පුබුදු තිලකරත්න,
ලේකම්, ප්‍රජා සංවර්ධන සමිතිය, බගවන්කුලම, දඹුල්ල. 2019.03.08
අඩවි වන නිලධාරිතුමා,
දඹුල්ල.
මහත්මයානෙනි.
ප්‍රදේශවාසී ජනතාව වනඅලි උවදුරින් බේරා ගැනීම.
කලක් පටන් දඹුල්ල ප්‍රදේශවාසීන් වනඅලින්ගෙන් වන බාධා අපමණ ය. මිනිසුන්ගේ එදිනෙදා කටයුතුවලට හා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මෙය බලවත් තර්ජනයකි.
ඔවුන් දිවා රෑ කල් ගෙවන්නේ කවර මොහොතක අලි උවදුරට ගොදුරු වේදැ’ යි යන බියෙනි.
මෙම ව්‍යසනයෙන් මිදීමට ගම්වාසීන් විසින් සම්මත කරගත් යෝජනා කිහිපයක් පහත දැක්වේ.
ආහාර සොයමින් ගම් වදින අලින්ට ආහාර, තෘණ වර්ග, ජලය පිරි කලාප ස්ථාපිත කිරීම.
මිනීමරු අලි හදුනාගෙන උන් වෙනුවෙන් විශේෂ ක්‍රියාමාර්ගයක් ගැනීම.
මෙම යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සදහා ඔබතුමාගේ අවධානය යොමුකරන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමි.
ස්තුතියි,
මෙයට, විස්වාසී,
අස්සන