මාම්_බිස්කට්

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    මාම් බිස්කට් පුද්ගලික සමාගමේ හිමිකරු කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ සිය ආයතනයේ සේවකයෙකු ලවා ඔහුට අයත් ගිනි අවි කිහිපයක් සැඟවීමට උත්සහ කිරීමේදීයි.

    එම ආයතනයේ ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙස සේවය කරන අදාළ සේවකයා පිස්ටලයක් හා වායු රයිෆල් දෙකක් රැගෙන යද්දි කටුගස්තොට පාලම අසළ ඇති ඝටිකාරාම මාර්ග බාධකය අසළදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ආරක්ෂක නිළධාරියාගෙන් කළ ප්‍රශ්ණ කිරිම් වලදි පවසා ඇත්තේ තම ආයතනයේ ප්‍රධානියා මෙම අවි සැඟවීමට තමාට උපදෙස් ලබා දුන් බවයි

    මේ වන විට සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීම් සිදුවන බව කටුගස්තොට පොලීසිය සඳහන් කරයි.

    Neth news