කැස්බෑ රුවින් හැඩවුණු මෙවර ජර්සිය.
2019 Cricket world cup jersey - Sri Lanka.
2019 ක්‍රිකට් ලෝක කුසලානයට ඇත්තේ තවත් සීමිත දින ගණනක්.
මැයි මස 29 දා එංගලන්තයේදී ආරම්භ වන මෙය 12 වන ලෝක කුසලානයයි.
එංගලන්තයේ සහ වේල්සයේ ක්‍රීඩාංගන 11 දී පුරා මාසයකට අධික කාලයක් පැවැත්වෙන මෙවර තරඟාවලියට කණ්ඩායම් 10 සහභාගී වේ.
ශ්‍රීලංකා කණ්ඩායම අද දින සිය නිල ලෝක කුසලාන ජර්සිය එලි දක්වනු ලැබුවා.
ලෝක කුසලානය පිලිබඳ කිසිම බලාපොරොත්තුවක් නම් හිතේ කොනක වත් නැති බව ඇත්ත.
නමුත් අපේ ලේ වල එන දෙයක් නේ ක්‍රිකට් කියන්නේ.
සිංහයා ඉවත්කොට කැස්බෑවෙකු ඇතුලත් කරයි.
මෙවර ලෝක කුසලාන ජර්සියේ ශ්‍රිලංකාවේ ධජයේ සිංහයාගේ රුව ඉවත්කොට කැස්බෑවෙකුගේ රුව ඇතුලත්ව තිබෙනවා.
ඊට විශේෂ හේතුවක් තියෙනවා.මෙවර ශ්‍රිලංකාවේ නිල ජර්සිය නිර්මාණය කර ඇත්තේ MAS ඇඟලුම් නිෂ්පාදන ආයතනය විසිනුයි.
ඒ සඳහා භාවිතා කොට ඇත්තේ ශ්‍රීලංකා නාවික හමුදාව විසින් අප රටේ මුහුදේ සහ මුහුදු තීරය වටා එකතු වෙන ප්ලාස්ටික් අපද්‍රවය ප්‍රතිචක්‍රීකරණය කොට නිර්මාණය කරන ලද අමුද්‍රව්‍ය භාවිතා කරගෙනයි.
ශ්‍රීලංකාව යනු සාගර ජලයට ඝන අපද්‍රවය බැහැර කරන රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින රටක් බව ලැජ්ජාවෙන් උනත් අපි පිළිගත යුතු කාරණයක්.
එහි අහිතකරම බලපෑම සිද්ධ වනුයේ සාගර ජීවින් ටය.ඒ අතරිනුත් කැස්බෑවා ඉදිරියෙන්ම සිටියි.
ඝන අපද්‍රවය ප්‍රතිචක්‍රීකරණය සහ සාගරය පිරිසිඳුව තබා ගැනීම වෙනුවෙන් මිනිසා මීට වඩා අවධානයක් යොමු කලයුතු බව සහ ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් රැසක් MAS ආයතනය සහ ශ්‍රීලංකා නාවික හමුදාව එක්ව දියත් කොට ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ MAS ආයතනය මේ පණිවුඩය ලෝකයට ඉදිරිපත් කිරීමට සංඛේතාත්මක ලෙස කැස්බෑවෙකුගේ රුව මේ අයුරින් ජර්සිය සඳහා යොදා ගත බව අද කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී එළිදැක්වීමේ උළලේදී MAS ආයතනය කියා සිටියේය.

Training Jersey.
තොරතුරු සහ චායාරුප
http://www.sundaytimes.lk/