අද මම පොල් සම්බෝලයක් හදාගෙන තෝර කරවල කෑල්ලක් බැදගෙන බත් පිඟානත් අරන් නිකමට වගේ ටීවී එක දැම්ම.චික් විතරක්...ඉස්කෝලේ යන එවුන් මගුල් නටන කතාවක් යනවා හිරු එකේ එක හුස්මට නංගිලා කියලා. කටට ගත්ත බත් කටත් ගිල ගන්ඩ බැරි උනා අප්පිරියාවට.අපිත් ඉස්කෝලේ ගියා.හැබැයි මෙහෙම ඉස්කොලේ ඇදුමෙන් ගෑනු බදාගෙන අවලමේ ගියේ නෑ. ඉස්කෝලේ ඇරුන ගමන් ගෙදර ආවා.මේවා දකිද්දී කොහොමද අපේ ඉස්කෝලේ වයසේ ඉන්න ගෑණු ළමයෙක්වත් හදා ගන්නේ.ඇයි ළමයින්ව නොමග යවන මේ වගේ අසභ්‍ය ටෙලි නාට්‍යය තහනම් කරන්න වහ වහා පියවර ගන්නේ නැත්තේ?



