Bump
19 March at 21:35
අවාසනාවන්තම දෙමාපිය යුගය ඇරබී ඇති බවට තවත් කුමන සාක්ෂි ද??
මේ ඔබ දකින්නෙ අවුරුදු 29 තරුනයෙකුගේ ජීවිතයේ අවසන් තත්පර කිහිපයයි......
![]()
අද අප වෙතට ගේනෙන ලද මෙම තරුනයා පුරා ද්වසක් පපුවේ කැක්කුමක් තිබියදී කිසිදු ප්‍රතිකාරය නොගෙන ගෙදර සිටි ඇති අතර ...ගෙනෙන විට ඔහුගෙන් ජීවය පහව ගොස් තිබිනි නමුත් දැඩි වෙහෙසක් ගෙන හෘදය ක්‍රියාත්මක කරගත් නමුදු එය පවත්වාගෙන යැමට නොහැකි තරමට හෘදයාබාධය විසල් වැඩි විය ...අවසානයේදී ඔහුගේ හෘදය සදහටම නැවතුනේ අපගේ බලාපොරොත්තු බිද දමමිනි...
![]()
මෙම මොනිටරයේ දැක්වෙන්නේ
1ඔහුගේ හෘදය අකර්මණ්‍ය වුනු ආකාරය ..
![]()
2.එය අපහසුවෙන් පනගැන්වුනු අයුරු
![]()
3.නැවතත් එය නතර වුනු ආකාරය..
![]()
මෙම සිදුවීම පිටුපසින් ඇති අතිශයින් භිහිසුනු කතාව ඔබට වැටහෙනවද ?
වයස 29 ක තරුනයෙක් ....හෘදයාබාධයකින් මියයැම..
මෙවැනි දෙවල් මේ කාලයේ ඉතාමත් සුලබ උවත් දර්ශන ලබාගැනීම ඉතාමත් අපහහසුය නමුත් ලද ඇසිල්ලෙන් මෙවා ලබගත්තෙ ඔබලාට පෙන්වීමටමය..
දැනුවත් වන්න ක්‍රියාත්මක වන්න රටේ දරුවන් දෙමාපියනට පෙර බෝ නොවන රෝගයන්ගෙන් මියයමින් සිටියි..
අපහසුවෙන් හො,කිනම් කැපවීමකින් හෝ..අපගේ ජීවන රටාව ,ආහාර රටාව වෙනස් කරගත යුතුමය
......,,අවාසනාවන්ත දෙමව්පිය යුගය නිමකළ හැක්කේ එතුලින්ම පමනි ..
.........එනම් ප්‍රානගාතයෙන් තොර කෘෂිකර්මය එනම් අපගෙ අතීත කෘෂිකර්ම, .................ආහාර.උරුමය සොයාගත යුතුම නොවෙද ???
උබල මොන lorry talk දුන්නත් මේ ආර්ථිකය වෙනස් නොකර ඔය මොන මගුලක් වත් වෙනස් කරන්න බෑ
බලපන් සිංහල ළමයි සෙනසුරාදත් වැඩ උන් 3 day ට්‍රිප් එකක් ගියොත් බොනවා ඇයි වැඩ වැඩ වැඩ
සල්ලි නැ හම්බෙන පඩිය ඉතුරුකරලා වැඩක් නැ ඉතින් අනාගතය අවිනිශ්චිතයි
දෙමාපියොත් 24*7 වැඩ වැඩ වැඩ වැඩ ඒනිසා අනියම් සම්බන්ද තා එමට
තරුණ යන්ට සමාජ පීඩනය ඉහටත් උඩින් මොලේ 80% පාවිච්චි කරන්නේ අරින එවුන්ගෙන් බේරෙන්න
ඉතින් හිතලබලන්න මේ ලෙඩ එන එක අහන්න දෙයක් ද

වර්තමානයේ අප බොහෝ දෙනා අඩු වයසින් හෘද රෝගවලට ගොදුරුවීමේ අවදානමක පසුවේ. එනිසා වයස අවුරුදු 18-20 පසුවන තරුණ තරුණියන් පවා හෘදයාබාධවලට ලක්වූ අවස්ථා ගැන අපට අසන්නට දකින්නට ලැබේ.
වෛද්‍යතුමනි, වර්තමානයේ අප රට තුළ හෘදයාබාධවලට ලක්වන පිරිස වැඩිවීමක් පවතිනවාද?.
මේ වන විට අප රටේ හෘදයා බාධ වැළඳී ප්‍රතිකාර සඳහා රෝහල් ගතවන පිරිස වසරකට 13,000 ක් පමණ වන බව වාර්තා වෙනවා.
මෙලෙස හෘදයාබාධවලට ලක්වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ අපගේ ජීවන රටාවේ මතුව ඇති වෙනස්කම්ය. එම වෙනස්කම් අතර ප්‍රධාන කරුණු තුනක් හඳුනාගෙන තිබෙනවා. අප ගනු ලබන ආහාර පාන, උදාසීන ජීවිතයක් ගත කිරීම සහ මානසික ආතතිය එම ප්‍රධාන කරුණු තුනය.
ආහාර පාන
වර්තමානයේ අප බොහෝ දෙනා තුන් වේලටම බත් ආහාරයට ගැනීමට යොමුවී තිබෙනවා. එසේම එම ආහාර පිඟානේ වැඩිපුරම තිබෙන්නේ බත් විතරයි. එළවළු, පලා වර්ග, මස් මාළු තිබෙන්නේ ඉතා ස්වල්පයක් පමණයි. මෙවැනි ආහාර වේලකින් සිරුරට වැඩිපුරම ලැබෙන්නේ පිෂ්ඨය. ප්‍රොaටීන් සහ මේදය ලැබෙන්නේ අඩුවෙන්.
![]()
සිරුරට වැඩිපුර පිෂ්ඨය එක්වීමෙන් සිරුර තුළ ලිපෝ ප්‍රොaටීන් ප්‍රමාණය වැඩිවෙනවා. ලිපෝ ප්‍රොaටීන් ප්‍රමාණය වැඩිවීමෙන් හෘදය වස්තුවේ කිරීටක ධමනි තුළ කොලෙස්ටරෝල් තැන්පත් වීම වැඩිවන බව හඳුනාගෙන තිබෙනවා. මෙලෙස කිරීටක ධමනි තුළ කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා එම රුධිර නාළ ඔස්සේ රුධිරය ගමන් කිරීමට බාධා ඇතිවී හෘදයාබාධ ඇතිවෙනවා.
මෙම තත්ත්වය පාලනය කර ගැනීමට නම් අප දිනපතා ගනු ලබන ආහාර වේල් තුනට එකතු කරගනු ලබන ආහාර ප්‍රමාණය නිවැරදි කරගත යුතුයි.
බත් ආහාරයට ගනු ලබන විට එම ආහාර වේලෙහි බත් තිබිය යුත්තේ තුනෙන් එක් ප්‍රමාණයක් (1/3) පමණයි. ඉතිරි තුනෙන් දෙකක (2/3) එළවළු, පලා වර්ග, මස්, මාළු, බිත්තර වලින් සම්පූර්ණ විය යුතුයි.
![]()
අපට අවශ්‍ය ශක්තිය ලබාගත යුත්තේ පිෂ්ඨ ආහාරවලින් 40%-45% ක් පමණ, මේද ආහාරවලින් 20%-30% ක් පමණ ප්‍රොaටීන් ආහාරවලින් 10%-15% පමණ ආදී ප්‍රමාණයන්ගෙන්ය.
එනිසා වැඩිපුර බත් ආහාරයට ගැනීම වෙනුවට මුං ඇට, කව්පි, කඩල වැනි ධාන්‍ය වර්ග, ආටා පිටිවලින් සකස් කළ ආහාර වර්ග, දුඹුරු පාන්, කුරක්කන් රොටි, පිට්ටු ආදියද ආහාර වේල් සඳහා එක් කරගත යුතුයි.
සතියකට බිත්තර තුනක් පමණ ආහාරයට ගැනීම සෞඛ්‍යයට අහිතකර නැහැ. කිරි, චීස්, බටර් සාමාන්‍ය අයුරින් ආහාරයට ගැනීම කළ යුතුයි.
![]()
ආහාර පිසීම සඳහා තෙල් වර්ග භාවිතා කිරීමේදී පොල්තෙල් යොදා ගැනීම හිතකරයි. එසේම ගැඹුරු තෙල් ආහාර පිස ගැනීම හැකිතාක් දුරට අඩු කළ යුතුයි.
ආහාර පිසීම සඳහා තෙල් භාවිතා කිරීමේදී එය නැවත වාර කිහිපයක් යොදා ගැනීම නොකළ යුතුයි. එක්වරක් පමණි.
උදාසීන ජීවිතය
අප බොහෝ දෙනා නාගරික ජීවිතයකට හුරුවී සිටීම නිසා ඇවිදීම ව්‍යායාමවල යෙදී දහදිය දමන තුරු ඇඟ වෙහෙසවා වැඩ කටයුතුවල නිරත වීම සීමාවී තිබෙනවා. එනිසා අප ගනු ලබන ආහාරවලින් ශරීරය තුළ තැන්පත් වන පිෂ්ඨය සහ මේදය ප්‍රමාණය වැඩිවී තිබෙනවා.
මෙය වළක්වා ගැනීමට නම් දිනපතා ව්‍යායාමවල යෙදීම, ඇඟ පත වෙහෙසවා වැඩ කිරීම දිනපතා ඇවිදීම ආදිය කළ යුතුයි.
මානසික ආතතිය
අද අප බොහෝ දෙනාගේ ජීවන රටාව හුරුවී ඇත්තේ රැකියාවට යැම සහ යළි නිවසට ඒම පමණයි. මනසට විවේකය ගෙන දෙන ආකාරයේ කටයුතුවල යෙදීම සීමාවී තිබෙනවා. අපට විනෝදාස්වාදය අවශ්‍යයි. මනසට විවේකය අවශ්‍යයි. එසේ නොවූ විට මානසික ආතතිය වැඩිවෙනවා.
මානසික ආතතියත් හෘදයා බාධ ඇතිවීමට ප්‍රධාන ලෙසම බලපානවා.
වර්තමානයේ වයස අවුරුදු 18-30 අතර වියේදී හෘදයාබාධවලට ලක්වන අය පිළිබඳව සැලකිලිමත්වීමේදී ඔවුන් බහුතරයක් මෙලෙස අක්‍රමවත් ආහාර පාන රටාවකට, අලස දිවියක් ගත කිරීමට සහ අවිවේකී දිවියක් ගත කිරීමට හුරුවී සිටින බව හඳුනාගෙන තිබෙනවා.
එනිසා අපි තුන්වේල බත් කන්න පුරුදුව සිටින ජාතියක් කියා උදම් ඇනිය හැක්කේ අලස නොවී වැඩ කරමින් මනසට විවේකයක්ද ලබාදෙන අයුරින් දිවියක් ගත කරනවානම් පමණයි. එසේ නැතිව තුන් වේලට බත් වැඩිපුර ආහාරයට ගැනීමට පමණක් හුරුවීමෙන් සිදුවන්නේ හෘදයාබාධවලට ගොදුරුවීමේ අවදානම වැඩිකර ගැනීම පමණයි.
පෝෂ්‍යදායී සමබර ආහාර වේලක් ගනිමින් නිරෝගී දිවියක් ගත කිරීමට හුරුවුවහොත් හෘදයා බාධවලට ගොදුරුවීමේ අවදානම අවම කරගත හැකි බව සිහි තබා ගත යුතුය.
sourse : http://slarticle.com/2018/11/20/%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B6%A7%E0%B6%B8-%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%91%E0%B6%B8-%E0%B7%84%E0%B7%98%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B6%B6-2/?fbclid=IwAR1Z4wFd9AGdT8L5IYieE6zMNh43GqUJl3EWHZMUIRAeenOx_UxEkmsbQuk
![]()
![]()
මේ අපේ කැන්ටින් එකක ගහල තියෙන්නේ
මේවගේ ඒවා හැම කන්ටිමකම ගහව්වනම් මිනුස්සු අනවශ්‍ය දේවල් ගොඩක් අඩු කරනවා
සල්ලිත් ඉතුරු වෙනවා
ගුණ කෑම විකුණන එකාගේ බිස්නස් වැඩි වෙනවා
