරට පුරවැසියෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමිවන අතර විදෙස් පුරවැසියෙකුට අවම දඬුවම වසර 5 ක සිර දඬුවම් ලැබේ. ඉන් වසරක් එරට බන්ධනාගාරයක සිටිය යුතු අතර ඉතිරි වසර 4 තමන් අයත් රටේ බන්ධනාගාරයක ගත කිරීම සඳහා ඒ රටට බාර දෙනු ලැබේ.

    මෙම ඉතිහාසගත වැටලීමේ ලංකාවේ මහමොළ කරුවා වන එස්ටීඑෆ් කොමඩාන් ජ්‍යෙ.නි.පොලිස්පති ලතීෆ් මහතා විසින් රජයේ ඉහළ පෙළට තම උපදේශය ලෙස දන්වා ඇත්තේ රටේ නමගිය පාතාලයන් ගෙන් සියේට 90 ක් වූ මේ පිරිස ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු නොකර ඒ රටේ දී දඬුවම් විඳීමට ඉඩ දෙන ලෙසයි. අඩුම ගණනේ වසරක් හෝ ලංකාවේ අපරාධ අඩු කර ගැනීමට එය මහත් පිටුවහලක් වන බැවිනි.

    පූජිත සහ හෙංචා නි.පොලිස්පති ප්‍රචාරය කරන බොරු
    -----------------------------------------
    මේ අතර මෙකී වැටලීමට මග හෙළිකරන ලද්දේ එස්ටීඑෆ් ලතීෆ් ප්‍රමුඛ එරටට යැවූ එස්ටීඑෆ් බුද්ධි අංශ නිලධාරීන් විසින් නොව වෙනත් අය විසින් යැයි පොලිස්පති පූජිත ජයසුන්දරගේ උපදෙස් පිට හෙංචා නි.පොලිස්පතිවරයෙකු විසින් සති අන්ත මුද්‍රිත මාධ්‍ය වල අමු පට්ට පල් කෙප්ප පළ කර තිබේ. ඉන් ප්‍රධාන කාරණයක් වන්නේ ත්‍රස්ත විමර්ශන අංශය විසින් ඩුබායි යැවූ මධූෂ්ට විරුද්ධ තවත් පාතාලයෙකු වන ‘කළු සාගර’ නමැත්තා විසින් මේ කටයුතු සංවිධානය කළ බවයි. මෙහි ඇති අධෝ මුඛයෙන් සිනහා යන සිද්ධිය නම් ‘කළු සාගර’ නමැත්තා ලංකාවෙන් පිට කොහේවත් ගොස් නැති අතර දැනටත් ඔහු ලංකාවේ සැඟවී සිටින අයෙකු වීමය. ඔහු සිටින තැන නි.පොලිස්පතිවරයා දන්නේ නම් එය පොලිසියට නොදන්වා සිටීම ම බරපතල වරදකි.

    මෙකී නි.පොලිස්පතිවරයා පවසන සුරංගනා කතාවේ තවත් අපූරු කොටසක් තිබේ. ඒනම් ‘කළු සාගර’ ඩුබායි ගොස් ඩුබායිහි වෙසෙන තවත් මධූෂ්ට විරුද්ධ පාතාලයෙකු වන ‘වැල්ලවත්තේ මොරිස්’ නමැත්තෙකු ලවා ඩුබායි පොලිසියට මුදල් ගෙවා ඩුබායි පොලිසිය මගින් මෙකී වැටලීම සිදුකරන ලද බවයි. මුදල් ගෙවුයේ නැතිනම් ඩුබායි පොලිසිය මෙවැනි වැටලීම් සිදු නොකරන බවද මේ තක්කඩි නි.පොලිස්පතිවරයා පවසයි. ලෝකයේ හොඳම පොලිසි 20 අතර සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍ය පොලිසිය (ඩුබායි පොලිසිය) ලංකාවේ පාතාලයෙකු යැයි කියන ‘මොරිස්’ නමැත්තෙකුගේ මුදලට වැටලීම් කළා යැයි කියන්නේ මේ නි.පොලිස්පතියාගේ ගානට එරට පොලිසියද කපාගෙන විය යුතුය.

    මේ ආකාරයට ව්‍යාජ සුරංගනා තොරතුරු මාධ්‍යයට කී නි.පොලිස්පතිවරයා නුගේගොඩ ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස සේවය කරද්දී සක්විති රණසිංහ සමග එක්ව රුපියල් මිලියන 600 ක් ගසා කෑ අයෙකි. ගෝඨාභය රාජපක්ෂගේ හෙංචයියෙකු වීම නිසා සක්විති පිට සියළු වැරදි පටවා ඔහු බේරුනේ ය. මිලියන 600 කාට කාට බෙදුනා දැයි නොදන්නා නමුත් ඔහු ඉන් විශාල කොටසක් ගල් කර ගත්තේ ය. පොලිස් සේවයට බැඳීමට පෙර මහණ වී සිටි මොහුගේ තක්කඩි කතා අසා නොමග නොයන ලෙසත් ඔහුගේ ගොං කතා එලෙසම වාර්තා නොකර සොයා බලන ලෙසත් මාධ්‍යකරුවන්ට අවවාද කළ යුතුය.

    කෙසේ වෙතත් මේ මෙහෙයුම සැලසුම් කළ එස්ටීඑෆ් නොමැතිව පොලිස්පතිවරයා විසින් මාධ්‍ය හමුවක් සංවිධානය කරන ලද නමුත් බොරු කීමට ඉඩ නොදෙන බවට ලැබුණු ආරංචි අනුව අවසාන මොහොතේ මාධ්‍ය හමුව අවලංගු කෙරිණ.

    - https://www.facebook.com/lankaenews/posts/2264679390263880
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක

    අත් අඩංගුවට පත් පිරිස අතර ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියෙක් නැති අතර ප්‍රාදේශීය ‌දේශපාලකයෙකු ද නැත. ඉන්නේ ‌දේශපාලනඥයන්ගේ ‌ගම් වල සිටින සම්බන්ධීකරණ ‌ලේකම් යැයි හඳුන්වන ‌දෙදෙනෙකි. ඔවුන්ගේ නම් ‌මේ වන විට ‌හෙළි වී නැති නමුත් අද දිනය තුල ඔවුන් ‌හෙළිකෙරෙනු ඇත.

    - https://www.facebook.com/lankaenews/posts/2264679390263880

    අන්න ඒකයි.. අපි දැනන් හිටියා ඔයාල අපිට කවදහරි ඇත්ත කියන බව.. :love::love: මංගල සර්ල ලක්ශ්මන් යාපා සර්ල ඕවට සම්බන්ධ වෙන්න විදියක් නෑ අපි සම්බන්ධ උනත්. දැන් තම‍යි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. කෑවෙවත් නෑ මේ දවස්ටිකේ හරියට. :sorry:

    රනිල් සර්ල යටතෙ මෙහෙම රටක ඉන්න තියෙන එකම කොච්චර වාසනාවක් ද.. දීර්ඝායු වේවා.. :love::love:

    මත්ද්‍රව්‍ය භාවිතා කරන ලද එරට පුරවැසියෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමිවන අතර විදෙස් පුරවැසියෙකුට අවම දඬුවම වසර 5 ක සිර දඬුවම් ලැබේ. ඉන් වසරක් එරට බන්ධනාගාරයක සිටිය යුතු අතර ඉතිරි වසර 4 තමන් අයත් රටේ බන්ධනාගාරයක ගත කිරීම සඳහා ඒ රටට බාර දෙනු ලැබේ.

    අනේ හොඳයි. මදුෂ් සර්ටත් අවුරුද්දයි හිරේ ඉන්න වෙන්නෙ.. කොච්චර දෙයක්ද.. :love::love:
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    අන්න ඒකයි.. අපි දැනන් හිටියා ඔයාල අපිට කවදහරි ඇත්ත කියන බව.. :love::love: මංගල සර්ල ලක්ශ්මන් යාපා සර්ල ඕවට සම්බන්ධ වෙන්න විදියක් නෑ අපි සම්බන්ධ උනත්. දැන් තම‍යි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. කෑවෙවත් නෑ මේ දවස්ටිකේ හරියට. :sorry:

    රනිල් සර්ල යටතෙ මෙහෙම රටක ඉන්න තියෙන එකම කොච්චර වාසනාවක් ද.. දීර්ඝායු වේවා.. :love::love:

    අනේ හොඳයි. මදුෂ් සර්ටත් අවුරුද්දයි හිරේ ඉන්න වෙන්නෙ.. කොච්චර දෙයක්ද.. :love::love:

    diplomatic passport holder missing :rofl:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113
    මධූෂ් බේරාගන්න ඩොලර් මිලියන් ගණන් වැසි වසී; අපරාධකරුවා වෙනුවෙන් ලංකාවෙන් පෙරටුගාමී සමාජවාදියෙක් ඩුබායි ගිහින්..!
    -සැලසුම ඇරඹුවේ සාගලගේ කාලයේ-

    මාකඳුරේ මධූෂ් බේරා ගැනීම සඳහා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් ඩුබායි පොලිසියට ඇ.ඩොලර් මිලියන 10 ක අල්ලසක් ලබා දීමට කතා කර ඇතැයි ද ඩුබායි පොලිසිය එය අලුයම ලූ කෙළ පිඩ සේ ඉවත දමා ඇති අතර අද දිනයේ අපරාධකරුවන් සහ අපරාධය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවද ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

    මධූෂ් බේරා ගැනීම සඳහා මොරොක්කෝ, ඊජිප්තියානු, ඉන්දියානු සහ පාකිස්තානු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටින අතර ඔවුන් සඳහා ඇ. ඩොලර් මිලියන 4 ක් ගෙවා ඇතැයිද වැඩි දුරටත් වාර්තා වේ.

    රටක් වැනසූ අපරාධකරුවා වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදියෙක්
    ----------------------------------
    මේ අතර ලංකාවේ උදුල් ප්‍රේමරත්න ඇතුළු නීතිඥයන් පිරිසක් ද පෙර කී විදෙස් නීතිඥ කණ්ඩායමට සහාය වීම සඳහා ලංකාවේ සිට ඩුබායි බලා පිටත්ව ගොස් ඇත. උදුල් ප්‍රේමරත්න යනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයෙකි. ලංකාවේ ඝාතන රාශියකට සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදුන් මුලක් වන් පාතාල නායක මාකඳුරේ මධූෂ් සඳහා ලංකාවේ අන් කිසිදු නාමධාරී නීතීඥ මහත්වරුන් කිසිවෙකු පෙනී සිටීම ප්‍රතික්ෂේප කර තිබිය දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උදුල් ප්‍රේමරත්න ඒ සඳහා ඉදිරිපත් වීම විශේෂිත ය. ලංකාවේ සමාජය නිවැරදි කරන්නට කියමින් සතිපතා සරසවි සිසුන් මහපාරට දක්කන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයන්ය .

    දුර්ලභ සිදුවීමක් ජාත්‍යන්තර අවධානයට
    -----------------------------
    මේ අතර ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ ඩුබායි වාසියෙකු කියා සිටියේ මාකඳුරේ මධූෂ් වැන්නෙකු බේරා ගැනීම සඳහා ජාත්‍යන්තර ව්‍යාපාරිකයන් විසින් ඩොලර් මිලියන ගණනින් වියදම් කිරීමෙන් පෙනී යන්නේ ඔහු ලංකාවේ අය සිතනවාට වඩා ජාත්‍යන්තර පාතාල ජාවාරමුන් අතර කැපී පෙනෙන චරිතයක් වී ඇති බවයි. 4 දා පාටිය සංවිධානය කළ සුපිරි හෝටලයේ එක් මහලක්ම ඔහු විසින් වෙන්කරගෙන තිබීමෙන් ඔවුන් අත ගැවසෙන මුදල් කන්දරාවේ තරම සිතා ගත හැකි යයි ඩුබායි වාසියා වැඩි දුරටත් කීය.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පාතාලයන් විශාල පිරිසක් ඩුබායි හිදී අත් අඩංගුවට පත්වීමේ සිද්ධිය ජාත්‍යන්තර අපරාධ පරීක්ෂකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ. එය දුර්ලභ සිදුවීමක් ලෙස ඔව්හු සලකති.

    අවසාන මොහොත දක්වා යූඒඊ පොලිසියටද නොදන්වා මෙය සැලසුම් කළ ලංකාවේ මහ මොළ කරුවන් ගේ සැලසුම කෙරෙහි ඔව්හු අවධානයෙන් පසුවෙති. (එකී සැලසුම ගැන ලංකා ඊ නිව්ස් පසුව හෙළි කරන බවට අප පාඨකයන්‌ට පොරොන්දු වන අතර තවම ඒ සඳහා අවස්ථාව නොවන බව දන්වමු.)

    වැටලීම සැලසුම් කෙළේ අවසර ගත්තේ සාගලගේ කාලයේ
    ----------------------------------
    මෙම වැටලීම පිලිබඳ ජනාධිපතිවරයාගේ හෙංචයියන් විසින් ජනාධිපති සිරිසේන පොලිසිය පවරාගෙන මාසයක් තුල මෙම වැටලීම සිදුකළා යැයි ලකුණු දමා ගන්නට තැත් කළද මෙම වැටලීම ගැන එස්ටීඑෆ් ප්‍රධානියා ප්‍රථමයෙන්ම කරුණු වාර්තා කරමින් අවසර ලබාගෙන ඇත්තේ සාගල රත්නායක යටතේ පොලිසිය තිබෙන කාල වකවානුවේ දී ය.

    ප්‍රථමයෙන්ම මේ ගැන කරුණු දක්වා අවසර ගත් අවස්ථාවේ දී අගමැති රනිල් වික්‍රමසිංහ, එවක නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක, එම අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර, පොලිස්පති පූජිත ජයසුන්දර යන අය සහභාගී වූහ. එසේ නමුත් සැලසුම කුමක්දැයි එහිදී හෙළිකර නැත. I ll take the bull by the horns යන ප්‍රකට ඉංග්‍රීසි කියමන පමණක් එස්ටීඑෆ් ප්‍රධානියා එහිදී පවසා තිබේ. ජනාධිපතිවරයා සිද්ධිය දැන ගත්තේ පෙබරවාරි 4 වැටලීමෙන් පසුවය. නමුත් එතැන් සිට ඔහු ඒ සඳහා නොමඳ සහායක් දුන් බව සඳහන් කර තැබිය යුතුය.

    එබැවින් විවිධ දේශපාලනඥයන් විසින් ලකුණු දමා ගැනීම සඳහා කිසිවක් නොදැන දොඩවන සම්ප්‍රප්ප්‍රලාප වහාම නතර කළ යුතුය. මන්ද යත් ඒවා යලි සේවය කරන්නේ අපරාධකරුවන්ටම වන බැවිනි.

    51996449_2264908250240994_7633204427515494400_n.jpg

    - https://www.facebook.com/lankaenews/posts/2264908386907647?__tn__=K-R
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ලංකාවෙ නීති හඳයො 06ක් ගිහිල්ලලු නේද සපෝට් එකට...
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113
    Mutath sabapathi kamak demuda?? 😅😅
    508679871-1057539369808556-8588954650998208929-n.jpg
    ජයකොඩි ටෙන්ඩර් හොරාගේ A5 News :lol: පාතාල කාරයෙක් නම් වැඩ බැරි ආණ්ඩුවට arrest කරන්න තිබ්බනේ. ආ මේ ඔය කියන එකාටත් චන්දෙන් පැරදිලා නේද මෝඩ ජෙප්පෝ බොරු පැහැරගැනීමේ කුජීත නාටක පෙන්නලා නොන්ඩි උනේ. කෝ උන්ව ඇල්ලුවද ? NPP එකෙක්ගේම ගෙදරටත් ජෙප්පෝ පරණ පුරුද්දට වෙඩි තිබ්බා නේ ? :lol:
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    ජයකොඩි ටෙන්ඩර් හොරාගේ A5 News :lol: පාතාල කාරයෙක් නම් වැඩ බැරි ආණ්ඩුවට arrest කරන්න තිබ්බනේ. ආ මේ ඔය කියන එකාටත් චන්දෙන් පැරදිලා නේද මෝඩ ජෙප්පෝ බොරු පැහැරගැනීමේ කුජීත නාටක පෙන්නලා නොන්ඩි උනේ. කෝ උන්ව ඇල්ලුවද ? NPP එකෙක්ගේම ගෙදරටත් ජෙප්පෝ පරණ පුරුද්දට වෙඩි තිබ්බා නේ ? :lol:
    Oya Hiru news pacha da ban? මිදිගම ලසාge naduwa taama court eke yanawa. ea wage mutath Sabapathi kamak dumuda? 😂😂
     
    Similar threads